උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් රටේ ගමනාගමනය බරපතල ලෙස අඩාල කෙරී ඇති තතු තුල රාජපක්ෂ ආන්ඩුව ඉරිදා (03) නිවේදනය කලේ මෙම සතියේ රජයේ සියලු පාසල් වසා දමන බවයි. පසුගිය 20 වනදා සිටම කොලඹ සහ තදාසන්න නගරවලත්, දිවයිනේ ප්‍රධාන නගරවලත් පාසල් වසා දැමුනු හෙයින් කායික පන්ති පවත්වනු ලැබුවේ ග්‍රාමීය ලෙස නම් කල පාසල් වල පමනි.
ඉන්ධන ආනයනය ඇනහිට ඇති තත්වයක් තුල දිවයිනේ සියලු පාසල් දින නියමයක් නොමැතිව වැසීයාමේ තර්ජනයක් නිර්මානය වී ඇත. පාසල් මෙන්ම, අත්‍යවශ්‍ය කාර්ය මන්ඩලයට හැර අනෙකුත් සේවකයන් සඳහා රජයේ කාර්යාලද වසා දමා ඇත. පුද්ගලික අංශයට, එහි සේවකයින් සඳහා “නිවසේ සිට වැඩ කිරීමේ” ක්‍රමය භාවිතා කරන ලෙස ආන්ඩුව ඉල්ලා තිබේ.
වඩ වඩාත් ගැඹුරු වන ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ පාසල් අධ්‍යාපනය ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම තුලින් ගමන් කරමින් පවතී. පසුගිය දිනවලදී ආන්ඩුවේ නිර්දේශ අනුව පැවත්වීමට නියමිත වූ ඇතැම් පාසල් පවා ගුරුවරුන් සහ සිසුන් හිඟවීම හේතුවෙන් වසා දැමීමට විදුහල්පතිවරුන්ට සිදුවිය.
අනෙකුත් කම්කරුවන් මෙන්ම ගුරුවරුන්ට ද දින ගනනාවක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් ඔවුන්ට පාසල් වෙත වාර්තා කිරීම තදබල ලෙස අඩාල විය. පොදු ප්‍රවාහනය සීමා සහිත වීම, ඒවායේ අධික තදබදය සහ පෞද්ගලික පාසල් ප්‍රවාහන රථවල ගාස්තු දැරිය නොහැකි මට්ටමින් ඉහලයාම හේතුවෙන් සිසුන් පාසල් පැමිනීමේ ප්‍රතිශතයන්ද සීඝ්‍රයෙන් පහල යමින් පැවතුනි.
ප්‍රධාන නගරවලින් බැහැර පාසල්, තෝරාගන්නා ලද දිනවල දී පමනක් පන්ති පවත්වාගෙන ගිය අතර වසා දැමූ පාසල්වලට මාර්ගගත (online) ආකාරයට ඉගැන්වීමට සඳහා උපදෙස් ලැබී තිබුනි. අධ්‍යාපන අමාත්‍යංශයේ වරින් වර වෙනස් වන නිර්දේශයන්ට අනුව පාසල් පැවැත්විය යුතු ආකාරය නිර්නය කිරීමේදී විදුහල්පතිවරු, ගුරුවරු, සිසුහු මෙන්ම දෙමව්පියෝ ඉමහත් වියවුලකට පත්ව සිටිති. ඒ සමගම ගුරුවරුන්ට සහ සිසුන්ට තාවකාලිකව ලඟම පාසල් වෙත මාරු වී යන ලෙස ද ආන්ඩුව යෝජනා කරයි. මෙය කිසිසේත් ප්‍රායෝගිකව සාක්ෂාත් කල නොහැක්කකි.
රාජපක්ෂ ආන්ඩුව සිසුන්ගේ අධ්‍යාපන අයිතිය මෙලෙස විනාශ කිරීමට එරෙහිව බලමුලු ගැන්වෙන ලෙස ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ගුරුවරුන් ඇතුලු සියලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්, දෙමාපියන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී. ලංකාවේ ධනපති පාලක පන්තිය මුහුනදී සිටින අර්බුදය වෙනුවෙන් කිසිදු ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනය කප්පාදු විය යුතු නොවේ.
රාජපක්ෂ ආන්ඩුවට සිසුන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කවර හෝ අව්‍යාජ උත්සුකයක් නැත. කොවිඩ්-19 වසංගතය ලංකාව තුල ව්‍යසනකාරීව ව්‍යාප්ත වෙද්දී පවා පාසල් විවෘත කර තැබීමට ආන්ඩුව පියවර ගත්තේ, මහජන ජීවිත නොතකා ධනපති ලාභ උත්පාදන ක්‍රියාවලිය අබාධිතව ඉදිරියට ගෙනයනුවස් ක්‍රියාත්මක කල, “නව සාමාන්‍ය” පිලිවෙතේ කොටසක් ලෙසිනි. සැබෑ අරමුන වසන් කරමින් ආන්ඩුව කුහක ලෙස කියා සිටියේ, “වැඩි කාලයක් පාසල් වසා තැබීම ලමුන්ට කරන අසාධාරනයක්” බවයි. ඊට හාත්පසින් වෙනස් ලෙස දැන් ආන්ඩුව හැකිතාක් පාසල් වසා තැබීමට උත්සුක වෙයි.
