බටලන්ද අතට ගෙන, අතීත කුරිරු පාලකයන්ට එරෙහිව [ඔවුන් සමග භජනය ක්‍රීමන් පසුව] ක්‍රියා කිරීමේ නමින්, දැන් තමන්ගේම ආන්ඩුවකට එරෙහිව නැගෙන කම්කරු පන්ති අරගලවලට විරුද්ධව කඩා පැනීමට ජවිපෙ/ජාජබ සුදානම් වේ.
•වසන්ත රූපසිංහ
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පලස්තීන උපාධි අපේක්ෂක සිසුවා රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ තර්ජනය, සියලු කම්කරුවන් සහ තරුනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයකි.
•ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය
සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට දමන ජනාධිපති දිසානායකගේ ආන්ඩුව, ඊට එරෙහිව නැගෙන විරෝධය ඒකාබද්ධ අරගලයක් ලෙස වර්ධනයවීම වලක්වා, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික ආතතීන් අවුලුවා ගැනීම ඉලක්ක කර ගෙන ක්‍රියා කරයි.
•පානි විජේසිරිවර්ධන
යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඔවුන්ගේ ප්‍රකෝපකරනයන් සහ යුද්ධය උත්සන්න කිරීම් සාධාරනීකරනය සඳහා භාවිතා කරන ලද ප්‍රබන්ධය පච මල්ලක් බව හෙලිදරව් වෙමින් පවතී.
•ඇන්ඩෲ ඩේමන්
අපරාධ සැකකරුවෙකු වූ ගනේමුල්ල සංජීව, පෙබරවාරි 19දා අලුත්කඩේ උසාවිය තුල දී වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගෙන, “නීතිය හා විධානය” ද “ජාතික ආරක්ෂාව” ද රැකීම පිලිබඳව ආන්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඇඟිල්ල දික්කරමින් වාදයක් අරඹා ඇති අතර දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ද දියත්ව තිබේ.
•වසන්ත රූපසිංහ
සති අන්තයේ X/ට්විටර් සටහනකින් ධවල මන්දිරයේ ආකල්පය සාරාංශ කරන ලද අතර, එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “රට රැක ගැනීමට තීරන ගන්න තැනැත්තෙක් නීති උල්ලංඝනය කරන්නෙක් නොවේය” යනුවෙනි. ෆියුරර් (සුපිරි නායකයා) මූලධර්මය මත පදනම් වෙමින් ට්‍රම්ප් තමා කිසිසේත් නීතියෙන් බැඳී නැති ඒකාධිපතියෙකු බව ප්‍රකාශ කරයි.
•කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
එක්සත් ජනපදය ගාසා තීරය "අයිති කර ගන්නා" බව ප්‍රකාශ කිරීමෙන්, ට්‍රම්ප්, යටත් විජිත ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ නව යුගයක් ප්‍රකාශ කර ඇති අතර, එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අල්තාරය මත බිලි දෙනු ඇත.
•ඇන්ඩෲ ඩේමන්
ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.
•වසන්ත රූපසිංහ
වර්ධනය කරමින් පවතින වෙලඳ යුද්ධයේ දී, තම පාලක පන්තීන් හා ආන්ඩු පිටුපස තමන් ව ගාල් කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ එකහෙලා විරුද්ධ විය යුතු ය.
•කීත් ජෝන්ස්
බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය සතිය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ බලය උපයෝගී කරගනිමින් තමාට පෙර කිසිදු ජනාධිපතිවරයෙකු කිසිදාක උත්සාහ නොකල දෙයක් කර ඇත: එනම්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දමා ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම යි.
•සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්‍රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
•පැට්‍රික් මාටින්, ඩේවිඩ් නෝර්ත්
ලොස් ඇන්ජලීස්හි පාලනයෙන් පිටපනිමින් පවතින ලැව්ගිනි අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජය සමාජවාදී පරිවර්තනයට බඳුන් කිරීමේ හැකියාව පමනක් නො ව, එහි හදිසි අවශ්‍යතාව යි.
•ටොම් කාටර්
2025 අලුත් අවුරුදු ප්‍රකාශය:
ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.
•ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්‍රමෝදයට පත් වෙති.
•ඇලෙක්ස් ලැන්ටියර්
පත්වීමට නියමිත පරිපාලනයේ සියලු නායක පුද්ගලයන් ඇදගනු ලබන්නේ ට්‍රම්ප්ට කීකරු හා යටහත් පහත් අයගෙන් සහ ඒ හා සම්බන්ධ බිලියනපතියන් කන්ඩායමකිනි.
•පැට්‍රික් මාටින්
මැක්‍රොන්ට එරෙහි අරගලය, ආන්ඩුව පිහිටුවීමට හැකියාව ලබා දුන්, නව මහජන පෙරමුනේ නව-ෆැසිස්ට්වාදී ල පෙන් සහ ජීන්-ලූක් මෙලන්චොන්ගේ පාර්ලිමේන්තු උපාමාරු වලට ඉඩ දිය නොහැක.[
•ඇලෙක්ස් ලැන්ටියර්
2024 තුතිදන් දිනයේදී, ජනගහනයේ පුලුල් කොටසකට ස්තුතිවන්ත වීමට තරම් දෙයක් නොමැත. නිවාස, ආහාර, සෞඛ්‍ය, ලමාරක්ෂනය, ප්‍රවාහනය යන සියලු අවශ්‍යතා සඳහා උද්ධමනය වූ මිල ගනන්වල බර කම්කරු පන්තියේ පවුල් මත පැටවෙමින් තිබේ. එහෙත් ධනවතුන් සහ සුපිරි ධනවතුන්ගේ වටපිටාවේ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් යථාර්ථයකි.
•බැරී ග්‍රේ
සසප අන්තර්ජාල රැස්වීම: “මැතිවරන පරාජය සහ ආඥාදායකත්වයට එරෙහි සටන”
නොවැම්බර් 10 දින සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද අන්තර්ජාල රැස්වීම, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතූන් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කරමින්, ඊට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන මූලෝපායක් විස්තාරනය කලේය.
•ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය
ට්‍රම්ප් සිය දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන ඩිමොක්‍රටික් පක්ෂයේ බංකොලොත්භාවයට නයගැති වේ. ධනවත් මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනය සමග බද්ධවීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත උද්ධමනයේ විනාශකාරී බලපෑම පිලිබඳ උද්ධච්ඡ නොතැකීම, යුක්‍රේනයේ යුද්ධයට සහ ගාසාවේ ජන සංහාරයට අඛන්ඩව දක්වන සහයෝගය ඔවුන්ගේ මැතිවරන පරාජයට පසුබිම සකස් කලේ ය.
•ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය