දෙසැම්බර් 10 වැනි දා සෙනසුරාදා • ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට
යුක්රේනයේ යුද්ධය නැවැත්වීමට තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මහජන ව්‍යාපාරයක් සඳහා!
wsws.org/live පිටුව හරහා විකාශය වන ඔන්ලයින් රැස්වීමක්
දැන් ම ලියාපදිංචිවන්න!දෙසැම්බර් 10 වැනි දා සෙනසුරාදා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය යුක්රේනයේ යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.
සසජාතශි, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂවල ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය, යුද්ධයට එරෙහිව තරුනයින්ගේ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි.
යුක්රේනයේ යුද්ධය ගෝලීය ව්‍යසනයකින් කෙලවර වීමට පෙර එය නතර කල යුතු ය. ප්‍රතිවිපාක කුමක් වුවත්, සාහසික ව තම ගෝලීය භූ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටින නැටෝවේ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ බලපෑම සහ රුසියාවේ කතිපයාධිකාරී ධනේශ්වර පාලන තන්ත්රයේ උත්සන්න වන මංමුලාසහගත බව න්‍යෂ්ටික ගිනි ජාලාවක් දක්වා වර්ධනය වීමේ තර්ජනය මතු කරයි.
සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තිය වෙත යොමු වන පොදු අරගලයක් තුල යුද්ධයට එරෙහි ව තරුන ජනයා එක්සත් කිරීමේ ව්‍යාපාරයක් පන ගැන්වීමට සසජාතශි අරමුනු කරයි. අපි ලොව පුරා සිටින සිසුන්ට සහ තරුනයින්ට මෙසේ පවසමු: අපට අනාගතයක් තිබීමට නම්, අප ඒ සඳහා සටන් කල යුතුයි! පාලක පන්තීන් මුලු ලෝකයම වහ්නි ජාලාවක් බවට පත් කිරීමට කුමන්ත්රනය කරන විට අපට පසෙකට වී බලා සිටිය නොහැක!
සෙනසුරාදාදෙසැම්බර් 10රාත්‍රී 11.30ශ්‍රී ලංකා/ඉන්දියා වේලාව
වේලා කලාප වෙනස්වීම්
ලොස් ඇන්ජලීස්: පෙව 10.00
මැක්සිකෝ සිටි: පෙව 11.00
එක්සත් ජනපද නැගෙනහිර වේලාව: පව 1.00
සාඕ පාවුලෝ: පව 3.00
ලන්ඩන්: පව 6.00
පැරිස්/බර්ලින්: පව 7.00
කියෙවු: පව 8.00
ඉස්තාන්බුල්: පව 9.00
මොස්කවු: පව 9.00
බීජිං: පෙව 2.00 (ඉරිදා උදෑසන)
සිඩ්නි: පෙව 5.00 (ඉරිදා උදෑසන)
ලියාපදිංචිවන්න
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කරන මෙම රැස්වීම සහ ඉදිරි රැස්වීම්වල තොරතුරු ලබා ගැනීමට ඊමේල් ලිපිනය ඇතුලු කරන්න.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂවල ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට කෙරෙන සාහසික ධාවනය අවසන් කිරීම පිනිස තරුන ජනයාගේ ගෝලීය මහජන ව්‍යාපාරයක් ගොඩනගන ලෙස කැඳවුම් කරයි.
මෙම ප්‍රකාශය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට දේශපාලන සහයෝගය ප්‍රකාශ කර ඇති සංවිධානයක් වන, රුසියාවේ තරුන බොල්ෂෙවික්-ලෙනින්වාදී නියාමකයන් විසින් ඉදිරිපත් කරන ලද්දකි.