එසේ පාසල් වැසීමෙන් සිසුන්ට අහිමි වන පාඩම් ආවරනය කරගැනීමට ආන්ඩුව යෝජනා කරන්නේ මාර්ගගත ක්‍රමවේදයයි. නමුත් බහුතරයක් සිසුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැත. දැවැන්ත ලෙස ඉහල දමනු ලැබ ඇති බදු සහ රුපියල දැවැන්ත ව අවප්‍රමානය වීම හේතුවෙන් ඉහල ගොස් ඇති පරිගනක සහ ජංගම දුරකථන වල මිල ගනන් බොහෝ දෙමව්පියන්ට දරාගත නොහැක. එමෙන්ම සීමිත අන්තර්ජාල පහසුකම් මෙන්ම ඉහල ගොස් ඇති එම ගාස්තු හේතුවෙන් සිසුන්ට සාර්ථක ව අධ්‍යයන සැසි සඳහා සහභාගී විය නොහැකි බව කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මාර්ගගත අධ්‍යාපනය සිදු කෙරුනු කාල සීමාව තුල දී පුලුල් පරිමානයෙන් හෙලිදරව් විය.
ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් කිසිසේත් මෙම ඛේදනීය තත්වය භාරගත යුතු නොවේ.
අගමැති වික්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ, “මෙම දුෂ්කරතා සහ පීඩාවන් කෙටි කාලයකට දරාගෙන ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයට දායක වන” ලෙසයි. ධනපති පාලකයන්ට අනුව සියලු පීඩාවන් දරාගත යුත්තේ කම්කරුවන් ඇතුලු පීඩිත මහජනතාවන් විසිනි. එහෙත් ආන්ඩුව ලංකාවේ ඉහලම ධනපති සමාගම් වලට උපරිම ආර්ථික සහන ප්‍රදානය කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම කාර්තුවේ දී වාර්තාගත ලාභ උපයා තිබේ. “කැප කරන” මෙන් කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිනවිට එහි අර්ථය වනුයේ, ඔවුන් මහ ධනපතියන්ගේ මෙම ලාභ සුරක්ෂිත කරදීමට සියලු පීඩාවන් දරාගත යුතු බවයි.
රාජපක්ෂ-වික්‍රමසිංහ අන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු නිර්දය ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටී. රාජ්‍ය වියදම් කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ වානිජකරනය හා බදු ඉහල දැමීම ඇතුලු කම්කරු පන්තියේ රැකියා සහ ජීවන තත්වයන්ට දැඩි සේ පහර වදින කොන්දේසි ඊට ඇතුලත්වේ. රාජ්‍ය අංශයේ ලක්ෂ 8කට අධික රැකියා ප්‍රමානයක් අහෝසි කිරීමට ආන්ඩුවේ එල්ලයයි.
මෙලෙස ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ආන්ඩුව ක්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිතිවල සක්‍රීය සහයෝගය සහිතවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති මේ වන විට ඉදිරිපත් වී සිටින්නේ පාසල් වසාදැමිය යුත්තේ කෙසේදැයි ආන්ඩුවට උපදෙස් දීමටයි.
ධනපති ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවෙන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමුකල ලිපියක සඳහන් වූ යෝජනා අතරින් එකක් වූයේ, “පාසල් පැවැත්වෙන පෙ.ව 07.30 - ප.ව 01.30 කාල සීමාව දීර්ඝ කර පාසල් පැවැත්වෙන දින ගනන සීමා කිරීම” යි. තමන්ගේ යෝජනාවන් පිලිබඳව අවධානය යොමුකරන ලෙසත්, “ඒ සඳහා ඕනෑම අවස්ථාව සාකච්ඡා කිරීමට සහ සහයෝගය ලබාදීමටත් ලගුසේස සූදානම්” බව එම ලිපියේ සඳහන් විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන ඒකබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බන්ඩාර ජුනි 20වනදා පැවැත්වූ මධ්‍ය සාකච්ඡාවකදී, ගුරුවරුන් ලඟම පාසල් වලට අනුයුක්ත කල යුතු බවට ආන්ඩුවේ යෝජනාවම ප්‍රතිරාවය කලේය. ඊට අමතරව ඔහු පැවසුවේ පොදු ප්‍රවාහනය පුලුල් කරමින් සහ පෞද්ගලික පාසල් බස්‍රථ වල සහන ගාස්තු යටතේ සිසුන් ප්‍රවාහනය සඳහා ක්‍රමවේදයක් ආන්ඩුව සකස් කල යුතු බවයි. මහජන අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා මුදල් නැතැයි ආන්ඩුව පුන පුනා කරන ප්‍රකාශයන්ට සහනය පුදමින් බන්ඩාර පැවසුවේ තමන්ගේ යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට “එතරම් මුදලක් වැය නොවන' බවයි.
