[මෙය The Billionaire Space Race යන මැයෙන් 2021 ජූලි 7වැනි දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]
මේ මාසයේ දී, ඇමේසන්හි ජෙෆ් බෙසෝස් හා වර්ජින්හි රිචඩ් බ්‍රැන්සන් යන දෙ දෙනාගෙන් 21 වන ශත වර්ෂයේ අභ්‍යාවකාශ තරඟයෙහි දිනුම් කනුවටඉ ප්‍රථමයෙන් ලඟා වන්නේ කවුදැයි ලෝකය මුව හයා ගෙන බලා සිටියි. ශිෂ්ඨාචාරයේ අරුනෝදයේ පටන් අහස් කුස දෙස බැලූ මිනිසා අභ්‍යාවකාශ ගත වන පලමු බිලියනපතියා කවුරුන්දැයි විශ්මයෙන් කල්පනා කලේ ය. දැන් එම බලා සිටීම අහවර ය.
ලෝක බැංකුවට අනුව, 2020 මුල දීට වඩා මිලියන 250ක් ජනයා ආන්තික දුගී බවේ ජීවත් වන බව හෝ පසුගිය වසර තුල ආදායම් බොහෝ සෙයින් හෝ මුලුමනින් ම අහිමි වූ අවිධිමත් ක්ෂේත්රයේ කම්කරුවන් බිලියන 1.5ක් සමාජයේ අද්දර ජීවත්වන බව නො තකා හරින්න. මේ සතියේ දී, මේ ග්‍රහලෝකයේ කොතැන හෝ තැනක රෝහලක් තුල කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය මිලියන 4 වැනියා වාර්තා විය.
මෙම පෘථිවියේ ජීවත් වන මානව වර්ගයාගේ අවශ්‍යතා ඉටු කිරීම පිනිස විද්‍යාත්මක අභිවර්ධනය යොදා ගැනීමට ධනපති පන්තිය හතුරු බව වසංගතය මගින් පෙන්වා දී ඇත. කොටස් හිමියන්ගේ සිත් දිනා ගැනීමට අභ්‍යාවකාශය (සත්‍ය වසයෙන් ම උප-කක්ෂීය යානයක්) තුලට තමන්ව ම යවා ගැනීමට ඩොලර් බිලියන ගනනින් පොම්ප කරමින් විනෝද වීමට මේ මිනිසුන් දෙදෙනාට මීට වඩා හොඳ කාලය කවදා ද?
මූල්‍ය කතිපයාධිකාරයේ සැලකිය යුතු ස්ථරයක් උපහාසයෙන් තොර ව මේ සමග එකඟ වේ. සමාජ සුභසාධන වැඩසටහන්වලට තමන්ගේ පංගුව ගෙවීමෙන් පැන යාමට බදු සහන පිරිනමා ඇති විදේශයන්හි තම ධනය කඳු ගසන මසුරෝ ම ඉදිරි බිලියනපති අභ්‍යවකාශ සංචාරයක අසුනක් වෙන් කර ගැනීමට එකිනෙකා පරයා ලන්සු තබති. මෑත පැවති වෙන්දේසියක දී, එබඳු කාලකන්නියෙක් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් යානයේ ටිකට් පතකට ඩොලර් මිලියන 29.7ක් ගෙව්වේ ය.
වෙන්දේසි හලේ පැවති උද්යෝගයෙන් ඇලලුනු, මුලුමනින් ම නොසන්ඩාල මොහොතක් වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් විස්තර කරනු ලැබී ය: “සහභාගි වූවන් හතර දෙනෙක් අවසාන මිල ඩොලර් මිලියන 28 දක්වා නැංවීම පිනිස තරඟ වැදීමට ඇරඹුනේ ඩොලර් මිලියන 4.9න් ලංසු තැබීම ආරම්භ ව ක්ෂනික ව ඩොලර් මිලියන 10 දක්වා නැගීමෙනි. ජයග්‍රාහී ලංසුවට මිල දී ගන්නාගේ සියයට 6ක කොමිස් මුදලක් එකතු කරනු ලබන්නේ, අවසාන පිරිවැය ඩොලර් මිලියන 29.7 දක්වා ගෙන එමිනි. මේ අවස්ථාව සඳහා රටවල් 150කින් ලංසු තබන්නන් 7,600ක් ලියා පදිංචි වූ බව බ්ලූ ඔරිජින් සඳහන් කලේ ය.”
