[මෙය Biden escalates toward disastrous war against Iran යන මැයෙන් 2024 ඔක්තෝබර් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇ ත.
අඟහරුවාදා (01) ඊශ්‍රායල හමුදා යටිතල ව්‍යුහය න්ට ඉරානය එල්ල කල ප්‍රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, කලාපයේ (ඊජිප්තුවෙන් පසුව) දෙවන වැඩිම ජනගහනයක් සහිත රටට එරෙහිව නීති විරෝධී ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය ඊශ්‍රායලයට පූර්න නිදහස ලබා දී ඇත.
“අපි ඊශ්රායලයානුව න් සමඟ ඔවුන් කුමක් කිරීමට යන්නේ දැයි සාකච්ඡා කරන්නෙමු; නමුත් අප හත්දෙනාම [මේ සඳහන් කරන්නේ ජී7 ජාතීන් ගැන ය], ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට අයිතියක් ඇති බවට එකඟ ය,” බයිඩන් බදාදා (02) පැවසීය. රොයිටර් පුවත් වාර්තාවක අදහස් දක්වමින්, “එක්සත් ජනපදය ඊශ්‍රායලයට පලිගැනීම්වලින් වැලකී සිටින ලෙස බලපෑම් කරන්නේ නැත.”
ගාසා ජන සංහාරය ආරම්භ වී වසරකට පසුව, සියලුම පලස්තීන භූමි ප්‍රදේශ වාර්ගික වශයෙන් ශුද්ධ කර ඈඳා ගැනී මේ දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා ඊශ්‍රායලය ඔක්තෝබර් 7 සිදුවීම් ඩැහැගත් බව පැහැදිලි ය. මෙය සියොන්වාදී රාජ්‍යය, එහි බයිබලය තුල සඳහන්ව ඇතැයි කියන දේශසීමා යැයි ජය ගැනීම සඳහා මැද පෙරදිග පුරා ගෙනයන කලාපීය යුද්ධයක කොටසකි.
එය එක්සත් ජනපදයට, තෙල්වලින් පොහොසත් මැදපෙරදිග කලාපය මත සිය අධිරාජ්‍යවාදී පාලනය තහවුරු කිරීමේත්, රුසියාව හා චීනය සමග එහි ගැටුම සමඟ ඉදිරියට යාමේදී එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා ස්ථිර පදනමක් ලෙස මැද පෙරදිග හා මධ්‍යම ආසියාව ස්ථාපිත කිරීමේත් මාධ්‍යයක් වී ඇත.
ඊශ්‍රායලය එක්සත් ජනපදයෙන් ස්වාධීන ක්රියාකාරිකයෙකුය යන මිත්‍යාවට තිත තැබීමට කාලය එලඹ ඇත. ඊශ්‍රායලයේ මූලික කර්තව්‍යය වන්නේ, සමස්ත කලාපය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සඳහා දඩ බල්ලෙකු සහ මෙවලමක් ලෙස සේවය කිරීමයි.
සෑම විටම මෙන්, දැන් ක්‍රියාත්මක වන සැලසුම්වල දැවැන්ත ප්‍රතිවිපාක පිලිබඳව මහජනතාව දැනුවත් කිරීමට එක්සත් ජනපද ආන්ඩුව හෝ මාධ්‍ය කිසිදු උත්සාහයක් නොගනී.
අඟහරුවාදා (01) ඩිමොක්රටික් පාක්ෂික ටිම් වෝල්ස් සහ රිපබ්ලිකන් පාක්ෂික ජේඩී වැන්ස් අතර පැවති පලමු සහ එකම උප ජනාධිපති විවාදය අතරතුර, එය මෙහෙයවූ මාග්‍රට් බ්‍රෙනන් අපේක්ෂකයන් දෙදෙනාගෙන්ම ඇසුවේ, “ඊශ්‍රායලයේ, ඉරානයට එරෙහි පූර්වභංග ප්‍රහාරයකට ඔබ සහාය දෙනවා ද, නැතිනම් එයට විරුද්ධ ද?”
