[මෙය Sri Lankan SEP holds its Third National Congress මැයෙන් 2022 මැයි 24 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
මැයි 14-16 දිනවල ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි තුන්වන ජාතික සම්මේලනය පැවැත්වී ය. දැනට පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට පවත්වන ලද මෙම වැදගත් අවස්ථාවට දිවයින පුරා පක්ෂ සාමාජිකයෝ සහභාගි වූ හ.
වසංගතය, එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ රුසියානු විරෝධී වක්‍ර යුද්ධය සහ පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනය විසින් තීව්‍ර කර ඇති ගෝලීය ධනවාදයෙහි යෝධ අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව තුල පවතින අත්‍යසාමාන්‍ය දේශපාලන කොන්දේසි යටතේ සසප සම්මේලනය පවත්වන ලදී.
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, කම්කරුවන්, තරුනයන් හා ගම්බද පීඩිතයින් සති ගනනාවක් තිස්සේ පවත්වන මහජන විරෝධතාවන්ට හා වැඩ වර්ජනවලට මුහුන දෙමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ද සමස්තයක් ලෙස ලංකාවේ ධනේශ්වර පාලනය ද පෙර නුවූ විරූ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයක් තුල ගිලී ඇත.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා සසප (එක්සත් ජනපදය) වෙනුවෙන් සුභපැතුම් ඉදිරිපත් කරමින්, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති හා සසප (එක්සත් ජනපද) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් සම්මේලනය ඇමතී ය. හජාජාක අනෙකුත් ශාඛාවන් ද සම්මේලනයට සුභපැතුම් පිරිනමන ලද අතර, ඒවා කියවන ලදී.
සම්මේලනය පැවැත්වෙන “අතිශය අත්‍යසාමාන්‍ය තත්ත්වයන්ට” අවධානය යොමු කරමින්, නෝර්ත් මෙසේ සඳහන් කලේ ය: “අපේ අදහස අනුව, පෙර නුවූ විරූ පරිමානයන්ගේ දේශපාලන අර්බුදයකට ඔබ ලංකාව තුල මුහුන දෙනවා. ලංකාව තුල අර්බුදයමත් දිගහැරෙමින් පවතින්නේ, දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට ලෝක ධනවාදය මුහුන දෙන විශාලතම ගෝලීය අර්බුදය තුලයි.”
ඔහු මෙසේ ඉදිරියට ගියේ ය: “මෙම සම්මේලනය මුහුන දෙන මූලික අභියෝගය වන්නේ, මෙම සිද්ධීන් හා ලංකාව ඇතුලත ම වර්ධනය වන විප්ලවවාදී අර්බුදය කෙරෙහි, ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාවේ ආකල්පය පැහැදිලි ව නීර්නය කරගැනීම යි. වෙනත් අර්ථයකින් කිවහොත්, විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ, ලෙනින් පෙරලා රුසියාවට පැමිනීමෙන් පසුව පැවැත්වූ පලමු සම්මේලනය වන, 1917 අප්‍රේල් බොල්ෂෙවික් පක්ෂයේ සම්මේලනයට, ඔබ දැන් පවත්වමින් සිටින සම්මේලනය බොහෝ අංශවලින් සමානකම් දක්වනවා. ගෝලීය යුද්ධයක් මධ්‍යයේ (බොල්ෂෙවික්) පක්ෂයට පැවති අභියෝගය වූයේ, කම්කරු පන්තියට අත්‍යවශ්‍ය නායකත්වය සැපයූ දේශපාලන දිශානතියක්, දේශපාලන ක්‍රියා මාර්ගයක් හා ඉදිරි දර්ශනයක් නීර්නය කරගැනීම යි.”
බොල්ශෙවික් පක්ෂයේ එම සම්මේලනයේ දී ලෙනින්ගේ අරගලය වූයේ, නො නවතින විප්ලව න්‍යායය මත පක්ෂය යලි දිශාගත කොට, පක්ෂය විප්ලවයේ මාවතට යොමු කිරීම හෙවත් එය බලයට ගෙන ඒම යි.
නෝර්ත් මෙසේ විස්තර කලේ ය: “සුවිශේෂී අර්බුදයක කොන්දේසි යටතේ, ලංකාවේ පක්ෂයෙහි පිලිවෙත නීර්නය කිරීමේ දී, මෙම අර්බුදය එහි ජාත්‍යන්තර සන්දර්භය තුල තැබීම අතිශයින් අවශ්‍ය බව අපි පලමුව අවබෝධ කරගත යුතු යි... අපේ ආරම්භක ලක්ෂ්‍යය කිසිවිටෙක ජාතික නො ව, ජාත්‍යන්තර රාමුවයි... එම පදනම මත පමනක්, ලංකාවේ අර්බුදය දිගහැරෙමින් පවතින ජාත්‍යන්තර සන්දර්භය මත පමනක්, කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී දිශාවනතිය කරා එලඹිය හැකියි.”
“වසංගතය, ගෝලීය ධනවාදයේ අර්බුදය, පන්ති අරගලවල පුනර්ජීවනය සහ සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) කර්තව්‍යයෝ” නමැති ප්‍රධාන ඉදිරි දර්ශන යෝජනාවත්, “රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” නමැති හදිසි යෝජනාවකුත්, දීර්ඝ සාකච්ඡාවකින් පසුව සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කරන ලදී.
“කෝවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීමේ විද්‍යාත්මක ක්‍රියාමාර්ගය සඳහා ද අධිරාජ්‍යවාදී යුද සූදානමට විරුද්ධ ව ද හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කරනු ලැබ ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) ගොඩනැගීමට සඳහා ද', සසප 'බලගතු ලෙස සටන් වදින” බවට ප්‍රධාන යෝජනාව ප්‍රතිඥා දුන්නේ ය.
ජාත්‍යන්තර කමිටුව විසින්, පලමු ලෝක යුද්ධය සමග වසංගතය සන්සන්දනය කිරීම ගැන සඳහන් කිරීමෙන් අනතුරුව, යුද වැදී සිටි අධිරාජ්‍යවාදී බලයන්ගේ පාලක පන්ති, කවර හෝ සාකච්ඡාමය විසඳුමක් තම භූ-දේශපාලනික හා ආර්ථික අවශ්‍යතාවන්ට වලකපනු ඇති බැවින්, යුද්ධයෙහි බිහිසුනු ප්‍රතිඵල නො තකා එය දිගට ම කරගෙන ගිය ආකාරය යෝජනාව පැහැදිලි කලේ ය. යුද්ධය අවසානයකට ගෙන ආවේ, බොල්ශෙවික් පක්ෂයෙහි නායකත්වය යටතේ මැදිහත් වුනු රුසියානු කම්කරු පන්තිය, බලය අල්ලාගෙන ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය ආරම්භ කිරීම මගින් පමනි.
ලේඛනය තව දුරටත් මෙසේ සඳහන් කලේ ය: “අද දින, නිෂ්පාදනයේ ගෝලීයකරනය යටතේ, අධිරාජ්‍යවාදී රටවල් තුල මෙන් ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල් තුල ද අන් කවරදාටත් වඩා ජාත්‍යන්තරීකරනය වී, ධනවාදයෙහි වඩා අභිවර්ධිත පද්ධතිගත අර්බුදයක තතු තුල, අරගලය සඳහා ඒකාබද්ධ වෙමින් සිටින්නාවූ කම්කරු පන්තිය, ධනවාදය පෙරලා දමා ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ එම කර්තව්‍යය ට මුහුන දී සිටිති.”
යෝජනාව, ලොව පුරා ආන්ඩු වසංගතයට ප්‍රතිචාර ලෙසින් අනුයන පිලිවෙත් දෙක හෙලිදරවු කලේ ය: එනම්, වෛරසයට අබාධිත ව පැතිරීමට ඉඩ දෙනු ලැබුව හොත්, එය අවසානයේ දී ක්ෂය වනු ඇතැයි කියන “රංචු ප්‍රතිශක්තිය” සහ එහිම විකරනයක් වන, එන්නත්කරනය හා මුහුනු ආවරන පැලඳීම හරහා වසංගතයේ බලපෑම “සීමාකිරීම” යි. වෛරසය පැතිරීම නැවැත්වීමට අසමත් වී ඇති මේ පිලිවෙත් දෙක ම, ඒ වෙනුවට අන්තරායකාරී නව ප්‍රභේදයන් සමගින් කෝවිඩ්-19 වසංගතයේ ගෝලීය ඉහල යාමකට තුඩු දී තිබේ.
