අර්බුදය ගැඹුරුවත් ම ජනාධිපති රාජපක්ෂ ජාත්‍යෝත්තමවාදී උද්ඝෝෂනය තවත් ඉහල නංවයි
පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 අපේ‍්‍රල් 4
ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජමේන්තුවට ජනාධිපති වර්න සහ රෙජමේන්තු වර්න ප‍්‍රදානය කරමින් පසු ගිය 22 දා ජනාධිපති රාජපක්ෂ කල කතාව ජාත්‍යෝත්තමවාදය වඩා ඉහල මට්ටමකට නැංවීම සඳහා පෙරට පැමිනෙන ලෙස සියලු ප‍්‍රතිගාමී බලවේගවලට කරන ලද කැඳවුමකි. වඩාත් ගැඹුරුවන දේශපාලනික හා ආර්ථික අර්බුදය ද පිපුරුම් සහගත සමාජමය තත්වය ද හමුවේ මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය තීව‍්‍ර කොට තම පාලනයට එරෙහිව වර්ධනය වන මහජන කෝපය වෙනතක හැරවීම රාජපක්ෂගේ ප‍්‍රතිගාමී උත්සාහය යි.
එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් ජිනීවා හි මානව හිමිකම් සමුලුවේ දී ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ යෝජනාව සම්මත වූ දිනට පසු දිනයේ රාජපක්ෂ කල මෙම කතාව, ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී පූච්චානම්වලින් උතුරා හැලින.
රාජපක්ෂ මෙසේ කීවේ යඃ ''එදා මානුෂීය මෙහෙයුමේ දී ඒක නතර කරන්න ඒකට විරුද්ධව කටයුතු කල සමහරු අපිට එරෙහිව ජිනීවාවල කරන චෝදනා රජයේ වරදක්, රජය හරියට විදේශ සබඳතා කලමනාකරනය කලේ නැති නිසා වුනු දෙයක් බව කියනවා...සටන් විරාම ගිවිසුම්වලට යටවෙලා රටේ ඉරනම සමහර රටවල් සමග එකතු වෙලා, කොටින්ට පාවා දුන්නේ විදේශ සබඳතා එදා හරියට කලමනාකරනය වූ නිසා ද?......ආදරනීය මිතුරන් අමතක කරලා මහ බලවතුන්ට යට වෙලා කටයුතු කල නිසා වසර තිහක් පුරා ත‍්‍රස්තවාදය පරාද කරන්න බැරි වුනා."
උපතේ සිට ම අධිරාජ්‍යවාදය මත යැපෙන, ශී‍්‍ර ලංකාවේ පාලක පංතියේ වත්මන් රාජ්‍ය නායකයාගේ මෙම අධිරාජ්‍ය විරෝධී පූච්චානම්වල ව්‍යාජභාවය තක්සේරු කර ගැනීම සඳහා ඔහුගේ මෑත වැඩ කටයුතු කීපයක් වුව ප‍්‍රමානවත් වේ.
රාජපක්ෂගේ මෙම ''ආදරනීය මිතුරන්" අතර සිවිල් යුද්ධයේ අවසන් වසර කීපය තුල කොලඹ ආන්ඩුව සමග සමීප සබඳතා ගොඩ නගා ගත් චීනය සිටිනු නිසැක ය. එනමුදු මීට දින කීපයකට පෙර, මෙම ''මහ බලවතුන්ගේ" සමීපත ම ආසියානු මිතුරෙකු වූ, නැතහොත් තම ආදරනීය චීන මිතුරාගේ ප‍්‍රධානත ම සතුරෙකු වූ, ජපානයට කල සංචාරයේ දී එහි පාලකයන් සමඟ ඇති කරගත් ගනුදෙනුවල දී චීන මිතුරාට එරෙහිව පෙලගැසී සිටින අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අංශු මාත‍්‍රයක හෝ විරෝධයක් මතු නොකෙරුනා පමනක් නොව, චීනයේ මූලෝපායික අවශ්‍යතාවලට එරෙහිව යන නව සාගර ආරක්ෂක ගිවිසුමකට පවා ජපානය සමඟ අත්සන් තැබුවේ ය.