ධනපති ආන්ඩු සමඟ වට මේස සාකච්ඡාවලට වාඩිවී කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයට රුකුල් දීම වෘත්තීය සමිති වල ද්‍රෝහී භූමිකාවයි. පසුගිය වසරේ ජූලි මාසයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 200,000ක් වැඩි වැටුප් සඳහා මාර්ගගත ඉගැන්වීම් වර්ජන ක්‍රියාමාර්ග සහ විරෝධතා ආරම්භ කල විට, අධ්‍යාපන වෘත්තීය සමිති නායකයන් එවක අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේදී පැවසුවේ, “වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් ක්ෂනික වැටුප් වැඩිවීමක් කල නොහැකි බවට පැහැදිලි අවබෝධයක්” ඇති බවත් තමන් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් “ප්‍රතිපත්තිමය තීරනයක්” ගැනීම පමනක් බවත් ය. දින 100ක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයෙන් පසු මුල් ඉල්ලීමෙන් තුනෙන් එකක වැටුප් වැඩිවීමක් පිලිගනිමින් වෘත්තීය සමිති තම සාමාජිකයින් පාවා දුන්හ.
ධනපති පංතියේ සහ ඔවුන්ගේ ආන්ඩුවල අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලට මුලුමුනින් වෙනස්ව, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව පදනම් වන්නේ කම්කරු පන්තික අවශ්‍යතා මතයි. සිසුන්ට ඉහල ගුනාත්මකභාවයකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන්නේ කෙසේද? ගුරුවරුන් ඇතුලු අනෙකුත් කම්කරුවන්ගේ වැටුප් සකස්විය යුත්තේ කවර ආකාරයෙන් ද? සිසුන්, ගුරුවරුන්, අවශේෂ කම්කරුවන් ඇතුලු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ කෙසේද? යනාදී දේ ධනපති ලාභය ආරක්ෂා කිරීම ප්‍රමුඛස්ථානයේ තබන ධනපති ආන්ඩුවලට තීරනය කිරීමට ඉඩදිය නොහැක.
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් තීරනාත්මක සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම තවදුරටත් ධනපති පංතිය අතේ නොතබා, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම මෙහිලා තීරනාත්මක ය. ඒ සඳහා, බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරු පංති පාලනය යටතේ ජනසතු කිරීම අනිවාර්ය වේ. ධනපතියන් අතලොස්සකගේ ලාභ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව, මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත නිෂ්පාදන ආර්ථිකය සමාජවාදී වැඩපිලිවෙලක් මත ප්‍රතිසංවිධානය කර ගැනීම මෙහි අරමුනයි.
මේ සඳහා කම්හල්වල, වතුකරයේ, වැඩපලවල සහ කම්කරු පන්තික අසල්වැසි ප්‍රදේශවල, වෘත්තීය සමිති හා දේශපාලන සංස්ථාපිතයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවිධානය කරගතයුතු වෙයි. එහි කොටසක් ලෙස, සෑම පාසලක් ආශ්‍රිතවම, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට එන ලෙස ගුරුවරුන්ගෙන්, සිසුන්ගෙන් සහ සහ දෙමාපියන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂය 2022 ජූනි 16 දා නිකුත් කල ප්‍රකාශයෙන් ඉදිරිපත් කල පහත ඉල්ලීම් මත මෙම ක්‍රියාකාරී කමිටු ජාලය සටන් වැදිය යුතුයැයි අපි කියා සිටිමු.
- සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!
- බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!
- දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අවලංගු කරනු! ගොවීන් සඳහා පොහොර ඇතුලු සියලු මිල සහනාධාර නැවත ලබා දෙනු!
- සැමට යහපත් සහ ආරක්‍ෂිත සේවා කොන්දේසි සහිත රැකියා සහතික කරනු! ජීවන වියදමට අනුව ඉහල යන වැටුප්!
මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටන සමග අත්‍යන්තයෙන්ම බැඳී ඇති බැවින් ජාත්‍යන්තර කම්කරු පංතියේ ඒකාබද්ධතාව මෙහිදී අත්‍යවශ්‍ය වේ. සසප ට නායකත්වය දෙන ලෝක කම්කරුවන්ගේ පක්ෂය වන, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාස) සමඟ මෙම කමිටු සම්බන්ධ කිරීමට, අපි කටයුතු කරන්නෙමු.
කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය සහ නැටෝව ගෙනයන වක්‍ර යුද්ධය හේතුවෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ, ලොවපුරා පාලක පංතීන් එල්ල කරන රුදුරු ප්‍රහාර හමුවේ එයට එරෙහිව සටනට අවතීර්න වෙමින් සිටින බිලියන සංඛ්‍යාත ජාත්‍යන්තර කම්කරුවන්ගේ අරගල සමග මෙම අරගලය ඒකාබද්ධ කොට මෙහෙයවා ගැනීමට අපට හැකිවනු ඇත.