“රංචු ප්‍රතිශක්තියේ හා සීමා කිරීමේ මූලෝපායන්ට විපරීත ව, වසංගතය අවසන් කිරීමේ විද්‍යාත්මක මූලෝපායට හජාජාක සහයෝගය දෙයි. ප්‍රමුඛ වසංගත විද්‍යාඥයන්, වෛරස් විද්‍යාඥයන් හා අනෙකුත් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන පිලිවෙත් මත පදනම් වන එයට, කෝවිඩ්-19 මර්දනය කිරීම සඳහා පවතින පියවර ගබඩාවේ සෑම ආයුධයක් ම විශ්වීය වසයෙන් සම්බන්ධීකරනය කොට දියත් කිරීම අවශ්‍ය වේ” යනුවෙන් යෝජනාව සඳහන් කලේ ය.
මාරාන්තික වසංගතය සමයේ දී, එක්සත් ජනපදය නායකත්වය දෙන ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් ලෝක යුද්ධයක තර්ජනය මතු කරමින්, ප්‍රතිගාමී භූ-දේශපාලනික අවශ්‍යතා ලුහුබැඳ ගොස් ඇති බව ලේඛනය විස්තර කලේ ය. “තුන්වන ලෝක යුද්ධයක තර්ජනය, ගෝලීය වසංගතය හා සමාජ ව්‍යසනය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීමෙන්, එනම්, 2016 පෙබරවාරි 18දා හජාජාක නිකුත් කල යුද්ධයට එරෙහි ව සමාජවාදය සඳහා සටන නමැති ප්‍රකාශය විසින් ඉදිරිපත් කර ලද පිලිවෙත් ඔස්සේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.”
පසුගිය දෙසැම්බරය, “පාලක ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය බිඳ විසිර වූ තැන් පටන් 30 වසරක් ගතවීම” සලකුනු කල බව යෝජනාව සටහන් කලේ ය. “දැන් ධනවාදයට එරෙහි ව තීරනාත්මක සටන්වලට ජාත්‍යන්තර ව පිවිසෙමින් සිටින කම්කරු පන්තියට එහි අතිමහත් ගම්‍යයන් හා පාඩම් ඇති අතර, එම පාඩම්වලින් තොර ව කම්කරු පන්තියට සමාජවාදී විප්ලවයේ ඓතිහාසික කර්තව්‍යයන් සාක්ෂාත් කල නො හැක.”
අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය යන දෙකේ ම සියලු ඒජන්තයන්ට විපරීත ව, ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය මත පදනම් වූ බැවින්, හජාජාක පමනක් සෝවියට් සංගමයේ බිඳ විසිරවීම පෙර දැකීමට සමත් වූ බව ලේඛනය පැහැදිලි කලේ ය. සෝවියට් කම්කරු පන්තිය මොස්කව් නිලධරය දේශපාලන විප්ලවයකින් පෙරලා දමා, ලෝක සමාජවාදී විප්ලවයෙහි කොටසක් ලෙස එහි බලය ප්‍රතිස්ථාපනය නො කල හොත්, නිලධරය සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනවාදය පුනස්ථාපනය කරනු ඇති බවට ට්‍රොට්ස්කි අනතුරු අඟවා තිබුනි.
කෝවිඩ්-19 වසංගතය සහ කලාපයේ ආන්ඩුවල ප්‍රතිගාමී පිලිවෙත් විසින් සුවිසල් ලෙස තීව්‍ර කර ඇති, ධනවාදයේ ගෝලීය අර්බුදයෙහි කොටසක් ලෙස දකුනු ආසියාවේ ධනේශ්වර පාලනය මුහුන දෙන යෝධ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය, යෝජනාව තුල දීර්ඝ වසයෙන් සාකච්ඡාවට ගැනුනි. මේවාට, වසංගතයට ඔවුන් දක්වන සාපරාධී ප්‍රතිචාරය, රුදුරු කප්පාදු පියවරයන්, අධිරාජ්‍යවාදී යුද ධාවනය පිටුපස පෙලගැසීම සහ ආඥාදායක පාලන රූප කරා හැරීම ඇතුලත් වූ අතර, ඒ සියල්ල කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනයෙහි කොටසක් ලෙස කලාපය තුල පන්ති අරගලයේ ඉස්මතු වීම අවුලුවා තිබුනි.
