28-1 1980 අග භාගය සහ 1990 මුල් භාගය පුරා ශී‍්‍ර ලංකාව තුල තියුනු ආර්ථික හා දේශපාලනික අර්බුදයක්, ආධිපත්‍යය දැරීය. එල්ටීටීඊය සහ ඉන්දියානු හමුදාව අතර උතුරේ සටන් ඇවිලෙද්දී කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් අතර වැඩුනු අසහනය, රාජ්‍ය මර්දනයේ සහ ඉන්දු‐ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයේ සංකලනයක් මගින් අවමංත කරන ලදී. ජවිපෙ තුවක්කුකරුවෝ ගිවිසුමට ආධාරකල දේශපාලනඥයින් සහ පක්ෂ ඉලක්ක කර ගත්හ. ආන්ඩුව 1988 නොවැම්බරයේ දී යුද නීතිය පනවා වර්ජන හෝ විරෝධතා සංවිධානය කරන හෝ ඒවාට සහභාගි වන අයට මරන දඬුවම පැනවීමට අනුමැතිය දුන්නේය. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිටි එජාපයේ රනසිංහ පේ‍්‍රමදාස, 1988 දෙසැම්බර් ජනාධිපතිවරනය ජයගත් සැනින් ධනේශ්වර පාලනය ස්ථාවර කර ගැනීම සඳහා ජවිපෙ සමග ගනුදෙනුවකට මාන බැලුවේය.
28-2 රාජ්‍ය මර්දනයට ද “මවුබිම සුරැකීම” සඳහා ජවිපෙ කැඳවූ ‘වර්ජනයන්ට’ සහභාගිවන ලෙස දුන් විධානයන්ට විරුද්ධ වූ කවරෙකුට හෝ එල්ල කෙරුනු ජවිපෙ ෆැසිස්ට් ප්රහාරයන්ට ද මුහුන දී සිටි කම්කරු පන්තිය ඉදිරියේ දැන් එජාප ආන්ඩුව සහ ජවිපෙ අතර තථාභූත සන්ධානයක අන්තරාය මතු විය. ඉන්දු ලංකා ගිවිසුමට ද ජවිපෙ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ද යන දෙකටම විරුද්ධව කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් වැදුනු එකම පක්ෂය විකොස යි. මෙම පදනම මත 1988 ජූනියේදී විකොසට මහ බැංකු සේවක සංගමයේ නායකත්වය දිනා ගැනීමට හැකිවිය. තම ආස්ථානයේ ප්‍රතිඵලයක් ලෙස පොලිස් වටලෑම් හා අත් අඩංගුවට ගැනීම්වලට මෙන්ම, ජවිපෙ ප්රහාරයන්ට මුහුන දීමට ද විකොසට සිදුවිය. විකොස සාමාජිකයන් වූ ආර්.ඒ. පිටවෙල 1988 නොවැම්බර් 12 වන දින ද, පී.එච්. ගුනපාල 1988 දෙසැම්බර් 23 වන දින ද, ගේ‍්‍රෂන් ගීකියනගේ 1989 ජුනි 23 වන දින ද ජවිපෙ මැරයන් විසින් ඝාතනය කරන ලදෙ28-3 විකොස, ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂවල සහයෝගය සහිතව, 1988 නොවැම්බරයේ දී, රාජ්‍ය මර්දනයෙන් සහ ජවිපෙ ප්රහාරයන්ගෙන් කම්කරුවන් සහ ඔවුන්ගේ සංවිධාන ආරක්ෂා කරගනු වස් අවශ්‍ය ක්ෂනික හා සංයුක්ත පියවර ගැනීම සඳහා, කම්කරු පන්තියේ සියලු පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා උද්ඝෝෂනයක් ආරම්භ කලේය. කම්කරු පන්තික