[මෙය Israel’s war on women and children මැයෙන් 2023 දෙසැම්බර් 5 පල කරන ලද ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]
සමස්ත ලෝකයේ ඇස් ඉදිරිපිට ඊස්රායලය දැවැන්ත පරිමානයන්ගේ අපරාධයක් සිදු කරමින් සිටී: එනම්, ගාසා තීරයේ කාන්තාවන් හා ලමුන් හිතාමතා හා ක්‍රමානුකූල ව සංහාරයට ලක්කිරීම යි.
නෙතන්යාහු ආන්ඩුව මාස දෙකක් ඇතුලත ගාසා තීරයේ වැසියන් 20,000ක් මරා දමා ඇත. ඉන් 10,000ක් ලමුන් වන අතර, 5,000ට අධික පිරිසක් කාන්තාවන් ය.
සාපරාධී ඊස්රායල පාලන තන්ත්‍රයේ ඉලක්කය වන්නේ, හැකිතාක් පලස්තීනුවන් සංඛ්‍යාවකර මරා දමමින් ඉතිරි වන අය කාන්තාරයට පලවා හැරීම යි.
හාමතට ඇද දැමෙමින් සිටින මිලියන 2.2ක් වන ගාසාවේ සමස්ත ජනගහනයට ජලය අහිමි කෙරෙමින් තිබේ. අතිමහත් බහුතරය වන සියයට 80ට අධික පිරිසක් ඔවුන්‌ගේ නිවාසවලින් අවතැන් කෙරී ඇත. යන්තම් මාස දෙකක් ඇතුලත, ගාසාවේ සෑම පුද්ගලයන් 115න් එක් අයෙකු ම මරා දමා තිබේ. වර්තමාන අනුපාතයන්ට අනුව, වසරක් ඇතුලත සෑම ගාසා වැසියන් 20කගෙන් එක් අයෙකු ම මරනයට පත් ව තිබෙනු ඇත.
“මෙහි ලමුන් මුහුනදෙන බිහිසුනු තත්වයන් මට විස්තර කල නොහැකි තරම්ය” යි යුනිසෙෆ් (එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල) ප්‍රකාශක ජේම්ස් එල්ඩර් කීවේ ය. “ලමුන් නොනවත්වා මරා දැමීම සන්නිවේදනයට කිරීමට මට පුලුවන්කමක් නැති තරම්.”

“මා දුටු දේවල් තිබෙන්නේ කිසිදු පුද්ගලයෙකුට විස්තර කල හැකි දේවලින් ඔබ්බේ. මා වඩාත් ම කම්පනයට පත්වූයේ මරනීය තුවාල සහිත දරුවන් සිටීම ගැන මෙන්ම, ඔවුන්ට දෙමව්පියන් අහිමි වී තිබීම සහ එම දරුවන් රැකබලා ගැනීමට කිසිවකු නොමැතිවීම ගැනයි” ගාසාහි සංචාරයක යෙදීමෙන් පසුව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපති මිර්ජානා ස්පොල්ජැරික් ප්‍රකාශ කලාය.

ඔක්තෝබර් 16දා උතුරු ගාසා තීරයේ ජීවත් වන මිලියනයක් ජනයාට ඊස්රායලය උපදෙස් දුන්නේ දකුනට පලා යන ලෙස යි. එලියට ආ, ඔත්තු සේවා අමාත්‍යාංශයේ රහස් පත්‍රිකාවකින් ඉදිරිපත් කෙරුනු පරිදි, ඊස්රායලයේ ඉලක්කය වන්නේ, කලින් ලෝකයේ ඉහල ම ජනඝනත්වයක් සහිත ප්‍රදේශයක් වූ ගාසා තීරයේ මානව ජීවිතයට ඉඩදිය නො හැකි කොන්දේසි නිර්මානය කරමින්, ගාසාවේ ජනතාව සිනායි කාන්තාරයට අවතැන් කිරීමේ කොන්දේසි නිර්මානය කිරීම යි.
