කොලඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) වෙනත් රටකට හෝ පාර්ශ්වයකට විකිනීමට රජය උත්සාහ කලහොත් වර්ජනයක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතිය ප්‍රමුඛ වරාය වෘත්තීය සමිති 34ක් පවසා ඇති බව දෙසෑම්බර් 16 දා දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කලේය.
කෙසේවෙතත්, වෘත්තීය සමිති නායකත්වය, එකී වර්ජනය ගැන වරාය සේවකයන් දැනුවත් කිරීම සඳහා කිසිදු ප්‍රයත්නයක් නොදැරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කලින් වතාවන්හි දී මෙන්ම මෙම තර්ජනය ද හුදු පුස්සක් පමනක් බවයි. ඒ වෙනුවට, ඔවුන්ගේ සුපුරුදු මන්ත්‍රය වන, හුදෙක් ආන්ඩුවට බලකිරීම මගින් මෙම පියවර පරාජය කල හැකියයි කම්කරුවන් හමුවේ ජප කරමින් සිටියි.
මෙම ඊනියා තර්ජනය අන්තර්ගතවූයේ, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින්, නැගෙනහිර පර්යන්තය විකිනීමේ ජනාධිපතිවරයාගේ අදහස “වහාම ඉවත් කරගන්නා” ලෙස දන්වමින් පසුගිය දෙසැම්බර් 16දා ජනාධිපති ලේකම් කාර්යාලට භාරදුන් සංදේශයක් තුල ය. වරාය සම්බන්ධව පසුගිය කාලයේ සිදුව ඇති දැවැන්ත පුද්ගලීකරන වැඩපිලිවෙල දෙස බලනවිට වෘත්තීය සමිති නායකයින්ගේ මෙවන් තර්ජනවල පුස්ස හොදින් පැහැදිලිය.
කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු, ජපානය වෙත භාරදීමට යෝජනා කෙරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් 5දා, ලංකා වානිජ මන්ඩලය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Summit) අවස්ථාවෙහිදී ප්‍රකාශ කලේ ය. උතුරු පර්යන්තය සංවර්ධනය ද විදේශ ආයෝජකයන් වෙත ලබා දී වරාය, ජාඇල ප්‍රදේශය දක්වා පුළුල් කරන බවද ඔහු පැවසීය. ජපානය එයට කැමත්තක් නොදැක්වුවහොත් වෙනත් රටකට එය ලබාදීමට යොමුවන බවද ඔහු කීවේ ය.
රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීම හෙවත් පුද්ගලීකරනය, ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඉල්ලා සිටින නය මුදල වෙනුවෙන් එම ආයතනය බල කරන නියෝග වලට අනුකූලව ක්‍රියාවට දමා ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රධාන කොටසකි. පසුගිය නොවැම්බර් 14 දා ඉදිරිපත් කරන ලද 2023 සඳහා වන වාර්ෂික අයවැයෙන් මෙම වැඩපිලිවෙලට නෛතික රාමුවක් ඉදිරිපත් කෙරිනි.
මේ අනුව, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, වෝටර්ස් එජ් සහ කලම්බු හිල්ටන් හෝටල් යනාදි රජය සතු ආයතන පෞද්ගලීකරනය සඳහා 2023 අයවැය මගින් ලැයිස්තුගත කර ඇත. ලංකා විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් මෙම ලැයිස්තුවට එක් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර අරමුදල අනවා ඇති මෙම රුදුරු කප්පාදු පිලිවෙත්වලට අනුව, රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩකින්, එනම් 850,000 කින් කප්පාදු කිරීම ආන්ඩුව ඉලක්ක කරයි.
කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) ඉන්දියාව සහ ජපානය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවට පෙර තිබූ සැලැස්ම, වරාය කම්කරුවන්ගෙන් නැගුනු බලගතු විරුද්ධත්වය මධ්‍යයේ තාවකාලිකව නතර කරමින් එය වරාය අධිකාරිය යටතේ “සංවර්ධනය” කරන බව ආන්ඩුව 2021 පෙබරවාරි 1 නිවේදනය කලේ ය. කෙසේවෙතත්, මෙයට හිලව් ලෙස, එවකට පැවති වෘත්තීය සමිති සන්ධානය සටන පාවා දෙමින් නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආන්ඩුව සමග එකඟ වුනි.
ඊසීටී ය පුද්ගලීකරනය තාවකාලිකව නතර කොට ඒ වෙනුවට බටහිර පර්යන්තය අදානි සමගමට පැවැරීම ඊනියා “ජයග්‍රහනයක්” ලෙස නිර්ලජ්ජිතව හුවා දක්වන වෘත්තීය සමිති නායකත්වය, මෙවරද මෙම බංකාලොත් බලකිරීමේ වැඩපිලිවල යටතේ පුද්ගලීකරනය පසුබැස්විය හැකියයි ගෙනියන ප්‍රෝඩාව, වරාය කම්කරුවන් විසින් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල යුතුය.
