1946 අප්‍රේල් මාසයේ මේ සතියේ (අප්‍රේල් 12-18) දී එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ බලධාරීන් සීතල යුද්ධයේ පලමු අදියරයන් මගින් තීව්‍ර කෙරුනා වූ ආයුධ තරඟයකට පියවර තැබූහ. එක්සත් ජනපදය දිගු-දුර බැලස්ටික් මිසයිලයක් (long-range guided ballistic missile) පලමු වරට දියත් කල අතර සෝවියට්වරු න්‍යෂ්ටික අවි නිපදවීමේ අරමුනින් අදාල පහසුකම් සහිත රහස් ආයතනයක් ස්ථාපිත කලහ.
1946 අපේ‍්‍රල් 16 වනදා ආරම්භ වූ එක්සත් ජනපද මිසයිල අත්හදා බැලීම්වලට දෙවන ලෝක යුද්ධය අවසානයේ දී නාසි ජර්මනියෙන් අල්ලා ගත් V-2 රොකට් යොදාගැනිනි. නිව් මෙක්සිකෝවේ වයිට් සැන්ඩ්ස් මිසයිල අංගනයේ දී (White Sands Missile Range) එම පරික්ෂනයන් සිදු කෙරිනි. පශ්චාත්-යුධ හමුදා පරීක්ෂන සහ ආයුධ සංවර්ධනය සඳහා පිහිටු වූ එම අංගනය ගොඩනගන ලද්දේ 1945 ජූලි මාසයේ දී ය.
1944 දී නාසීන් විසින් වර්ධනය කරන ලද V-2 රොකටුව, ද්‍රව ප්‍රචාලක (liquid-propellant) රොකට් එන්ජිමකින් බල ගැන්වූ අතර කිලෝග්‍රෑම් 1,000 ක බරක් රැගෙන යා හැකි විය. යුද්ධයේ අවසාන අවධියේදී ජර්මනිය මේවා භාවිතා කලේ සීමිත සංඛ්‍යාවක් පමනක් වුවත් එම මිසයිලය ඉතා කාර්යක්ෂම සහ මාරාන්තික විය. එයට ශබ්දයේ වේගය පරයන වේගයකින් ගමන් කල හැකි වූ අතර, එවකට පැවති හඳුනාගැනීමේ අනාවරන හැකියාවන් සහ මිසයිල-නාශක හැකියාවන් පරාජය කරමින්, අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කිරීමට පෙර ම පහර දීමේ හැකියාව සහිත විය.
1945 මැයි මාසයේදී ජර්මනියේ පරාජයත් සමග ම මෙම නාසි ආයුධය පාලනය කිරීම සඳහා මිත්‍ර හමුදා, විශේෂයෙන් ඇමරිකානුවන් සහ සෝවියට් දේශය අතර තරඟයක් ඇරඹිනි. සෝවියට්වරු තම පාලනයට නතු කර ගත් V-2 නිෂ්පාදනාගාර සමහරක් රුසියානු භූමියට ගෙන යාමට සූදානම් කලහ.
එක්සත් ජනපද හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද V-2 කොටස් සහ අමුද්‍රව්‍ය කොච්චි පෙට්ටි 300 ක් නිව් මෙක්සිකෝවට නැව්ගත කර වයිට් සැන්ඩ්ස් පරීක්ෂන මධ්‍යස්ථානය වෙත ගෙන ගියහ. ඊට අමතරව ඇමරිකානුවන් ආයුධයේ ජර්මානු නිර්මානකරුවන් 126 දෙනෙකු ද අල්ලා ගත්හ. නාසි රොකට් තාක්ෂන වර්ධනයේ ප්‍රමුඛයා වන වර්න්හර් වොන් බ්‍රවුන් සහ ඔහුගේ සගයන් ගනනාවක් එක්සත් ජනපදයට ගෙන යන ලද අතර එහිදී ඔවුන්ට අතීත අපරාධ සඳහා මුක්තිය (immunity) ලබා දී V-2 රොකට් තාක්ෂනය වැඩි දියුනු කිරීම සඳහා යෙදවූහ.
අපේ‍්‍රල් 13 වන දින, මොස්කව් සිට කිලෝමීටර් සිය ගනනක් ඈතින් පිහිටි සරොව් (Sarov) නම් කුඩා නගරය තුල අර්සාමාස් -16 (Arzamas-16) යන සංකේත නාමයෙන් යුත් සමස්ත රුසියානු භෞතික විද්‍යා පර්යේෂන ආයතනය (All-Russian Scientific Research Institute of Experimental Physics) ස්ථාපිත කලහ. ඊට සතියකට පෙර සෝවියට් සංගමයේ අමාත්‍ය මන්ඩලය විසින් කරන ලද නියෝගයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කරන ලද එම නව ආයතනය වෙත පරමානුක අවියක් නිපදවීමේ වගකීම පැවරිනි. ඉන් මාස හයකට පමන පසු පලමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය මොස්කව්හි ස්ථාපිත කෙරිනි.
දෙවන ලෝක යුධ සමය තුල දී ම න්‍යෂ්ටික අවියක් නිපදවීමේ ශක්‍යතාව පිලිබඳව සෝවියට් ආයුධ විශේෂඥයින් විසින් පරීක්ෂා කර තිබුනි. 1945 අගෝස්තු මස ගෝලීය ගැටුම අවසානයේ දී, එක්සත් ජනපදය විසින් ජපාන නගර වන හිරෝෂිමා සහ නාගසාකි වෙත න්‍යෂ්ටික බෝම්බ හෙලීය. එහි අරමුන වූයේ ජපාන ජනතාව බිය ගැන්වීමට අමතරව සෝවියට් සංගමයට සහ සෙසු ලෝකයට භයානක අනතුරු ඇඟවීමක් යැවීම යි. මේ සමගම එතෙක් රුසියාව තුල සීමිත ලෙස සිදු වෙමින් තිබූ පරමානුක උපකරන සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු හදිසි වැඩපිලිවෙලක් බවට පත් විය.