උතුරු ගාසා තීරයේ සිට දකුන දක්වා සියලු සරනාගත ස්ථානයන් ඉලක්ක කිරීමේ ප්‍රහාරයක් ඊස්රායලය හිතාමතා ම සිදු කර ඇත. හිසට තුවක්කුව තබා වෛද්‍යවරුන්, රෝගීන් හා සරනාගතයින් අවතැන් කරමින්, එය ක්‍රමානුකූල ව රෝහල්වලට බෝම්බ දැමීම හා කඩා වැදීම සිදු කර තිබේ. ගමන් කිරීමට වත් නො හැකි තරම් දුර්වල අයවලුන් මරනයට අත්හැර දමනු ලැබ ඇති අතර, අල්-නාස්ර් ලමා රෝහෙල් මිය යාමට අත්හැර දැමීමෙන් පසුව පසුගිය සතියේ දී සොයා ගන්නා ලද සිරුරු අතර නොමේරූ ලදරුවන් පස් දෙනෙක් ද ඒ අතරට අයත් වෙති.
සෑම අර්ථ දැක්වීමකට ම අනුව, ඊස්රායලයේ ක්‍රියාකාරම් වනාහි ජනසංහාරයක් පිලිබඳ පෙල පොතක් වැනිය. [ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ- පරිවර්තක] රෝම නීති සංග්‍රහය තුල “ජනසංහාරය” අර්ථ දක්වන්නේ, “ජාතික, ජනවාර්ගික, වාර්ගික හෝ ආගමික කන්ඩායමක් විනාශ කිරීමේ අභිලාෂයෙන් යුතු ව සිදු කරන ක්‍රියාකාරකම්” ලෙසිනි. මෙයට ඇතුලත් වන්නේ:
1 . “කන්ඩායමේ සාමාජිකයන් මරා දැමීම” -පසුගිය මාස දෙක පුරා ගාසා වැසියන් 20,000ක් මරා දමනු ලැබ ඇත.
2.“කන්ඩායමේ සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම” -ගාසා වැසියන් 41,316කට තුවාල සිදු කර තිබේ.
3. “සමස්තයක් ලෙස හෝ ආංශිකව කන්ඩායම් ශාරීරික ව විනාශ කිරීම සඳහා හිතාමතා සූදානම් කෙරුනු ජීවන කොන්දේසි වලට ජන කන්ඩායම් දැනුවත්වම ගොදුරු කිරීම.” සාගතයට හා වැලැක්විය හැකි රෝග ඉහල යාමට තුඩු දෙන අයුරින් ආහාර, ජලය හා වෛද්‍ය සත්කාර ඇතුලුවීම ඊස්රාලය විසින් වලකා ඇත.
“ආරක්‍ෂිත කන්ඩායමක් සම්පූර්නයෙන් හෝ ආංශික ව විනාශ කිරීමේ අභිප්‍රායය සහිත සලකුනු” ජනසංහාරයක් සිදු වෙමින් පවතින බවට මූලික දර්ශකයක් ලෙස එක්සත් ජාතීන්ගේ [නීති] රාමුව තුල හඳුනාගැනේ. ඊස්රාල නිලධාරීන්ගේ එවන් ප්‍රකාශ බහුලය:
1. “මිනිසුන් හා ගැහැනුන්, ලමුන් හා ලදරුවන්, ගවයන් හා බැටලුවන්, ඔටුවන් හා බූරුවන් මරනයට පත් කරන” ලෙස විධානය කරන බයිබලීය ඡේදයක් උපුටා දක්වමින්, “අමාලෙක් ඔබට කර ඇති දෙය ඔබ මතකයට ගත යුතු” යි ප්‍රකාශ කල ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශය.
2. “අපි සටන් කරමින් සිටින්නේ මිනිස් තිරිසනුන් සමගයි, ඒ අනුව අපි ක්‍රියා කරනවා” යනුවෙන් ආරක්ෂක ඇමති යෝවු ගැලන්ට් කල ප්‍රකාශය.
3. “අපි දැන් ගාසා නකබාව හකුලනවා” යි 1948 දී පලස්තීන මහජනයා ඔවුන්ගේ ඉඩම්වලින් බලහත්කාරයෙන් පලවා හැරීම ගැන සඳහන් කරමින්, ඊස්රායල ආරක්ෂක කැබිනට් මන්ඩල සාමාජික හා කෘෂිකර්ම ඇමති අවි ඩික්ටර් කල ප්‍රකාශය.
4. හිටපු ඊස්රායල නියෝජ්‍ය විදේශ ඇමති ඩැනී අයාලොන් ගාසාවේ මහජනයාට “සිනායි කාන්තාරයට යනු” යි කල විධානය.
