[මෙය October 24 webinar: “How to Stop the Pandemic”: Scientists make powerful case for global COVID-19 elimination යන මැයෙන් 2021 ඔක්තෝබර් 25 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ හා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (ක්‍රිකජාස) අනුග්‍රහයෙන් ඔක්තෝබර් 24දා “වසංගතය නවත්වන්නේ කෙසේ ද” යන මැයෙන් පැවැත්වූ ඔන්ලයින් සාකච්ඡාවේ දී, ලොව වටා ප්රමුඛ විද්‍යාඥයින් මඩුල්ලක් කොවිඩ්-19 ජනනය කරන වෛරසය ගෝලීය වසයෙන් තුරන් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ, බලගතු හා ප්‍රබල කරුනු සම්පාදනයක් කලේ ය.
වසංගතය තුරන් කරන්නේ කෙසේ ද
වසංගතයේ ස්වභාවය හා කල යුත්තේ කුමක් ද යන්න මහජනයාට විස්තර කිරීම පිනිස, විද්‍යාඥයන්ට හා මහජන සෞඛ්‍ය විශේෂඥයන්ට ඉඩ ලබාදීමට කාලය කැප කල එක ම පූර්ව උත්සාහය වූයේ, මාස දෙකකට පෙර ලෝසවෙඅ විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් සාකච්ඡාව හා ඔක්තෝබර් 24 සාකච්ඡාව පමනි. කොවිඩ්-19හි විද්‍යාව පිලිබඳ කිසියම් හෝ සාකච්ඡාවක් පවතී නම්, එය ඉතා කුඩා සංසරනයක් සහිත විද්‍යාත්මක සඟරාවන්ට ප්‍රධාන වසයෙන් සීමා වන අතර, වැඩකරන ජනයාට ඍජු ව ප්‍රවේශ විය හැකි ප්‍රසිද්ධ සාකච්ඡාවන් ඇත්තේ ම නැත.
එහි ජාත්‍යන්තර වපසරිය අතින් ද මෙම ඔන්ලයින් සාකච්ඡාව සුවිශේෂී විය. එකිනෙකට වෙනස් රටවල් පහකින් -නවසීලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව හා පකිස්තානය- විද්‍යාඥයන් හා වෛද්‍යවරු අට දෙනෙක් කතා කල හ. සාකච්ඡාව තුල හා එය විකාශනය කිරීමෙන් පලමු පැය 12 ඇතුලත, ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක මහජනයා කිහිප දහසක් එයට සවන් දුන් හ. නරඹන්නන් සංඛ්‍යාව ඉහලම වූ රටවල් අතරට, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ප්රන්සය, ඉන්දියාව, ස්පාඤ්ඤය, මැලේසියාව හා බ්‍රසීලය අයත් වෙයි.
ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සහ ලෝසවෙඅ ලේඛක හා වෘත්තීය කායික වෛද්‍යවරයෙක් වන වෛද්‍ය බෙන්ජමින් මැතෙවුස් විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී. සාකච්ඡාව ආරම්භ කරමින් , දැනට ගෝලීය නිල මරන සංඛ්‍යාව මිලියන පහකට ලඟා වෙමින් තිබෙද්දී පසුගිය වසර දෙක තුල සිදු වූ සුවිශාල ජීවිත අහිමිවීම්වලට නෝර්ත් අවධානය යොමු කලේ ය. එකොනොමිස්ට් සඟරාවෙන් උපුටා දක්වමින්, සැබෑ මරන සංඛ්‍යාව මිලියන 10ත් 20ත් අතර තරම් ඉහල අගයක් බව නෝර්ත් සටහන් කලේ ය. “විද්‍යාඥයන්ට ඇහුම්කන් දීම ආන්ඩු විසින් හිතාමතා ම ප්‍රතික්ෂේප කිරීම නිසා ලෝකය දැනට මත් භයංකර මිලක් ගෙවා ඇතැ” යි ඔහු සඳහන් කලේ ය.
