14-1 පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් සෑම අදියරක දී ම ලැබුනු ආධාර හා අනුග‍්‍රහය යටතේ ලසසප, 1953න් පසුව වේගයෙන් පරිහානි ගත විය. දශකයකට මඳක් වැඩි කාලයක් තුල පක්ෂය, ට්‍රොට්ස්කිවාදය සඳහා කුමන හෝ අරගලයක් අතහැර දමා, සිංහල වර්ගවාදය වැලඳගෙන, 1964 දී ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට ඇතුලු වෙමින්, කම්කරු පන්තිය පාවාදුන් අතර, ධනේශ්වර රාජ්‍යයේ කලමනාකාරිත්වයෙහි වගකීමට කර ගැසීය. ලසසපයේ පරිහානිය සෑම පියවරක දී ම, බන්ඩාරනායකට හා ශ‍්‍රීලනිපයට දේශපාලනිකව අනුගත වීම සමග දැඩි ලෙස බැඳී තිබුනි. එනම්, අවම වශයෙන් එහි (ශ‍්‍රීලනිපයේ) ආරම්භක අදියරයන්හි අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී වාචාලය සමඟ වෙලී තිබුනු සිංහල ජනතාවාදයේ වාර්ගික දේශපාලනයට ය. ශ‍්‍රීලනිපයට එරෙහිව තිරසාර, මූලධර්මාත්මක ආස්ථානයක් ගැනීමට ලසසපයට පැවති නොහැකියාව, සමසමාජවාදයේ සුලු ධනපති රැඩිකල් සම්ප‍්‍රදායන් කරා එහි ලුහුටා යාම සමඟ බැඳී තිබුනි. එය තවදුරටත් දේශපාලනිකව සමජාතීය පක්ෂයක් නොවීය. 1948 අලූත් “නිදහස්” රාජ්‍යය පිලිබඳ ප්‍රෝඩාවට එරෙහිව පැවැත්වූ යෝධ රැලිය තුල කැපී පෙනෙන ලෙස පෙන්නුම් කෙරුනු නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී සම්ප‍්‍රදායන් තුල, පැරනි බීඅල්පීඅයි සාමාජිකයින් ස්ථරයක් තවමත් මුල්බැස සිටියහ. කෙසේ වුවත්, පක්ෂයේ එන්ට එන්ටම ජාතිකවාදී වූ දිශානුගතවීම එන්.එම්. පෙරේරාගේ දක්ෂිනාංශික නායකත්වය විසින් තීන්දු කෙරුනු අතර, කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන වැනි පැරනි බීඑල්පීඅයි නායකයෝ ඊට අනුගත වූහ. අඩියෙන් අඩිය පෙරේරා, ශ‍්‍රීලනිපය හා සිංහල ජනතාවාදය විවෘතව වැලඳ ගැනීම කෙරෙහි පක්ෂය තුල පැවති ප‍්‍රතිරෝධය පරාජය කලේය.