5. “ගාසා තීරයේ දකුනු කොටස තුල දරුනු වසංගත රෝග ඇතිවීම ජයග්‍රහන සමීප කරනු ඇති” නිසා, රෝහල් පද්ධතිය විනාශ කිරීමට ඊස්රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානී ගියෝරා අයිලන්ඩ් කල කැඳවුම.
මෙම ජනසංහාරය වනාහි, ඔක්තෝබර් 7දා ඊස්රායලයට එරෙහි ව එල්ල කල ප්‍රහාරයට ස්වයං-සිද්ධ ප්‍රතිචාරයක් නොවේ; වසර ගනනාවක් තිස්සේ සැලසුම් කල කුමන්ත්‍රනයකි. ඔක්තෝබර් 7දා හමාස් සංවිධානය සැලසුම් කල සටන් ප්‍රහාරය පිලිබඳ ව, නෙතන්යාහු ආන්ඩුව සතුව සවිස්තර පූර්ව දැනුවත් කමක් තිබුනු බවට පෙන්නුම් කරන එලිමහනට ආ ලේඛන පවතින බව නිව් යෝක් ටයිම්ස් පසුගිය සතියේ දී වාර්තා කලේ ය. ගාසා තීරය තුල සිය වාර්ගික සුද්ධ කිරීම සඳහා කඩතුරාවක් ලෙස, එම දිනයේ දී මිලිටරිය හා ඔත්තු සේවාව රාජකාරියෙන් මුදවා තැබීමට නෙතන්යාහු පාලන තන්ත්‍රය තීරනය කලේ ය.
මෙම ජනසංහාරයට අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගය ලැබෙනවා පමනක් නො ව, ඔවුන්ගේ ඍජු සහභාගීත්වය සහිත ව එය කරගෙන යනු ලැබේ. ජනසංහාරයට ගොදුරු වූ සමහරුන් ව ඇමරිකානු බෝම්බ යොදාගෙන මරා දමනු ලැබීමේ ඉඩ පවතිනවා පමනක් නො ව, නැටෝ රටවල භටයන් විසින් ඍජුව ම ඝාතන වලට සම්බන්ධ වී තිබීමට ඉඩ ඇත. ගාසා තීරයේ භූමියේ සිටින ඇමරිකානු හා බ්‍රිතාන්‍ය භටයන් පිලිබඳ පලල් වාර්තා මධ්‍යයේ, එක්සත් රාජධානියේ භටයන් ගාසාවේ දිගේලි කරනු ලබන්නේදැයි හිටපු ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මතු කල ප්‍රශ්නයකට පිලිතුරු දීම බ්‍රිතාන්‍ය ආන්ඩුව ප්‍රතික්ෂේප කලේ ය.
“සිවිල් වැසියන් ආරක්ෂා කරන සුවිශේෂී සැලැස්මක් ඊස්රායලයට අනුගමනය කරන්නේ නැතැයි එක්සත් ජනපදය හඟින්නේ නම් ...විපාකවලට මුහුන දීමට සිදු වේදැ” යි, ඉරිදා පැවති “මීට් ද ප්‍රෙස්” මාධ්‍ය සාකච්ඡාවේ පෙනී සිටි ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බිගෙන් විමසනු ලැබිනි. “ඊස්රායලය හමාස් සංවිධානය ලුහු බැඳගෙන යාමේ දී එරටට අපි අඛන්ඩ ව සහයෝගය දෙනවා. ආරක්ෂක සහයෝගය අඛන්ඩ ව ගලා එනු ඇති. ඒක වෙනස් වෙන්නේ නැහැ” යි එයට පිලිතුරු දෙමින් කර්බි පැවසුවේ ය.
“ඇත්ත වසයෙන් ම, ගාසා තීරයේ සිවිල් වැසියන්ට ලැයිස්තුවක්, සිතියමක් දී තිබෙනවා -මේක අන්තර්ජාලයේ තිබෙනවා- එනම්, වඩා ආරක්ෂිත වීමට ඔවුන්ට යා හැකි ප්‍රදේශවල ලැයිස්තුවක් දී තිබෙනවා. මෙහෙයුම් සිදු කිරීමට පෙරාතුව, ඇත්ත වසයෙන් ම එසේ කරන නූතන මිලිටරියන් බහුල වසයෙන් නැහැ” යි ප්‍රකාශ කල කර්බි, ඊස්රායලය සිවිල් ජනයා ඉලක්ක කිරීම ආරක්ෂා කලේ ය.
