ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ගොවීන් මෙන් ම, යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ගොවීන් ද, දේශගුනික විපර්යාස නිසා ඇති වූ ගංවතුරෙන් සහ නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
කන්නයේ වී වගාව අතරතුර සහ අස්වැන්න නෙලන කාලය තුල වර්ෂාපතනය වැඩිවීම, ගොවීන්ගේ අස්වැන්න කෙරෙහි විශාල බලපෑමක් ඇති කර තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් වගා බිම්වල වැඩිපුර ජලය එක්‍රැස් වීම නිසා බෝග කුනු වී විනාශ විය. සමහර ගොවීන්ට තම ධාන්‍ය අස්වැන්න නෙලා ගැනීම ප්‍රමාද විය. වගා බිම්වල ජලය එක්‍රැස් වීම නිසා ගොවීන්ට වී අස්වනු නෙලන යන්ත්‍ර භාවිතා කිරීමට නොහැකි වූ අතර අස්වැන්න අතින් නෙලා ගැනීමට සිදු විය.
ගංවතුරෙන් හානි වූ අස්වැන්න ප්‍රයෝජනයට ගත හැකි තත්වයේ නොතිබූ නිසා ගොවීන් ඒවා කුඹුරුවල ම පුලුස්සා දැමූහ. ඒ හා සමානව, නෙලා ගත් වී අස්වැන්න වියලා ගැනීමට නිසි ස්ථාන නොමැතිකම හේතුවෙන්, ගොවීන්ට ඒ සඳහා මාර්ග දෙපස භාවිතා කිරීමට සිදුවිය.
ගොවීන් සීසෑම, වැපිරීම, අස්වනු නෙලීම, යන්ත්‍රෝපකරන කුලියට ගැනීම, පලිබෝධනාශක සහ පොහොර සහ ශ්‍රමිකයින් කුලියට ගැනීම සඳහා විශාල වියදම් දරා ඇත. ඔවුන් දේශීය මුදල් නය දෙන්නන්ගෙන් සහ බැංකුවලින් මුදල් නයට ගෙන ඇති අතර සමහරු තම ආභරන උකස් කර ඇත. පොලී අනුපාත වැඩි වුවද, ඔවුන්ගේ ආදායම නය ආපසු ගෙවීමට පවා ප්‍රමානවත් නොවේ.
උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහෙන් දිස්ත්‍රික්ක හතරක ගොවීන්ට කන්න දෙකේ වගා කටයුතු සඳහා වැව් ජලය භාවිතා කල හැකිය. යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි ජලය මත පමනක් විශ්වාසය තැබීමට සිදුවේ.
වැසි ජලයෙන් වැව් අධික ලෙස පිරී ගිය විට සොරොව් දොරටු විවෘත කරනු ලබන අතර, බොහෝ විට එමඟින් මෙම ප්‍රදේශවල ගංවතුර ඇති වී ගොවීන්ගේ වී වගාවන් සෝදාපාලුවට ලක් වේ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ජලය සපයන ඉරනමඩු වැව මත යැපෙන බොහෝ ගොවීන් මෙම විනාශකාරී තත්වයට මුහුන දී සිටිති. මෙම වැව මත යැපෙන කෘෂිකාර්මික ඉඩම් අක්කර 21,985 ක් පමන ඇත. ඒවායේ පිට-ජලය (ප්‍රයෝජනයට ගෙන ඉවත් කරන ජලය) මත යැපෙන තවත් කෘෂිකාර්මික ඉඩම් තිබේ.
ගොවීන් තම ජීවනෝපාය සඳහා කෘෂිකර්මාන්තය මත විශ්වාසය තැබුවද, ඔවුන් දරිද්‍රතාවයෙන් සහ නය බරින් මිරිකී, මූලික පහසුකම් ලබා ගැනීමට පවා අරගල කරමින් සිටිති. වසර 26 ක ලේ වැකි වාර්ගික යුද්ධය හේතුවෙන් මෙම තත්වය දෙගුන වී ඇත. හමුදාව විසින් එල්ල කරන ලද දරුනු බෝම්බ ප්‍රහාරවලින් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ; සමහරුන් ආබාධිත වී ඇත, ඇතැමුන්ගේ දේපල විනාශ වී ඇත. බොහෝ දෙනෙක් තවමත් ජීවත් වන්නේ අඩක් නිම කල නිවාසවල ය.
වත්මන් ජනතා විමුක්ති පෙරමුනු / ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සමාජ කප්පාදු දිගටම කරගෙන යයි. එමඟින් විදේශ නය ආපසු ගෙවීමේ බර සහ එහි පොලිය කම්කරුවන් සහ ගොවීන් මත පටවනු ලැබේ. පොහොර සහ පලිබෝධනාශක මිල මෙන්ම යන්ත්‍රෝපකරන කුලියට ගැනීමේ පිරිවැය ද තියුනු ලෙස ඉහල ගොස් ඇත.
ගොවීහු තම තත්වය පිලිබඳව අපගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට කතා කලහ. ඔවුන්ගේ ගම්මානය වන පෙරියකුලම්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26 වසරක වාර්ගික යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
අයියම්පිල්ලේ තුරෙයියා - පෙරියකුලම්
“අපි 1972 දී කිලිනොච්චියේ පදිංචි වුනේ වනාන්තර ප්‍රදේශය එලි පෙහෙලි කරගෙන. ඒ කාලේ, අපි අද වගේ විශාල විනාශයකට මුහුන දුන්නේ නැහැ. දැන් තමයි දරුනු ගැටලුවලට මුහුන දෙන්නේ. ඉරනමඩු වැවේ වාන් දොරටු විවෘත කරන සෑම අවස්ථාවකම කුඹුරු ජලයෙන් යට වෙනවා විතරක් නෙවෙයි, අපේ ගෙවල්වලටත් ජලය ඇතුලු වෙනවා.