මුල දී පැය දෙකකට කාලය නියම කර තිබූ සාකච්ඡාව පැය තුනහමාරක් පුරා පැවැත්වුනි. වෛරසය සීමා කිරීමට ගන්නා වෙනස් පියවරයන්වල බලපෑම, රෝගයේ සෞඛ්‍යමය විපාක හා එය සම්ප්‍රේෂනය වන්නේ කෙසේ ද යන්න ආදිය පිලිබඳ කරුනු සහිත තොරතුරු ඉදිරිපත් කරන සවිස්තරාත්මක පවර්පොයින්ට් නිරූපන සමගින් බොහෝ විද්‍යාඥයෝ හොඳින් සූදානම් ව පැමින තිබුනි.
මහජනයා විසින් අවබෝධ කරගැනීම තීරනාත්මක වන නිශ්චිත මුඛ්‍ය කරුනු ගනනාවක් වාර්තාවලින් ඉස්මතු විය.
කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ සංවර්ධන ජීව විද්‍යාඥවරියක් හා පර්යේෂිකාවක් ද සීරෝ කොවිඩ් කැනඩාහි සම-ආරම්භකවරියක් ද වන ආචාර්ය මැල්ගෝසාටා ගැස්පෙරොවික්ස්, “සාර්ස්2 තුරන් කිරීම සඳහා අවස්ථාව” යන මැයෙන් වාර්තාවක් ඉදිරිපත් කලා ය. කැනඩාවේ තුරන් කිරීමේ මූලෝපායක් අනුගමනය කල පලාත් සහ “අවම කිරීමේ” නොහොත් සීමා කිරීමේ මූලෝපායක් අනුගමනය කල පාලත් අතර ආසාදනවල හා මරනවල ආන්තික විසමතාව ඇය විසින් ලේඛනගත කලා ය. ඇය වෛරසයේ පැතිරීම නැවැත්වීමට එන්නත් පමනක් ප්‍රමානවත් නො වන බව පෙන්නුම් කරන ගනිතමය ආදර්ශනයන් ද ඉදිරිපත් කලා ය.
ඉහල එන්නත්කරන රේට්ටුවක් සහිත රටවල් තුලින්, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීම, ආක්රමනශීලී පරීක්ෂන, රෝගීන් හසු කරගැනීම හා හුදෙකලාකරනය ඇතුලු ආක්රමනශීලී පියවරයන් සමගින්, වෛරසය මාස දෙක තුනක කාලයක් තුල තුරන් කර දැමිය හැකි බව තමන්ගේ ආදර්ශනයන් පෙන්නුම් කරන්නේ යයි ආචාර්ය ගැස්පෙරොවික්ස් කීවා ය. අවශ්‍ය කරනු ඇති කාල පරාසයේ දීර්ඝ බව පිලිබඳ ව සාකච්ඡාවක් පැවති අතර, එවන් මූලෝපායක් ශක්‍ය හා අවශ්‍ය බවට සියලු විද්‍යාඥයෝ එකඟ වූ හ.
“සමහර මිනිසුන් දැන් ප්‍රමාද වැඩි බවත්, දැන් (ඩෙල්ටා ප්‍රභේදය) සමගින් වෛරසය සෑම තැනක ම තිබෙන නිසා තුරන් කිරීමක් කල නො හැකි බවත්” කියන නමුත්, මෙම කියාපෑම් ව්‍යාජ යයි ආචාර්ය ගැස්පෙරොවික්ස් කීවා ය. “ගනිතයත් ඒ ආකාරයට ම ක්‍රියාත්මක වෙනවා. වක්‍රය නමා අපට ආර් අගය (සම්ප්‍රේෂන රේට්ටුව) පහල මට්ටමකට ගෙන ආ හැකි නම්, අපට වෛරසය තුරන් කල හැකියි.”
නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 තාක්ෂනික උපදේශක කන්ඩායමේ සේවය කල, නවසීලන්තයේ වෙලින්ටන්හි ඔටේගෝ විශ්ව විද්‍යාලයේ ආසාදිත රෝග පිලිබඳ වසංගත විද්‍යාඥයෙක් වන ආචාර්ය මයිකල් බේකර්, “කොවිඩ්-19 ප්රගමනීය ලෙස තුරන් කිරීම: එය ශක්‍ය හා යෝග්‍ය ද?” නමැති දේශනයක් පැවැත්වී ය.
මුලිනුපුටා දැමීමේ මූලෝපායන් “නිශ්චිත ව ම, අනිවාර්යයෙන් ම ශක්‍ය යි” යි ඔහු නිගමනය කලේ ය. පෝලියෝ ඇතුලු බොහෝ රෝග සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) මුලිනුපුටා දැමීමේ මූලෝපායක් අනුගමනය කර ඇති බව ඔහු සටහන් කලේ ය. වසංගතය බොහෝ සෙයින් හෝ මුලුමනින් ම මුලිනුපුටා දැමීමේ මූලෝපායන් අනුගමනය කරනු ලැබ ඇති චීනය, නවසීලන්තය, තායිවානය හා ඕස්ට්‍රේලියාව, මරන සංඛ්‍යාව පුද්ගලයන් මිලියනයකට තුනත් පහත් අතර අගයකට සීමා කිරීමේ දී සාර්ථක වී ඇත. උපතේ දී ආයු අපේක්ෂාව වසර එකහමාරකින් පහත වැටීමට තුඩු දී ඇති එක්සත් ජනපදයේ පුද්ගලයන් මිලියනයකට මරන 2,000 සමග මෙය සන්සන්දනාත්මක වේ.
සුවිශාල ආර්ථික හා දේශපාලන පීඩනය යටතේ, තමන්ගේ කලින් පැවති ප්රවිෂ්ටයෙන් “වෙනස් වෙමින්” සිය පිලිවෙත වෙනස් කිරීමට නවසීලන්ත ආන්ඩුව මෑත දී ගත් පියවර, ආසාදන හා මරනවල තියුනු නැග්මකට තුඩු දිය හැකිදැයි ඩේවිඩ් නෝර්ත් විසින් විමසූ විට, “එය එසේයි, බොහෝ දුරට එය එසේයි” යි බේකර් සඳහන් කලේ ය.
බවුල්ඩර්හි කොලොරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයෙක් හා අංශුමය භෞතික විද්‍යා විශේෂඥයෙක් වන ආචාර්ය ජෝස්-ලුවී ජිමනෙස්, “සාර්ස්-කොව්-2 සම්ප්‍රේෂනය වන ආකාර” නමැති දේශනයක් පැවැත්වී ය. කොවිඩ්-19 ජනනය කරන සාර්ස්-කොව්-2 වෛරසය, එක් පුද්ගලයෙකුගේ සිට තවත් පුද්ගලයෙකුට කුඩා අංශු ඇතුලතින් වාහක වන ආකාරය පෙන්නුම් කරන පවර්පොයින්ට් රූපරාමු ආචාර්ය ජිමනෙස් විසින් ඉදිරිපත් කලේ ය. මිනිසුන් කතා කරන විට හෝ ශ්වසන ක්‍රියාවලියේ දී පවා ඒවා විමෝචනය කරනු ලැබේ. රෝගයෙහි ආන්තික ආසාදනීය ස්වභාවයට මෙය හේතු වන අතර, පාසල් වැනි අල්ප වසයෙන් වාතාශ්‍රය ඇති ගෘහස්ත ස්ථානවල දී විශේෂයෙන් එසේ වෙයි.
වසංගතය ඇරඹීමෙන් වසරකට ද වැඩි කාලයක් ගත වී ඇති තැන, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය අංශුකරනය වීම පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම “මහජන සෞඛ්‍යයෙහි සමස්ත ඉතිහාසයේ විශාලතම වැරදිවලින් එකක්” යි සඳහන් කරමින්, ජිමනෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය තියුනු ලෙස විවේචනය කලේ ය. අංශුකරනය වීම හඳුනාගැනීම කෙරෙහි පවතින ප්රතිරෝධයට එක් හේතුවක් වන්නේ, එය ආන්ඩුවලට “සුවපහසු” බවින් අඩු නිසා බව ඔහු කීවේ ය. එය, ආසාදනීය බවින් අඩු බිඳිති ආසාදන මාදිලිවලට එරෙහි පුද්ගලික ව ආරක්ෂා වීමට තනි පුද්ගලයන්ට පවතින වගකීමේ සිට සමාජීය මට්ටමේ දී ප්‍රමානවත් ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක නො කරන ආන්ඩු හා ව්‍යාපාර දක්වා වගකීම මාරු කරයි.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පර්යේෂිකාවක් වන ආචාර්ය දීප්ති ගුර්දාසනී, ඇය “වසංගතයට පසුව එන සැඟවුනු වසංගතය” ලෙස හැඳින්වූ දීර්ඝ කාලීන කොවිඩ් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කලා ය. සති 12-15ක් පමන කාලයක් හෝ ඊට වැඩියෙන් පවතින ලෝන්ග් කොවිඩ් රෝග ලක්ෂනවලට, කොවිඩ්-19 ආසාදනය වන සියලු පුද්ගලයන්ගෙන් සියයට දෙකේ සිට 14 දක්වා පිරිසකට බලපෑ හැකි බව පෙන්නුම් කරන දත්ත එම වාර්තාව තුල විමර්ශනයට බඳුන් විය. ආසාදිත පුද්ගලයන් හෘදවාහිනී රෝගය, වකුගඩු රෝගය, පෙනහලු රෝගය සහ ස්පර්ශය, හැඟීම් ක්‍රියාවලිය හා මතකය සම්බන්ධ මොලයේ කලාප පිරිහීම යන රෝගවලට ගොදුරු වීමේ ඉහල අන්තරායක් පවතින බව ඇය විස්තර කලා ය.
දීර්ඝ කාලීන කොවිඩ් තත්ත්වය “යථා හා ගැටලුසහගත යයි පිලිගත හොත්, ආන්ඩුවලට සම්ප්‍රේෂනය වැලැක්වීමට බොහෝ දේ කිරීමට සිදු වන නිසා” ආන්ඩුවලට ඒ ගැන වැඩිදුර කතා කිරීම අවශ්‍ය නො වන බව ඇය සඳහන් කලා ය.
පාසල් අනාරක්ෂිත ව විවෘත කිරීමට එරෙහි විරෝධය බලමුලුගැන්වීමේ දී ප්රමුඛ භූමිකාවක් ඉටුකර තිබෙන එක්සත් රාජධානියේ මවක් වන ලීසා ඩයස්ගේ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ආචාර්ය ගුර්දාසනී, එක්සත් රාජධානියේ ආන්ඩුවෙහි පිලිවෙත “අවංක ව ම සාපරාධී” යි ඇය සඳහන් කලා ය. එක්සත් රාජධානිය තුල ද්වීතික පාසල් දරුවන්ගෙන් 12ට එක් අයෙකුටත්, ප්‍රාථමික පාසල් දරුවන්ගෙන් 30ට එක් අයෙකුටත් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඇය කීවා ය. “ලමුන් ආරක්ෂා කිරීමට සෑම අංශයකින් ම අපේ ආන්ඩුව මුලුමනින් ම අසමත් වී තිබෙනවා, එහි ප්‍රතිඵලය වන්නේ හුදෙක් මහා පරිමානයෙන් ලමුන්ට ආසාදනය වීම පමනක් නො ව, ඉතා ඉහල දීර්ඝ කාලීන කොවිඩ් අනුපාතයන්.”