14-2 1956 මැතිවරන සූදානම තුල බන්ඩාරනායක බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ තමන් කොන්කිරීම පිලිබඳව නොසතුටට පත්ව සිටි කුඩා ව්‍යාපාරිකයින්, බෞද්ධ භික්ෂූන් හා අයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු සිංහල සුලු ධනේශ්වරයේ කොටස් බලමුලු ගැන්වීමට උත්සුක විය. පරන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ පුරසාරම් කථා ඇද ගනිමින් බන්ඩාරනායක, සිංහලයින් වනාහි රටේ කටයුතුවල දී ප‍්‍රමුඛස්ථානයක් ලැබිය යුතු “අද්වීතීය ජන වර්ගයක්” බවට තර්ක කලේය. 1955 දී ශ‍්‍රීලනිපය, ඉංග‍්‍රීසි නොව, සිංහල හා දෙමල රටේ රාජ්‍ය භාෂා විය යුතුය යන එහි ප‍්‍රතිපත්තිය අතහැර දැමීය. ඒ වෙනුවට එය, අධිකරනය, රාජ්‍ය අංශයේ රැකියා, අධ්‍යාපන ක‍්‍රමය ඇතුලු සියලු නිල කටයුතුවල දී සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කරන “සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය කරතබා ගත්තේය. එසේම ඔහු, බෞද්ධාගමට විශේෂ නිල තත්වයක් පිරිනමන බවට ද පොරොන්දු විය. රාජ්‍ය ප‍්‍රතිපත්තියේ මෙහෙයුම් මූලධර්මය බවට සිංහල අධිපතිවාදය පත්කිරීමට යෝජනා කිරීම මගින් ශ‍්‍රීලනිපය, දෙමල හා දෙමල කථාකරන මුස්ලිම්වරුන් දෙවන පන්තියේ තත්වයකට පිරිහෙලීය. සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී සලුපිලිවලින් සිය සිංහල ජනතාවාදය සැරසීම සඳහා බන්ඩාරනායක, 1956 මැතිවරනයේ දී පිලිප් ගුනවර්ධනගේ විප්ලවකාරී ලසසපය සිය මහජන එක්සත් පෙරමුන (මඑපෙ) තුලට වැද්ද ගත්තේය.
14-3 සිංහල වර්ගවාදීන්ගේ ප‍්‍රචන්ඩ ප‍්‍රහාර හමුවේ ලසසපය, සිංහල පමනක් ප‍්‍රතිපත්තියට විරෝධය පෑ අතර දෙමල සුලුතරයේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. කෙසේ වෙතත් ලසසප නායකයින් යොදාගත් තර්ක, බීඑල්පීඅයිහි කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයෙන් කැපී පෙනෙන වෙන්වීමක් සලකුනු කලේය. ලසසපය ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සුජාතභාවය පිලිගත්තා පමනක් නොව, සිංහල පමනක් පිලිවෙත ජාතියට වලකපන්නේ යයි ද තර්ක කලේය. ඔවුන්ගේ විරුද්ධත්වය පදනම් වූයේ ජාතියේ එක්සත්කම ආරක්ෂා කිරීම මත මිස, කම්කරු පන්තියේ එක්සත්කම වෙනුවෙන් සටන් කිරීම මත නොවේ. 1955 ඔක්තෝබරයේ දී පාර්ලිමේන්තුවෙහි කල කථාවක දී එන්.එම්. පෙරේරා මෙසේ අනතුරු ඇඟවීය. “රටේ සදාතනික බෙදීමකට අපට මුහුන පෑමට සිදුවනු ඇත, අපට කිසි විටෙකත් එක්සත් ලංකාවක් නොලැබෙනු ඇත. එසේම අපට කිසිම පලක් නොමැති ඉමහත් ලේ වැගිරීමකට මුහුන පෑමට සිදුවනු ඇත, අවසානයේ දී මේ රට, බඩජාරී මහ බලවතුන්ගේ විජිතයක් හෝ පොර පිටියක් බවට පත්වනු ඇත.” [31] එය ප‍්‍රතිපත්ති මත පාදකව ගත් ආස්ථානයක් නොවීය. බන්ඩාරනායකගේ “සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය තිබිය දී ම ලසසප, ශ‍්‍රීලනිප සමග “නිතරඟ” මැතිවරන ගිවිසුමකට එලඹියේය. එමගින් එජාපයට ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස, මෙම ධනේශ්වර පක්ෂයට නිහඬ සහතිකයක් ලබා දුන්නේය. ශ‍්‍රීලනිපය විශාල ජයග‍්‍රහනයක් ලබා ගැනීමෙන් පසුව ලසසප, නව බන්ඩාරනායක ආන්ඩුවට “අනුකූලාත්මක සහයෝගිතාව” දැක්වීම පිලිබඳ ආස්ථානයකට පැන ගනිමින් වසරක් පාසා ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය ගෙනහැර දක්වන රාජාසන කථාවට 1956 හා 1957 දී ඡන්දය දුන්හ. එය බන්ඩාරනායක කෙරෙහි විවේචනශීලී වූයේ 1957 අග හරියේ වැඩ වර්ජන පැන නැගීමත් සමග පමනි.
