[මෙය Mounting concerns in US-NATO circles over critical minerals and war with China මැයෙන් 2024 සැප්තැම්බර් 12දා පල කල ලිපියේ පරිවර්තනයයි.]
යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.
පසුගිය වසර 40 පුරා ගෝලීය ධනපති නිෂ්පාදනයේ ජාලය ලෙස ක්‍රියාත්මක වී ඇති චීනය, ආසන්න වසයෙන් සෑම තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල විශාලතම තනි පිරිසැකසුම්කාර රට වේ. ලෝකයේ විද්‍යුත් වාහන (ඊවී) බැටරිවලින් හතරෙන් තුන්පංගුවකට අධික ප්‍රමානයක පාලනය චීනය විසින් දරන්නේ, එහි විද්‍යුත් මෝටර් රථ සමාගම් දැන් ක්රියාකාරීත්වයේ දී හා පිරිවැයේ දී ටෙස්ලා සමාගම අභිබවන තතු තුල යි.
තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය හා බැටරි නිෂ්පාදනය තුල චීනයේ සාපේක්ෂ ආධිපත්‍යයට එරෙහි ව තරඟ වැදීමට, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යන දෙක ම නීති සම්මත කොට, දේශීය නිෂ්පාදනය උත්තේජනය කර ඇත්තේ, එක්සත් ජනපදය තුල සියලු චීන විද්‍යුත් වාහන සඳහා සියයට 100ක් වැනි ප්‍රමානවලින් බදු පැටවීම වැනි දේ කරමින් චීන භාන්ඩ මත බදු පනවන අතරතුර ය.
එහෙත් මෙම පියවරයන් වඩ වඩා අප්රමානවත් ලෙස පෙනෙන්නේ, ඇමරිකානු හා යුරෝපීය පාලක පන්තීන්ට සැලකිය යුතු ලෙස ඔවුන්ගේ ප්රයත්නයන් වැඩි කරනු වස් උපදෙස් දීමට, උපදේශකයන් රොත්තක් පොලඹවමිනි.
උදාහරනයක් ලෙස, පසුගිය මාසයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (එෆ්ටී) වාර්තාවක් සොයාගත්තේ, බයිඩන්ගේ උද්ධමනය අඩු කිරීමේ පනත හෝ චිප් පනත විසින් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතිවලින් සියයට 40ක් සැලකිය යුතු ප්‍රමාද වීම් අත්දැක ඇති බව යි. “විශාල දේවල් පරදුවට තැබී ඇති මැතිවරන වර්ෂය තුල, වෙලඳපොල තත්ත්වයන් ඛාදනය වීම, ඉල්ලුම මන්දනය වීම හා නිශ්චිත ප්‍රතිපත්ති නොමැති කම සිය සැලසුම් වෙනස් කිරීමට හේතු වී ඇතැයි සමාගම් පැවසූ” බව එෆ්ටී වාර්තා කලේ ය.
මෙම වාර්තාවට පාර්ශවික ප්‍රතිචාරයක් ලෙස සැප්තැම්බර් 8දා කතුවැකි ප්‍රකාශයක් එෆ්ටී තුල පල කලේ, චීනයේ “ආනුභාවය” නැවැත්වීම සඳහා “කැනීම්, පිරිපහදු කිරීම් හා පර්යේෂන අංශය තුල සමාග්‍රාහී ලෙස ක්‍රියාත්මක වන්නැ” යි එක්සත් ජනපදයට හා එහි සගයන්ට කැඳවුම් කරමිනි. කුප්‍රකට ලෙස අන්තරායකාරී හා පාරිසරීය විෂ සහිත කර්මාන්ත දෙකක් වන, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සඳහා ප්‍රධාන පෙලේ නව කැනීමේ හා පිරිපහදු කිරීමේ ව්‍යාපෘතිවලට අවශ්‍ය රෙගුලාසි ක්ෂනික ව හා සැලකිය යුතු ලෙස අඩු කරන්නැයි, සියල්ලට ඉහලින් එය ආන්ඩුවලට කැඳවුම් කලේ ය.
එෆ්ටීහි අනතුරු ඇඟවීම් යනු හුදෙක් ම, ඇමරිකානු හා යුරෝපීය මූල්‍ය හා භූ-දේශපාලනික සංස්ථාපිතයෙන් පැමිනෙන, වඩ වඩා උන්මත්තක අදහස් දැක්වීම් හා ක්‍රියාකාරකම්වල නවතම හුයපට යි.