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි පෝලියෝ මුලිනුපුටා දැමීමේ ආරම්භකත්ව වැඩසටහනේ 2009 සිට 2014 දක්වා වැඩ කටයුතු කල පකිස්තානයේ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය සායර්, දකුනු ආසියාව තුල වසංගතයෙහි විනාශකාරී බලපෑම විමර්ශනය කලේ ය. “උප-මහාද්වීපය තුල වාර්තා නො වන තවත් මරන මිලියන ගනනක් තිබෙනවා” යි ඔහු කීවේ, ඉන්දියාවේ හා පකිස්තානයේ ආන්ඩු මහජනයා ආරක්ෂා කිරීමට ඔවුන්ට පවතින අසමර්ථතාව ආවරනය කිරීමට උත්සාහ දරා ඇති බව සටහන් කරමිනි. “ඔවුන්ගේ මූලික ප්‍රමුඛතාව වූයේ...වසංගතයෙහි මුදුනේ දී පවා ආර්ථිකය විවෘත කිරීමයි.”
ඇමරිකානු විද්‍යාඥ සම්මේලනයේ ජ්‍යෙෂ්ට සාමාජිකයෙක්, වසංගත විද්‍යාඥයෙක් හා සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වන ආචාර්ය එරික් ෆීගල්-ඩිං, එන්නත් නිෂ්පාදනය පෞද්ගලික ව පාලනය කිරීමට හා බෙදාහැරීමටත්, වසංගතයට ප්‍රතිචාර ලෙස ආන්ඩු අනුගමනය කරන පලල් පිලිවෙතටත් එරෙහි ව බලගතු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කලේ ය. “මහජන සෞඛ්‍යයේ සදාචාරාත්මක පිටකොන්ද දේශපාලනය විසින් මුලුමනින් බිඳදමා තිබෙනවා” යි ඔහු කීවේ ය.
“යලි විවෘත කිරීම අවශ්‍ය කරන දේශපාලන බලයන්ට, මහා පරිමාන ආසාදනය පැතිරීමටත්, විදාරනය වීමටත්, ‘වෛරසය සමග ජීවත්වීමටත්,’ ඉඩ දීම අවශ්‍ය බවත්, ඔවුන් මොනයම් හෝ ආකාරයක විද්‍යාත්මක තාර්කිකත්වයක් ගනන් නො ගන්නා බවත්, අපි පැහැදිලි ව දන්නා” නිසා පුවත්පත් තුල පෙත්සම්වල හා අදහස් දැක්වීමේ තීරුලිපිවල කාලසීමාව අහවර වී ඇති බව ෆීගල්-ඩිං කීවේ ය.
පිලිවෙතෙහි නාටකාකාර වෙනසකින් තොර වුවහොත්, ඊලඟ මාස තුනේ සිට හය දක්වා කාලය තුල වසංගතය යනු ඇත්තේ කවර දිශාවකටදැයි ඩේවිඩ් නෝර්ත් විසින් විමසනු ලැබූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, ෆීගල්-ඩිං මෙසේ කීවේ ය: “ලෝක පරිමානයකින්, මාස හයක කාලයක් තුල අපි තවමත් මල සිරුරු ගනන් කරමින් සිටිනු ඇති. උත්තරාර්ධගෝලය තුල ඉතා නරක ශීත ඍතුවක් කරා අප එලඹෙමින් සිටිනවා.” සාකච්ඡා මන්ඩපයේ අනෙක් විද්‍යාඥයෝ ද මෙම පෙරදැක්ම සමග එකඟ වූ හ.
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය කායික වෛද්‍යවරයෙක්, 2020 දක්වා චිකාගෝ ඉලිනොයි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ හා මහජන සෞඛ්‍ය පාසලේ සහකාර මහාචාර්යවරයෙක් සහ දීර්ඝ-කාලීන සමාජ ක්‍රියාකාරිකයෙක් වන ආචාර්ය හොවාඩ් එර්මන්, බයිඩන් පරිපාලනය විසින් ඉදිරියට දමනු ලබන පාසල් යලි විවෘත කිරීම දැඩි ලෙස හෙලාදකින දේශනයක් පැවැත්වී ය.
“ට්‍රම්ප් හා බයිඩන් යටතේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, කාර්ය මන්ඩලවලට වරදකාරී ලෙස හැඟීමටත්, ඔවුන්ට තර්ජනය කිරීමටත්, දැන් ඔවුන්ගේ ලමුන් නිවසේ තබාගෙන සිටීම නිසා ඔවුන්ට දඬුවම් කිරීමට පටන් ගැනීම ආදී සෑම දෙයක් ම කර ඇති” මාධ්‍යවල සිටින්නන් ව ආචාර්ය එර්මන්ගේ විවේචනයට බඳුන් විය.
විද්‍යාඥයන්ට අමතර ව, සාකච්ඡා මඩුල්ලේ සිටි කම්කරුවන් කිහිප දෙනෙක් කම්කරුවන්, දෙමව්පියන් හා සමස්තයක් ලෙස මහජනයා මත වසංගතය දැනට මත් කර ඇති බලපෑම සාකච්ඡා කල හ. එක්සත් රාජධානිය තුල පාසල් යලි විවෘත කිරීම මගින් නිෂ්පන්න කර ඇති විනාශකාරී කොන්දේසි ගැන කතා කල ලීසා ඩයස්, එය “වටිනා දෙය විනාශ කිරීමේ පිලිවෙතක්” ලෙස හැඳින්වූවා ය.
ජොන්සන් පරිපාලනයේ පිලිවෙත “කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් හා විද්‍යාවට එරෙහි යුද්ධයක්. ඒ දෙක එකිනෙක හා අතිනත ගෙන යනවා” යි විස්තර කරමින්, එහි “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත බස්රථ රියැදුරන් මත ඇති කර තිබෙන බලපෑම ගැන, ආරක්ෂිත වැඩපොලක් සඳහා තම සහෝදර කම්කරුවන්ට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම නිසා රැකියාවෙන් නෙරපන ලද ඩේවිඩ් ඕ’සලිවන් කතා කලේ ය.
එක්සත් ජනපදයේ ගුරුවරියක් හා ටෙනිසී අධ්‍යාපනඥයන්ගේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකාවක් වන ඩොනා, “අපේ නායකයන්, අපේ පරිපාලකයන් හා සියල්ලටත් වඩා නරක ලෙස අපේ වෘත්තීය සමිති විසින් අතහැර දමන ලද බවක්” තමන්ටත් අනෙක් ගුරුවරුන්ටත් හැඟුනු බව කීවා ය. “අපට වසංගතය අවසන් කිරීමට අවශ්‍ය නම්, අපේ ආන්ඩුවල හා ව්‍යාපාරික නායකයන්ගේ ලාභ අවශ්‍යතාවන්ට එරෙහි ව” කම්කරුවන් හා විද්‍යාඥයන් බලවේග ඒකරාශි කල යුතු බව ඇය කීවා ය.
රැස්වීම සමාප්තියකට ගෙන එමින්, නෝර්ත් මෙසේ විස්තර කලේ ය: “මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව, අවසානයේ වෛරසය තුරන් කිරීමට හේතුවන මාවත, විද්‍යාත්මක දෘෂ්ටි ආස්ථානයකින් කොතරම් ප්‍රබල ද යතහොත්, එයට එරෙහි ව තර්ක කල හැකි බව අවබෝධ කරගැනීම පවා දුෂ්කරයි.”
