පැපුවා නිව් ගිනියාව, කසකස්තානය, මොංගෝලියාව, පකිස්තානය, මැලේසියාව හා ඉන්දුනීසියාව ඉක්මවා යමින්, ශ්‍රී ලංකාව ආසියා-පැසිෆික් කලාපයේ විදේශ නය පැහැර හැරීමේ ඉහල ම අවදානම සහිත රට බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ආයතනය පසුගිය සතියේ වාර්තා කලේ ය.
ප්‍රවෘත්ති ආයතනයේ “නය පැහැර හැරීමේ සම්භාවිතා” පරිමානයට අනුව, ලංකාව මාස හයකට පෙර පැවති සියයට 13 මට්මමේ සිට සියයට 28ට ආසන්න අගයකට ඉහලගොස් ඇත. බ්ලූම්බර්ග් ආකෘතිය යටතේ, එම සම්භාව්තාව සියයට 1.5ට ඉහල ප්‍රතිශතයක් සහිත ඕනෑ ම රටක් “ගෙවීමට අසමත් වීමේ ඉහල අවදානමක” ඇතැයි සලකනු ලැබේ.
බැඳුම්කර ආයෝජකයන්ට එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක ආපසු ගෙවීම් කලයුතු “ජූලි 27දා, ශ්‍රී ලංකාව එහි පලමු පරීක්ෂනයට මුහුන දෙන” බව ප්‍රවෘත්ති ආයතනය සඳහන් කලේ ය. “චීනය ඇතුලු රටවලින් සහයෝගය සුරක්ෂිත කරගැනීමෙන් අනතුරු ව, අතිරේක මුදල් පතා එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත හැරීම අවශ්‍ය වෙතැයි යන සමපේක්ෂනය ඉහල යමින් පවතී” යි එය වැඩිදුරටත් පවසයි.
ගැඹුරු වන අර්බුදය ලඝු කර දැක්වීමට උත්සාහ කල ශ්‍රී ලංකාවේ මුදල් හා ප්‍රාග්ධන වෙලඳපොල රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්, නය නියමිත වේලාවට ගෙවනු ඇති බව අවධාරනය කලේ ය. ඔහු, විදේශ හුවමාරු මත ආන්ඩුවේ පාලනය සහ චීනය, ඉන්දියාව හා බංග්ලාදේශය සමග අතමාරු ගිවිසුම් ගැන සඳහන් කලේය.
මාර්තු මාසයේ, රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් ඩොලර් බිලියන 1.5ක අතමාරු මුදල් ප්‍රේෂනයක් ලබා ගත්තේ ය. ශ්‍රී ලංකාවේ මහ බැංකුව, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක හා ඉන්දියානු රිසර්ව් බැංකුවෙන් (මහ බැංකුවෙන්) ඩොලර් මිලියන 400ක අතමාරු පහසුකම් අපේක්ෂාවෙන් සිටියි. එහෙත්, මහ බැංකුවේ මෙම සැලසුම් විදේශ නය ගෙවීම පැහැර හැරීම කල් දමාගැනීම සඳහා දරන මංමුලා සහගත උත්සාහයකි.
කොලඹ ආන්ඩුවේ නය අර්බුදයට අවධානය යොමු කරන ෆිච් රේටිං ආයතනය, 2026 දක්වා නය ආපසු ගෙවීම සඳහා ආන්ඩුව ඩොලර් බිලියන 29ක් සොයාගත යුතු බව හෙලිදරව් කර ඇත.
අපනයන ආදායම් හා විදේශ ප්‍රේෂනයන්හි බලගතු ඇද වැටීමක් හා සංචාරක කර්මාන්තයේ තථ්‍ය බිඳවැටීමක් සහිතව, ගෝලීය වසංගතය විසින් ගැඹුරු කරන ලද ආර්ථික අර්බුදයක ලංකාව කිඳී යමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, ජුනි මාසය අග වන විට රටෙහි විදෙස් මුදල් සංචිත ඩොලර් බිලියන 4 දක්වා ඇදවැටුනි. එය, මාස 2.7ක ආනයනයන්ට යන්තමින් ප්‍රමානවත් වෙයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, රථ වාහන, පොහොර හා කෘමිනාශක ඇතුලු ආනයන ගනනාවක් දැනට මත් කපා දමා ඇති රාජපක්ෂ ආන්ඩුව, පසුගිය මාසයේ ඉන්ධන මිල ඉහල දැමුවේ ප්‍රවාහනයේ හා බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල නංවමිනි.
විදෙස් හුවමාරු සංචිත ආරක්ෂා කරගැනීමේ උත්සාහයක යෙදුනු මහ බැංකුව, මේ මස මුල දී රූපවාහිනී, ශීතකරන, රෙදි සෝදන යන්ත්‍ර හා ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික භාන්ඩ ආනයනය කපා හැරීමට සැලසුම් කලේ ය. සැලසුම පිලිබඳ ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත කාන්දු වීමෙන් පසු, එම පියවර අත්හැර දමනු ලැබිනි.
2020 දී මහ බැංකුව රුපියල් බිලියන 650ක් පමන මුද්‍රනය කරන ලද අතර, එම වැඩසටහන මේ වසරේ දී තීව්‍ර කර ඇත්තේ පසුගිය මාසයේ පමනක් රුපියල් බිලියන 230ක් මුද්‍රනය කරමිනි. ආන්ඩුවේ ආදායම් ඇදවැටීම ජයගැනීම සඳහා දරන උත්සාහයෙන්, දැනට මත් ඉහල අගයක් ගන්නා උද්ධමන අනුපාතය ඉහල යාමට පමනක් ඉවහල් වී ඇත.
මේ වසර මුල දී පැවති අනුපාතයේ සිට සියයට 6ක ඉහල යාමක් වාර්තා කරමින්, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව රුපියල් 200ක් පමන දක්වා නැගුනි.
තීව්‍ර වන අර්බුදය මධ්‍යයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ඔහුගේ බාල සහෝදර බැසිල් රාජපක්ෂ මුදල් ඇමති තනතුරට පත් කලේ ය. පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක වන ඔහු, කැබිනට්ටුවේ සිවුවැනි රාජපක්ෂ සහෝදරයා ය.
මුදල් අමාත්‍යාංශය කලින් බාර වී තිබුනේ ජනාධිපතිගේ වැඩිමහල් සහෝදර අගමැති මහින්ද රාජපක්ෂට ය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පත් කිරීම පාලක කවය තුල භේදයක් ඉඟි නො කරන අතර, එය, කම්කරු පන්තිය හා ගම්බද ජනයා මත වඩා තියුනු කප්පාදු ප්‍රහාර සූදානම් කිරීමේ දී ආන්ඩුවේ හස්තය ශක්තිමත් කරගැනීම ඉලක්ක කරගත්තකි.
මුදල් ඇමති ධුරයට පත්වීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, “බහුවිධ පෙරමුනුවලින් රට මුහුන දෙමින් සිටින අභියෝග ජයගැනීම” සඳහා ආන්ඩුවට උදව් වන ලෙස බැසිල් රාජපක්ෂ මාධ්‍ය හා වෘත්තීය සමිති වෙත ආයාචනා කලේ ය. “මීට වඩා ගැඹුරු දේශපාලන අභියෝග අපි ජයගත්තේ, ප්‍රධාන වසයෙන්ම, සෑම කෙනෙක් ම අපට සහයෝගය දුන් බැවිනි.” නමුත් “අප්‍රසන්න පියවරයන් ගැනීමට සිදුවිය හැකි” යැයි ඔහු තව දුරටත් කීවේ ය.
“වඩා ගැඹුරු දේශපාලන අභියෝග ජයගැනීම” පිලිබඳ ව රාජපක්ෂ කරන සැඳහුම්, 2005 සිට 2014 දක්වා ලංකාවේ ධනවාදය ආරක්ෂා කරගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ගන්නා ලද නිර්දය ක්‍රියාවන් දෙකකට සම්බන්ධ වේ. එනම්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ලේවැකි වාර්ගික යුද්ධයේ අවසන් අවුරුදු හා 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයට එය දැක්වූ ප්‍රතිචාරය යි.
දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමමින් 2009 මැයි මාසයේ දී අවසන් වූ වාර්ගික යුද්ධයට, ශ්‍රී ලංකාවේ සියලු විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති හා මාධ්‍ය පිටුබලය දුන් හ. ආන්ඩුවේ ක්‍රියාවන් විවේචනය කල සාමාන්‍ය වැසියන් මරා දැමීම, “අතුරුදන් කිරීම” හෝ කෲර ලෙස වධබන්ධනයට ලක්කිරීම සිදු විය. ඒ අතර ම, යුද්ධයට මුදල් සපයා ගැනීම සඳ හා ආන්ඩුව යෝධ විදේශ නය ලබා ගත්තේ, වැටුප් කැටි කරමින් හා සමාජ වියදම් කපා හරිමින් කම්කරුවන් හා දුගීන් මත බර පටවමිනි.
2008-2009 මූල්‍ය අර්බුදයට කොලඹ ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ සේවක සංඛ්‍යාව 500,000කින් පමන අඩු කරමින් හා ජාමූඅ ප්‍රදානය කරන ලද ඩොලර් බිලියන 1.5ක ඇප නයක් සුරක්ෂිත කරගැනීම සඳහා එය විසින් විධානය කරන ලද කප්පාදු පිලිවෙත් පටවමිනි. 2016 දී සිරිසේන-වික්‍රමසිංහ පාලනය විසින් ලබා ගත් තවත් ඩොලර් බිලියන 1.5ක නයක අවසන් වාරිකය ලබා දීම ජාමූඅ ප්‍රතික්ෂේප කලේ, අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 3.5 දක්වා අඩු කිරීමට එම පාලනය අසමත් වීම ගෙනහැර දක්වමිනි.
පසුගිය මාස 18 පුරා, ජනාධිපති රාජපක්ෂ ජාතිකවාදී පූච්චානම් හඬතලමින්, ආනයන කප්පාදු කොට, නව කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමුවේ, ඔහුගේ ආන්ඩුවට ජාමූඅ වෙත හැරීමට සිදුවනු නැතැයි අවධාරනය කරන අතර ය. එහෙත්, ආන්ඩුව විශේෂ ආදාන අයිතීන් යටතේ ජාමූඅ න් ඩොලර් මිලියන 800ක් ඉල්ලා සිටිනු ඇතැයි, භාන්ඩාගාර නිලධාරියෙක් උපුටා දක්වමින්, පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පත්‍රය, වාර්තා කලේ ය.
2020 පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය විමර්ශනය කල ජාමූඅ මෙසේ සඳහන් කලේ ය: “ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය මුලුමනින් බලගන්වනුවස්, වර්ධන-සවිගැන්වීමේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන සමගින් බලධාරීන් ඉදිරියට යා යුතු ය.” සියලු රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය, නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ වැඩිදුර කප්පාදු, රාජ්‍ය අංශයේ රැකියාවලින් වැඩිදුර දොට්ටදැමීම් හා අනෙකුත් පියවර සඳහා වන එහි කැඳවුම ජාමූඅ පුනර්කරනය කලේ ය.
කෙසේ නමුත්, කොවිඩ්-19 වසංගතයේ පූර්න බලපෑමට පෙර, පසුගිය වසරේ ජාමූඅ විසින් යෝජනා කරන ලද ඒවාටත් වඩා රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට රාජපක්ෂ පාලනයට සිදුවනු ඇත.
තවත් රුපියල් බිලියන ගනනක් මුද්‍රනය කිරීමට හා මහ ව්‍යාපාරිකය වෙත අධික බදු සහන සම්පාදනය කිරීමට කොලඹ පාලනය ගත් තීරනයෙන්, පසුගිය වසරේ අයවැය පරතරය දදේනියෙන් සියයට 11 දක්වා නැගුනි. එහෙත්, එහි සැබෑ පරතරය සියයට 14ක් වන දැවැන්ත අගයක් බව ආර්ථික විද්‍යාඥයන් ගනනය කර ඇත.
මිනිස් ජීවිතවලට ඉහලින් ලාභය තැබීමේ ජනාධිපති රාජපක්ෂගේ සාපරාධී පිලිවෙත සමග පෙල ගැසෙමින්, ඉතිරි ව පවත්නා කොරෝනා වෛරස සෞඛ්‍ය සීමාවන් අත්හැර දැමීමට තල්ලුව දෙන බවට ද මුදල් ඇමති රාජපක්ෂ සහතික වී තිබේ. අනෙක් ඇමතිවරුන් සමග මේ සතියේ පැවති රැස්වීමක දී “රටෙහි නිෂ්පාදන පදනම පුනර්ජීවනය කිරීමේ” අවශ්‍යතාව අවධාරනය කල ඔහු, එය සිදු නො වුන හොත්, “ආර්ථිකය ධාවනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ආන්ඩුවට හිඟ වනු ඇත”යි අනතුරු ඇඟවී ය.
ශ්‍රී ලංකාවේ වානිජ හා කර්මාන්ත මන්ඩල සම්මේලනය පසුගිය සතියේ ආන්ඩුවට ලිපියක් ලියමින් තම ක්‍රියාකාරකම් හා ලාභ ඉහල නැංවීම සඳහා වැඩිදුරටත් පියවර ගන්නා ලෙස ඉල්ලුවේය. නිවසේ සිට/දුරස්ථ ව කරන වැඩ, අර්ධ-කාලීන රැකියා, කොන්ත්‍රාත් රැකියා හා නම්‍යශීලී වැඩ පැය ප්‍රසාරනය කිරීම සඳහා වන නව නීති මහ ව්‍යාපාරික කන්ඩායමට අවශ්‍ය වේ. රාජ්‍ය අංශයේ කර්මාන්ත හා සේවාවන් සූරාකෑම සඳහා රජයට අයත් ව්‍යවසායයන් වඩ වඩා ප්‍රතිව්‍යූහකරනය කරන ලෙස ද එය විසින් ඉල්ලා තිබේ. සමහර අදහස් දක්වන්නන්ට අනුව, රැකියා විනාශ කිරීමේ මෙම ඉල්ලීම් මගින්, සියයට 10ට වැඩි දරිද්‍රතාව සහ විරැකියාව, තවදුර ඉහල දමනු ඇත.
රැකියා හා සමාජ වියදම් මත රාජපක්ෂ පාලනය එල්ල කරන ප්‍රහාර, එම පාලනයට මුක්කුව දීම සඳහා වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන පක්ෂ හා මාධ්‍යය දරන මංමුලා සහගත ප්‍රයත්නයන් නො තකා, මහජන අරගල පුපුරා යාම වේගවත් කරනු ඇත.
සෞඛ්‍ය, අධ්‍යාපන, පරිපාලන, විදුලිබල, දුම්රිය හා වතු ක්ෂේත්‍රයන්හි මෑත මාස කිහිපය තුල පලල් ව පැතිර ගොස් ඇති වැඩ වර්ජන ක්‍රියා හා විරෝධතාවන් මගින් පෙන්නුම් කරන පරිදි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිගහැරෙමින් පවත්නා අරගල රැල්ල සමග පෙල ගැසෙමින්, ශ්‍රී ලංකාවේ කම්කරුවන් ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීම අරඹා ඇත.