කොලඹ වරාය තුල කොටස් 5 කින් කොටස් තුනක් දැනටමත් පුද්ගලීකරනයට යටත්ය. තමන්ගේ රැකියා හා කොන්දේසි ආරක්ෂා කරගැනීමේ අදිටනින්, වරාය කම්කරුවන් යලි යලිත් වරාය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව සටන් වැදුන නමුත්, ඒ සියලු අරගලවලදී වෘත්තීය සමිති නායකත්වයන් කර ඇත්තේ එම අරගල කඩාකප්පල් කොට පාවාදීම පමනි. 1979 පටන් දියත්වූ වරාය පුද්ගලීකරනය මගින් සේවක සංඛ්‍යාව හරි අඩකට වඩා දහස් ගනනින් කපා හැර, ඒ වෙනුවට කප්පාදු කෙරුනු වැටුප් මට්ටම් වලට ද, දරුනු සූරාකෑමේ සේවා කොන්දේසිවලට ද යටත්කොට මිනිස් බල කම්කරුවන් සේවයේ යොදවා ඇත.
1999 දී දකුනු ආසියා ගේට්වේ පර්යන්තය (එස්ඒජීටී) පුද්ගලීකරනය කිරීමට එරෙහි ව වරාය කම්කරුවෝ කාර්මික ක්‍රියා මාර්ගයකට පිලිපන්හ. වෘත්තීය සමිති, එම අරගලය කටුක ලෙස පාවාදුන්නේය; වෘත්තීය සමිති, 2013 දී සීඅයිසීටීය පුද්ගලීකරනයට ද, පසුව බටහිර පර්යන්තය පුද්ගලීකරනයට ද අනුමැතිය දුන්නේය. මේ ඔවුනගේ පාවාදීම් මාලාවෙන් සුලු කොටසක් පමනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සසප නිරන්තරව පෙන්වා දෙන පරිදි, මෙම වෘත්තීය සමිති සියල්ල ගැටගැසී ඇත්තේ කප්පාදු හා පුද්ගලීකරනය සඳහා සහාය දක්වන හෝ සැබවින්ම ඒවා ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු සංස්ථාපිතයේ පක්ෂවන, ජවිපෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, පොදු පෙරමුන, එක්සත් ජාතික පක්ෂය යනාදිය සමග ය.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මෙහෙයවනුයේ ජවිපෙ විසිනි. එහි නායක අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 17දා රූපවාහීනී වැඩසටනකට සම්බන්ධ වෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙලට විවෘතවම ආවැඩුවේ ය. දිසානායක ඉදිරිපත් කල මෙම රුදුරු ධනපති වැඩපිලිවෙල පැහැදිලි කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දෙසැම්බර් 22, “ජවිපෙ, 'රටබේරා ගැනීම' සඳහා බලය ලබා ගැනීමට ඔට්ටු අල්ලයි” යන මැයෙන් ලිපියක් පල කලේ ය. ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බව දිසානායක මෙම වැඩසටහනේදී කියා සිටියේ ය.
මහජනතාව මත ආන්ඩුව පටවා ඇති දැවැන්ත බර ගැන කිසිදු හැගීමක් නැතිවම, ජවිපෙ නායකයා කීවේ, ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී “සමාජය යම් දරා ගැනීමක් කල යුතුම යි” යනුවෙනි. ඔහුගේ තර්කය වූයේ, දැවැන්ත රැකියා අහිමිවීම්, ඉහල යන උද්ධමනය සහ අති මූලික සමාජ සේවා විනාශ කිරීම සඳහා “අලුත් කන්ඩායම”, එනම් ඔහුගේ පක්ෂය, “දෙන ආදර්ශය මත ජනතාව මේක දරාගන්න ලෑස්ති” බවයි.
පුද්ගලීකරනය ඇතුලු ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ට එරෙහිව සටන් වැදීම සඳහා තීරනාත්මක කාරනය වන්නේ, එම ආයතනවලට වන්දනාමාන කරමින් ඒවායේ රුදුරු පිලිවෙත් කම්කරුවන් මත නිර්දය ලෙස පටවන සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් තීරනාත්මකව කැඩී වෙන්වී ගැනීම යි.
ඒ වෙනුවට, කම්කරුවන්ගේ සැබෑ අවශ්‍යතා නියෝජනය කරන ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගැනීමට දැනටමත් වරාය කම්කරුවන් කන්ඩායමක් දරන උත්සාහය සමග ඒකාබද්ධ වන ලෙස සියලු වරාය කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටියි. මෙයට සමගාමීව, සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රි යාකාරී කමිටු ගොඩනැගිය යුතුය. ඔවුන් මත ධනපති ආධිපත්‍යය පතුරවන ද්‍රෝහී සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරුවන් සටන තමන් අතට ගත යුතුය.
මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම්ව කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සසප කැඳවුම් කරයි. එය ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් හා ගම්බද ජනතාව බලමුලු ගැන්වීමේ මූලෝපායික මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇත. අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.