[මෙය The UAW presidential debate: A rank-and-file socialist confronts the apparatus මැයෙන් 2022 සැප්තැම්බර් 26 පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
බ්‍රහස්පතින්දා පැවැත්වුනු, එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ධූරාපේක්ෂකයන්ගේ විවාදය, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා ඓතිහාසික සිද්ධියක් විය. පලමු වතාවට, කම්කරුවන් 10,000ට අධික පිරිසක් විසින් නරඹා ඇති වේදිකාවක දී, වෘත්තීය සමිති යාන්ත්‍රනය සමග ඍජු ව ගැටීමට, සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙක් වන සභාපති ධූරාපේක්ෂක විල් ලෙහ්මන් සමත් විය.
මෙම විවාදයේ දී එකිනෙක සමග සමහන් කල නො හැකි ආස්ථාන දෙකක් හෙලිදරවු කලේ ය.
යූඒඩබ්ලිව් විසින් අධීක්ෂනය කර ඇති දරාගත නො හැකි වැඩ කොන්දේසි, ඛාදනය වන මූර්ත වැටුප් ආන්තික සූරාකෑමට එරෙහි ව සටන් වැදීම සඳහා මාවතක් සොයමින් සිටින ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය කම්කරුවන්ට හා ඔවුන් වෙනුවෙන් ලෙහ්මන් කතා කලේ ය.
යූඒඩබ්ලිව් සභාපති රේ කරී, දීර්ඝ කාලීන නිලධාරී ෂෝන් ෆේන්, 163 කම්හල ශාඛාවේ (Local 163 Shop) සභාපති මාක් ගිබ්සන් හා බ්‍රයන් කෙලර් යන අනෙකුත් සියලු අපේක්ෂකයෝ, දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය මර්දනය කිරීමේ උපකරනයක් ලෙස කම්කරුවන්ගෙන් සහන උදුරාගැනීම අධීක්ෂනය කර ඇති යාන්ත්‍රනයක් ආරක්ෂා කල හ. එම යාන්ත්‍රනයට එන ඕනෑ ම විරුද්ධත්වයක් “බෙදීමට තුඩු දෙන” බව අවධාරනය කල ඔවුහු, එය තුල ඔවුන්ගේ “අත්දැකීම” ඉදිරියට දැමූ හ. ඔවුන්ට නම් කම්කරුවන් උපාමාරු දමනු ලැබිය හැකි භාන්ඩයන් ය. (කියවන්න: “Inhistoric debate, UAWpresidentialcandidate WillLehmancalls forabolitionof unionbureaucracy, power totherankand file”)
හුදෙක් යූඒඩබ්ලිව් සමිතිය තුල පමනක් නො ව සමස්ත එක්සත් ජනපදය හා ලෝකය පුරා කම්කරුවන් වෙනුවෙන්, පැහැදිලි පන්ති මූලෝපායක් ඉදිරිපත් කිරීමට, විවාදය පුරා ලෙහ්මන් ක්‍රියා කලේ ය.
පලමුව, නව බල සංස්ථාවක්, එනම්, කම්කරුවන්ගේ ඉරනම ඔවුන් විසින් ම පාලනය කරන හා ඔවුන්ගේ අරගල එකමුතු කරන ක්‍රියාකාරී කමිටු ජාලයක් ස්ථාපිත කිරීම සඳහා පවතින අවශ්‍යතාවය ඔහු ඉදිරිපත් කලේ ය.
ලෙහ්මන් ජයග්‍රහනය කලහොත්, යූඒඩබ්ලිව් නිලධරය සමග වැඩ කරන්නේ කෙසේදැයි, නිව්යෝක්ටයිම්ස්පත්‍රයේ හිටපු වාර්තාකරුවෙකු වන විවාදය මෙහෙයවූ ස්ටීවන් ග්‍රීන්හවුස් යොමු කල පැනයකට ප්‍රතිචාර දක්වමින්, ලෙහ්මන් මෙසේ ප්‍රකාශ කලේ ය: “ඔවුන් කිසිවෙකු සමග වැඩ කිරීමේ අභිප්‍රායයක් මට නැහැ. ගෙවී ගිය සමස්ත කාලය පුරා මගේ යොමුව පැවතී ඇත්තේ, ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් හා අපේ තීන්දු අපි ම ගනිමින් සාමාන්‍ය කම්කරුවන් වෙතටයි. දශක ගනනාවක් තිස්සේ අපව පාවා දී ඇති, එම නිලධාරිවාදී විධික්‍රමයන් ම යොදා ගැනීමේ අපේක්ෂාවක් මට නැහැ. ...යලිත්, මගේ යොමුව පවතින්නේ සියලු බලය රැඳී පවතීන සාමාන්‍ය කම්කරුවන් සංවිධානය කිරීම සඳහා කම්කරුවන් වෙතටයි. බලය පවතින්නේ නිලධරය තුල නෙවෙයි.”

ඔහු මෙසේ ද පැවසී ය: “අපි කතා කරමින් සිටින්නේ ඉතා ම වෙනස් ස්ථරයන් දෙකක් පිලිබඳ ව යි. මෙහි සිටින නිලධරයන් එයට අකමැති ඇති, ඒත් මම ඔවුන්ට කතා කරන්නේ නැහැ. කොතැනක සිටියත්, කවර කර්මාන්තයක සිටියත් කම්කරුවන්ට කතා කරමින් මම මෙසේ කියනවා: මානව අවශ්‍යතා ඉටු කිරීම පිනිස අපි සමාජය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය යි.”
සාමාන්‍ය කම්කරුවන් සංවිධානය කිරීම “බෙදීමට තුඩු දෙන්නේ” යැයි කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, “මම බෙදන්නේ කම්කරුවන් හා පරපෝෂිතයන් යන දෙපාර්ශ්වයයි” යනුවෙන් ලෙහ්මන් පිලිතුරු දුන්නේ ය.
සමස්ත විවාදය පුරා, සාමාන්‍ය කම්කරුවන් නිලධරයෙන් බෙදා වෙන් කරන සමාජීය අගාධය පිලිබඳ තේමාව වර්ධනය කරන ලදී. ප්‍රතිසංස්කරනවාදියෙකු ලෙස පෙනී සිටි ෆේන්, යූඒඩබ්ලිව් සමිතිය පසුපසට ඇද දමමින් “අපේ ධූරාවලියේ දූෂන සිදුවී තිබෙනවා” යනුවෙන් කල ප්‍රකාශයකට පසුව, ලෙහ්මන් මෙසේ පිලිතුරු දුන්නේ ය: “කම්හලේ වැඩකරන ‘අපේ මට්ටමේ දී’ දූෂන සිදු වී නැහැ. අපි අතින් කිසිදු දූෂනයක් සිදු වෙලා නැහැ. දූෂන සිදු කර තිබෙන්නේ නිලධරයයි... අපි දෙගොල්ලන් එක වගේ නැහැ. නිලධරයන්ගෙන් කම්කරුවන් වෙනස් වන අතර, සෑම කම්කරුවෙක් ම තමන්ගේ ම අතේ ඍජු බලය තිබිය යුතු බව අවබෝධ කරගැනීම අවශ්‍ය යි.”
සමස්ත විවාදය පුරා, පිකට් වැටවල පේලි ගැසී සිටීමේ, ඔවුන් විරුද්ධ වුනු කොන්ත්‍රාත්තු පිලිගැනීමට බලකරනු ලැබීමේ හා දරිද්‍රතා මට්ටමේ වැටුප් සඳහා වැඩ කිරීමේ අත්දැකීම හෙවත් කම්කරුවන්ගේ ම අත්දැකීම්වලට කතා කල හැකි වූ, එක ම අපේක්ෂකයා වූයේ ලෙහ්මන් ය. 2020 දී, කම්හල් යලි විවෘත කිරීමට සමාගම්වලට යූඒඩබ්ලිව් සහයෝගය දීමෙන් අනතුරු ව, වැඩ කරමින් සිටිය දී හෝ කෝවිඩ්-19 රෝගයෙන් මිය ගිය කම්කරුවන් ගැන ඔහු කතා කලේ ය. වෘත්තීය සමිති නායකත්වය තුල කාන්තා නියෝජනය ඉහල දැමීම සඳහා අනෙක් අපේක්ෂකයන් කරන්නේ කවරක්දැයි ග්‍රීන්හවුස් විමසූ විට, කම්හල් භූමියේ රුදුරු කොන්දේසි හේතුවෙන් ගබ්සාවක් සිදු වූ කාන්තාවක් ඇතුලු කාන්තා කම්කරුවන්ගේ අත්දැකීම් ගැන ලෙහ්මන් කතා කලේ ය.
දෙවනුව, ඔහු කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා බලගතු කැඳවීමක් කලේ ය. “සියලු ලාභ ජනනය කරන්නේ කම්කරුවන්” යැයි ඔහු කීවේ ය. “අපි සියලු දෙනා ජාත්‍යන්තර ව සංවිධානය වන්නේ නම්, අපට මෙම සමාගම් වසා දැමිය හැකි යි.”

කරී හා අනෙකුත් අපේක්ෂකයන්ගේ ජාතිකවාදී පූච්චානම්වලට ප්‍රතිචාර දක්වමින් ලෙහ්මන් මෙසේ කීවේ ය: “මගේ ආයාචනය යොමු වන්නේ...ක්‍රියාකාරී කමිටු තුල එකමුතු වන හා ජාත්‍යන්තර ව තම ක්‍රියාවන් සම්බන්ධීකරනය කරන ජාත්‍යන්තර කම්කරු පන්තියට යි.”
වෙනස් රටවල කම්කරුවන් එකිනෙකාට එරෙහි ව පිහිටුවීම සඳහා, සංගත හා වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට ප්‍රතිචාර දක්වමින්, “යූඒඩබ්ලිව් කිරීමට කැමති දෙය වන්නේ, ඇමරිකානු ධජය අපව භේද කරද්දී එය වනමින්, ‘ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් සාදන ලදී’ යි කීමට යි. බහු-ජාතික සංගතයන්ට මුහුන දීම සඳහා අපට ගෝලීය එකමුතුව අවශ්‍ය වන අතර, එය සිදු වන්නේ කම්හල් කම්කරුවන් සංවිධානය කිරීමෙන් පමනයි” යි ලෙහ්මන් කීවේ ය.
තෙවනුව, ලෙහ්මන් ලොව පුරා කම්කරුවන්ට සමාජවාදී හා ධනපති-විරෝධී ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කලේ ය.

“මම සමාජවාදියෙක්” යි ලෙහ්මන් කීවේ ය. “මම ක්‍රියා කරමින් සිටින්නේ කම්කරුවන්ගේ න්‍යාය පත්‍රයක් ඉදිරියට දැමීමට යි...ඔවුන් සියල්ලෝ ධනපතියන්. ඔවුන් සියලු දෙනා වැඩ කිරීමට යන්නේ ධනවාදය ඉඩ ලබාදෙන දේවල් යටතේ යි... පුද්ගලික ලාභය වෙනුවට, මානව අවශ්‍යතාවන්ට ඵලදායී වන ආකාරයකින්, මෙම පහසුකම් නිෂ්පාදනය කිරීම අරබයා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සංවිධානය කිරීම කම්කරුවන්ට අවශ්‍ය යි.” ධනපති ක්‍රමයේ “උමතුවට” විරුද්ධ ව, “අපට අවශ්‍ය වන්නේ සැලසුම්ගත ආර්ථිකයක්, එම ආර්ථිකයේ පාලනය කම්කරුවා අත තිබීම අපට අවශ්‍ය යි” යි ඔහු සඳහන් කලේ ය.
විවාදයේ දී, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් හෙලා දුටු ලෙහ්මන්, “න්‍යෂ්ටික ව්‍යසනයක අන්තරාය මතු කරන රුසියාවට එරෙහි වත්මන් යුද්ධය ඇතුලු” විදේශීය යුද්ධවලට අරමුදල් විශාල පරිමානයෙන් අපසරනය කිරීමට විරුද්ධ විය. එක්සත් ජනපදයේ පමනක් මිය ගිය මිලියනයක් ඇතුලු ව, පුද්ගලයන් මිලියන 20ට අධික පිරිසකගේ මරනවලට තුඩු දී ඇති වසංගතයට, පාලක පන්තිය දක්වන ප්‍රතිචාරය ගැන ඔහු එයට චෝදනා කලේ ය.
විල් ලෙහ්මන්ගේ උද්ඝෝෂනය හරහා, දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය විසින් ක්‍රමානුකූල ව අත්හැර දමන ආස්ථාන හා සංකල්පයන් වෙතට, කම්කරුවන්ව නිරාවරනය කරනු ලැබෙමින් පවතී. සමාජවාදී ඉදිරි දර්ශනයක් වෙතට කිසිදු ලෙසකින් කම්කරුවන් ප්‍රවේශ වීම අහිමි කර තිබෙන පරිමානය එමගින් අවධාරනය කරන්නේ, හරියට ම, කම්කරුවන්ගේ ම අත්දැකීම් සමග එවන් ඉදිරි දර්ශනයක් බලගතු ලෙස අනුනාද වන නිසා ය.
විවාදය පැවැත්වූයේ ය යන කාරනය මත් සිදු වූයේ, යූඒඩබ්ලිව් නායකත්වයෙහි යෝධ දූෂනය හා සාපරාධීත්වය හේතුවෙනි. හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු ඇතුලු, යූඒඩබ්ලිව් විධායකයන් දුසිමකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව, උසාවියෙන් පත්කරන ලද අධීක්ෂකයෙක් ඍජු මැතිවරන පිලිබඳ මත විචාරනයක් අධීක්ෂනය කල අතර, නිලධර යාන්ත්‍රනයේ විරුද්ධත්වය නො තකා එම මත විචාරනය අනුමත විය.
