ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

සසප, අයිතීන් කප්පාදුවට, ආඥාදායකත්වය සහ යුද්ධයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් සහිතව පලාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වේ

ඉදිරියේදී ඇති විය හැකි දැවැන්ත අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය

ජවිපෙ/ජාජබ ආන්ඩුව රැකියා දහස් ගනනක් අහෝසි කරමින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරයි

400 ට අධික රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය වේගවත් කරනු වස්, රාජ්‍ය පරිපාලක සමාගමක් පිහිටුවා, එය කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කිරීමට තම ආන්ඩුව කටයුතු කරන බව ජනාධිපති දිසානායක නිවේදනය කර තිබේ.

ඩබ්ලිව්. ඒ. සුනිල්

තැපැල් සේවකයන් ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍යයි

දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.

වසන්ත රූපසිංහ

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදුවලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)