ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් පරිදි ක්‍රියාවට දමන කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කිරීම සඳහා දේශපාලනික ව සංවිධානය වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලංකාවේ කම්කරු පන්තියට කැඳවුම් කර සිටී.
පෙබරවාරි 17දා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2025 අයවැය, මිලියන ගනන් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සමාජ හා ජීවන කොන්දේසි තලා දැමීමේ යුද්ධයක් තීව්‍ර කිරීම සලකුනු කරයි. එම අයවැය ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂනය යටතේ සූදානම් කල එකකි.
ජාමූඅ කප්පාදු ක්‍රියාවට දැමීමට තමන්ගේ පූර්න කැපවීම පිලිබඳ ව, දිසානායක ජාත්‍යන්තර ප්‍රාග්ධනයට හා මහා ව්‍යාපාරිකයට යලි යලිත් පොරොන්දු විය. කප්පාදු වැඩපිලිවෙල ගැන යලි සාකච්ඡාකර සහනගෙන එන බවට ඔහු වැඩකරන ජනයාට බොරු කීවේය. දැන් ආන්ඩුව ජාමූඅහි හා මහා ව්‍යාපාරිකයේ න්‍යාය පත්‍රය සම්පූර්න කිරීම අරඹා ඇත. 2022 ආර්ථික බිඳවැටීම මධ්‍යයේ කොලඹ ආන්ඩුවට නතර කිරීමට බලකෙරුනු, විදේශ නය ආපසු ගෙවනු වස් මහජනයාගෙන් උදුරා ගැනීමට, ජාමූඅ වැඩසටහන ප්‍රධාන වසයෙන් යොමු වී තිබේ.
දිසානායක ආන්ඩුව ප්‍රකාශයට පත්කර ඇති අලුත් ප්‍රහාර මොනවා ද?
- රාජ්‍ය සේවකයන්ට සොච්චම් වැටුප් වැඩි කිරීමක් ප්‍රදානය කරන අයවැයෙන් ඔවුන්ගේ දීමනා කපා දැමුවේ ය. මූර්ත වැටුප් ඛාදනය වන තත්වය තුල රජයේ සේවකයන්, සිය අතීත අරගල හරහා දිනාගත් මෙම දීමනා යොදා ගත්තේ ජීවන තත්වයන් ගැටගසා ගැනීමේ ආදායම් ආධාරකයක් ලෙසය. මහජනයාගෙන් විශාල කොටසකට බලපානු ඇති, දේපොල වලින් බදු අය කිරීම වැනි තවත් පියවරයන් ගැනීම ලබන වසරට කල්දමා ඇත.
- රජයට අයත් ව්‍යවසායයන් (එස්ඕඊ) ඇතුලු රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහකරනය කිරීමට, රාජ්‍ය පරිපාලක සමාගමක් ස්ථාපනය කෙරෙනු ඇත. එමගින්, රාජ්‍ය-පුද්ගලික හවුල් සමාගම් ලෙසට රාජ්‍ය ව්‍යවසායන් පරිවර්තනය කරමින් පුද්ගලීකරනයට පාර කපනු ඇත. ශ්‍රමය හා අනෙකුත් සම්පත් සූරාකෑම හරහා, ජාත්‍යන්තර ආයෝජකයන්ට ලාභ සූරා ගැනීමට ඉඩ ලබා දෙනු වස්, රාජ්‍ය අංශය බිඳ දැමීම ජාමූඅහි මූලික විධානයකි. මිලියන භාගයකට අධික රැකියා විනාශ කිරීම, වැටුප් කපා දැමීම හා සූරාකෑම තීව්‍ර කිරීම සහ වැඩ කරන ජනයා තව දුරටත් දුගී භාවයට ඇද දැමීම මෙම වැඩපිලිවෙල මගින් ජනිත කරනු ඇත.
- ලාභ ශ්‍රම වේදිකාවන් ප්‍රසාරනය කරමින්, කාර්මික කලාප ස්ථාපන කෙරේ. ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට “ආයෝජන ආරක්ෂන පනතක්” බලාත්මක කෙරෙනු ඇත.
කම්කරු අරගල පැනනැගීම ඇරඹීමත් සමග වෘත්තීය සමිති නිලධරයෝ ඒවා කඩාකප්පල් කිරීම පටන් ගනිති
ආන්ඩුව අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රහාරවලට එරෙහිව රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රවල අරගල මතුවන්නට පටන්ගෙන ඇත.