“තථ්‍ය වශයෙන් ම” වායුගෝලයෙන් පිටස්තර වන පලමු බිලියනපතියා කවුරුන් වනු ඇද්දැයි යන්න අරබයා, බෙසෝස් කන්ඩායම හා බ්‍රැන්සන් කන්ඩායම එකිනෙකාට බැන අඬ ගසා ගැනීමක නිරත වී සිටිති. මේ කෙනඩි හා කෘෂෙව් නො වේ.
තමන් ඉක්මනින් ම අභ්‍යාවකාශය බලා පිටත් වන බවට බ්‍රැන්සන් පුරසාරම් දොඩද්දී තමා තරම් දුර යාමට බ්‍රැන්සන්ට හිතේ හයියක් නැති බව බෙසෝස් පවසයි. “අපි බ්‍රැන්සන්ට ඉතා හොඳ හා ආරක්ෂිත ගුවන් ගමනක් ප්‍රාර්ථනා කරනවා, ඒත් ඔවුන් කාමන් රේඛාවට ඉහලින් පියාසර නො කරන අතර, එය ඉතා වෙනස් අත්දැකීමක්” යි බෙසෝස්ගේ ප්‍රකාශකයෙක් නිව් යෝක් ටයිම්ස් වෙත කීවේ ය. පෘථිවියට සැතපුම් 62ක් ඉහලින් පිහිටා ඇති කාමන් රේඛාව, පෘථිවියේ වායුගෝලය හා පිටස්තර අවකාශය අතර රේඛාව සලකුනු කිරීමට විද්‍යාඥයින් විසින් භාවිතා කරනු ලබයි.
අභ්‍යාවකාශය වෙත පිවිසවීමට බෙසෝස් එතරම් මනාප මන්දැයි යන්න පිලිබඳ ව ඇමේසන් කම්කරුවන්ට බොහෝ අනුමානයන් පවතී. සත්‍ය වසයෙන් ම එම අවකාශයේ බදු ක්‍රියාත්මක නො වන අතර, සඳ මත එක් දිනක් පෘථිවිය මත දින 27කට තුල්‍ය වන නිසා -මෙහි අර්ථය වන්නේ කම්කරුවෙකුගේ පැය 14ක වැඩ මුරයක් පැය 380ක ශ්රමයට තුල්‍ය වනු ඇති බව යි- වැසිකිල යාමට ලබා දෙන විවේක කාලයකින් තොර ව එය ගනනය කිරීමට උත්සාහ කර බලන්න! එසේ නැතහොත්, චන්ද්‍රයාගේ දුරස්ථ පැත්තේ සාප්පුවක් පිහිටවුවහොත්, රුදුරු ශ්‍රම කොන්දේසි හෙලිදරව් කිරීමට කරදරකාරී වාර්තාකරුවන්ට නො හැකි වනු ඇතැයි බෙසෝස් සමහර විට ගනනය කරනවා විය හැකි ය.
අනෙක් අතට, මෙහි පෘථිවිය මත බෙසෝස්ට අකමැති වීමට තිබෙන්නේ කුමක් ද? බිලියන ගනනින් ඔහුට සහනාධාර ප්රදානය කිරීම සඳහා ඩිමොක්රටික් හා රිපබ්ලිකන් දේශපාලනඥයන් පෙලගැසෙන අතර, කම්කරුවන්ගේ වන්දි හිමිකම් ප්‍රතිකෂේප කිරීම පිනිස උදව් වීමට පරිපාලන විනිශ්චයකරුවන් හා වෛද්‍යවරුන් සිය ගනනක් සිටිති.