14-4 ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ නව ආන්ඩුවේ ධාවනය පැවතුනේ සියලු ක්ෂේත‍්‍රයන්හි සිංහල ආධිපත්‍යය තහවුරුකර ගැනීමට ය. එය දෙමල ජනතාවගේ විරෝධතාවන් ද බන්ඩාරනායකගේ පැත්තෙන් දෙමල ප‍්‍රභූ පැලැන්තිය සමග සම්මුතියක් සඳහා දැරෙන කුමන හෝ උත්සාහයක් පාවාදීමක් ලෙස සැලකූ සිංහල අන්තවාදීන්ගේ ජන හිංසක රුදුරු ප‍්‍රති ප‍්‍රහාරයක් ද අවුලුවා ලීය. ඔහුගේ ආන්ඩුව ක‍්‍රියාවට නැඟූ සීමිත ජනසතු කිරීම් රාජ්‍ය අංශය ප‍්‍රසාරනය කල අතර සිංහල බහුතරය සඳහා රැකියා අවස්ථාවන් ද පුලුල් කලේය. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ප‍්‍රසාරනය කිරීමේ අරමුන වූයේ, පක්ෂයේ ගම්බද සිංහල ඡන්දදායකයින් අතර පදනමක් තහවුරු කර ගැනීම ය. කෙසේ වුවත් ආන්ඩුව, කම්කරුවන්ගේ හා ග‍්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අසමත්වූ අතර එය වැඩ වර්ජන හා විරෝධතාවන්ට තුඩු දුන්නේය. 1958 මාර්තුවේ දී මහජන ආරක්ෂක පනත ශක්තිමත් කිරීම මගින් එහි කම්කරු පන්ති විරෝධී ස්වභාවය ඉක්මනින් ම හෙලිදරව් වූ අතර කෙටි කලකට පසුව දහ මාසයකට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ද පැනවීය. ශ‍්‍රීලනිප සඳහා ගම්බද පදනම නගා සිටුවීමටත් කම්කරු පන්තිය බෙදීම සඳහාත් සිංහල වර්ගවාදී දේශපාලනය උපයෝගී කරගත් බන්ඩාරනායක, ඔහුගේ ම නිර්මිතයෙහි ගොදුරක් බවට පත් විය. 1959 සැප්තැම්බරයේ දී බෞද්ධ අන්තවාදියෙකු විසින් ඔහු ඝාතනය කරන ලදී. නැඟී එන කම්කරු පන්ති ව්‍යාපාරය පාලනය කර ගැනීමට ආන්ඩුවට නොහැකිවේ යයි බියට පත් ඔහුගේ ම පක්ෂයේ දක්ෂිනාංශය ද ඊට ගෑවී සිටියේය. ආන්ඩුවේ ඇමතිවරයෙකුව සිටි පිලිප් ගුනවර්ධන නෙරපා හල යුතු යයි ඒ වන විටත් එම දක්ෂිනාංශය බල කර තිබුනි. ගුනවර්ධන තම නව සිංහල වර්ගවාදී සංවිධානය සඳහා ද මඑපෙ යන නම උපයෝගී කරගති.