ජපානයේ අෂායි ෂින්බුන් පුවත්පතේ පලවූ ලිපියකමත් මෙම ගිවිසුම පැහැදිලි කෙරුනේ, ''ඉන්දියානු සාගර වෙරලාසන්න රටවල් තුල වැඩෙන චීන බලපෑම සීමා කිරීමේ අරමුනින් ජපානය ශ‍්‍රී ලංකාව සමග තම නාවික ආරක්ෂක සන්ධානය ශක්තිමත් කර ගැනීමට" කරන සැලසුමක් ලෙස යි.
එපමනක් නොව එක්සත් ජනපදය තම මූලෝපායික උපාමාරුවල කොටසක් ලෙස උතුරු කොරියාවට එරෙහිව ගෙන යන න්‍යෂ්ටික අවි විරෝධී උද්ඝෝෂනය තුල අටවා ඇති සය සාමාජික සාකච්ඡාවලට යලි අවතීර්න වන ලෙස රාජපක්ෂ උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ ය.
හමුදා වර්න ප‍්‍රදානොත්සවයේ කතාව ඉදිරියට ගෙන යමින් රාජපක්ෂ තව දුරටත් කියා සිටියේ, ඔහු විසින් ''මානුෂීය මෙහෙයුම" නමින් හඳුන්වනු ලබන යුද්ධයේ අවසන් රුදුරු ප‍්‍රහාරයේ දී ''දැනටත් වඩා තදින් විදේශ බලපෑම්වලට මුහුන දීමට" සිදුවූ බව ය. සත්‍යය නම් එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී, විශේෂයෙන් ම එහි අවසන් භාගයේ දී, රාජපක්ෂ වාරුවී සිටියේ එයට පූර්න පිටුබලය ලබා දුන්, ඔහු විසින් දැන් සතුරන් ලෙස චිත‍්‍රනය කෙරෙන එක්සත් ජනපදය ප‍්‍රමුඛ මෙම ''මහ බලවතුන්" හා ඉන්දියාව මත බව යි.
"මේ විදේශ බලපෑම් අද එල්ල වෙන්නෙ කලමනාකරනයේ අඩුවක් නිසා නෙවෙයි," යැයි පවසමින් අධිරාජ්‍යවාදීන් විසින් ඉටු කරනු ලබන්නේ දෙමල ඩයස්පෝරාවේ අවශ්‍යතාව යැයි ඒත්තු ගැන්වීමට රාජපක්ෂ උත්සාහ කලේ ය. එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් රාජපක්ෂ ආන්ඩුවට යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා එල්ල කරනුයේ, ලංකාව තුල වැඩෙන චීන ආධිපත්‍යය බිඳීමේ කොටසක් ලෙසින් මිස යුද අපරාධ හා මානව හිමිකම් පිලිබඳව හෝ ඩයස්පෝරාව පිලිබඳව හෝ උත්සුකයකින් නොවේ.
මෙම ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයට අමතරව රාජපක්ෂ තම ජාත්‍යෝත්තමවාදී කතාවේ දී ඉන්දියානු විරෝධී, විශේෂයෙන් ම දකුනු ඉන්දියානු විරෝධී උසි ගැන්වීමකට අවශ්‍ය දෘෂ්ටිවාදී පදනම් ද ඉතිහාස කතා උපයෝගි කරගනිමින් ස්ථාපිත කිරීමට වෑයම් කලේ ය.
දකුනු ඉන්දියාවේ 'චෝලයන්' ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදු කල අතීත ආක‍්‍රමනයක් සිහිපත් කරමින් රාජපක්ෂ මෙසේ පැවසීය: "1055 දී රුහුනේ හැංගිලා හිටපු කීර්ති කුමාරයා විජයබා නමින් රාජ්‍යත්වයට පත් වෙන කොට අපේ මාතෘ භූමිය රුහුනු පුරය දක්වා සොලීන්ට යටත් වෙලයි තිබුනෙ. ඉතා ම දුෂ්කර තත්වයක් යටතේ රුහුනෙන් සේනා රැස් කර ගෙන තුන් පැත්තකින් රුහුනේ ඉඳන් පොලොන්නරුවට සේනා මෙහෙයුවා. ...ඒ යුද මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්විය යුතු තරම් විශිෂ්ට එකක් බව මම කියන්න ඕනෑ...කීර්ති කුමාරයා විජයබා නමින් රජ නොවෙන්න ලංකාව 'මුන්මඩි චෝල මන්ඩලම්' වෙන්න තිබුනා," යයි රාජපක්ෂ කීවේ ය.
