අවුරුදු 25 කට පෙර: මිනීමැරුම් නඩු විභාගයේදී ඕ.ජේ. සිම්ප්සන් නිදොස් කොට නිදහස් කරයි

පොලිසිය විසින් ගනු ලැබූ සිම්සන්ගේ මුහුන සහ බඳ කොටසේ නිල ඡායරුපය (police mug shot)

සිය හිටපු බිරිඳ වූ නිකොල් බ්‍රවුන් සිම්ප්සන් (Nicole Brown Simpson) සහ ඇගේ මිතුරෙකු වූ රොන් ගෝල්ඩ්මන් (Ron Goldman) ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ඇමරිකානු පාපන්දු තරුවක් වූ ඕ.ජේ. සිම්ප්සන්ට එරෙහි නඩුවෙන් 1995 ඔක්තෝබර් 3 වැනිදා ඔහු  නිදොස් කොට නිදහස් කෙරින. ඊට වසරකට පෙර, ලොස් ඇන්ජලීස් හි බ්‍රෙන්ට්වුඩ් හි පිහිටි සිම්සන් නිවස අසල මෙම යුවල පිහියෙන් ඇන අමානුෂික ලෙස ඝාතනය කොට තිබියදී සොයා ගත්තේ ය.   

විශ්වවිද්‍යාවල හා වෘත්තීමය ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස, 1970 ගනන්වල සිම්ප්සන් ප්‍රසිද්ධියට පත්වි ය. එහි ඔහු රනින් බැක් (Running Back) ස්ථානයේ ක්‍රීඩා කලේ ය. ඔහු නිකෝල් බ්‍රවුන් සමග 1985 දී විවාහ වූයේ මලල ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසුව ය. ඔවුන්ගේ විවාහය, විෂඝෝර  සහ “අන්‍යොන්‍ය වශයෙන් උමතු” (toxic and “mutually obsessive”) එකක් හැටියට ප්‍රසිද්ධියට පත් වී තිබුනි.  කීප වතාවක්ම ගෘහස්ත අපයෝජනයන් ද වාර්තා වී තිබින. ඔවුන්ගේ විවාහය 1992 දී දික්කසාදයකින් කෙලවර විය. එහෙත් ස්ථිරවම වෙන් වීමට පෙර ඊලඟ වසරේ නැවතත් කෙටි කාලයකට එක් විය.

ජාත්‍යන්තරව මිලියන 100 ක ජනතාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ඇහුම්කන් දී තිබේ. මෙය “සියවසේ නඩු විභාගය” (“Trial of the Century”) ලෙස මාධ්‍ය විසින් නම් කරන ලද අතර පුවත්පත් විසින් එය දැඩි ලෙස උද්වේගජනක කරන ලදී. ඔවුන් එය මූලික වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ "ජාතියේ" කාචය තුලිනි. 1992 ලොස් ඇන්ජලීස් කලකෝලාහලය සිදු වී තිබුනේ මීට වසර කිහිපයකට පෙරය. අප්‍රිකානු-ඇමරිකානු මෝටර් රථ ධාවකයෙකු වූ රොඩ්නි කිං (Rodney King) හට පොලීසිය විසින් දැඩි ලෙස පහර දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වෙනත් අයකු විසින් වීඩියෝ පටි ගත කෙරී තිබුනු අතර එය රුපවාහිනී නාලිකා හරහා පුලුල්ව ප්‍රචාරය විය. එම පහරදීම සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් නිදොස් කොට නිදහස් කරන ලදී. ඔවුන්  එම සිද්ධියේදී අනිසි අධික බලයක් පාවිච්චි නොකල බවට දුන් තීන්දුව ජනතාව තුල විශාල කෝපයක් ඇති කල අතර කැරැල්ලට හේතු විය. සිම්සන් වෙනුවෙන් ද “වරදකාරී” තීන්දුවක් ලබා දුන හොත් එවැනි කලහකාරී තත්වයක් ඇති වනු ඇතැයි යන කනස්සල්ල ඒ වන විටත් පල වී තිබින.

සිම්සන් නඩුව සම්බන්ධයෙන් මාධ්‍යය රඟ දැක්වීමට පටහැනිව, එය තවදුරටත් පෙන්වා දුන්නේ, එක්සත් ජනපදයේ මූලික පන්ති භේදය මෙන්ම ජන සංස්කෘතියේ රෝගී ස්වභාවය යි.

වානිජකරනය එලිපිටම අසභ්‍ය මට්ටම ගෙන ඒමට නඩු විභාගය අවසානයේ දී වේදිකාව සකස් කොට තිබුනි. සිම්සන්ගේ නීතිඥයකු වූ ජොනී කොක්රාන් (Johnnie Cochran) ඩොලර් මිලියන ගනනක ප්‍රකාශන (පොත්) ගිවිසුමක් අත්සන් කලේය. සිම්ප්සන් විසින් ඔහුගේ ම නිදහස් වීම පාවිච්චි කොට මුදල් ඉපයීමට උත්සාහ කලේය. ඔහු එම මිනීමැරුම් සිදු කලේ කෙසේදැයි සඳහන් වන, වෙනත් අයකු ලියූ (ghost-written book) පොතක කතෘවරයා ඔහු බවට ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඩොලර් හය ලක්ෂයක් ලබාගත් කල බවට ඔහුට චෝදනා එල්ල විය. එම පොතේ නම "මම එය කලා නම්: මිනීමරුවෙකුගේ පාපොච්චාරනයක්" (If I Did It: Confessions of the Killer) ය. එහි මිනීමැරුම් පිලිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුලත් විය. තව ද ඔහුට මුදල් ගෙවා ලබාගන්නා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මාලාවක් ද පෙල ගැසී තිබුනි. කෙසේ වෙතත් ඒවා බොහොමයක් පසුව අවලංගු විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඇමරිකානු පූර්වගාමියා වූ ජාත්‍යන්තර කම්කරු බුලටීනය (The International Workers Bulletin) එකල මෙසේ ලිවීය: “මෙම නඩු විභාගයේ ම විකාර සහගත ආකාරයෙන් එය, ඇමරිකානු සමාජය පාලනය කරන පන්ති මූලධර්ම, සාරධර්ම සහ දෘෂ්ටිවාදය පැහැදිලි ලෙස තහවුරු කිරීමක් විය. මෙම ඊනියා "ශතවර්ෂයේ නඩු විභාගය" ට සම්බන්ධ වූ සියල්ලන්ම මුදල් හඹා යෑමේ විනාශකාරී මාවත සහ මාධ්‍ය සංවේදනවාදය නිසා තම පදනම් විනාශ වී ගොස් අගෞරවයට පත්වන බව මුල සිටම පැහැදිලිව තිබිනි... නෛතික හෝ සමාජ සන්ධිස්ථානයක් නියෝජනය කරනවා වෙනුවට ඕ.ජේ. සිම්ප්සන් නිදොස් කොට නිදහස් කිරීමෙන් හුදෙක් සනාථ වන්නේ, ඇමරිකාවේ සෑම දෙයකටම මිලක් ඇති බව ය. ”

මෙම ලිපිය සැප්තැම්බර් 25 ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading