ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත රාජ්‍ය ආයතන 430ක් පුද්ගලීකරනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන වැඩකටයුතුවල ප්‍රධාන ඉලක්කයක් වන කොලඹ වරායේ සේවකයෝ, දැනට තමන් මුහුන දෙන රුදුරු කොන්දේසි ගැන සහ පුද්ගලීකරනයෙන් පසු එම කොන්දේසි වඩාත් දරුනුවන ආකාරය ගැන, ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැහැදිලි කලහ.
'පුද්ගලීකරනයට සියල්ල සූදානම් වෙමින් පවතිනවා. නමුත් වෘත්තීය සමිති නායකයන් නිහඬයි' කියමින්, ටග් යාත්‍රාඅංශයේ කම්කරුවෙක් සාකච්ඡාවට පිවිසියේය.
කොලඹ වරායේ කොටස් කීපයක්ම පසුගිය කාලය තුල පුද්ගලීකරනය කෙරී ඇති බවත්, ඉතිරි කොටස් පුද්ගලීකරනයත් සමග තවත් විශාල කම්කරු සංඛ්‍යාවකට රැකියා අහිමිවන බවත් ඔහු පැවසීය. 'දනටමත් පුරප්පාඩු පුරවන්නෙ නැහැ. අපේ අංශයේ පමනක් පුරප්පාඩු 90ක් විතර තියෙනවා' යැයි ඔහු කීවේය.
තමා සහ සහෝදර කම්කරුවන් මුහුනදෙන ජීවන කොන්දේසි ඔහු මෙසේ විස්තර කලේය: 'අපේ වැටුපෙන් විශාල කොටසක් බදු වලට කපන නිසා අපි බරපතල ප්‍රශ්න වලට මුහුන දෙනවා. දැවැන්ත උද්ධමනය නිසා පඩියෙන් ඉතිරි වන සොච්චමෙන් දරුපවුල් රැක ගන්න බැරි තත්වයකට අපි මුහුන දීල ඉන්නෙ.'
තමා ලෝසවෙඅ හි පාඨකයෙකු බවත්, එමගින් ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් දිනපතා දැනුවත් වන බවත් පැවසූ ඔහු රුසියාවට එරෙහිව ඇමරිකාව ඇතුලු නැටෝ බලයන් ගෙනයන යුද්ධය සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “මේ යුද්ධය ලෝක ධනේශ්වර ක්‍රමය මුහුන දෙන අර්බූදයෙන් පැන නැගුනු එකක්. යුද්ධය දැන් න්‍යෂ්ටික අවි භාවිතයට බලපෑම් කරනවා. ඔබේ ලෝක සංවිධානය (හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව) පවත්වපු ඔන්ලයින් මැයි රැස්වීම ඉතාමත් වැදගත්. රැස්වීමෙ කථිකයො පැහැදිලි කල විදියට, කම්කරු පංතියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපරයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි.'
තවත් කම්කරුවෙක් පැවසුවේ, 'වරායේ සංවර්ධනය සඳහා' යයි කියමින්, එහි සභාපති කීත් බර්නාඩ් විවිධ ධනපති රටවල නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. 'මෙම සාකච්ඡා, වරාය පුද්ගලීකරනය සඳහා යොමුව ඇතැයි කම්කරුවන් සැක කරනවා' යැයි ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, එහි සභාපති බර්නාඩ්, මැයි 12 දින, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිනි ජීන්-ප්‍රංශුවා පැක්ටේ හමුවි සාකච්ඡා පවත්වා ඇත. අප්‍රේල් 6 වන දින, එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ද, පෙබරවාරි 03 වැනි දා, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මිසුකොෂී හිදෙකි සමග ද සභාපතිවරයා සාකච්ඡා කල බව එහි සඳහන් වෙයි.
කොලඹ වරාය දකුනු ආසියානු කලාපයේ වැදගත් මූලෝපායික කේන්ද්‍රස්ථානයක් බැවින්, අධිරාජ්‍යවාදී බලයන් මෙන්ම, කලාපයේ මූලෝපායික තරගකරුවන් වන ඉන්දියාව සහ චීනය වැනි රටවල් ද ඒ පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය පෙරලා දැමූ පසුගිය වසරේ මහජන නැගිටීම සම්බන්ධයෙන් කතාකල වරාය කම්කරුවෝ, 2022 අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල එක්දින ජාතික මහා වැඩවර්ජන වලට දිවයින පුරා අනෙකුත් මිලියන සංඛ්‍යාත කම්කරුවන් සමග තම ආයතනයේ සහෝදර කම්කරුවන් දහස් ගනනක් සහභාගී වූ ආකාරය විස්තර කලහ..
