රාජ්‍ය සේවකයෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා යලිත් වර්ජනය කරති

වැටුප් වැඩිවීමක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවකයෝ අඟහරුවාදා අසනීප නිවාඩු වාර්තාකර එක් දින වර්ජනයක නිරත වූහ. සංවර්ධන, කලමනාකරන , කෘෂි උපදේශක, කාර්යාල සේවා, සමෘධි සහ ග්‍රාම නිලධාරීන් ඇතු ලු රාජ්‍ය සේවකයන් ලක්ෂ ගනනක් වර්ජනයට සහභාගී වූ හ. කොලඹ, කලුතර, , ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර වල විරෝධතා පාගමන් සහ උද්ඝෝෂන පැවැත්වුනි.

2023 ඔක්තෝබර් 30 වැනි දින කොලඹ දී, වැටුප් වැඩි කරන ලෙස බලකර සිටින රජයේ සේවකයන්.

රාජ්‍ය සම්පත් විකිනීම නතර කරනු! රුපියල් විසි දහසක වැටුප් වැඩි කරනු! අනත් දරු සහ විශ්‍රාම අරමුදලට වැටුපෙන් සියයට 8 ක් කැපීම නතර කරනු! බඩු මිල යයි අහස උසට! අපේ වැටුප එකම තැනම! ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ එම සටන් පාඨ හඬ නගමින් ඔව්හු උද්ඝෝෂනයේ යෙදුනාහ.

වික්‍රමසිංහ ආන්ඩුව උද්ඝෝෂකයන් ට එරෙහිව පොලීසිය රටපුරා සීරුවෙන් තබා තිබුනි. බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයට සන්නද්ධ කැරලි මර්දන බලඇනියක් ඇතුලුව පොලිස් නිලධාරීන් සිය ගනනක් සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුනි.

වර්ජනය කැඳවා තිබුනේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතිවල මුලිකත්වයෙන් යුතු රාජ්‍ය සහ පාලත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව (රාසේපරාසේවෘසඑ) විසිනි. එම සමිති එකතුවට රාජ්‍ය සංවර්ධන සේවා නිලධාරි සංගමය, සමස්ත ලංකා කෘෂි උපදේශක සංගමය, රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සහ ග්‍රාම නිලධාරි සංගමය ඇතුලු වෘත්තීය සමිති 40ක් පමන ඇතුලත්ය.

තැපැල් සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කර සඳුදා සහ අඟහරුවාදා වැඩ වර්ජනය කලහ. වර්ජනය ට 27,000 පමන වන තැපැල් සේවකයන් සහභාගී විය. ඉහත සඳහන් වැටුප් ඉල්ලීම් වලට අමතරව පෞරානික වටිනාකමක් සහිත නුවර එලියේ සහ මහනුවර තැපැල් කාර්යාල පුද්ගලික අංශයට විකිනීම නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. වර්ජනය සංවිධානය කර තිබුනේ තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසිනි. ඒතැවෘසපෙ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ((තැවිසනිස), සමස්ත ලංකා තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය, නිදහස් තැපැල් වෘත්තීයවේදීන්ගේ සංගමය හා විදුලි සංදේශ සේවක සංගමය ඇතුලු සමිති කිහිපයක සංධානයකි.

රාජ්‍ය සහ තැපැල් සේවකයන් ට අමතරව පුද්ගලික අංශයේ කම්කරුවන් ට ද රුපියල් 20,000 වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අඟහරුවාදා නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ සිය ගනනක් කටුනායක ඇවරියවත්ත හන්දියේ පිකට් උද්ඝෝෂනයක් කලහ. එය සංවිධානය කර තිබුනේ ජවිපෙ විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය විසිනි. කම්කරු පන්තිය තුල වර්ධනය වන මෙම සටන් රැල්ල ජාමූඅ විධානයන් මත සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව වැඩකරන ජනතාව අතර කැකෑරෙන කෝපයේ ප්‍රකාශනයකි.