“විශේෂයෙන් ම එක්සත් ජනපද-චීන ආතතීන් පුපුරා යන්නේ නම්, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල හිඟයකට නැටෝ මිලිටරීන් මුහුන දිය හැකි” යයි පෙබරවාරියේ දී ජාත්‍යන්තර සාමය සඳහා කානගී ආයතනය ප්‍රධාන වාර්තාවක් තුල අනතුරු ඇඟවී ය. යුරෝපා සංගමය “එය පරිභෝජනය කරන බොහෝ ඛනිජ ද්‍රව්‍යවලින් සියයට 75ත් 100ත් අතර ප්‍රමානයක් ආනයනය කරන” බවත්, ඒ කිසිදු ඛනිජ ද්‍රව්‍යවල තොග ගබඩා එයට නොමැති බවත්, එම වාර්තාව අනතුරු අඟවා සිටියේ ය.
දෙවන ලෝක යුද්ධය සමයේ ඛනිජ ද්‍රව්‍ය පරිභෝජන ඉතිහාසයෙන් විස්තීර්න ලෙස උපුටා දැක්වීමට කානගී ආයතනය කටයුතු කලේ, වටිනා මූලාශ්රවල විශාල ප්‍රමානයන් බලමුලුගන්වා ගැනීම අවශ්‍ය කරන්නා වූ එම පරිමානයේ නව යුද්ධයක් ක්ෂිතිජයේ පවතින බව අවධාරනය කරමිනි. “සිදුවිය හැකි එක්සත් ජනපද-චීන ගැටුමක් තුල, එක්සත් ජනපදය හා අනෙකුත් නැටෝ රටවල් ඉහල ඛනිජ ද්‍රව්‍ය හිඟයන්ට මුහුන දෙනු ඇතැ” යි ඔවුන් ලියන්නේ, මෙම යුද්ධය චීනයට එරෙහි නැටෝ-එක්සත් ජනපද ගැටුමක් යයි ඍජුව ම රාමුගත කරමිනි.
මේ වසරේ පෙබරවාරියේ දී ම, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය හදිසි මූලෝපායික සැපයුමක් තුල තබා ගැනීමේ හැකියාව ගවේෂනය කරන වැඩපිලිවෙලක් දියත් කල අතර, එය එම සංවිධානය සහ අනෙකුත් රටවල් කිහිපයක් මූලෝපායික ඛනිජ තෙල් සංචිතයක් තබා ගැනීමට සමාන වේ. එක්සත් ජනපදය නායකත්වය දෙන, යුරෝ-ඇමරිකානු සීතල යුද ආර්ථික සභාගයක් වන ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (ඕඊසීඩී) විසින් මෙම ඒජන්සිය මෙහෙයවයි.
2024 අප්‍රේල් මාසයේ දී, මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සුරක්ෂිතතාව පිලිබඳ ව්‍යාපෘතිය නමැති තමන්ගේ ම ආරම්භකත්වයක් දියත් කලේ ය. ඩිමොක්රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක ම ඇතුලු සමස්ත පාලක පන්තිය ම අතර “මෙම තීරනාත්මක ප්‍රදානයන් සඳහා එක්සත් ජනපද ආරක්ෂාව ඉහල නැංවීමේ හදිසි භාවය” නව ව්‍යාපෘතිය විසින් අවධාරනය කරයි.
“සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම සඳහා බටහිර දරන ප්රයත්නයන්වල ශක්තිය පිරිහෙමින් පවතී” යයි ප්‍රකාශ කරන වෝල් ස්ට්‍රීට් ජර්නලය (ඩබ්ලිව්එස්ජේ) “ඛනිජ යුද්ධයෙන් චීනය ජයග්‍රහනය කරමින් සිටී” යයි මැයි මාසයේ දී ප්‍රකාශ කලේ ය. එම ඩබ්ලිව්එස්ජේ කතුවරයා විසින් වඩා මෑත දී ලියන ලද ලිපියක් තුල, “ඇමරිකාවේ යුද යාන්ත්‍රනය දුවන්නේ විරල චුම්බක මත යි. එම වෙලඳපොල හිමිවන්නේ චීනයට” යි යනුවෙන් ඔවුහු විපිලිසර වෙති.
මෙම විපිලිසර වීම් ගොඩගැසෙද්දී, ඇමරිකානු තීරනාත්මක ඛනිජ ව්‍යාපෘතිවලට “මුක්කුව දීම” සඳහා, බයිඩන් පරිපාලනය නව සැලසුමක් ගැන සලකා බලමින් සිටින බව අගෝස්තුවේ දී පොලිටිකෝ සඟරාව වාර්තා කලේ ය. එක්සත් ජනපදය තුල තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සඳහා අවම මිලක් වාර්තා වන පියවරයන් විසින් නිර්මානය කරනු ඇත්තේ, විවෘත වෙලඳපොල මත එම ප්‍රමානයට වඩා පහලට මිල ගනන් යන්නේ නම් එම වෙනස ගෙවමිනි. නිෂ්පාදනය ඔසවා තැබීම සඳහා තෙල් හා ගෑස් වෙලඳපොල තුල පවතින පියරවයන්ගෙන් බොහෝ ඔබ්බට යන මිල සැලසුමක් පිහිටුවන සැලකිය යුතු වර්ධනයක් බවට මෙය පත්වනු ඇත.