ගෙවී ගිය සතිය තුල, විශ්වවිද්‍යාල අනධ්‍යයන කම්කරුවන් 13,000ක් පමන දිවා අහාර විවේක කාලය තුල විරෝධතා පැවැත්වූ හ. වෛද්‍යවරුන්, හෙදහෙදියන් හා අතුරු වෛද්‍ය කම්කරුවන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් 100,000ක් පමන ඔවුන්ගේ දීමනා කප්පාදු කිරීමට විරුද්ධ ව අරගලවල පිවිසීමට උත්සාහ කල හ. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) හා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (සෞවෘසස) පිලිවෙලින් මාර්තු 5 සහ 6 දිනවල සීමිත එක් දින වැඩ වර්ජන කැඳවා, සතියක් බලා සිටින ලෙස ආන්ඩුව කල ප්‍රකාශය පිලිගනිමින් එම ක්‍රියාවන් අත්හැර දැමූ හ.
රටෙහි “ආර්ථික ප්‍රකෘතියට,” “කම්කරු කැලඹීම” වෙතින් බාධා කෙරෙනු ඇතැයි, ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෘවර් මාර්තු 4 දා කල අනතුරු ඇඟවීමට එම වෘත්තීය සමිති නායකයෝ හිස නැමුහ. ද්‍රෝහී ලෙස කම්කරු විරෝධතා නැවැත්වූ මෙම වෘත්තීය සමිති නායකයෝ, ආන්ඩුව කිසිවක් ලබා නො දුන්නේ යයි දැන් බොරුවට ආඩපාලි කියති.
අනෙක් අංශවලට සමාන කප්පාදුවලට එරෙහි ව හා වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලමින්, තැපැල් වෘත්තීය සමිති නායකයන් මාර්තු 17 හා 18 දිනවල දෙදිනක සංකේත වැඩ වර්ජන නිවේදනය කර ඇත. එහෙත්, මෙම ක්‍රියාවන් ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කිරීමට සීමා කරනු ලැබ තිබේ.
කම්කරුවන් අතර නැගෙන කෝපය වාවා ගැනීමට වෘත්තීය සමිති නායකයන් මෙම ක්‍රියාවන් කැඳවා ඇත. ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කිරීම තුලට මහජන විරුද්ධත්වය සීමා කර පීලිපැන්නවීමට ඔවුහු උත්සාහ දරමින් සිටිති. ජවිපෙ වෘත්තීය සමිති නිලධරයන් කම්කරු අයිතීන් රැක ගැනීමේ කිසිදු ක්‍රියාවකට විරුද්ධ බව විවෘත ව ප්‍රකාශ කරනු ලැබ තිබේ.
මෙවන් වෘත්තීය සමිති නිලධරයන් මත කිසිදු විශ්වාසයක් නො තබන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි; සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසිභාවයකින් යුතුව මතුවී ඇතිබව සසප කියා සිටි. සෑම වැඩපොලක ම, වතුකරයේ හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් තුල ම, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනක්, මෙය ඉටු කරගත හැකි ය.
සමිති නිලධරයන් පසුගිය වසර දෙක තුල කලේ කුමක් ද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාමූඅ විසින් විධානය කෙරුනු රුදුරු කප්පාදු පියවරයන් මුදා හැරීම ආරම්භ කල විට, පසුගිය දෙවසරේ ලක්ෂ ගනන් කම්කරුවෝ අරගල මාලාවකට පැමිනියේ, ඉහල වැටුප් හා විශ්‍රාම වැටුප් ද ඉහල දැමුනු වැඩ බර සැහැල්ලු කිරීම ද ඉල්ලා සිටිමින් සහ ඔවුන් මත පැටවූ විවිධාකාර බදු හා පුද්ගලීකරන ප්‍රයත්නයන්ට විරුද්ධත්වය පල කරමිනි. මෙම රුදුරු ප්‍රහාර එල්ල කරන ලද්දේ, 2022 ආර්ථික බිඳ වැටීමේ රුදුරු කොන්දේසිවලට ගොදුරු කෙරුනු ජනයා මත තවත් බර පටවමිනි.
වෘත්තීය සමිති නායකයෝ -කිහිපයක් සඳහන් කරන්නේ නම්, සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය, තැපැල් හා ටෙලිකොම් සමිති, වරාය සමිති, දුම්රිය සමිති හා ලංකා විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය -එම අරගල ආන්ඩුවට නිෂ්පල ආයාචනා කිරීම්වලට හැරවුහ. ඉල්ලීම් ප්‍රතික්ෂේප කල වික්‍රමසිංහ ආන්ඩුව, දරුනු අත්‍යවශ්‍ය සේවා නීති පැනවූ අතර, විරෝධතා තලා දැමීම සඳහා පොලීසිය හා ආරක්ෂක හමුදාවන් විදීවලට කැඳවූයේය .
පසුගිය වසර මැද වන විට, ජනාධිපතිවරනය හා මහ මැතිවරනය කැඳවන ලද තතු තුල, ජවිපෙ/ජාජබ හා සමගි ජන බලවේගය (සජබ) ඇතුලු සිය ධනපති පක්ෂ වටා වෘත්තීය සමිති රැලි වූයේ, එම පක්ෂවල ආන්ඩුවක් යටතේ කම්කරුවන්ට වඩා හොඳ අනාගතයක් උදා වනු ඇතැයි කියමින්, ඔවුන්ගේ සියලු ක්‍රියාවන් නතර කරමිනි. තමන් බලයට ඒමට හානිදායක වේ යයි ප්‍රකාශ කරමින්, ජවිපෙ/ජාජබ කම්කරු අරගල කැඳවීමට විවෘත ව ම විරුද්ධත්වය ප්‍රකාශ කලේ ය.
වෘත්තීය සමිති නිලධරයන් ද්‍රෝහී භූමිකාවක යෙදී සිටින්නේ, ඔවුන් ධනපති-ගැති දේශපාලනයක යෙදෙමින් ජාමූඅ පිලිවෙත්වලට ඍජු ව හා වක්‍ර ව සහයෝගය දෙන නිසා ය.
වෘත්තීය සමිති නායකයන්, කම්කරුවන්ගේ කිසිදු ස්වාධීන, ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට විරුද්ධ වී, ඒවා මැඩපැවැත්වීමට ක්‍රියාකලේ, එවන් අරගලයක්, ආන්ඩුව හා ජාමූඅ ක්‍රියාමාර්ගය සමග මුහුනට මුහුන ගැටීමක් බවට පත්වීම ගැන භීතියෙනි. එවැනි අරගලයකින් මතුවනු ඇත්තේ ධනපති පන්ති පාලනය පෙරලා දැමීමේ දේශපාලන ප්‍රශ්නයයි.
එය වැලැක්වීමට මෙලෙස ක්‍රියාකල වෘත්තීය සමිති නායකයෝ, වික්‍රමසිංහගේ අපකීර්තියට පත්ව තිබුනු එක්සත් ජාතික පක්ෂයටත්, රාජපක්ෂවරුන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනටත්, මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහි මහජන විරුද්ධත්වය ගසා කා බලයට ඒමට ජවිපෙ/ජාජබට උදවු දුන් හ.
පෙබරවාරි 27දා, අයැවය දෙවන වර කියවීමේ ඡන්දය කැඳවූ විට, සජබ එයට ‘විරුද්ධ' විය. එම ‘විරෝධය' අන්ත කුහක එකකි. කලින් පැවති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට සජබ නායකයන් උපදෙස් දුන්නේ “ආර්ථිකය රැක ගැනීම සඳහා” වහාම ජාමූඅ සහයෝගය ලබා ගන්නා ලෙස ය. පසුගිය වසර දෙක පුරා, සජබ එහි වෘත්තීය සමිතිවල නායකයන් මෙහෙයවුයේ කම්කරු අරගල යටපත් කිරීම සඳහා, අනෙකුත් සගයන් සමග ඒකාබද්ධ වී ක්‍රියාකිරීමටයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි හා දෙමල ජාතික මහජන පෙරමුන ඇතුලු දෙමල ජාතිකවාදී පක්ෂ, අයවැයට එරෙහි ව ඡන්දය දුන්නේ, ඔවුන් ජාමූඅ කප්පාදු පියවරයන්ට විරුද්ධ නිසා නො ව, උතුරේ හා නැගෙනහිරේ දෙමල බහුතරයට බලය බෙදීමක් සඳහා වන ඔවුන්ගේ ඉල්ලීමට ආන්ඩුව සහයෝගය නො දීමට විරුද්ධත්වය දැක්වීම සඳහා පමනි.
දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාකරන වතුකරයේ වෘත්තීය සමිති -ලංකා කම්කරු කොංග්‍රසය සහ දෙමල ප්‍රගතිශීලී සන්ධානය තුල සංවිධිත ව සිටින සමිති එවැනිම ක්‍රියාකලාපයක යෙදෙන අතර ජාමූඅ ක්‍රියාමාර්ගයට විවෘත ව සහයෝගය දෙති.