2022 මැයි 9 දා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මැරයින් විසින් ගෝල්ෆේස් හි විරෝධතාකරුවන්ට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් කෝපයට පත් කම්කරුවන් වහාම විරෝධතාකරුවන්ගේ ආරක්ෂාවට පැමිනියහ. කොලඹ වරාය කම්කරුවන් ඒ අතරින් ප්‍රමුඛම කොටසක් විය.
'වරාය වෘත්තීය සමිති එකමුතුව මෙම වැඩ වර්ජන දිනකට කොටු කරා. අනෙකුත් සමිති එක්ක එකතුවෙලා, විරුද්ධ පක්ෂ යෝජනා කල අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට අපේ සටන හරවල යැවුව. ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට ආවෙ ඒ පාවාදීම නිසා' යැයි කම්කරුවෙක් පැවසීය.
වෘත්තීය සමිති වල පවාදීම හේතුවෙන් දැනටමත් කොලඹ වරායේ විශාල කොටසක් පුද්ගලීකරනය කෙරී ඇත.1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේ කොලඹ වරායේ එලිසබෙත් රැජින පර්යන්තය පුද්ගලීකරනය කරන ලද අතර, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” චීනයට පවරාදෙනු ලැබින. ඊට උරනව සිටි වොෂින්ටනය හා නවදිල්ලිය කල බලපැම් යටතේ වෘත්තීය සමිතිවල අනුමැතියෙන් බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පවරාදී ඇත.
වරාය පුද්ගලීකරනය සදහා සූදානම් කරන තත්වයේදී රැකියා හා සේවා කොන්දේසි කප්පාදු කරමින් සිටින ආකාරය තාක්ෂනික අංශයේ කම්කරුවෙක් පෙන්වා දුන්නේය. 'මේ වනවිට කොලඹ වරාය තුල මිනිස්බල කම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත සේවයෙහි යොදවනවා. වයස අවුරුදු 60 ඉක්මවන කම්කරුවන් විශ්‍රාම ගැන්වීම සිදු වන නමුත්, එම වැඩ ආවරනය කිරීම දැනට සිටින කම්කරුවන් වෙත පැවරෙනවා. නමුත් ඒ සඳහා වැඩි වැටුප් හෝ දීමනා ගෙවීමක් සිදු වෙන්නෙ නෑ.'
'ශ්‍රී ලංකා වරාය කලමනාකරන හා උපදේශන සේවාව' නමැති පෞද්ගලික ආයතනය හරහා කොලඹ වරාය තුල මිනිස්බල කම්කරුවන් ගනනාවක් සේවය කරන බව එම කම්කරුවා පැවසීය.
“මේ මිනිස්බල කම්කරුවන්ට, වරාය ස්ථීර කම්කරුවන් හිමිකම් කියන බොහොමයක් වරප්‍රසාද වලට හිමිකම් නෑ. සාමාන්‍යයෙන් වරාය ස්ථීර කම්කරුවන්ට වාර්ෂිකව හිමිවන නිවාඩු දින 42 වෙනුවට, මිනිස්බල කම්කරුවන්ට මාසයකට නිවාඩු දින 2 1/2 ක් පමනක් හිමි වේ. වරාය ස්ථීර කම්කරුවන් සඳහා අසනීප නිවාඩු දින 21 වෙනුවෙන් මුදල් ලබාදෙන ක්‍රමවේදයක් පවතින නමුත්, මිනිස්බල කම්කරුවන් සඳහා මුදල් ගෙවීමට අසනීප නිවාඩු නෑ.'
වරායේ ලාභය මත පදනම්ව වරාය ස්ථීර කම්කරුවන්ට වාර්ෂිකව දීමනා මුදලක් හිමිවන නමුත් මිනිස්බල කම්කරුවන්ට එසේ දීමනා මුදලක් හිමි නොවේ. වරාය කම්කරුවන් සඳහා වන රක්ෂනාවරන, නිල ඇඳුම් හෝ ආරක්ෂිත ඇඳුම් මිනිස්බල කම්කරුවන්ට අහිමි ය.