14-5 1960 වසර ලසසපයේ තවදුර දකුනට තල්ලුවීම සලකුනු කලේය. මැතිවරන දෙකෙන් මාර්තුවේ පැවැත්වූ පලමු මැතිවරනයේදී ලසසප, විප්ලවවාදී මාක්ස්වාදය පිලිබද සෑම ඡායා මාත‍්‍රයක්ම අතහැර දමා සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත වැලඳ ගත්තේය. එජාප හා ශ‍්‍රීලනිප මුලුමනින් ම අපකීර්තියට පත්ව ඇති බව කියා සිටිමින් පක්ෂය, පාර්ලිමේන්තුව හරහා “සමසමාජවාදී ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනයකට බැස ගත්තේය. සිංහල හා දෙමලට සමතැන සඳහා තම ඉල්ලීම අතහැර දමමින් ද වතු කම්කරුවන් ගැන කිසිදු සඳහනකින් තොරව ශ‍්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩු අතර පුරවැසි භාවය පිලිබඳ ප‍්‍රශ්නය සාකච්ඡා කල හැකි බව දැන් කියා සිටිමින් ලසසප, භාෂා ප‍්‍රශ්නය හා පුරවැසි ප‍්‍රශ්නය පිලිබඳ සිය පූර්ව ආස්ථානය සැලකිය යුතු තරමින් දියකර හැරියේය. ලසසප මැතිවරන ව්‍යාපාරය “බලය සඳහා තීරනාත්මක අරගලයක්” ලෙස විස්තර කරමින් පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය, එහි පාර්ලිමේන්තු තකතිරුකම හා වාර්ගික දේශපාලනයට අනුගතවීම, උද්යෝගයෙන් අනුමත කලේය.
14-6 බලයට පත්වීම කෙසේ වෙතත් ලසසප, 1956 මැතිවරනයේදීටත් වඩා අඩු ආසන සංඛ්‍යාවක් හිමිකරගත් අතර එය පක්ෂය තුල අර්බුදයක් අවුලුවාලීය. අවස්ථාව ඩැහැ ගත් එන්.එම්. පෙරේරා, පක්ෂය ශ‍්‍රීලනිප සමග ධනපති ආන්ඩුවකට ඇතුල් වීමට සූදානම් විය යුතු යයි ප‍්‍රථම වතාවට යෝජනා කලේය. ඔහුගේ යෝජනාව මැයි මාසයේ පක්ෂ සමුලුවේ දී අනුමත වුවත් ඡන්දයෙන් තෝරා පත්කරගත් මධ්‍යම කාරක සභාව තුල ඔහුගේ දක්ෂිනාංශය සුලුතරයක් වීම නිසා එය ක‍්‍රියාවට නැගීම වැලකී ගියේය. එහෙත් කෙටි කලක් පැවති එජාප ආන්ඩුව බිඳ වැටී 1960 ජූලි මාසයේ නව මැතිවරනයක් කැඳවූ කල, ලසසපය ශ‍්‍රීලනිප සමග නිතරග ගිවිසුමකට එලඹියේ ය. බන්ඩාරනායකගේ වැන්ඳඹුවගේ නායකත්වයෙන් නව ශ‍්‍රීලනිප ආන්ඩුවක් පත්වූ කල ලසසපය, එහි පලමු රාජාසන කථාවට ද ප‍්‍රථම අයවැය ලේඛනයට ද ඡන්දය දෙමින් එහි මුලු ප‍්‍රතිපත්තියට ම සහයෝගය පල කලේය.
