උඩ රදැල්ල වතු කම්කරුවන්ගේ වැඩවර්ජනය දිගටම

නුවරඑලිය දිස්ත්‍රික්කයේ, නානුඔය, උඩ රදැල්ල වතුයායේ, ප්‍රතිව්‍යුහකරනයට සහ කම්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කම්කරුවන් විසින් දියත් කරන ලද වැඩවර්ජනය තෙවැනි සතියට එලැඹෙමින් තිබේ. හේලීස් සමූහ ව්‍යාපාර සමූහයට අයත් කැලනිවැලි වැවිලි සමාගම විසින් මෙම වතුයාය පාලනය කරනු ලබයි.

සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියට එරෙහි කම්කරුවන්ගේ අරගලය බිඳීමේ ප්‍රකෝපකරනයක් ලෙස එම කම්කරුවන් තිදෙනා සේවයෙන් පහ කිරීමට විරුද්ධව උඩ රදැල්ල වතුයායේ කොට්ඨාස දෙකෙහිම කම්කරුවෝ දෙසීයක් මැයි 6 දා වැඩවර්ජනය ආරම්භ කලහ. සේවය අත්හිටවූ කම්කරුවන් තිදෙනා වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) වතු ශාඛාවේ සභාපති පී. ශේකර්, ජාතික කම්කරු සංගමයේ (එන්‍යූඩබ්ලිව්) වතු ශාඛාවේ සභාපති සහ උප සභාපති ඒ. තමිල්සෙල්වන් සහ ඒ බුවනේන්ද්‍රන් ය.

වතුයායේ කොටසක වෙනත් වානිජ භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් සමාගම විසින් ආරම්භ කර ඇති බව සේවකයෝ පැවසූහ. ඒ අනුව වතුයායේ ඉහල කොටසේ හෙක්ටයාර 17 ක කෝපි වගා කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර ඇත. පසුගිය මැයි 6 වැනිදා කෝපි වගාව සඳහා වෙන්කර තිබූ ප්‍රදේශයේ තේ පඳුරු බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉවත් කිරීමට කලමනාකාරීත්වය උත්සාහ කල අවස්ථාවේදී සේවකයන් වහා රැස්වී එම කටයුතු නතර කර තිබේ. මෙම සේවකයින්ගේ මැදිහත්වීමෙන් පසු කම්කරුවන් තිදෙනාගේ වැඩ තහනම් කරන ලදී.

සේවකයෙක් මෙසේ පැහැදිලි කලේය: “මෙම ව්‍යාපෘතිය හරහා අපට අපගේ රැකියා අහිමි වේවි. තේ ඉඩම් හෙක්ටයාර් දෙකක් දැනටමත් එලිපෙහෙලි කර වසර කිහිපයකට පෙර එහි කෝපි වගා කරලා. එහෙම උනොත් අපේ රැකියා ගොඩක් නැති වෙනවා. නියමිත කාලයට කෝපි අස්වැන්න නෙලන නිසා වැඩිපුර කම්කරුවන් අවශ්‍ය වන්නේ නැහැ.

එම ව්‍යාපෘතිය ක්‍රියාවට දැමුනොත් වත්තෙන් පිටව යාමට සිදුවන බව කම්කරුවෝ කියා සිටියහ. ඔවුන් මෙසේද පැවසීය: “ඒ නිසා තමයි අපි විරුද්ධ වුනේ. ඒක අපරාධයක්ද?” ඔවුහු ප්‍රශ්න කලහ. “අපි සාමකාමීව උද්ඝෝෂනය කලත් සමාගම සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කලා. ඒ නිසා ඔවුන් නැවත සේවයේ පිහිටුවන තුරු අපි නැවත වැඩට යන්නේ නැහැ,”

කම්කරුවන් තිදෙනාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ නුවරඑලිය කම්කරු කොමසාරිස්වරයා අතර සාකච්ඡා දෙකක් සිදු වුවද විසඳුමක් නොලැබුනු බව සේවකයෝ පැවසූහ.

“දෙවැනි සාකච්ඡාව මැයි 15 වැනිදා පැවැත්වුනා; එහිදී කම්කරු කොමසාරිස්වරයා එම සේවකයන්ගේ වැඩ තහනම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බව පිලිගත්තා. කෙසේ වෙතත්, ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට ඔහු නියෝගයක් ලබා දුන්නේ නැහැ,” යැයි කම්කරුවෝ පැවසූහ.

2024 මැයි 16 දින නානුඔය නගරයේ විරෝධතාවයේ නිරත වූ උඩ රදැල්ල වතුයායේ කම්කරුවන්

මැයි 16 දා කම්කරුවෝ, සේවයෙන් පහ කරන ලද කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා නානුඔය නගරයේ උද්ඝෝෂනයක් පැවැත්වූහ. වින්දිත එන්‍යූඩබ්ලිව් වෘත්තීය සමිති ශාඛාවේ සභාපති තමිල්සෙල්වන් කම්කරුවන් අමතමින් පැවසුවේ, කම්කරුවන් සති තුනක් තිස්සේ සාමකාමී විරෝධතා පවත්වමින් සිටියද ඔවුන්ට සාධාරන විසඳුමක් නොලැබුනු බවයි. කම්කරු දෙපාර්තමේන්තුව ද වතු කලමනාකාරීත්වයට සහ සමාගමට සහයෝගය දක්වන බවට ඔහු චෝදනා කලේය. 'අනෙකුත් වතුවල අපේ සේවකයින් අපේ අරගලයට සහාය දෙනු ඇතැයි අපට විශ්වාසයි.'

කෙසේ වෙතත්, සීඩබ්ලිව්සී සහ එන්ඩබ්ලිව්‍යූ නායකයින් එම කම්කරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කිසිදු කාර්මික ක්‍රියාමාර්ගයක් කැඳවා නැත. වතු කලමනාකරු පසුදා කාන්තා කම්කරුවන් කැඳවා, සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට රැකියා ලබා නොදෙන බව පවසා නැවත සේවයට යාමට නියෝග කර ඇත. එහෙත් සේවය අත්හිටවූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවන තුරු ඔවුන් නැවත සේවයට පැමිනීම ප්‍රතික්ෂේප කර තිබේ.

වතු ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල යටතේ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය කිරීමේ කොටසකි. තේ වතු එලිපෙහෙලි කර කෝපි, ෆාම් ඔයිල් සහ පලතුරු වැනි වඩා ලාභදායී බෝග වගා කිරීම වැනි වගා විවිධාංගීකරනය ද යෝජනා කර ඇත. ඇතැම් ප්‍රදේශවල තේ වතු කඩා ඉවත් කර සංචාරක ස්ථාන පිහිටුවීමට ද යෝජනා වී තිබේ.

තේ වගාව සඳහා වන ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන වන්නේ, ඵලදායිතාව පදනම් කරගත් ආදායම් බෙදා ගැනීමේ ආකෘති (ආර්එස්එම්) ක්‍රියාත්මක කිරීමයි.

වතු සමාගම්, ආන්ඩුව සහ වතු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, කම්කරු විරෝධය යටපත් කිරීමටත් ක්‍රියා කරති

උඩ රදැල්ල වතුයායේ කම්කරුවන් තිදෙනෙකු දඩයමට ලක්කෙරී ඇත්තේ ඇත්තේ මෙම සන්දර්භය තුල ය; එය වතු කම්කරුවන්ගේ සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසකි.

දෛනික වැටුප රු. 1000 දක්වා වැඩි කිරීමේ ඉල්ලීම මත පෙබරවාරි 2 දින වැඩ වර්ජනයක සහ සීඩබ්ලිව්සී විසින් පෙබරවාරි 5 කැඳවන ලද ජාතික වැඩ වර්ජනයක නිරත වූ කම්කරුවන්ට කලමනාකාරීත්වයේ හිරිහැර කිරීම්වලට විරුද්ධව උද්ඝෝෂනය කල මස්කෙලිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 22 කට සහ තරුනයන් 2 ට, කලමනාකරුට සහ සහකාර කලමනාකරුට ශාරීරිකව පහර දුන් බවට කරන ලද ව්‍යාජ චෝදනා මත නඩු පැවරු
/වතු කලමනාකරනය 2021 මාර්තු 22 දින චුදිත කම්කරුවන් ද ඇතුලුව කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කරන ලදී.

වතු කලමනාකාරිත්වය විසින් පී. පොන්නිර්සෙල්වි නමැති සේවීකාවකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව 2021 සැප්තැම්බර් 29 වෙනිදා වැඩවර්ජනයකට සහභාගී වූ තලවාකැලේ කටුකැලේ වතුයායේ කම්කරුවන් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

වතු කලමනාකාරිත්වය විසින් පී. පොන්නිර්සෙල්වි නමැති සේවීකාවකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව 2021 සැප්තැම්බර් 29 වෙනිදා වැඩවර්ජනයකට සහභාගී වූ තලවාකැලේ කටුකැලේ වතුයායේ කම්කරුවන් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

එබැවින්, සීඩබ්ලිව්සී, එන්‍ යූඩබ්ලිව් හෝ වෙනත් වතු වෘත්තීය සමිතියක් විසින් වින්දිත කම්කරුවන් ආරක්ෂා කර නැවත සේවයේ පිහිටුවීම සඳහා කිසිදු අරගලයක් සංවිධානය කරනු ඇතැයි උඩ රදැල්ල වතු කම්කරුවන් විශ්වාස නොකල යුතුය.

උඩ රදැල්ල වත්තේ කම්කරුවන් තම සහෝදර කම්කරුවන් තිදෙනා දඩයම් කිරීමට හා ප්‍රතිව්‍යුහකරනයට එරෙහිව අවශේෂ වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ සහයෝගය තම අරගලය වටා බලමුලු ගන්වා ගැනීම සඳහා පහත ඉල්ලීම් මත පුලුල් උද්ඝෝෂනයක ට හැරී ගත යුතුය:

සියලු වතු කම්කරුවනි,

උඩ රදැල්ල වතු සංගම් ශාඛා නායකයන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව විරෝධය පල කරනු!

වැඩවර්ජනයේ යෙදෙන කම්කරුවන්ට සහය පලකරමින් සහ සේවය අත්හිටවූ කම්කරුවන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවීමේ ඔවුන්ගේ ඉල්ලීම් වලට සහය පලකරමින් විරෝධතා සංවිධානය කරනු!

ඕල්ටන් වත්තෙහි සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන් 38 දෙනා නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට එරෙහි නඩු ඉල්ලා අස්කරගනු!

රැකියා කප්පාදු කෙරෙන සහ වැඩ බර වැඩි කෙරෙන වතු ප්‍රතිව්‍යුහගත කිරීම එපා!

විශ්‍රාම වැටුප් හිමිකම් සහිත යහපත් මාසික වැටුපක්!

මෙම දඩයමට හා වතු ප්‍රතිව්‍යුහගතකරනයට එරෙහිව සටන් කිරීමේ එකම මාර්ගය වන්නේ, වතු කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වෙමින්, කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල එකමුතුව සහිතව පොදු අරගලයක් දියත් කිරීමයි.

මෙහිදී උඩ රදැල්ල වත්ත ඇතුලු වතු කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව, සෑම වත්තකම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එකමුතු විය යුතුය.

වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා ප්‍රධාන කර්මාන්ත, බැංකු සහ වතු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක් මත මෙම අරගලය පදනම් වියයුතු ය.

Loading