[මෙහි පලවන්නේ Nobel Prize in medicine awarded to the discovery of the cellular mechanism behind the sense of touch යන මැයෙන් 2021 ඔක්තෝබර් 10දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ස්පර්ශීය සංවේදනය පිටුපස ඇති අනුක හා ජානමය අබිරහස් අනාවරනය කරගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයන් වෙනුවෙන්, එක්සත් ජනපදයේ පර්යේෂකයන් දෙදෙනෙකුට, මේ වසරේ වෛද්‍ය විද්‍යා ත්‍යාගය, කාය විද්‍යා නොහොත් වෛද්‍ය විද්‍යා නොබෙල් කමිටුව විසින් පිරිනමන ලදී. සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ජූලියස් හා කැලිෆෝනියාවේ ලා ජොය්යාහි ස්ක්‍රිප්ස් පර්යේෂන ආයතනයේ ආචාර්ය ආඩෙම් පැටාපෞෂියන් යන ත්‍යාගලාභීන් දෙදෙනාට, “උෂ්නත්වය හා ස්පර්ශය සඳහා ප්‍රතිග්‍රාහකයන් සොයා ගැනීම් වෙනුවෙන්” ඒකාබද්ධ ව ත්‍යාගය පිරිනමනු ලැබී ය.
“ප්‍රතිග්‍රාහකයන්ගෙන් තොර ව, අපේ ලෝකය සංවේදනය කිරීමට, ගිනි දැල්ලකින් අත ඉවතට ඇදීමේ ප්‍රේරනය හැඟීමට හෝ කෙලින් හිටගැනීමට පවා අපට හැකි වන්නේ නැහැ. මෙම සොයා ගැනීම් අප වටා පවතින ලෝකය අපි සංවේදනය කරන්නේ කෙසේදැයි යන්න පිලිබඳ දැක්ම ප්‍රගාඪ ලෙස වෙනස් කර තිබෙනවා” යි ස්නායු විද්‍යාඥයෙකු හා නොබෙල් කමිටු සාමාජිකයෙකු වන මහාචාර්ය ඇබ්දෙල් අල් මැනිරා විස්තර කලේ ය.
මහජනයා අගුලු දැමීම්වල තබා, පුනර්කරනීය ආසාදන සහ මරන රැලි වැලැක්වීම පිනිස සමාජ දුරස්ථකරනය පවත්වා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින මහා ව්‍යසනකාරී වසංගතයක් පවතිද්දී, තම කීර්තිමත් ත්‍යාගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හමේ ගැඹුරට පමනක් විහිදෙන ප්‍රශ්නයකට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරනය කර ඇත යන්න අරබයා අප්‍රකාශිත උත්ප්‍රාසයක් පවතී.
එහෙත්, වඩා සමීප දෘෂ්‌ටියක්, මෑත කාලයක් දක්වා ම විද්‍යාඥයන් ව මගහැර ගොස් ඇති මෙම සොයාගැනීම්වල වැදගත් කම අගය කොට සැලකීමට යමෙක් ව මෙහෙයවයි. මානව සමාජය පිලිබඳ වඩා බලගතු තක්සේරුවක් ඉදිරිපත් කරන මෙම සොයාගැනීම්, භෞතික ලෝකය හා ජීවිතය අතර ගැඹුරු අපෝහකවාදී සබඳතාවක් සම්පාදනය කරයි. වෙනත් වචනවලින් කියතොත්, හුදෙක් පුනර්කරනය නො වන ජීවිතය, ලෝකය සමග අන්තර්ක්‍රියා කරයි. එහෙත්, එය එසේ කරන්නේ භෞතික ලෝකය විසින් පනවනු ලබන සීමාවන් හරහා ය. එම අන්තර්ක්‍රියාව හරහා, එය වෙනස් වීමට ඉගනගනී.