ගෝලීය පන්ති අරගල සමග සමපාතවෙමින් ලංකාව තුලද පැනනැගෙන සටන් පෙන්නුම් කරන්නේ සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ එක හා සමාන ප්‍රහාරවලට බවයි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීම ට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන නොසසුන්තාවය නිසා වෘත්තීය සමිති නිලධරයන් ට වර්ජන සහ විරෝධතා උද්ඝෝෂන කැඳවීමට බල කෙරී ඇත. එහෙත් ධනපති දේශපාලන පක්ෂ හා ධනේශ්වර රාජ්‍ය සමග ගැටගැසී සිටින වෘත්තීය සමිති නිලධරය, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ අව්‍යාජ අරගලයක් වර්ධනය කිරීම හිතාමතාම අවහිර කරති.

වික්‍රමසිංහ ආන්ඩුව බලපෑම් දමා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල නතර කල හැකිය සහ වැටුප් ඉල්ලීම් සහ රැකියා සුරක්ෂිතතාවය ඇතුලු සමාජ සහන දිනාගත හැකිය යන මිත්‍යාවක් කම්කරුවන් අතර හිතාමතාම වර්ධනය කරන සමිති නිලධරය සීමිත වර්ජන සහ නිස්සාර උද්ඝෝෂන වලට කොටු කර කම්කරුවන්ගේ අරගල විසුරුවා හරිති.

කම්කරුවන්ගේ සටන්කාමිත්වය සහ තම අයිතීන් සඳහා සටන් කිරීමේ බලගතු අධිෂ්ඨානය තිබියේ වුව, එම අරගල හුදු සංකේත වර්ජන හා විරෝධතාවලට කොටු කර සමිති නිලධරය විසින් පාවා දෙනු ලැබීය.

වෘත්තීය සමිති නිලධරය ඔක්තෝම්බර් මාසයේ විරෝධතා උද්ඝෝෂන කැඳවුම් කලේ 2024 අයවැයට පෙරාතුව ආන්ඩුවට බලපෑමක් දමා වැටුප් ඉල්ලීම් දිනාගැනීමට හා ජාමූඅ අරමුදල විසින් නිර්දේශිත කප්පාදු වැඩපිලිවෙල නතර කල හැකිය යන මිත්‍යාවක් හිතාමතාම කම්කරුවන් අතර පතුරුවමිනි.

ඉහල යන ජීවන වියදම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වැඩෙන නොසන්සුන්කම මධ්‍යයේ රුපියල් 10,000 ජීවන වියදම් දීමනාවක් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 2,500 වැටුප් වැඩිවීමක් අයවැයෙන් යෝජනා කෙරනි. නමුත් එය ඉහලයන ජීවන් වියදමට අලඟු තැබීමට ප්‍රමානවත් නොවේ. රුපියල් 20,000 වැටුප් ඉල්ලීම සමිති නිලධරය විසින් හිතු මතේ ට තීන්දු කල ඉල්ලීමක් මිස කම්කරුවන් සමග සකච්ඡාවකින් හා ජීවන වියදමේ ඉහල නැගීමට ගැලපෙන ඉල්ලීමක් නොවෙයි. එය දෙගුනයකින් වැඩි වුනත් ඉහලයන ජීවන වියදමට සරිලන්නේ නැත. මෑත සංඛ්‍යා ලේඛන වලට අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලක අවම මාසික වියදම සඳහා රුපියල් 120,000 කි. අයවැය මගින් බදු සහ සේවා ගාස්තු ඉහල දැමීම යටතේ එය ද ප්‍රමානවත් නාවනු ඇත.

ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 18 ද බහුතරයක් පාරිභෝගික භාන්ඩ සහ සේවාවන් ආවරනය වන පරිදි වැට් බද්ධ සියයට 15 සිට 18 දක්වා ද. අනත් දරු සහ විශ්‍රාම වැටුප් අරමුදල සඳහා වැටුපෙන් කැපෙන ප්‍රතිශතය සියයට 8 දක්වා ද ඉහල දමා තිබේ. මෙම පියවරයන් තුඩු දෙනු ඇත්තේ ජීවන වියදම තව තවත් ඉහල යාමට සහ කම්කරු පන්තියේ මුර්ත වැටුප් අගය පහත වැටීමටයි. 2013 වසරේ 100 ලෙස පාදක ව ගත් විට 2023 වසර මැද වන විට රාජ්‍ය සහ පුද්ගලික අංශ කම්කරුවන්ගේ මුර්ත වැටු පෙහි අගය පිලිවෙලින් සියයට 58 සහ 82 පහත වැටුනි.

2023 ඔක්තෝබර් 24 වන දින කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වුනු ගුරුවරුන්ගේ විරෝධතාවය.

වෘත්තීය සමිති නිලධරයන්, සමගි ජන බලවේගය (සජබ) සහ ජවිපෙ ඇතුලු සහ විරුද්ධ පක්ෂ, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. මෙම වෘත්තීය සමිති වලින් බහුතරයක් පාලනය කරනු ලබන්නේ විපක්ෂයේ සජබ, ජවිපෙ සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසිනි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ බරපතල අරගල වර්ධනය වීම කෙරෙහි ආන්ඩුව මෙන් ම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරය සැබවින් ම භීතිය ට පත්ව සිටිති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට රටින් පලායාම ට හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ආන්ඩුව ඇදවැටීම ට තුඩුදුන් පසුගිය වසරේ දැවැන්ත මහජන නැගිටීම පරයා යන අරගල පැන නැගෙන බව ඔවුහු දනිති.

ධනපති හොරනෑවක් වන ද අයිලන්ඩ් පත්‍රයේ නොවැම්බර් 18 දා කතුවැකිය මෙසේ ලිවීය, “අපි වාඩි වී සිටින්නේ දේශපාලන-ආර්ථික ගිනි කන්දක් මතය. එය පුපුරායාම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. එය පසුගිය වසරේ පුපුරා ගියේ රටම විනාශ කරමිනි. මීලඟ පිපිරුම ඊටත් වඩා නරක අතට හැරෙනු ඇත” දේශපාලකයන් හැසිරෙන්නේ 'හැලියේ වතුර උතුරන තුරු නටන කකුළුවා පිලිබඳ ආප්තෝපදේශය මෙන් යැයි එය අනතුරු ඇඟවීය.

මෙම ප්‍රකාශ ලියා ඇත්තේ කම්කරුවන් හා දුගීන් පිලිබඳ අනුකම්පාවකින් නොව, යලි පැනනැගෙන සමාජ පිපිරීමක් තලා දැමීමට ආන්ඩුව හා පාලක පන්තිය කල්තියා සුදානම් විය යුතු බව දැනුම් දීමට ය.

එකම ඉල්ලීම් මත, ආන්ඩුවට බලපෑම් දැමීමේ එකම ආකාරයේ විරෝධතාවල තමන් කොටුකරන්නට වෘත්තීය සමිති නායකයන් යලියලිත් ක්‍රියාකරන්නේ ඇයිදැයි කම්කරුවන් නොපමාවම වටහාගත යුතුය. එය අභුතයක් නොවේ. ධනපති පක්ෂවලට හා ධනපති ක්‍රමයට බැඳී සිටින මෙම සමිති නායකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට ඍජුව හෝ වක්‍රව පක්ෂපාතව සිටිති. ඔවුන් වෘත්තීය සමිති සංවිධන යොදාගන්නේ කම්කරුවන් ව්‍යාජ වැඩපිලිවෙලක හිතාමතාම කොටුකර හෙම්බත්කර පාවාදීමටයි.

වෘත්තීය සමිති නිලධරයන් හා ධනපති පක්ෂ වැද්ද නොගෙන, කම්කරුවන් සෑම වැඩපොලකම, ආයතනයකම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් තම අයිතීන් සඳහා අරගල සංවිධානය කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂ ඉල්ලා සිටියි. ඒ සඳහා ආධාර කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සූදානමින් සිටී.

Loading