මූලික ව, පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂ, ධනවාදය ආරක්ෂා කිරීමේ හා විදේශීය ප්‍රාග්ධනයට පිටුබලය දීමේ මාර්ගය වන ජාමූඅ ක්‍රියාමාර්ගය සමග මූලික ව එකඟ වෙති.
වැඩ කරන ජනයා 2022 මහජන නැගිටීමේ වැදගත් පාඩම් යලි මතකයට නගා ගත යුතු ය
කෝවිඩ්-19 වසංගතයෙන් තීව්‍ර කෙරුනු ගෝලීය අර්බුදයෙහි බලපෑම සහ යුක්‍රේනයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් 2022 ලංකාවේ ගැඹුරු ආර්ථික කඩාවැටීම උත්සන්න කලේ ය.
ආහාර, ඖෂධ හා ඉන්ධනවල හිඟයට ද විදුලිය හා ප්‍රවාහනය නැති කමට ද මුහුන දුන් මහජනතාව දැරිය නො හැකි කොන්දේසි යටතේ වීදි බට හ. වෘත්තීය සමිති නිලධරයන් කලේ මාරාන්තික නිහඬතාවක් පවත්වාගෙන යාමයි.
කම්කරුවන් අතර කෝපය වැඩුනු විට, ඔවුහු අප්‍රේල් 28 හා මැයි 6 දිනවල සීමිත වැඩ වර්ජන කැඳවූ හ. මිලියන ගනන් වැඩ වර්ජනවලට එකතු වූ හ. නිලධරයෝ ජවිපෙ/ජාජබ හා සජබ සමග උපාමරුවල යෙදෙමින්, අන්තර්-වාර ධනපති පාලනයක් සඳහා ඔවුන්ගේ ඉල්ලීමට කම්කරුවන් යටත් කිරීමට ක්‍රියාකලහ . ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෘත්තීය සමිති නායකයන්ටත්, ජවිපෙ/ජාජබ හා සජබටත් ආධාර කලේ ය. මෙය කම්කරු පන්තියත්, සමස්තයක් ලෙස මහජන නැගිටීමත් පාවාදීමට තුඩුදුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නින්දිත ලෙස රටින් පලා ගිය ද ඔහු හා ශ්‍රීලපොපෙ එක්සත් ජනපද-ගැති වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ස්ථාපනය කලේය . වික්‍රමසිංහ වහා ම කලේ ජාමූඅ මුර්ග වැඩසටහන ගෙන ඒමයි. .
පසුගිය සතියේ ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෘවර් ලංකාවේ “කම්කරු කැලඹීමක්” ගැන කල අනතුරු ඇඟවීමෙන් සංඥාවක් නිකුත්කර තිබේ. දිසානායක පාලන තන්ත්‍රයට පය බුරුලෙන් යාමට නොහැකි වනු ඇත. එය මුහුන දීමට සිදුවනු ඇත්තේ, කප්පාදු ප්‍රහාරවලට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ යෝධ ප්‍රතිරෝධයකටයි . ජවිපෙ/ජාජබ වහා වහා ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රුදුරු ප්‍රහාර එල්ල කරමින්, ආඥාදායක පියවර ගනු ඇත.
කම්කරු පන්තියේ ක්‍රියාමාර්ගය විය යුත්තේ කුමක් ද?
ජීවන හා සමාජ කොන්දේසි ද රැකියා හා විශ්‍රාම වැටුප් ද ආරක්ෂා කර ගැනීම සඳහා සසප පහත දැක්වෙන ක්‍රියාමාර්ගය යෝජනා කරයි:
• පුද්ගලික හා රාජ්‍ය අංශවල සියලු කම්කරුවන්ට, ඛාදනය වන මූර්ත වැටුප් වෙනුවෙන් වැටුප් වැඩි වීමක් අවශ්‍ය වේ! එය වැඩිවන ජීවන වියදම අනුව ඉහල දැමිය යුතු ය! විශ්‍රාමිකයන්ට ඒ හා සමාන වැටුප් වැඩිවීමක්!
*වැටුප් සහිත නිවාඩු සහ විශ්‍රාම වැටුප් සමගින්, වතු කම්කරුවන්ට ජීවන වියදම් දර්ශකයට ගැලපෙන මාසික වේතනයක් ගෙවිය යුතු ය!
• රජයට අයත් ව්‍යවසායන්ට වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යුහකරනය එපා! එම සේවකයන්ගේ රැකියා හා සේවා කොන්දේසි සුරකිනු!රජයට අයත් සියලු ව්‍යවසායයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමට කම්කරුවන් සටන් කල යුතු ය!