14-7 පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය (අයිඑස්) තම දියාරු විවේචන එල්ල කිරීමට පටන් ගත්තේ දැන් ය. 1956 දී ලසසපය පූර්වයෙන් ශ‍්‍රීලනිප සමග ඇති කර ගත් නිතරග ගිවිසුමට හා “අනුකූලතා සහයෝගය” සඳහා එය විරුද්ධත්වයක් පලකොට නොතිබුනි. 1960 මාර්තු මැතිවරනයේ දී ලසසපයේ සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත පිලිබඳ අයිඑස්ට පැවති එකම විවේචනය වූයේ, එය සාර්ථක නොවූ බව හා මැතිවරන පරාජයට හේතු සොයා ගැනීම සඳහා “ප‍්‍රගාඪ පරීක්ෂනයක්” අවශ්‍ය බවයි. කෙසේ වුවත් එන්.එම්. පෙරේරා ධනපති ආන්ඩුවකට ඇතුල්වීමට යෝජනා කිරීමත් සමඟ අයිඑස්, තමන්ගේ ම අමු අවස්ථාවාදය සඳහා දේශපාලන ආවරනයක් සැකසීමට පටන් ගත්තේය. “නිතරග ගිවිසුම, මහජනතාව අතර ශ‍්‍රීලනිප ස්වභාවය කෙරේ මිත්‍යාවන් නිර්මානය කිරීමේ” අන්තරායක් මතු කරන්නේ යයි එය ප‍්‍රමාදවී ප‍්‍රකාශ කලේය. එහි හයවන ලෝක සමුලුව, ආන්ඩුවේ රාජාසන කථාවට හා අයවැය ලේඛනයට ලසසප දුන් සහයෝගය හෙලා දුටුවේය. එහෙත්, “යටත් විජිත හෝ අර්ධ යටත් විජිත රටක කම්කරු පන්තික නොවන ආන්ඩුවකට (එය මධ්‍යම පන්තික වුවත් ධනේශ්වර වුවත්) විවේචනාත්මක සහයෝගය” පුද කිරීම අයිඑස් බැහැර නොකලේය. ඒ අනුව එය ලසසපයේ දකුනට මාරුව අනුමත කල අතර, එහි අඛන්ඩ අවස්ථාවාදය සඳහා යුක්තිකරනයක් සම්පාදනය කලේය.
14-8 එසේම සෝවියට් සංගමයේ හා චීනයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ට ලසසපයේ අනුගත වීම ද පැබ්ලෝවාදය අනුමත කලේය. 1956 හංගේරියානු නැගිටීමෙන් ඉක්බිත්තේ 1957 දී, එඩ්මන්ඩ් සමරක්කොඩි හා කොල්වින් ආර්. ද සිල්වා ඇතුලු ලසසප නියෝජිත පිරිසක් නිල ආරාධිතයින් ලෙස මොස්කෝවේ සංචාරය කල අතර සෝවියට් හමුදාව විසින් හංගේරියානු කම්කරුවන් මැඩීම පිලිබඳව කිසිවක් සඳහන් නොකලහ. ඒ වසරේදී ම ලසසප පුවත්පත, “චෞ එන්-ලායිට ප‍්‍රනාමය” යන හිසින් කතුවැකියක් පලකරමින් “චීන විප්ලවය ජයග‍්‍රහනය කරා මෙහෙයවූ මෙම මිනිසුන් කල දැවැන්ත කැපකිරීම්” වෙනුවෙන් චීන විදේශ ඇමති හා ඔහුගේ සෙසූ ස්ටැලින්වාදී හවුල් කරුවන් උත්කර්ෂයට නැංවීය. ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය කතුවැකියක් පලකරමින් ලසසප විවේචනය කලේය. “චෞ එන් ලායි හා චීන කොමියුනිස්ට් පක්ෂය ‘චීන විප්ලවය ජයග‍්‍රහනය කරා’ මෙහෙයවූයේ නැත. එම ජයග‍්‍රහනය සමග ඔවුන් යුක්ති සහගතව අනන්‍ය කල ද නොහැකිය.” යනුවෙන් එහි සඳහන් විය. චීනයට යාමට නියමිත ලසසප නියෝජිතයින්, චීන ට්‍රොට්ස්කිවාදීන් නිදහස් කරන ලෙස තදින්ම ඉල්ලා සිටිය යුතු බව ද එස්ඩබ්ලිව්පීය කියා සිටි නමුත් ලසසප නායකයෝ එසේ කිරීම තරයේ ප‍්‍රතික්ෂේප කලහ.
Blows Against the Empire (අධිරාජ්‍යයට එරෙහි ප‍්‍රහාර), 169 පි.