ජය බහාලු අංශයේ කම්කරුවෙක් මෙසේ පැවසීය: “අපේ අංශයේ 30ක් පමන පුරප්පාඩු පවතිනවා පුද්ගලීකරනය යටතේ තවත් කම්කරුවන්ට රකියා අහිමි වෙනවා. වෘත්තීය සමිතිවල බලපෑම් දැමීමේ දේශපාලනය මගින් සේවා කොන්දේසි කප්පාදුව හෝ පුද්ගලීකරනය පරාජය කල නොහැකි බව ඉතා පැහැදිලියි. සටන තමාගෙ අතට ගන්නනම් කම්කරුවො වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය වියයුතුයි. ක්‍රියාකාරී කමිටු ගොඩ නගාගෙන සමාජවාදී වැඩපිලිවල යටතේ සටන් කල යුතුයි.'
“චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” නමැති චීන සමාගම විසින් පාලනය කෙරෙන ජාත්‍යන්තර බහාලුම් අංගනය තුල, මිනිස් බල ආයතයක් මගින් සේවයේ යොදවා ඇති බහාලුම් ප්‍රවාහන රථ (ටේලර්) රියදුරෙක් තමන් රැකියාවේදී මුහුන දෙන සේවා කොන්දේසි පිලිබදව මෙලෙස විස්තර කලේය.
“අපිට ලැබෙන මූලික වැටුප රු 21,000 යි. පැමිනීමේ දිමනා රු 10,000 යි. අනතුරු දීමනා රු 8,000 යි. එක දවසක් වැඩට ගියේ නැත්නම් ඒ මාසෛට අදාල රු 10,000 ලැබෙන්නේ නැහැ.'
මූලික වැටුප දවස් 20න් බෙදූවිට දිනක වැටුප වනුයේ රු1050 ක් වුවද, එක් දිනක් සේවයට නොපැමිනියහොත් එමෙන් දෙගුනයටත් වැඩි රු 2075 ක ප්‍රමානයක් කපා ගැනෙන බව ඔහු පෙන්වා දුන්නේය. 'පැමිනීමේ දීමනාවත් කපලා තවත් රු 2075ක් කපන එක හරිම අසාධාරනයි.'
'මේ වැටුපෙන් අපිට ජීවත් වෙන්න බැහැ. බඩුමිලවැඩියි. ලමයින්ගේ ඉස්කෝලේ පොත්පත්වලට ලොකු වියදමක් යනවා. නයිට් දෙකක් වැඩකලාම, ඔිෆ් දෙකක් ලැබෙනවා. අපිව අවුරුද්දෙන් අවුරුද්දට ඇග්‍රිමන්ට් අස්සන් කරලා සේවය අලුත් කරනවා. අපේ රස්සාව ස්ථිර නැහැ. ඊලඟ අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න දුන්නේ නැත්නම් රස්සාව නැහැ.'
ඔවුන් සේවය කරනුයේ වැඩමුර තුනකට වන අතර, එක මුරයකට කම්කරුවන් 140ක් 150ක් පමන යොදවන බව ඔහු කීවේය. අතිකාල වැඩ සඳහා පැයකට ලැබෙනුයේ රු500ක් පමනක් බවත්, අසනීපව දින තුනක් නිවාඩු ගතහොත්, වැටුපෙන් ද අඩුකර, දීමනා ද කපා දමන බව ඔහු කීවේය. 'පැමිනිමේ දීමනාත් එක්ක මාසෙකට අපිට ලැබෙන්නේ රු 48,000ක වැටුපක්. ඒත් අතට ලැබෙන්නේ රු 38000ක් විතර. මේ වැටුපෙන් ජීවත් වෙන්න බැහැ.'
“කොම්පැනියෙ මහත්තුරු කියන්නෙ පුලුවන් නම් වැඩ කරන්න නැත්නම් යන්න කියලා. මිනිස්සු වැඩකරන්නේ වේදනාවෙන්.'
සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, දිවයින පුරා සිටින අනෙකුත් කම්කරුවන්ට මෙන්ම වරාය සේවකයින්ට ද පුද්ගලීකරනය පරාජය කරමින්, තම රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිතිවලින්, සියලු ධනපති පක්ෂවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනි. වරාය අධිකාරියට අයත් සියලු ශ්‍රෙනීන්හි කම්කරුවන්ද, පුද්ගලීකරනය කෙරී ඇති කොටස්වල කම්කරුවන්ද මිනිස්බල කම්කරුවන්ද වරාය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ විය යුතුය.
සෑම කම්හලකම, වැඩබිමකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම එසේ ගොඩනගා ගන්නා ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාග්‍ර වෙමින් ජාත්‍යන්තර සමාජවාදි පිලිවෙත මත සටන් වැදිය යුතු වෙයි.
ක්‍රියාකාරී කමිටුවලවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමටත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ පදනම් එම සම්මේලනය තුල ස්ථාපනය කර ගැනීමටත් සසප සටන් වදී.