වෝල්ස් පැවසුවේ, 'අපි අපේ හමුදාවන් සහ අපගේ මිත්‍ර හමුදාවන් ආරක්ෂා කරන්නෙමු, ප්‍රතිවිපාක ඇති වනු ඇත.' වැන්ස් තවදුරටත් පැවසුවේ, “බලන්න, ඔවුන්ගේ රට ආරක්ෂිතව තබා ගැනීමට කල යුතු යැයි ඔවුන් සිතන දේ කිරීමට ඊශ්‍රායලයට භාරයි. ජඩයින් සමඟ සටන් කරන විට, ඔවුන් කොතැනක සිටියත් අපි අපගේ සගයන්ට සහාය දිය යුතුය.”
අපේක්ෂකයින් එකම ආකාරයට ප්‍රතිචාර දැක්වීමෙන් පසු, පලමුව, එවැනි ප්‍රහාරයක් සම්පූර්නයෙන්ම නීති විරෝධී වන බවත්, දෙවනුව, එය මුලු ලෝකයටම දැවැන්ත හා ඓතිහාසික ප්‍රතිවිපාක ඇති කරන බවත් සටහන් කිරීමට කිසිවෙක් උත්සුක වූයේ නැත.
ඉරානය සමඟ වර්ධනය වෙමින් පවතින එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය සමස්ත කලාපයම ගිනිජාලාවකට ඇද දැමීමට තර්ජනය කරයි. මේ සතියේ, තුර්කි අගමැති අර්ඩෝගන් අනතුරු ඇඟවූයේ, “ඊශ්‍රායල් ආන්ඩුව ආගමික උමතුවෙන් යුතුව පොරොන්දු දේශයක් පිලිබඳ මිත්‍යාවෙන් ක්‍රියා කරයි. පලස්තීනය සහ ලෙබනනයට පසුව ඔවුන්ගේ ඇස යොමු වන ස්ථානය අපේ නිජබිම වනු ඇත. දැන් සියල්ල ඉලක්ක කර ඇත්තේ මෙයයි.” අර්ඩොගන් ගේ ප්‍රකාශය, ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ ක්‍රියා, කලාපය තුල සහ ලෝකය පුරා අනතුරු ඇඟවීම් අවුස්සන තරම පිලිබඳ ඇඟවීමකි. එක්සත් ජනපදය සහ එහි ඊශ්‍රායල දඩ බල්ලා පාලනයෙන් තොර බවට, වර්ධනය වන හැඟීමක් පවතී.
අඟහරුවාදා (01) ඊශ්‍රායල හමුදා කඳවුරුවලට ඉරානය දියත් කල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස, ඉරානයට එල්ල වන්නට යන ඊශ්‍රායල ප්‍රහාරයක් පිලිබඳව එක්සත් ජනපද මාධ්‍ය කතා කරයි. ඇත්ත වශයෙන්ම, ඉරානයේ ප්‍රහාරය, මැද පෙරදිග පුරා මිනිසුන් දහස් ගනනක් මරා දැමූ එක්සත් ජනපද-ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර, මිනීමැරුම් සහ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවකට ප්රතිචාරයකි.
ඊශ්‍රායලය වෙත ඉරානයේ මිසයිල ප්‍රහාරය එල්ල වූයේ, දහස් ගනන් මිනිසුන්ට මරු කැඳවමින්, දින කිහිපයක ගුවන් බෝම්බ ප්‍රහාර උත්සන්න වීමෙන් පසුව, ඊශ්‍රායලය ලෙබනනය තුල ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමෙන් දිනකට පසුව ය. සෙනසුරාදා (සැප්තැම්බර් 28), ඊශ්‍රායලය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කලේ, එක්සත් ජනපදය විසින් සැපයූ රාත්තල් 2,000 බෝම්බ 85 ක් යොදා ගනිමින්, මහල් නිවාස ගොඩනැගිලි සම්පූර්නයෙන්ම සමතලා කරමින් සිය ගනනක් මරා දමමිනි. ඒ, ඉරාන ආන්ඩුවේ නිල ආගන්තුකයෙකු වූ ටෙහෙරානයේ හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා ඊශ්‍රායලය ඝාතනය කිරීමෙන් පසුවය.