විජයබා රජුගේ සටන් ප‍්‍රයෝග සහ වික‍්‍රමයන් ගැන රාජපක්ෂ කියන මෙම කතා මගින් ජනතා විමුක්ති පෙරමුන 1980 දශකයේ අග භාගයේ ඉන්දියාවට එරෙහිව ගෙන ගිය ස්වෝත්තමවාදී උද්ඝෝෂනයද මතකයට නැංවෙයි. මෙම උද්ඝෝෂනය මධ්‍යයේ කම්කරු පංතියට එරෙහිව ජවිපෙ මුදා හල ෆැසිස්ට් ප‍්‍රහාරයේ දී ඔවුන්ගේ ප‍්‍රධාන සන්නද්ධ භටකාය හඳුන්වා ගනු ලැබුවේ 'විජයබා සේනාංකය' නමින් වන අතර එහි අනදෙන්නා භාවිතා කල නාමය වූයේ, කීර්ති විජයබාහු යන්න යි.
කෙසේ නමුදු, ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්ෂූන් දෙදෙනෙකුට දකුනු ඉන්දියාවේ දී එල්ල කල මැර ප‍්‍රහාරය ගසා කමින් බෞද්ධ ස්වෝත්තමවාදය උසි ගැන්වීමට ශී‍්‍ර ලංකාවේ දක්ෂිනාංශික බලවේගයන් කරලියට පැමින ඇති තතු යටතේ, රාජපක්ෂගේ මෙම ජාත්‍යෝත්තමවාදී වාගාලාප මගින් ශක්තිමත් කෙරෙනුයේ කම්කරු පංතියට එරෙහි දක්ෂිනාංශික උන්මත්තකයින් බව නිසැක ය.
අනෙක් අතට, දස දහස් ගනනක් දෙමල ජනයා ඝාතනය කරමින් ලක්ෂ ගනනකට උන්හිටි තැන් අහිමි කරමින් රාජපක්ෂ විසින් නව වටයකින් අරඹා ඉදිරියට ගෙන යන ලද සිවිල් යුද්ධය සම්බන්ධයෙන් දකුනු ඉන්දියානු දෙමල ජනතාව අතර වැඩී ඇති සාධාරන විරෝධය යහමින් ගසා කමින්, දෙමල ජාත්‍යෝත්තමවාදය අවුලුවා තම පාලනයට එරෙහිව වැඩෙන මහජන විරෝධය අපසරනය කිරීමට දකුනු ඉන්දීය දෙමල ධනපති පංතියේ පක්ෂ ද වැඩට බැස සිටී.
ආරක්ෂක කලාපයන් ලෙස නම් කරමින් හමුදාව විසින් පැහැර ගත් උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල හා මුස්ලිම් ජනයාට අයත් ඉඩකඩම්, මෙතෙකුදු නැවත ඔවුනට ලබා නොදී සමස්ත ප‍්‍රදේශය ම දැඩි හමුදා පාලනයකට යටත් කොට මහජනතාවගේ සියලු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් පාගා දමා ඇති රාජපක්ෂ නිර්ලජ්ජිතව කියා සිටියේ, ''කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ අද මුස්ලිම් බැතිමතුන් නිදහසේ අල්ලා දෙවියන් අදහන්නේත් දෙමල ජනතාව නිදහසේ නල්ලූර් කෝවිලේ උත්සවය බැතිබරව උත්සවශී‍්‍රයෙන් පවත්වන්නේත් හමුදාවේ කැපවීම නිසා” බව යි.