“කෙඳිරීමක ශබ්දයේ සිට ඇඟිල්ලක් මතට එල්ල වන මිටි පහරක් දක්වා බොහෝ පාරිසරික සංඥා යාන්ත්‍රික බලයන් ලෙස හටගනී. ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් හරහා ම, යාන්ත්‍රිකපරාක්‍රමනය, එනම් යාන්ත්‍රික කැලඹීම් විද්‍යුත් රසායනික සංඥාවන් බවට පරිවර්තනය වීම, සංස්ථිතික වී පවතී. වඩාත් ම පෞරානික සංවේදනාත්මක ක්‍රියාවලිය විය හැකි එය, ප්‍රාක්සෛලවල පටල බිඳ දැමීමට තර්ජනය කල ආස්‍රැතික හා යාන්ත්‍රික බලයන්ගෙන් මුල් කාලීන ප්‍රාක්සෛල ආරක්ෂා කර තිබෙනවා විය හැකි” යි නේචර් සඟරාවේ පල කරන ලද විමර්ශනාත්මක ලිපියක් තුල ආචාර්ය පැටාපෞෂියන් පසුගිය වසරේ ලීවේ ය.
ස්පර්ශය හා උෂ්නත්වය පිටුපස පවතින යාන්ත්‍රනය අවබෝධ කරගැනීම සඳහා පිරිනමන ලද ත්‍යාගය, නොබෙල් කමිටුව විසින් සැලකිල්ලට ගනු ලබන නවතම හෝ සමහර විට අවසන් එක පමනි. “අනුක විශ්ලේෂනයට බඳුන් වන අවසාන සංවේදක පද්ධතිය වී ඇත්තේ එය යි ...උෂ්නත්ව හා පීඩන සංවේදකයන් වැනි දේවල් සඳහා, (දෘෂ්ටියේ දී හා ගන්ධයේ දී භාවිතා වන්නක් වැනි) අපට බැලිය හැකි වර්ගයේ අනු වර්ග සඳහා ඇත්ත වසයෙන් ම උදාහරන තිබුනේ නැහැ” යි, නොබෙල් ත්‍යාගය නිවේදනය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ආචාර්ය ජූලියස් සඳහන් කලේ ය.
ශබ්ද තරංගවල සංඛ්‍යාතයන් මොලය කරා දිවෙන ස්නායු සංඥා බවට පරිවර්තනය කරමින්, මානව කර්න සංඛ්‍ය මත ශබ්දය ඇති කරන බලපෑම පිලිබඳ ව සිදුකල වැඩකටයුතු වෙනුවෙන්, 1961 දී හංගේරියානු ජීවභෞතික විද්‍යාඥ ජෝර්ජ් වොන් බේකෙසීට නොබෙල් ත්‍යාගය පිරිනමු ලැබිනි. “ඇස තුල සිදුවන ප්‍රාථමික කාය විද්‍යාත්මක හා රසායනික දෘෂ්ටිමය ක්‍රියාවලීන් සම්බන්ධයෙන් සිදුකල සොයාගැනීම් සඳහා” 1967 දී, රැග්නාර් ග්‍රානිට්, හැල්ඩන් කෙෆර් හාට්ලයින් හා ජෝර්ජ් වෝල්ඩ් යන තිදෙනා ත්‍යාගය බෙදා ගත් හ. ඉන්පසු 2004 දී, ගඳ සුවඳ දැනීම සඳහා නාසය තුල පවතින ප්‍රතිග්‍රාහකයන් සිය ගනනක් සහ ආඝ්‍රාන පද්ධතිය සංවිධානය වී ඇත්තේ හා මොලයට සම්බන්ධ වන්නේ කෙසේදැයි යන්න සොයාගැනීම් වෙනුවෙන් ආචාර්ය ලින්ඩා බුක් හා ආචාර්ය රිචඩ් ඇක්සෙල්ගේ වැඩකටයුතුවලට ත්‍යාගය පිරිනැමුනි.