ඉරාන තන්ත්රය මෙම එක්සත් ජනපද හා ඊස්රායල ප්රකෝපකරනයන්ට එරෙහිව සංයමයේ ඉරියවුවක් යලි යලිත් අනුගමනය කර ඇත. ඉරාන පාලන තන්ත්රය, 2020 දී ක්වාසිම් සොලෙයිමානි ඝාතනයට සැලකිය යුතු ප්‍රතිචාරයක් නොදැක්වීය; නැවත නැවතත් විද්‍යාඥයින් ඝාතනය කිරීම් ඉවසා සිටියහ; ඒ අතර, වඩාත් මෑතක දී, ටෙහෙරානයට ම ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඉරාන පාලක පන්තිය වෙනුවෙන් කතා කරන ඉරානයේ ජනාධිපති මැසූඩ් පෙසෙෂ්කියන් යලි යලිත් අනුගමනය කර ඇත්තේ, අධිරාජ්‍යවාදී බලවතුන් කෙරෙහි වඩාත් සහනශීලී ආකල්පයකි. සමථකරනයේ මෙම ප්රයත්නයන් දැන් අසාර්ථක වී ඇති අතර ඉරාන පාලන තන්ත්රයට ප්‍රතිරෝධය දැක්වීමට සහ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නායකයින් විශ්වාස කරන්නේ, මැද පෙරදිග ප්රචන්ඩත්වයේ ලේ වැගිරීමක් දියත් කිරීමෙන් සහ සියලු –රතු ඉරි” කපාගෙන යාමෙන්, දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අත්විඳි පරාජයන් ගේ ප්‍රතිවිපාක අහෝසි කිරීමට ඔවුන්ට හැකි වනු ඇති බවයි. ඔවුන් ඔවුන්වම රවටා ගනිමින් සිටී. මිලියන 90 ක ජනතාවක් සහ ඉතා සංකීර්න සමාජයක් වන ඉරානය සමඟ යුද්ධය, ඉරාක ආක්රමනයට වඩා හොඳ ප්‍රතිපලයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන් පෙලඹෙන්නේ කෙසේ ද?
ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2003 දී, ඉරාක යුද්ධය ආසන්නයේ දී මෙසේ ලිවීය:
පටන්ගෙ න ඇති ගැටුමේ ආරම්භක අදියරවල ප්‍රතිඵලය කුමක් වුව, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඇදී යමින් සිටින්නේ ව්‍යසනයක් කරා ය. එයට ලෝකය ජයගත නොහැක. එයට මැදපෙරදිග ජනතාව මත යටත්විජිත විලංගු නැවත පැනවිය නොහැක. එය, එහි අභ්‍යන්තර ව්‍යාධි වලට යුධ මාධ්‍ය හරහා ශක්‍ය විසඳුමක් සොයා නොගනු ඇත. ඒ වෙනුවට, යුද්ධය විසින් ජනනය කරන අනපේක්ෂිත දුෂ්කරතා සහ නැගී එන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්රතිවිරෝධතා තීව්ර කරනු ඇත.
මෙම වචන අද ද නොඅඩුව සත්‍ය වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද ගෝලීය යුද්ධය ඇමරිකානු ධනවාදය මුහුන දෙන ගැටලු කිසිවක් විසඳන්නේ නැත. ඒ වෙනුවට, එය එහි අභ්‍යන්තර ප්රතිවිරෝධතා තීව්ර කරනු ඇත; භාන්ඩාගාරය සිඳී යනු ඇත; ඩොලරයේ තත්වය හෑල්ලූ වනු ඇත; සියල්ලටම වඩා, පන්ති අරගලයට ඉන්ධන සපයනු ඇත.
ඉරානයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීමේ උත්සන්න වීම ගැඹුරු වන අර්බුදයේ ප්රකාශනයක් මිස, ශක්තියේ ප්රකාශනයක් නොවේ. 2008 මූල්‍ය අර්බුදය සහ ඉන් පසුව දැවැන්ත ලෙස ධනය ඉහල ස්ථර අතර යලි බෙදා හැරීම, 2020 දී කොවිඩ්-19 වසංගතය පුපුරා යාමෙන් නව උච්ඡයකට ගෙන ගිය ඇමරිකානු ධනවාදයේ අර්බුදය, විශාල පරිමාන සංගත ඇප නය සමඟ ඊටත් වඩා තීව්ර විය.
ඉරානයට එරෙහිව එක්සත් ජනපද-ඊශ්‍රායල උත්සන්නියේ ආසන්නත ම සන්දර්භය ව්න්නේ යුක්රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදයේ හා නැටෝවේ පරාජයයි. ඩොන්බාස් පුරා වේගවත් රුසියානු ඉදිරි ගමනක් මධ්‍යයේ, බදාදා (02), යුක්රේනය නිවේදනය කලේ තමන් තවත් නගරයකින් ඉවත් වූ බව ය. එහෙත් යුක්රේනයේ ව්‍යසනයට එක්සත් ජනපදයේ ප්‍රතිචාරය, සෘජුව ම රුසියාවට එරෙහිව නොවේ නම්, මැද පෙරදිග දී උත්සන්න කිරීම යි. ඔවුන් යුක්රේනය තුල ව්‍යසනයේ සිට ඉරානය තුල ව්‍යසනයක් දක්වා ගමන් කරමින් සිටී.
ගාසා ජන සංහාරය ආරම්භ වී වසරක් ගතවන තතු තුල එහි පාඩම උකහා ගත යුතුය: උත්සන්න වෙමින් පවතින ගෝලීය යුද්ධය ආයාචනා සහ විරෝධතා මගින් නතර නොවනු ඇත. එය නැවැත්විය හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට නැඹුරු වූ සහ ඒ මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.
එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධයක අද්දර සිටියදී, දස දහස් ගනනක් නැව් තටාකාංගන සේවක යෝ, බටහිර වෙරල තීරයේ දස දහස් ගනනක් බෝයිං කම්කරු වෝ සමඟ එක්වෙමින් නැගෙනහිර සහ ගල්ෆ් වෙරල තීරය පුරා වැඩ වර්ජනයක නිරත වී සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දියත් කර ඇති ගෝලීය යුද්ධයේදී සටන් කර මිය යාමට සලස්වනු ලබනු ඇත්තේ කම්කරු පන්තිය වන අතර, යුද ප්රයත්නයේ නාමයෙන් තම ජීවන තත්වයන් කැප කරන ලෙසට කියනු ඇත්තේ ද කම්කරුවන්ට ය.
යුද්ධයට එරෙහි අරගලයේ තීරනාත්මක කර්තව්‍යය වන්නේ, සමාජවාදය සඳහා අරගලයේ මගි න් යුද්ධයට එරෙහි දේශපාලන අරගලය සමග කම්කරු පන්තියේ ආර්ථික අරගලය ඒකාබද්ධ කිරීමයි. නාස්ති කර දැමීමට කාලයක් නැත. දැනටමත් සිය දහස් ගනනක් ගොදුරු බවට පත් ව ඇති එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද ගෝලීය යුද්ධය, නව සහ සදාකා ලික ව ලේ වැගිරවීමට සිදුවන අදියරක අද්දර ය.