නමුදු රාජපක්ෂගේ මෙම සහතිකයට විපරීතව එම දෙමල ජනයා යතාර්ථයේ දී අත් දකින්නේ අතුරුදහන් වූ තම දූ දරුවන්, ස්වාමි පුරුෂයන්, සහෝදර සහෝදරියන් ඇතුලු පි‍්‍රයයන් සොයා දෙන ලෙස ඉල්ලා කොලඹ දෙසට එන සාමකාමී පා ගමන් බලහත්කාරයෙන් නවතා දැමීමට, අයිතීන් ඉල්ලා උද්ඝෝෂනය කරන සිසුන්ට පහර දී ඔවුන් සිරගත කිරීමට, අන්‍ය දේශපාලන පක්ෂවල රැස්වීම් කඩාකප්පල් කිරීමට හා විරුද්ධවාදීන් අතුරුදහන් කිරීමට ''කැප වන" හමුදාවකි.
එක්සත් ජනපදය ඇතුලු බටහිර බලයන් එල්ල කරන දේශපාලන පීඩනයට අමතරව රාජපක්ෂ ආන්ඩුව ගිලී සිටින්නේ බලගතු ආර්ථික අර්බුදයක ය. යුද්ධය සඳහා ලබා ගත් දැවැන්ත නය කන්දරාවෙන් ද වර්ධනය වෙමින් පවත්නා ජාත්‍යන්තර ආර්ථික අවපාතයෙන් ද මිරිකෙමින් පවත්නා රාජපක්ෂ තන්ත‍්‍රයේ සමස්ත ආර්ථික පිලිවෙත ම සැකසී ඇත්තේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට මුලුමනින් ම ගැලපෙන පරිදි ය. රාජපක්ෂගේ අධිරාජ්‍ය විරෝධී පූච්චානම් පසෙක තිබිය දී ආර්ථිකය පිලිබඳ සෑම තීන්දුවක් ම ගැනීමට සිදුව ඇත්තේ මෙම අධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව අනුව යි.
2009 දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6 ක නයක් ලබා ගැනීමේ දී රාජපක්ෂ ශපථ වූ කොන්දේසි කි‍්‍රයාත්මක කිරීමේ වේගය සම්බන්ධයෙන් අතෘප්තිය පල කිරීමක් ලෙස, ඔහු ඉල්ලූ ඩොලර් බිලියනයක නව නය ප‍්‍රමානය මූල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කල අතර, චීනයෙන් ඉල්ලූ ඩොලර් මිලියන 500 ක නය ප‍්‍රමානය ද නොලැබී ගියේ ය.
දැන් රාජපක්‍ෂ ආන්ඩුව මූල්‍ය අරමුදල තෘප්තිමත් වන ආකාරයෙන් ක‍්‍රියාත්මක විය යුතු ය. 2013 වසර අවසානයේ දී අයවැය පරතරය දජානියෙන් සියයට 5.8ක් දක්වා පහතට ගෙන ඒමට මූල්‍ය අරමුදල නියෝග කොට ඇති අතර මෙය සිදු කල හැකිවන්නේ, කම්කරු පීඩිත මහජනතාවට එල්ල කෙරෙන දැවැන්ත ප‍්‍රහාර ඉවසා සිටිය නොහැකි මට්ටමට උග‍්‍ර කිරීම හරහා පමනි.
නිර්මානය කෙරී පවතින සමාජ පිපිරීම් තත්වයෙන් තැති ගෙන සිටින රාජපක්ෂ තන්ත‍්‍රය පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර නගමින් සිටින අතර වැඩෙන මහජන කෝපය වෙනතක හැරවීමට ජාත්‍යෝත්තමවාදී උත්සන්නියක් මුදා හැර ඇත.
වෘත්තීය සමිති ද ව්‍යාජ වාමාංශිකයන් ද විසින් වැට බඳිනු ලැබ ඇති කම්කරු පන්තියේ අරගල, එම බාධක පුපුරුවා හරිමින් කම්කරු ගොවි ආන්ඩුවක් ස්ථාපිත කරගැනීමේ දේශපාලන ඉදිරිදර්ශනය යටතේ බලමුලු ගන්වා ගැනීම මගින් ම පමනක් ඉස්මතු වී ඇති තර්ජනයන්ට පිලිතුරු දිය හැකි වේ.
Follow us on