• සියලු වැට් බදු හා අනෙකුත් බදු ඉවත් කරමින් ආහාර හා අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ගනන් වහා ම අඩු කල යුතු ය!
• 40,000ට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට හා අනෙකුත් රැකියා විරහිතයන්ට රැකියා හා ශිෂ්ට සම්පන්න වැටුප් සම්පාදනය කරනු.
• සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සමාජ සුභසාධන වැඩසටහන් වර්ධනය කිරීමටත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව ප්‍රසාරනයටත් මෙම අරමුදල් යොදාගත යුතු ය!
• නිෂ්පාදනය හා බෙදාහැරීම, කම්කරුවන්ගේ හා දුගීන්ගේ යහපත පිනිස ප්‍රතිසංවිධානය කිරීම සඳහා, සියලු බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමට කම්කරුවන් සටන් කල යුතු ය. දැන් ආර්ථිකය ධාවනය කෙරෙන්නේ සුලුතරයකගේ ලාභ අවශ්‍යතාව සඳහා ය.
• ධනවත් සුලුතරයේ වත්කම් අත්පත් කරගෙන ඒවා සමාජ සුභසාධන වැඩසටහන් වලට ගැනීම අවශ්‍ය වේ.
• විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), හදිසි හා අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ඇතුලු සියලු මර්දන නීති අහෝසි කරනු.
වෘත්තීය සමිති නිලධරයට, ධනපති පක්ෂවලට හා ඒවායේ හෙංචයියන්ට ඉඩ නො දෙන, කම්කරුවන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින්, ඔවුන්ට මෙම ක්‍රියාමාර්ග ගැනීමට සිය කාර්මික හා දේශපාලන ශක්තිය පන්නරය ගැන්වීමට හැකිවේ.
වැඩ කරන ජනයාට හා ගම්බද දුගීන්ට ධනපති ක්‍රමය හෝ ජාතික රාමුව ඇතුලත විසඳුමක් නැත.
වැඩපොලවල හා ගම්බද ප්‍රදේශවල පිහිටුවනු ලබන ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගන්නා නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටි. එවන් බල මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමෙන් සමාජවාදී පිලිවෙත් සඳහා ක්‍රියාමර්ගයක් සාකච්ඡා කර, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට තීන්දු තීරන ගත යුතු ය.
ලංකාවේ කම්කරු පන්තිය සටන් කරමින් සිටින්නේ ජවිපෙ/ජාජබ ආන්ඩුවට හා රට තුල ධනපති පන්තියට එරෙහි ව පමනක් නො වේ. ඔවුන් සටන් කරමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට හා එහි ඒජන්තයින්ට ද එරෙහි ව ය. ලංකාවේ ප්‍රභූව මෙම ඒජන්තයින්ගේ කුක්කන් ය.
කෙන්‍යාව හා සිම්බාබ්වේ වැනි බොහෝ රටවල කම්කරුවෝ, ජාමූඅ රුදුරු කප්පාදුවට එරෙහි ව අඛන්ඩ අරගලවල නිරත ව සිටිති. එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල් තුල තම සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට මුහුන දෙන කම්කරුවෝ අරගලවලට පිවිස සිටිති.
ලෝකයේ ධනපති බලයන්, සමාජ අසමානතාව හා වසංගත පවත්වා ගෙනයමින්, ආඥාදායක පාලනයන් හා ලෝක යුද්ධය කරා මානව වර්ගයා ඇදගෙන යමින් සිටිති. ලංකාවේ කම්කරුවන් ඔවුන්ගේ මෙම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග පොදු අරගලයක් තුල එකමුතු විය යුතු ය.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (ක්‍රිකජාස) බැඳී, එය ජාත්‍යන්තර අරගලවල සම්බන්ධීකරන මධ්‍යස්ථානය ලෙස ගොඩනැගීම මෙම ව්‍යසනයන්ට එරෙහිව සටන් කිරීමේ මාවතයි. ලංකාවේ කම්කරුවන්ට අපි මෙම අරගලයට එක්වීමට යෝජනා කරමු.
මෙම අරගලයට නායකත්වය දීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එම නායකත්වය ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.
වැඩිදුර කියවන්න
- ජනාධිපති දිසානායක ජාමූඅ නියෝග මත සැකසූ කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි
- 2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම්
- ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි
- ජවිපෙ තම වෘත්තීය සමිති “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් බවට” පත්කිරීමට යයි
- සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, මහජන සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ගැන සාකච්ඡා කරයි