ඒ අතර ම, විවිධාකාර බටහිර හරිත තාක්ෂන සමාගම් එක්කෝ මේ වසරේ බංකොලොත් භාවයට පත් වී හෝ නැතහොත් ආර්ථික ආපදාවන්ගේ සංඥාවන් පෙන්වා ඇත. මෙම සමාගම් අතරට, බීඑම්ඩබ්ලිව් සංගතයේ ගිගා කර්මාන්තශාලා වර්ධනය කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් ප්‍රමාද වීම නිසා එය අහිමි කරගත් නෝත්වෝල්ට් නමැති ස්වීඩන බැටරි සමාගම සහ ප්‍රධාන එක්සත් ජනපද සූර්යබල සංගත තුනක් වන ටයිටන්සෝලාර්, සන්පවර් හා සන්රන් නමැති සමාගම් අයත් වෙයි.
“ඛනිජ ද්‍රව්‍ය යුද්ධය” පරාජය වීම පිලිබඳ ව එක්සත් ජනපදයේ හා යුරෝපයේ කනස්සලුකම් ප්රභවය ලබන්නේ, අවම වසයෙන් ඔවුන්ගේ පාලක පන්තීන් මුහුන දෙන මූලික ගැටලු තුනකිනි.
පලමුව, ඔවුන් ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටින ව්‍යාපෘති -නව ඩොලර් බහුබිලියන ගනන් වැයවන පතල්, පිරිපහදු කම්හල් හා නිෂ්පාදන ක්‍රියාදාමයන්- වනාහි, නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවම වසයෙන් නිරන්තරයෙන් දශකයක් ගත වන යෝධ, දීර්ඝ-කාලීන ආයෝජනයන් ය. මෙම විශාල ව්‍යාපෘති ගොඩනැගීමට කාලය හා පිරිවැය ආපසු කැඳවා දෙනු ලබන්නේය යන පොරොන්දුව අවශ්‍ය කරයි.
දෙවනුව, මෙම ඉහල පිරිවැය සහිත නව ව්‍යාපෘතීන් මත චීනයට ප්‍රධාන පිරිවැය වාසි තිබේ. දශක කිහිපයක් තිස්සේ ඛනිජ ද්‍රව්‍ය පිරිපහදු කිරීමේ අපි-කේන්ද්‍රය ලෙස පැවසී ඇති තතු තුල හා සාමාන්‍යයෙන් චීනය සතුව පහල වැටුප් හා පාරිසරික රෙගුලාසි පැවතීම නිසා, එය සමග තරඟ කිරීමේ දී නව ඛනිජ සකසනයන් ප්‍රබල අභියෝග මතු කරනු ඇත. 2023 දී හා 2024 දී බොහෝ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල මිල සැලකිය යුතු පහල යාම තුල, ඉතා ම මෑත දී මෙම පිරිවැය වාසිය පිලිබිඹු කෙරී තිබේ. උදාහරනයක් ලෙස ලිතියම් මිල සියයට 80ටත් වඩා පහල ගොස් ඇත. එසේ වුවත්, ගෝලීය මූල්‍ය පද්ධතියට හා එහි සියලු සමපේක්ෂන ක්රියාකාරීත්වයන්ට සම්බන්ධ මෙම මිල ගනන් තව දුරටත් වාෂ්පශීලී වේ.
තුන්වෙනුව හා වඩාත් ම වැදගත් ලෙස, මෙම අංශය මත චීනයේ ආධිපත්‍යය ආපසු හැරවීම සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් දැරෙන ප්රයත්නය තුල එකිනෙක හා ගැටෙන කාල පරාසයන් පවතී. යුද්ධයක දී තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල නව තිරසර සැපයුම් සුරක්ෂිත කරගැනීම සඳහා එක්සත් ජනපදයට හා යුරෝපා සංගමයට අවම වසයෙන් වසර 10ක් අවශ්‍ය වෙද්දී, චීනය සමග යුද්ධයකට යාම සඳහා බලා සිටීමට සිදු වන කාලය වැඩිවන පමනට අභිවර්ධිත එක්සත් ජනපද මිසයිල තාක්ෂනයට ප්‍රති-පියවරයන් වර්ධනය කිරීමට චීනයට පවතින හැකියාව වර්ධනය වනු ඇතැයි එක්සත් ජනපදය භීතියට පත් වෙයි.
