ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ මැතිවරන: කම්කරු පන්තියට දේශපාලන පාඩම්” යන මැයෙන්, දෙසැම්බර් 7 දා ප.ව. 4 ට, කොලඹ මහවැලි කේන්ද්‍රයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.
ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත්වීම එක්සත් ජනපදයේ සහ ගෝලීය වශයෙන් දුරදිග යන ප්‍රතිවිපාක සහිත දේශපාලන භූමිකම්පාවක් සනිටුහන් කරයි. ට්‍රම්ප්ගේ තේරී පත්වීම, ඔහුගේ විවෘත ෆැසිස්ට් ප්‍රතිපත්ති සඳහා කිසිදු මහජන සහයෝගයක ප්‍රතිඵලයක් නොව, ඩිමොක්රටික් පක්ෂයේ සහ එහි ජනාධිපති අපේක්ෂිකාව වූ කමලා හැරිස්ගේ බංකොලොත්භාවයේ ප්රතිඵලයකි. හැරිස් එක්සත් ජනපදයේ කම්කරුවන් හා තරුනයන්ගෙන් අතිමහත් බහුතරය මුහුන දෙන දැවෙන සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් විවෘත අවඥාසහගත නොතැකීමක් පවත්වාගෙන ගියාය.
ට්‍රම්ප්ගේ තේරී පත්වීම අවධාරනය කරන්නේ ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ පූර්න පරිහානිය සහ ආඥාදායක පාලන රූපාකාරයන් කරා පාලක පන්තියේ හැරීමකි. මැතිවරන ව්‍යාපාරයේදී ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ තමා බලයට පත් වූ පසු ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන බවයි.
ට්‍රම්ප් විසින් පිහිටුවනු ඇත්තේ, මූල්‍ය කතිපයාධිකාරය වෙනුවෙන්, එම කතිපයාධිකාරිය විසින් මෙහෙයවනු ලබන, එම කතිපයාධිකාරයේ ආන්ඩුවකි. ට්‍රම්ප්, කම්කරු පන්තියට එරෙහිව සහ තම දේශපාලන විරුද්ධවාදීන්, සියල්ලටම ඉහලින් සමාජවාදීන් හා මාක්ස්වාදීන් ඉලක්ක කර ගනිමින්, සමාජ ප්රතිවිප්ලවයක් දියත් කරනු ඇත. ඔහු තම පරිපාලනයේ සියලුම ඉහල තනතුරු පිරවීම සඳහා ෆැසිස්ට්වාදීන් සහ බිලියනපතියන් මෙන්ම ඔහුගේ සහායකයින් සහ අනුගාමිකයන්ගෙන් සමන්විත කුමන්ත්රන කල්ලියක් නම් කරමින් සිටී.
මැද පෙරදිග තුලත්, රුසියාවට එරෙහිව යුක්රේනය තුලත්, එක්සත් ජනපදය විසින් මෙහෙයවන් පවතින යුද්ධ මෙන්ම, චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම වැඩිදියුනු කිරීමේ සූදානමක් මධ්‍යයේ ට්‍රම්ප්ගේ ස්ථාපනය සිදුවෙමින් පවතී. මෙම තත්වයන් ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතී. මැතිවරන ව්‍යාපාරයේ තම යුද විරෝධී මවාපෑම වේගයෙන් ඉවත දැමූ ට්‍රම්ප්, තාපන්‍යෂ්ටික මහා ගැටුමක් දෙසට වන මෙම ඉවබව නැති වේගවත් ධාවනය ඉදිරියටම ගෙන යයි.
එක්සත් ජනපද කම්කරු පන්තිය සිය සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහිව ට්‍රම්ප්ගේ දැවැන්ත ප්රහාරයන් නිෂ්ක්රීයව පිලි නොගනු ඇති අතර ජනවාරි 20 දින ට්‍රම්ප් බලයට පත්වන විට නව පරිපාලනය සමග විශාල ගැටුම් සඳහා වේදිකාව සකස් වෙමින් පවතී.
ෆැසිස්ට්වාදය පරාජය කිරීම, ලෝක යුද්ධයේ අන්තරායන් අවසන් කිරීම සහ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඇති එකම ක්‍රමවේදය වන්නේ, සමාජවාදය ගොඩනැගීමේ අරගලය සඳහා එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි. එක්සත් ජනපදයේ, ජනාධිපති සහ උප ජනාධිපති තනතුරු සඳහා තරඟ කල සසප අපේක්ෂකයින් වන ජෝසෆ් කිෂෝර් සහ ජෙරී වයිට්, ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් අපේක්ෂකයින්ට මෙන්ම අනෙකුත් විවිධ ධනේශ්වර පක්ෂවලට සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන්ට එරෙහිව උද්ඝෝෂනය කලේ ඒ සඳහාය.