ආරම්භයේ සිට ම දරදඬු පිලිවෙතක් ගත් විද්‍යාවට එරෙහි ව ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මක වන නිශ්චිත සමාජ අවශ්‍යතාවන්-එනම් පාලක පන්තියේ ලාභ අවශ්‍යතා- පවතී. “අභ්‍යාවකාශයට විසිකිරීම කිරීම පිනිස තම මුදල් යොදාගැනීම හැර වෙනත් කිසිදු යහපත් ආකාරයකින් සිතිය නො හැකි පාලක ප්රභූවක් අඥාන, අවඥාසහගත හා නිෂ්ප්රයෝජනීය ලෙස මුදල් වියදම් කරන සමාජයක් තුල අප ජීවත් වන්නේ ය යන කරුන අපට ප්‍රතික්ෂේප කල නො හැකි” යි නෝර්ත් කීවේ ය.
මෙම ඔන්ලයින් සාකච්ඡාවේ දී ඉදිරිපත් කරනු ලබන විද්‍යාත්මක තොරතුරු ධනපති මාධ්‍යවලින් මුලුමනින් ම අතහැරදමා ඇත්තේ මෙම කාරනය නිසා ය. වසංගතය ආරම්භයේ පටන් ම, ලෝසවෙඅ සාකච්ඡා කවය හැර, දීර්ඝ කාලීන කොවිඩ්, අංශුකරනය, වෛරසය සම්ප්‍රේෂනය කිරීමේ දී පාසල්වල භූමිකාව හෝ කම්කරුවන් දැනගත යුතු කිසිදු තීරනාත්මක තොරතුරක් පිලිබඳ ව මහජනයා අධ්‍යාපනගත කිරීමට වෙනත් කිසිදු ක්රමානුකූල පූර්ව උත්සාහයක් තිබී නැත.
විද්‍යාත්මක සත්‍යය සමග තම අවශ්‍යතා අන්තර්-ඡේදනය වන සමාජ බලවේගයක් ද සිටී: එනම් ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තිය යි.
අගෝස්තු මාසයේ පැවති අවසන් ඔන්ලයින් සාකච්ඡාවේ සිට, එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා පන්ති අරගලයෙහි වැදගත් වර්ධනයක් තිබෙන බව නෝර්ත් සටහන් කලේ ය: “ලීසා ඩයස් විසින් ගත් ආරම්භකත්වය, තමන්ගේ ම අරගලවල පාලනය මෙන් ම තම කම්හල් හා පාසල්වල අනාරක්ෂිත කොන්දේසිවලට එරෙහි සටනේ පාලනය ද තමන්ගේ ම අතට ගැනීමට කම්කරු ක්‍රියාකාරී කමිටු විසින් ගන්නා උත්සාහයන්, ප්රගාඪ වෙනසක් පිලිබඳ ඉඟියකි.”
මාක්ස්ගේ ෆොයබාක් පිලිබඳ ප්රවාදවල දී ඔහු කල සුප්‍රසිද්ධ ප්‍රකාශයේ අරුත ගනිමින් නෝර්ත් සමාප්ත කලේ ය: “විද්‍යාඥයෝ වසංගතය විස්තර කර ඇත. ඔවුන් එය සම්ප්‍රේෂනය වන ආකාරය සහ එම සම්ප්‍රේෂනය නතර කල හැක්කේ කෙසේදැයි පෙන්නුම් කර ඇත. කම්කරු පන්තියෙහි අභියෝගය වන්නේ එය අවසන් කිරීම යි.”
සෑම රටක ම සෑම කම්කරුවෙක් විසින් ම ඔක්තෝබර් 24 ඔන්ලයින් සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලද තොරතුරු අධ්‍යයනය කරනු ලැබිය යුතු ය. මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක තොරතුරු හා ඉදිරි දර්ශනය කම්කරු පන්තිය තුලට ගෙන යා යුතු ය. වසංගතයට හා පාලක පන්තියේ මහා පරිමාන මරනවල පිලිවෙතට එරෙහි සටන, සූරාකෑමට, අසමානතාවට, ආඥාදායකත්වයට, යුද්ධයට හා ධනපති ක්‍රමයට එරෙහි ව ලොව පුරා කම්කරුවන්ගේ වැඩෙන අරගල සමග ඒකාබද්ධ කරනු ලැබිය යුතු ය.