පක්ෂවලට ලිපියක් ලියමින් ශ්‍රී ලාංකික ධනේශ්වරයේ පක්ෂවලින්‐ එජාප, ශී‍්‍රලනිප සහ ශී‍්‍රලමප‐ බිඳී වෙන්වන ලෙස ද ‘මූලික ප්රජාතන්ත්රීය අයිතීන් රැක ගැනීම සඳහා කම්කරු පන්තියේ පන්ති ශක්තිය’ බලමුලු ගන්වන ලෙස ද විකොස කැඳවුම් කලේය. කම්කරු ආරක්ෂක බලකායන් සහ කි‍්‍රයාකාරී කමිටු, ඒකාබද්ධ පිකට් වැටවල් සහ මහ වැඩ වර්ජනයක් කැඳවුම් කල විකොස, අති දුෂ්කර තත්වයන් නොතකා තම ඉල්ලීම් සඳහා කම්කරු පන්තිය තුල බලගතු උද්ඝෝෂනයක යෙදී ගති. එක්සත් පෙරමුනක් සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙනගිය ජාත්‍යන්තර උද්ඝෝෂනයට ඕස්ට්‍රේලියාවේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ සහයෝගය ඇතිව, විකොස සාමාජිකයන් දෙදෙනෙකු ඕස්ටේ්රලියාවේ සහ නවසීලන්තයේ කල පුලුල් සංචාරයක් ද ඇතුලත් විය.
28-4 එක්සත් පෙරමුනක් කැඳවීම අවස්ථාවාදී පක්ෂවලට කිසිදු දේශපාලන සමාවක් ඇඟවුම් කලේ නැත. එම පක්ෂ ඒකමතිකව එක්සත් පෙරමුනට විරුද්ධ වූහ. ඔවුන් සියලුදෙනා වෙනුවෙන් කතා කල නසසප “නව නිර්ධන පන්තික ප්රතිසංස්කරනවාදී මහජන ප්රවනතාවක්” යයි ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශී්රලමපය) පින්තාරු කරමින් විකොස -යෝජිත එක්සත් පෙරමුන එය ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කල හෙයින් “කට්ටිවාදී” සහ “අති වාමාංශික” යයි හෙලා දුටුවේය. ශ්රීලමප, ලසප හා කොප සමග ඇති කර ගත් නසසපයේ “එක්සත් සමාජවාදී පෙරමුන” සම්භාව්‍ය මහජන පෙරමුනුවාදය ම විය. එහි අරමුන වූයේ එජාප ආන්ඩුවෙන් සහ රාජ්‍ය යන්ත්‍රයෙන් බැගෑපත් ලෙස රැකවරනය ලබා ගැනීමයි. තම පිලිතුරේදී විකොස මෙසේ අනතුරු ඇඟවීය: “ප්‍රථම කොටම, එය (එක්සත් පෙරමුන ප්‍රතික්ෂේප කිරීම) තම පන්ති සතුරාට එරෙහිව කම්කරු පන්තිය විසින් ගනු ලබන ප්‍රායෝගික පියවරයන්ගේ කි‍්‍රයාකාරී සංවිධානයට පරම සතුරු කි්රයාවකි. දෙවනුව, එය ධනපති කි‍්‍රයාමාර්ග මත තනන ලද පෙරමුනුවලට කම්කරු පන්තිය බැඳ තබයි, කම්කරු පන්තිය දුර්වල කොට දේශපාලනිකව නිරායුධ කරයි, කම්කරු පන්තිය සහ දුගී ගොවීන් ලේ විලක ගිල්වීම සඳහා පන්ති සතුරාට අවස්ථාව නිර්මානය කරදෙයි.” “වාම” පක්ෂ ආන්ඩුවේ මර්දන කි‍්‍රයා පිලිබඳ සියලූ විවේචන අත්හල අතර, ඔවුන් ඊට හිලව් ලෙස ආයුධ ලබා ගත්තේ සිය ගනන් සටන්කාමී කම්කරුවන් සහ වෘත්තීය සාංගමිකයන් තම ජීවිතවලින් මෙම ද්‍රෝහිත්වයට වන්දි ගෙවද්දී ය.