1940 ගනන්වල පසුභාගයේ හංගේරියානු පර්යේෂකයන් සිදුකල වැඩකටයුතු මත ආචාර්ය ජූලියස්ගේ සොයාගැනීම ගොඩනැගුනි. උෂ්නත්ව සංවේදනය ජනනය කරන ගම්මිරිස් තුල තිබෙන ක්‍රියාකාරී සංඝටකය වන කැප්සයිසින් අධික මාත්‍රාවලින් යොදාගෙන රසායනාගාර මීයන් මත ඇතිල්ලූ විට වේදනාව සමනය විය. ශරීර උෂ්නත්වය පහත දැමීමට හා දාහය අඩු කිරීමට උදවු වෙමින්, රුධිර වාහකයන්ට ප්‍රසාරනය වීමට උදවු වන ඖෂධ සොයාගැනීම විසින් පෙන්නුම් කල ද කැප්සයිසින් සංවේදනයට වගකිව යුතු අනු ක්‍රමානුකූල ව සොයාගැනීමට ආචාර්ය ජූලියස් හා ඔහුගේ කන්ඩායම ක්‍රියාත්මක වන තෙක්, මෙම යාන්ත්‍රනයන් ක්‍රියාකාරී වන්නේ කෙසේදැයි කිසිවෙක් අවබෝධ කරගත්තේ නැත.
විස්තීර්න තැත වරද (trial and error) ක්‍රියාදාමයකින් අනතුරු ව, “දැවෙන” සංඝටකයට ප්‍රතිචාර දක්වන සංවේදක ස්නායු සෛල තුල තිබෙන එක් ජානයක් ඔහුගේ කන්ඩායම විසින් හඳුනාගත්තේ ය. ටීආර්පීවීඅයි නමින් හැඳින්වෙන එම ජානය, තාපය වේදනාකාරී ලෙස වටහාගෙන, එයට ප්‍රතික්‍රියා දැක්වීමට සෛලයට ඉඩ ලබා දෙන අයන නාලිකාව (ion channel) නමින් හැඳින්වෙන ප්‍රෝටීනයක් ගොඩනැගීමට සෛලයට උපදෙස් දෙයි.
අයන නාලිකා යනු විවිධාකාර අයන ආගලනය හා විගලනය හරහා සෛලයෙහි බාහිර පරිසරය සමග කායික සන්නිවේදනයට ඉඩ ලබා දෙන සෛල පටලය තුල ලැගුම් ගන්නා සුවිශේෂී ප්‍රෝටීන වර්ගයක් (හෝ ද්වාර වර්ගයක්) වේ. සජීවී ඉන්ද්‍රියයක් විසින් ප්‍රෝත්සාහී ප්‍රතිචාර දැක්වීමකට හේතුවෙමින්, සෛලය ප්‍රතිචාර දක්වන ද්විතීයික හා තෘතීයික සංඥා මාලාවක් කරා ධාවනය වන රසායනික සංඥා ලෙස මෙම අයන ක්‍රියා කරයි.
අන්තර්මාධ්‍ය ප්‍රතිචාරයන් තිබෙන තවත් ප්‍රතිග්‍රාහකයන් කිහිපයක් ඇතුලු ව, ටීආර්පීඑම්8 නමැති සීතල සංවේදනය කරන ප්‍රතිග්‍රාහකය සොයාගැනීම පිනිස ජූලියස් හා පැටාපෞෂියන් යන දෙදෙනා ම මෙන්තෝල් යොදාගත් විට, එකිනෙකින් ස්වාධීන ව වුවත්, ඔවුන්ගේ වැඩකටයුතු අභිසාරී විය.
ඉන්පසු පැටාපෞෂියන් යාන්ත්‍රික බලයන්ට ප්‍රතිචාර දක්වන ඒ හා සමාන අයන නාලිකාවන් හඳුනාගැනීමේ පර්යේෂනවල නිරත වීම ආරම්භ කලේ ය. කුඩා ද්‍රව ප්‍රමාන එක් රැස් කරගන්නා සූක්ෂම තුඩක් සහිත උපකරනයක් වන ක්ෂුද්‍ර පිපෙට්ටුවක් සමගින් තද කල විට, විද්‍යුත් සංඥාවන්ගේ කුඩා පැතිරීමක් විමෝචනය කරන සෛල රේඛා සමග වැඩ කිරීමක් මෙයට අයත් විය. මෙම සෛල තුල පවතින ජාන යලි යලිත් වසා දැමීමේ ක්‍රියාදාමයක් හරහා, පීඩනය සංවේදනය කරන තීරනාත්මක ප්‍රෝටීනය වන, ඔවුන් පීසෝ1 යනුවෙන් නම් කල අයන නාලිකාවක් ඔවුහු හඳුනාගත් හ.