ලේඛනය මෙම දේශපාලන නිගමනය උකහා ගත්තේ ය: “වසංගතය විසින් තීව්‍ර කරනු ලබන අර්බුදය යලි වතාවක් සනාථ කර ඇත්තේ, ඊනියා නිදහස යටතේ 1947-1948 සමයේ දකුනු ආසියාව තුල නිර්මානය කරන ලද රාජ්‍යයන්ගේ ඓතිහාසික අයථාභාවය යි. මෙම රාජ්‍ය පද්ධතිය අටවන ලද්දේ, ජාතික ධනේශ්වරයේ අනුමැතිය සහිත ව, අධිරාජ්‍යවාදී බලයන් හා ස්ටැලින්වාදී සෝවියට් නිලධරය අතර පශ්චාත්-යුද සමථයේ කොටසක් ලෙස යි... ශ්‍රී ලංකාව වෙන ම රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ ය. දකුනු ආසියාවේ කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට හා දුගීන්ට පවතින එක ම මාවත වන්නේ, ප්‍රතිගාමී රාජ්‍යයන් හා ධනේශ්වර පාලනය පෙරලා දමා, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීම යි.”
ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ හා ධනේශ්වර පාලනයේ අර්බුදය, ඒකාධිපති පාලනයක් දෙසට වන මාරුව හා පන්ති අරගලවල වර්ධනය, ඒවායේ ජාත්‍යන්තර සන්දර්භය තුල බහා යෝජනාව තුල සවිස්තරාත්මක විශ්ලේෂනයට බඳුන් කෙරුනි.
“සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” නමැති අවසන් කොටස තුල, ලේඛනය, ට්‍රොට්ස්කිවාදී නො නවතින විප්ලව න්‍යායයේ පදනම මත ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරු පන්තිය සඳහා ස්වාධීන විප්ලවවාදී ක්‍රියා මාර්ගය විස්තාරනය කලේ ය. එම ඉදිරි දර්ශනය “ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරයට ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් හා මහජනයාගේ සමාජ ප්‍රශ්න ආමන්ත්‍රනය කල නො හැකි බව දැකගනී... දුගී ගොවීන් හා පීඩිත මහජනයාට නායකත්වය දෙමින් එක්සත් වන කම්කරු පන්තියට පමනක් ම, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස නිර්ධන පන්තියේ ආඥාදායකත්වය ස්ථාපිත කරමින්, මෙම ඓතිහාසික කර්තව්‍යයන්ට ආමන්ත්‍රනය කල හැකි ය.”
හදිසි යෝජනාව මෙසේ සඳහන් කලේ ය: “ශ්‍රී ලංකාවේ වත්මන් අත්‍යසමාන දේශපාලන තත්ත්වය මනාව අවබෝධ කරගත හැක්කේ, එය කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහිව දැන් සිදුවන එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය මගින් අතිශයින් උත්සන්න කෙරී ඇති ගෝලීය ධනවාදයේ අතිමහත් අර්බුදයේ සන්දර්භය තුල තැබීමෙන් පමනි. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ වැඩෙන මහජන ව්‍යාපාරය දෙසට පක්ෂයේ නිවැරැදි දේශපාලන දිශාවනතියක් වර්ධනය කර ගත හැක්කේ එවන් ජාත්‍යන්තර ප්‍රවිෂ්ටයක් හරහා පමනි.”
කම්කරු පන්තිය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කිරීම අරඹා ඇති, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීමේ අර්ථභාරය විස්තර කල යෝජනාව, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පුලුල් අරගලයක කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම පිනිස කම්කරු පන්තියට අවශ්‍ය ස්වාධීන විප්ලවවාදී ක්‍රියා මාර්ගය විස්තාරනය කලේ ය.