ශ්‍රී ලංකාව ද ඇතුළුව ගෝලීය වශයෙන් එවැනි සමාන ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව බලයට පැමිනීම හා ට්‍රම්ප්ගේ තේරී පත්වීම අතර කැපී පෙනෙන සමානකම් පවතී.
ජවිපෙ/ජාජබ යනු කිසිදු අර්ථයකින් සමාජවාදී හෝ මාක්ස්වාදී පක්ෂයක් නොවන අතර, එය සිංහල ස්වෝත්තමවාදයේ සහ ශ්‍රී ලංකාවේ ධනවාදය ආරක්ෂා කිරීමේ ගැඹුරින් මුල් බැස ඇති සන්ධානයකි. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1980 ගනන් අග දී එය දියත් කල මිනීමරු දේශප්‍රේමී ව්‍යාපාරය තුල ප්‍රකට කෙරුනු එහි ෆැසිස්ට් ප්රවනතාවයන්, මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ නියෝග පැනවීමට යත්න දරත්ම කරලියට එනු ඇත.
ජවිපෙ/ජාජබ ක්‍රියාත්මක කරන දක්ෂිනාංශික, ධනේශ්වර ගැති ප්‍රතිපත්තිවලට වැඩකරන ජනතාව ඡන්දය දුන්නේ නැත. ඒ වෙනුවට, දිසානායකගේ ජයග්රහනයෙන් පිලිබිඹු වන්නේ රටේ සම්ප්‍රදායික පාලක පක්ෂ කෙරෙහි ඇති දැඩි ජනතා වෛරය සහ ජනගහනයේ පුලුල් මහජනතාව දැනටමත් මුහුන දී ඇති දුක් වේදනා ඔහු කෙසේ හෝ සමනය කරනු ඇතැයි යන මංමුලා සහගත බලාපොරොත්තුවයි.
මෙම මිථ්‍යාවන් ඉක්මනින් හෙලිදරව් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කොන්දේසි යලි සාකච්ඡා කරන බවට දුන් සිය මැතිවරන පොරොන්දුව දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති ජවිපෙ/ජාජබ ජාමූඅ හි දැඩි කප්පාදු පියවර මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. මේවාට, කම්කරුවන් මත තව දුරටත් බදු ඉහල දැමීම්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීම්, රාජ්‍ය අංශයේ රැකියා 500,000කට තර්ජනය කරමින් රජයට අයත් ව්‍යවසායයන් (රඅව්ය) මහාපරිමානයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම් සහ පුද්ගලීකරනය කිරීම් ඇතුලත් වනු ඇත.
දිසානායක, අනිවාර්යයෙන් පැන නැගීමට නියමිත කම්කරු පන්තික විරුද්ධත්වය මර්දනය කිරීමට රාජ්‍ය යන්ත්‍රය සූදානම් කරමින් සිටී. කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමේ මැතිවරන ප්‍රතිඥාව ඔහු දැනටමත් අතහැර දමා ඇත. ඒ සමගම, චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපය පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සූදානමට ශ්‍රී ලංකාව තව දුරටත් ඒකාබද්ධ කිරීමේ තම සූදානම ගැන ඔහු සංඥා කර ඇත.
එක්සත් ජනපදයේ සහෝදර පක්ෂය මෙන්ම, ශ්‍රී ලංකාවේ සසප ද ඉදිරි පන්ති සටන් සඳහා දේශපාලනිකව කම්කරුවන් සූදානම් කර බලමුලු ගැන්වීමට ජනාධිපතිවරනයට හා පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් විය. එහි අපේක්ෂකයෝ යුද්ධයට, කප්පාදුවලට සහ ආඥාදායක පාලන ක්‍රමවලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත සියලු ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කලහ. ශ්‍රී ලංකාවේත් හා ජාත්‍යන්තරවත් කම්කරුවන් එක්සත් කිරීමේ සටනේ කොටසක් ලෙස සසප, සමස්ත කොලඹ සංස්ථාපිතය පුරා පැතිරී ඇති වර්ගවාදී හා ස්වෝත්තමවාදී දේශපාලනයට විරුද්ධ විය.
එක්සත් ජනපද හා ශ්‍රී ලංකා මැතිවරනවලින් ඉක්බිතිව කම්කරු පන්තිය මුහුන දෙන හදිසි කර්තව්‍යයන්ද සහ වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට අවශ්‍ය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපාය ගැනද සාකච්ඡා කිරීම සඳහා අපගේ ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙස, ෆැසිස්ට්වාදයට, යුද්ධයට හා කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය ඇති සියලුම කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.