“ක්ෂුද්‍ර තත්පර පරාසයේ විහිදෙන ක්ෂීරපායී සෛලවල ප්ලාස්මා පටල අසල යාන්ත්‍රික ව සංවේදී අයන නාලිකා විවෘත කිරීම, යාන්ත්‍රික අනුකරනය මත හටගන්නා පූර්වතම සිද්ධිය යි” යි, නිමක් නැති විද්‍යුත්-යාන්ත්‍රික අයන නාලිකා සොයාගැනීම විමර්ශනය කරමින් සෙල් සඟරාවට ලියන ලද අදහස් උත්තේජනය කරනසුලු ලිපියක් තුල ආචාර්ය ඩොමිනික් ඩවුගෙට් හා ආචාර්ය ඔනොරේ කීවෝ ය. නිවැරදි ව ම, සෛලයක් දිගහරින හා නමා දමන ව්‍යාකෘති බල විසින්මෙම ද්වාර ඉන්පසුව සිදු වන ප්‍රතිචාර සමගින් විවෘත කිරීමට තුඩු දෙන අතර, එම ප්‍රතිචාරය අපරිමිත වේගයක් සමගින් අනුක මට්ටමේ සංවේදනයක් තැනීම සඳහා ධාවනය වන රසායනික ප්‍රතික්‍රියාවක් බවට යාන්ත්‍රික උත්තේජනය පරිවර්තනය කරයි.
එතැන් පටන්, ස්පර්ශයෙහි සවිඥානික සංවේදනයක් ද රුධිර පීඩනය නියාමනය කිරීම් හා සජීවී ක්‍රියාවලිය තුල අඩංගු වන අනෙකුත් ඓන්ද්‍රීය ක්‍රියාකාරකම් ද සම්පාදනය කරන, යාන්ත්‍රික ව ක්‍රියාකාරී අයන නාලිකා අනේක ප්‍රමානයක් හඳුනාගනු ලැබ තිබේ. මෙලෙස යාන්ත්‍රික බලයන් සංවේදනය කිරීමට අපේ සෛලවලට පවතින හැකියාව, ජීවයෙහි පරිනාමය තුල සංස්ථිතික ව තිබෙන මූලික ක්‍රියාදාමයකි.
නොබෙල් කමිටුවේ ප්‍රකාශය මෙසේ සටහන් කලේ ය: “අපේ සංවේදනයන් හා පරිසරය අතර සංකීර්න අන්තර්ක්‍රියාව පිලිබඳ අපගේ අවබෝධයේ දී අතපසු වන තීරනාත්මක සංයෝගයන් නොබෙල් ත්‍යාගලාභීන් විසින් හඳුනාගත්තේ ය. මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් විසින් කර ඇති අතිමූලික සොයාගැනීම් ... අප වටා පවතින ලෝකය තේරුම් ගෙන එයට අනුවර්තනය වීමට අපට ඉඩ ලබා දෙන ස්නායුවල ආවේගයන් තාපය, සීතල හා යාන්ත්‍රික බලයන්ට ආරම්භ කල හැක්කේ කෙසේදැයි යන්න අවබෝධ කරගැනීමට අපට මංපෙත් විවර කර ඇත.”
ලන්ඩනයේ විශ්ව විද්‍යාල මන්ඩපයේ ඥානන ස්නායු විද්‍යා ආයතනයේ මහාචාර්ය පැට්‍රික් හැගාඩ් එය ඉතා ම හොඳින් ප්‍රකාශ කලේ ය: “එය වනාහි, අපගේ ම සවිඥානික අත්දැකීම් පිලිබඳ සැබෑ යාන්ත්‍රික අවබෝධයක් සමීපතම විද්‍යාඥයින් විසින් ලබාගෙන තිබීම ගැන කතන්දරයකි.”