විවාදය හා මැතිවරනය ප්‍රසිද්ධ නො කිරීම මගින්, යාන්ත්‍රනය ඇතුලත පවතින ගැටුමක් බවට එය සිඳුවීමට යූඒඩබ්ලිව් අපේක්ෂා කරන්නේ, හැකිතාක් අඩු කම්කරුවන් පිරිසකට ඡන්දය දීමේ අවස්ථාව ලබාදීම සමගිනි. මෙම කරුන නො තකා, කම්කරුවන් 10,000ට අධික පිරිසක් එය නැරඹූයේ, සමහර කම්කරුවන් තමන් වැඩ කරන අතරතුර ඔන්ලයින් ක්‍රමයට නැරඹූ බව හා ලෙහ්මන්ගේ උද්ඝෝෂනය ගැන සාකච්ඡා කරමින් සිට ඇති බව වාර්තා වෙද්දී ය.
මාධ්‍ය තමන්ගේ පැත්තෙන් උත්සාහ දරමින් සිටින්නේ එය නො තකා හැරීමට යි. ලෝකසමාජවාදීවෙබ්අඩවියහැරුනු විට, දඩිට්‍රොයිට්නිවුස්හාෆ්‍රීප්‍රෙස්පමනක් ඒ ගැන ලියා ඇත්තේ, එහි සැබෑ අන්තර්ගතය ගැන කිසිවක් සඳහන් නො කරමින් උඩින් මත්තෙන් ලියන ලද ලිපි පලකරමිනි.සිය හිටපු ප්‍රධාන කම්කරු පුවත් වාර්තාකරුවා විවාදය මෙහෙයවූවත්, නිව්යෝක්ටයිම්ස්පත්‍රය විවාදය පිලිබඳ ලිපියක් ලියා නැත.
ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) සමග සම්බන්ධ ලේබර්නෝට්ස්හා ජැකොබින්ඇතුලු ව්‍යාජ-වම්මුන්ගේ ප්‍රකාශන ද විවාදය වාර්තා කර නැත. ඔවුන් ප්‍රතිසංස්කරනවාදියෙකු ලෙස ඉදිරිපත් කිරීමට පොර බදන අපේක්ෂකයා වන ෂෝන් ෆේන්ට ලේබර්නෝට්ස්අනුමැතිය දී තිබෙන අතර, දීර්ඝ-කාලීන නිලධරයෙකු ලෙස ෆේන්ව හෙලිදරවු කරන සිද්ධියක් කම්කරුවන් නැරඹීම ඔවුන්ට අවශ්‍ය නැත. මෙම සංවිධාන සමාජවාදී හෝ වාමාංශික නො වේ. යතාර්ථයේ දී, ඔවුන් පන්ති අරගලය මර්දනය කිරීමට දරන උත්සාහයේ කොටසකි.
විවාදය තුල වූ කාන්ඩ ගැසීම, දේශපාලන හා පන්ති බලවේගයන්ගේ පලල් සබඳතාව හෙලිදරවු කලේ ය. එක් පසෙකින්, රාජ්‍යයේ සහ සංගත කලමනාකරනයේ ආයතනයක් වන, සැලකිය යුතු ඉහල මධ්‍යම-පාන්තික ස්ථරයකින් පිරී ගිය වෘත්තීය සමිති යාන්ත්‍රනය පැවතුනි.
අනෙක් පසින්, විල් ලෙහ්මන්ගේ උද්ඝෝෂනය, වෘත්තීය සමිති යාන්ත්‍රනයෙහි පාලනයෙන් බිඳීමේ අභිලාෂයෙන් පසුවන සාමාන්‍ය කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරය මූර්තිමත් කරමින් එයට ප්‍රකාශනය ලබා දෙයි. වෘත්තීය සමිති හා බයිඩන් පරිපාලනය, පාවා දීමේ ගිවිසුමක් බලයෙන් පැටවීමට දරන ප්‍රයත්නය කෙරෙහි දුම්රිය කම්කරුවන් අතර විරුද්ධත්වය පුපුරා යාමක් සමගින් ද සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්, අධ්‍යාපනඥයන්, සේවා කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර වර්ධනය වෙමින් පවතින වැඩ වර්ජන ව්‍යාපාරය සමගින් ද එය සමපාත වේ.
විවාදය මෙම උද්ඝෝෂනයෙහි ප්‍රධාන සැතපුම් කනුවක් විය. කම්කරුවන් අතර මෙම උද්ඝෝෂනය හැකිතාක් ප්‍රචලිත කිරීමේ තීව්‍රතර සටනකටත්, එම ක්‍රියාදාමයේ දී එක්සත් ජනපදය තුල හා ලොව පුරා කම්කරුවන්ගේ අරගල සංවිධානය කොට එකමුතු කරන ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩනැගීමේත් පදනම බවට එය පත්කල යුතු ය.