ඇත්ත වසයෙන් ම, එක්සත් ජනපදය තර්ක කරන්නේ, ඊස්රායලය හුදෙක් ගාසා ජනගහනය සංහාරයට ලක්කිරීම පමනක් නො ව එය අවතැන් කිරීම ද කරමින් සිටින නිසා, එහි ක්‍රියාවන් පිලිගත හැකි බව යි.
එක්සත් ජනපදයේ ඉරාක හා ඇෆ්ගනිස්තාන ආක්‍රමනයන් තුල, එනම් ෆලූජා හා මෝසුල් අල්ලා ගැනීමේ දී, ඊස්රායල ජනසංහාරයේ පූර්ව රංගයන් දැක ගන්නට ලැබුනි. අධිරාජ්‍යවාදය එහි අතිශයින් ම ම්ලේච්ඡ හා නග්න ආකාරයෙන් ලෝක මහ ජනතාවන් දැක ගනිමින් සිටිති.
අධිරාජ්‍යවාදී බලයන් මානව හිමිකම් ගැන කරන සියලු දෙසාබෑම්, බොරු හා රැවටිලි මිස වෙනකක් නො වන බව, සමස්ත ලෝකයට දැක ගත හැකි ය.
ඊස්රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයට විරුද්ධ ව, මිලියන ගනන් ජනයා මහජන විරෝධතාවන්ට සහභාගි වී ඇත. එයට ප්‍රතිචාර වසයෙන් ජනසංහාරයට තුල නිමග්න ව සිටින ආන්ඩු සිදු කර ඇත්තේ, දේශපාලන විරුද්ධත්වය පෙර නුවූ විරූ හා පුලුල් ලෙස සාපරාධීකරනයට වියරු ලෙස ක්‍රියාකිරීමයි.
ජනසංහාරයට එරෙහි විරෝධතා තහනම් කිරීමට උත්සාහ දරා ඇති බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා ජර්මානු ආන්ඩු මහා පරිමාන අත් අඩංගුවට ගැනීම් සිදු කර ඇත. එක්සත් ජනපදය තුල, ජනසංහාරයට පවතින විරුද්ධත්වය ත්‍රස්තවාදයට සහයෝගය දීමට සමාන කිරීම සඳහා, සමස්ත සෙනට් සභාව ම ඡන්දය දී තිබේ. ජනසංහාරයට එරෙහි විරෝධතා පවත්වන ශිෂ්‍ය කන්ඩායම් තහනම් කර ඇති විශ්ව විද්‍යාල, විරෝධතා පෙලපාලි පැවැත්වීම අවහිර කිරීමට උත්සාහ දරා ඇත. ආන්ඩු වෙනුවෙන් ක්‍රියාත්මක වන තාක්ෂන සමාගම්, බරපතල වාරනයක් පැනවීමට ක්‍රියා කර තිබේ.
ලෝකයේ ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී රටවල්” ජනසංහාරයට විරෝධය පෑම නීති-විරෝධී කරමින් සිටිති.
ගාසා සංහාරයට සම්බන්ධ වී සිටින සාපරාධී අධිරාජ්‍යවාදී ආන්ඩුවලට ආයාචනා කිරීම මුලුමනින් ම නිෂ්ඵල ය. ගාසාව තුල ජනසංහාරය නැවැත්වීම කම්කරු පන්තියේ කර්තව්‍යය යි. ඊස්රායලයට ගෙන යාමට නියමිත යුද භාන්ඩ යැවීමෙන් වලකින ලෙස පලස්තීන වෘත්තීය සමිති කර ඇති කැඳවුමට කම්කරුවන් සහයෝගය දිය යුතු ය. ජනසංහාරයට විරුද්ධ ව මිලියන ගනන් ජනයා නිරත වන ගෝලීය විරෝධතා ප්‍රසාරනය කර සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කරනු ලැබිය යුතු ය.
සංහාරයට වගකිව යුතු අධිරාජ්‍යවාදී ආන්ඩුවලට ද ලෝකය ඉදිරියේ සිය ම්ලේච්ඡත්වය බියකරු ලෙස ප්‍රදර්ශනය කරමින් සිටින ධනපති ක්‍රමයට ද එරෙහි අරගලයක් ලෙස, ගාසාව තුල ඊස්රායලය ගෙන යන ජනසංහාරය අවසානයකට ගෙන ඒමේ අරගලය දියත් කරනු ලැබිය යුතු ය.