මෙම සංයුක්ත සාධක, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල වෙනත් මූලාශ්‍ර හැකි ඉක්මනින් සොයාගැනීමට එක්සත් ජනපද පිලිවෙත් සකසන්නන් මත පීඩනය යොදයි.
ලෝසවෙඅ මීට පෙර විස්තර කර ඇති ලෙස, මෙම පීඩනය යුක්රේනය වටා කේන්ද්‍රගත වන රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අවශ්‍ය බවට පත්කරයි. පුටින්ගේ පාලන තන්ත්රය මාරක ලෙස දුර්වල කිරීමේත්, අවසානයේ රුසියාව කුඩා රාජ්‍යවලට බිඳ හෙලීමේත් භූ-මූලෝපායික ප්රතිලාභ, රුසියාවේ යෝධ සම්පත් මූලාශ්‍ර මත පාලනය අඩංගු කරගනී. මෙය (1) චීනයට එහි ඛනිජ ද්‍රව්‍යවලින් වඩාත් ම පොහොසත් භූ-මූලෝපායික සහකරුවා අහිමි කිරීම මගින් එය වැඩිදුර හුදකලා කරන්නේ, (2) එක්සත් ජනපද-නැටෝ සන්ධානයට දැනට මත් ක්‍රියාකාරී ව නිෂ්පාදනය කරනු ලබන හයිඩ්‍රොකාබන, දියමන්ති, නිකල්, ප්ලැටිනම් කාන්ඩයේ ලෝහ සහ නයෝබියම්, කෝබෝල්ට් හා ගැෆ්රයිට් වැනි විරල ලෝහ ලබා දෙමිනි. යුක්රේනය සතුව ද ප්‍රධාන ලිතියම් නිධි තිබේ.
තමන්ගේ පැත්තෙන් චීනය තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යවල භූ-මූලෝපායික පාලනය පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
වඩාත් ම මෑත දී,යුද සන්නාහ-විදුම් උන්ඩ තුල, මිලිටරි ප්‍රකාශ විද්‍යාව හා සෝලා පැනල තුල යොදා ගැනෙන අතිශයින් ම අප්‍රකට තීරනාත්මක ඛනිජ ද්‍රව්‍යයක් වන ඇන්ටිමනී මත සීමා පැනවීමට චීනය කටයුතු කලේ ය. පසුගිය වසරේ දී, ගෝලීය සැපයුමෙන් බොහෝ කොටසක් චීනය විසින් පාලනය කරන ගැල්ලියම්, ජර්මේනියම් හා ග්‍රැෆයිට් මත ද ඒ හා සමාන සීමාවන් බෙයිජිනය විසින් දියත් කලේ ය. චීනයට අභිවර්ධිත අර්ධ-සන්නායක චිප් විකිනීම මත එක්සත් ජනපදය යොදා ඇති සීමාකිරීම්වලට ප්‍රතිචාර ලෙස මෙම පියවරයන් ගෙන ඇති අතර, එම සීමාකිරීම් පරයා කටයුතු කිරීමට චීන ව්‍යාපාර බොහෝ සෙයින් සමත් ව ඇති බව පෙනේ.
මේ මස මුල දී පනවන ලද ඇන්ටිමනී මත සීමාකිරීම්, ගෝලීය වෙලඳපොලේ එහි මිල දෙගුන කිරීමට හේතු වී තිබේ.
තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය අරබයා වර්ධනය වන මෙම ගැටුම, එක්සත් ජනපද-චීන යුද්ධයක් විසින් ඉදිරිපත් කරන යෝධ අන්තරාය අවධාරනය කරයි.
තාක්ෂනයේ අභිවර්ධනයන් පුනර්ජනනීය බලශක්තිය කරා වේගවත් පරිවර්තනයක් -මෙය ගෝලීය උනුසුම නැවැත්වීමට අවශ්‍ය වේ- දිරිමත් කිරීමට පොරොන්දුවක් දරා සිටී. මානව වර්ගයා ලේවැකි වඩබාමුඛයක් තුලට ඇදගෙන යාමට ධනවාදී ආර්ථික හා දේශපාලන බිඳවැටීම තර්ජනය කරයි. එක්සත් ජනපද මිලිටරිය සහ එහි නැටෝ සගයෝ වටිනා සම්පත්, ශ්‍රමය හා මුදල් විනාශ කරන්නේ ඝාතනයේ නව විධික්රම ප්‍රගුන කිරීමටයි. යුද්ධය නැවැත්වීමට ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වීමත්, පාරිසරික විනාශය නැවැත්වීමේ සාමූහික ප්රයත්නයක් තුල සම්පත් බෙදාගැනීමත් වෙනුවට, ධනපති ජාතික-රාජ්‍ය යුද්ධය සඳහා සූදානම් වෙයි.