ඇත්ත වසයෙන් ම, 2019 දී සීඑන්බීසී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ව්‍යාපාරික උත්සහය සැබෑවට ම කවරාකාර දැයි බෙසෝස් ම විස්තර කලේ ය:
අපි දේවල් අභ්‍යාවකාශයට යවනවා, ඒත් ඒ සියල්ල හදන්නේ පෘථිවියේ. අවසානයේ දී, සැබෑවට ම මයික්‍රොප්‍රොසෙසර් වැනි දේවල් හා සෑම දෙයක් ම අභ්‍යාවකාශය තුල තනා එම අතිශය සංකීර්න නිෂ්පාදිත භාන්ඩ පෙරලා පෘථිවියට එවීම වඩා ලාභ හා පහසුවනු ඇති. ඒ නිසා දැනට පෘථිවිය මත දූෂනය ජනනය කරන විශාල කර්මාන්තශාලා හා කර්මාන්ත තිබීම අවශ්‍ය නො වේවි. පෘථිවිය කලාපකරනය කොට පදිංචියට සුදුසු ස්ථානයක් බවට පත් කල හැකියි.
වෙනත් වචනවලින් කියතොත්, බෙසෝස්ගේ සැබෑ ආශාව වන්නේ, ඇමේසන් සංගතයේ වැඩකරන කිසිවෙකුට පෙරලා පෘථිවියට පැමිනීමට කාලය හෝ ශක්තිය නො තිබෙන නිසා, විශ්වාස කරන පරිදි සියලු කම්කරුවන්ට ජීවත් වීමට බලකෙරෙනු ඇති චන්ද්‍රයා හා අඟහරු මත කම්හල් ගොඩනැගීම යි.
පෘථිවිවාසීන් සියල්ලෝ ම බෙසෝස් හා බ්‍රැන්සන් ග්‍රහලෝකයෙන් පිටත් වීම පිලිබඳ ව සතුටු වන බව පෙනේ. Change.org මත තිබෙන “නිර්ධන පන්තියට: ජෙෆ් බෙසෝස්ට ආපසු පෘථිවියට පැමිනීමට ඉඩ දෙන්න එපා” නමැති පෙත්සමකට පුද්ගලයන් 150,000ක් අත්සන් කල හ. “පෘථිවිය මත, හෝ අභ්‍යාවකාශයේ බිලියනපතියන් නො සිටිය යුතු යි ...එහෙත් ඔවුන් පසුව කී ස්ථානය මත සිටීමට තීරනය කරන්නේ නම්, ඔවුන් එහි නැවතී සිටිය යුතු යි” යි පෙත්සම්කරුවෝ විස්තර කරති.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අපි, එම අභ්‍යාවකාශ කුටීර තුල හෙන්රි කිසින්ජර්ට අමතර කාමරයක් තිබිය යුතු යයි පමනක් ප්‍රාර්ථනා කරමු.
2012 අඟහරු රෝවර් යානය වැනි “යෝධ ඉදිරි පියවරයන්” තුල ප්‍රකාශයට පත්වනු ලබන මෑත වසරවල මනමෝහනීය විද්‍යාත්මක ජයග්රහන, මානව අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මානව වර්ගයාගේ තාක්ෂනික හා බුද්ධිමය ධාරිතාවන් එක්රැස් කරගැනීමට පවතින විභවය පමනක් පෙන්වා දෙයි. අපේ සෞරග්‍රහ මන්ඩලය පිලිබඳ අවබෝධයට නව මාවත් විවෘත කිරීමට පොරොන්දු වන දත්ත හා සාම්පල එකතු කරමින්, “කියුරියෝසිටි” රෝවර් යානය තවමත් අඟහරුගේ පෘෂ්ටය හරහා ක්‍රියාකාරී වේ. තමන් දැනගන්නා දේවල් ආයුධ නිෂ්පාදකයන් හා ඔත්තු සේවා ඒජන්සීන් වෙත මාරු කර යවන පුද්ගලයන් දෙදෙනෙකුගේ මානෝන්මාදය සන්තෘප්තිමත් කිරීම පිනිස, ධනවාදය යටතේ, එවන් අභිවර්ධනයන් දැන් යොදාගැනීම, විද්‍යාත්මක වර්ධනය සඳහා මානව වර්ගයා දරන විශිෂ්ට ධාවනයට කරන අපහාසයකි.
එහෙත් මෙහි දී, අභ්‍යාවකාශය තුලට පුද්ගලික ව ගමන් කිරීමට බෙසෝස් හා බ්‍රැන්සන්ට පවතින අසාමාන්‍ය කැමැත්ත තුල මානෝන්මාදයට වැඩි දෙයක් තිබේ. තමන් ග්‍රහලෝකය විනාශ කරමින් සිටින බවත්, සමාජ වෙඩි බෙහෙත් ගබඩාවක් මත වාඩි වී සිටින බවත් දන්නා වංශාධිපති ස්ථරයක අස්ථාවරත්වය පිලිබඳ යමක්, ඩොන් ඩෙලියෝ සීරෝ කේ නමැති 2016 දී පල කල සිය නවකතාව තුල හසු කරගනී.
සදාකාල ජීවනයේ භව්‍යතාව දක්වා ආසක්ත වෙමින් හිමජනක ලෙස ශීතනය වන බිලියනපතියන්ගේ හා රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රභූ කන්ඩායමක් සමග එකතු වන වයසට යමින් සිටින හෙජ් අරමුදල් කලමනාකරුවෙකුගේ චරිතයක් නවකතාව තුල එයි. කන්ඩායමේ එක් සාමාජිකයෙක්, කතිපයාධිකාරයන්ගේ ශීතනය කරන ලද සිරුරු පෘථිවිය යට ගැඹුරේ වලලා දැමීම ඔවුන්ව විප්ලවයෙන්, යුද්ධයෙන් හෝ දේශගුන විනාශයෙන් ගලවා ගනු ඇති බවත්, ඔවුන්ට යලි පාලනය අත්පත් කරගත හැකි කාලයක් දක්වා ජීවත් වීමට ඔවුන්ට ඉඩ ලබා දෙනු ඇති බවත්, විස්තර කරයි:
ඔබේ තත්ත්වය, පුනර්භවය කරා යන ගමනේ අද්දර සිටින ඔබලා සුලුතරයගේ තත්ත්වය යි. ඔබලා සිටින්නේ, අපි ඉතිහාසය යනුවෙන් සඳහන් කරන දෙයෙහි කතන්දරයට මුලුමනින් ම පිටතිනි. ඔබලා සෑම එකෙක් ම, ඔබ සමග ම ස්පර්ශය පමනක් සහිත තනි ජීවිතයක් බවට පත්වීමට නියමිත ය. ඉහලින් තිබෙන එම ලෝකය පද්ධතිවලට අහිමි වනු ලැබෙමින් පවතී. එනම්, මානවයන් ආරෝහක බොත්තම්වලින් හා දොරටු සීනුවලින් වෙන් කරන ස්වභාව ධර්මයේ ලක්ෂන හා ස්වභාවයන් සියල්ලෙහි ගලායාම සෙමින් වලක්වන්නා වූ විනිවිද පෙනෙන ජාලයන්ට එම ලෝකය අහිමි වෙමින් පවතී.
1789 හා 1917 විප්ලව විසින් ප්රන්ස හා රුසියානු වංශාධිපතීන් අතුගා දැමූ පරිදි ම, බෙසෝස්වරුන් හා බ්රැන්සන්වරුන්ගෙන් සමන්විත සමස්ත සමාජ ස්ථරයක්, “මෙම ලෝකයෙන් පිටස්තර” වන ජන පන්තියකට අයත් වන්නන් බව එය විසින් ම දැකගනී. දැවැන්ත ධනයන් අත්කර ගැනීම පිනිස ඔවුන් විසින් සූරාකන්නා වූ කම්කරු පන්තියෙන් සමන්විත වන ලෝක ජනගහනයේ බහුතර මහජනයාගේ අවශ්‍යතාවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් ඍජු ව ම හතුරු වේ. ජෙෆ් බෙසෝස් අභ්‍යාවකාශයට යන්නේ නම්, එය සිදුවන්නේ ලාභ ඉපැයීම පිනිස ඔහු සූරා කෑ හා තලා දැමූ ඇමේසන් කම්කරුවන්ගේ කර මතිනි.
ආර්ථිකයේ ඉහල ස්ථානවලින් මෙවන් සමාජීය පරපෝෂිතයන් හා සූරා කන්නන් අතුගා දැමිය හැක්කේ ද මානව වර්ගයාගේ යෝධ තාක්ෂනික අභිවර්ධනයන් බිලියන ගනන් මහජනයාගේ අවශ්‍යතාවන්ට සේවය කරනු පිනිස යොදා ගත හැක්කේ ද ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දැමීමකින් පමනි.