සම්මේලනයේ සාකච්ඡාව සමාප්තියේ දී, සම්මේලනය තුල සාකච්ඡාවට ගැනුනු යෝජනා දෙක, වාර්තාවන් සහ ඩේවිඩ් නෝර්ත්ගේ සුභපැතුම් ඇතුලු හජාජාක ශාඛාවන්ගේ සුභපැතුම්, සසප පදනම් වන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශන ඉස්මතු කොට දක්වන බව, ඉවත් ව යන ප්‍රධාන ලේකම් විජේ ඩයස් පෙන්වා දුන්නේ ය.
ලංකාවේ දේශපාලන තත්ත්වය පිලිබඳ ව අදහස් දක්වමින් ඩයස් මෙසේ කීවේ ය: “(එක්සත් ජාතික පක්ෂයේ නායක) රනිල් වික්‍රමසිංහ අලුතින් අගමැති තනතුරට පත්කිරීම, හැම දෙනා ම පුදුමයට පත්කරපු ඓතිහාසික පත්කිරීමක්. පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඡන්දයක් නොලැබූ, යන්තම් රට පුරා හිඟා ගත්තු ඡන්දවල මහිමයෙන්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංග ගත්ත පුද්ගලයෙක්, ලංකාවේ පාර්ලිමේන්තුවෙ අධිකාරය දරන අගමැති තනතුරට පත්වීමේ පවතින අතිශය විෂකුරු දේශපාලන අවදානම හා අන්තරාය දැන් හෙලිදරවු වෙමින් පවතිනවා.”
කොලඹ සිටින එක්සත් ජනපදයේ හා අනෙකුත් ප්‍රධාන රටවල තානාපතිවරුන් සමග වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවන්ට ඩයස් අවධානය යොමු කලේ ය. එම සාකච්ඡා කේන්ද්‍රගත වන්නේ, ප්‍රසිද්ධියේ පවසන පරිදි ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දරුනු හිඟය මගහැරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය එම රටවලින් ඉල්ලීමට නො ව, රුසියාවට හා චීනයට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ලංකාව ඒකාග්‍ර කරගන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව යි. විකිලීක්ස් විසින් කාන්දු කරන ලද එක්සත් ජනපද රාජ්‍ය-තාන්ත්‍රික කේබල් පනිවුඩ උපුටා දැක්වූ ඩයස්, සිය අවශ්‍යතාවන්ට සේවය කිරීම සඳහා ලංකාව තුලින් සොයාගත හැකි ප්‍රමුඛතම ඒජන්තයා වනාහි වික්‍රමසිංහ බව එක්සත් ජනපදය දීර්ඝ කාලයකට පෙර ම හඳුනාගෙන තිබුනේ යයි සඳහන් කලේ ය.
විපාර්ශවික සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ, වික්‍රමසිංහ පිටුපස පෙලගැසෙමින් සිටින බව ඩයස් විස්තර කලේ ය. කම්කරු පන්තිය ධනපති පක්ෂවලට දේශපාලනික ව යටත් කිරීමට වැඩ කරමින් සිටින විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම්වලට එරෙහි ව, දේශපාලනික හා න්‍යායික අරගලයක් සසප විසින් දියත් කිරීමේ අත්‍යවශ්‍යභාවය ඔහු අවධාරනය කලේ ය.
සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කරන කැඳවුම හා අරගලය ලුහුඬින් විස්තාරනය කල ඔහු, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට පක්ෂය කරන අරගලය සමග එයට පවතින සම්බන්ධතාව පෙන්වා දුන්නේ ය.
සම්මේලන නියෝජිතයෝ නව මධ්‍යම කාරක සභාවක් තෝරා පත්කරගත් හ. අලුතින් පත්වූ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ ඉවත් ව යන ප්‍රධාන ලේකම් විජේ ඩයස් පක්ෂයේ සභාපති ලෙසත්, ඉවත් ව යන සහකාර ලේකම් දීපාල් ජයසේකර ප්‍රධාන ලේකම් ලෙසත්, සමන් ගුනදාස නව සහකාර ලේකම් ලෙසත්, කේ.රත්නායක ලෝසවෙඅ ජාතික කර්තෘ ලෙසත්, වසන්ත රූපසිංහ සහකාර සංස්කාරක ලෙසත්, විලානි පීරිස් භාන්ඩාගාරික ලෙසත් තෝරාගත් හ.