හතරවන ජාත්‍යන්තරයේ ආරක්ෂාව සඳහා
සිල්වියා ඇජිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය
1940 අගෝස්තු 20 වන දින මෙක්සිකෝ නගරයේ උප නගරයක් වන කොයෝවාකාන්හිදී ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී. මේ මහා විප්ලවවාදියා වෙතට මර්කාඩර්ට ලං විය හැකි වූයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) සාමාජිකාවක් වූ සිල්වියා ඇජිලොෆ් සමඟ ඔහුට පැවති සම්බන්ධතාව නිසාය. ඝාතනයෙන් ඉක්බිතිව, ඇජිලොෆ් තමා මර්කාඩර්ගේ වංචනික කම් වල අහිංසක ගොදුරක් ලෙස පෙනී සිටියාය. එස්ඩබ්ලිව්පීය ඇගේ මෙම ප්‍රකාශය කිසි විටෙකත් අභියෝගයට ලක් කලේ නැත.
•එරික් ලන්ඩන්