'ගංවතුර ඇති වූ විට, අපට නිතරම අපේ නිවෙස්වලින් ඉවත් වී පාසල්වල රැඳී සිටීමට සිදු වෙනවා. පාරවල් ජලයෙන් යට වුනාම ප්‍රවාහනය නවතිනවා. මේ නිසා අපි, ගොවීන් 15 දෙනෙක් පෙත්සමක් අත්සන් කර ආන්ඩුවට යවා, අපගේ ප්‍රදේශයේ ඇලක් සහ පොකුනක් ඉදිකරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අනුප්‍රාප්තික ආන්ඩු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.'
ඔහු අක්කර පහක ඉඩමක වී වගා කලත්, අස්වැන්න ලෙස නෙලා ගැනීමට හැකිව ඇත්තේ මලු 14 ක් පමනි. මේ නිසා ඔහුට නය පවා ගෙවා ගැනීමට නොහැකිව තිබේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙක් සිටිති. අස්වැන්න අහිමි වීම නිසා පවුලට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා පවා සපුරා ගත නොහැක. කෘෂිකර්මාන්තය සඳහා ගත් නය රුපියල් ලක්ෂ 5 කට ආසන්න ය.
'අපේ ගමේ වතුර බොන්න සුදුසු නෑ. පානීය ජලය ගන්න අපිට ගොඩක් දුර ඇවිදින්න වෙනවා. අපේ දරුවන්ට පාසලට යන්න කිලෝමීටර් 4 ක් විතර ඇවිදින්න වෙනවා. පාසලට යන්න බස් පහසුකම් නැහැ. මෙහෙ වෙලඳපොල පහසුකමක්වත් නැහැ. ලඟම තියෙන නගරයකට යන්න කිලෝමීටර් 10 ක් විතර යන්න වෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.
එස් පරංචෝති – කුංචුපරන්තන්
'අපි මේ ගමේ ගොඩක් කාලෙක ඉඳන් ජීවත් වෙනවා. පවුල් 55 ක් මෙතන ජීවත් වෙනවා. අපේ ප්‍රධාන රැකියාව කෘෂිකර්මාන්තය. මේ පාර මම අක්කර දෙකක වී වගා කලා, නමුත් ඉරනමඩු වැවේ සොරොව්ව විවෘත කරපු නිසා අපේ කුඹුර සේදී ගිහින්. වගා කරන්න මම රුපියල් 170,000 ක නයක් ගත්තා. මම පොඩි ව්‍යාපාරයකුත් කරනවා. දැන් මට මේ ව්‍යාපාරයෙන් උපයන ආදායමෙන් නය ගෙවන්න වෙනවා.'
කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට තම ගමේ “සේරුක්කන් වැව” ප්‍රතිසංස්කරනය කර දෙන ලෙස ගම්වැසියන් ආන්ඩුවේ බලධාරීන්ට කිහිප වතාවක්ම ආයාචනා කර ඇතත් ආන්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.
කුංචුපරන්තන් ගම්මානය කිලිනොච්චි නගරයේ සිට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටා ඇත. අලෙවිකරනය ඇතුලු අවශ්‍යතා සඳහා ගම්වැසියන්ට එහි යාමට සිදුවේ. පාසල පිහිටා ඇත්තේ කිලෝමීටර් 6 ක් දුරිනි. භූගත ජලය ලුනු සහිත වන බැවින් පානය කිරීමට නුසුදුසු ය. ගම්වැසියන්ට කිලිනොච්චියේ සිට පැමිනෙන බවුසර් වලින් ජලය ලබා ගැනීමට සිදු වේ.
රෝහල පිහිටා ඇත්තේ කිලිනොච්චියේ ය. ගම්වැසියන් පරම්පරා ගනනාවක් තිස්සේ එහි ජීවත් වුවද, මෙම ඉඩම් සඳහා නිසි රාජ්‍ය ඔප්පු නොමැති අතර ඇත්තේ අවසර පත්‍ර පමනි. වඩාත්ම වැදගත් දෙය නම්, ඉඩමේ ලුනු සහිත ස්වභාවය වෙනස් කිරීමට පියවර ගත යුතු වීම යි. ගංවතුර වැලැක්වීමට පියවර ගැනීම සහ නිසි පිට-ජල පද්ධතියක් සැපයීම අත්‍යවශ්‍ය බව පරංචෝති අවධාරනය කලේය.
යුද්ධයෙන් ජනතාව බෙහෙවින් පීඩාවට පත් වූ බව එම්. ජෙයකුමාර් පැහැදිලි කලේය. ඔවුහු බොහෝ ස්ථානවල, බොහෝ විට සරනාගත කඳවුරුවල ජීවත් වූහ. “දැන් අපි ගංවතුර නිසා සරනාගතයින් බවට පත් වී පාසල්වල ජීවත් වෙන්නෙ. අපට දරිද්‍රතාවයේ ජීවත් වීමට සිදු වී තිබෙනවා. අපට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වීම අමාරුයි.'
ඊ. ඊශ්වරන් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයෙක්
'ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශයේ වගා හානි සිදුවී ඇති ගොවීන්ගේ තත්වය කනගාටුදායකයි. කොතරම් හානියක් සිදු වුනත්, ගොවීන්ට වන්දි ලබා දෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි, බෝග පරීක්ෂකවරුන් පැමිනෙන තෙක් ගොවීන්ට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වේවි. බීජ මිල, පොහොර සහ පලිබෝධනාශක ගැටලු හේතුවෙන්, මම මේ වසරේ වපුරන්නේ නැහැ. මේ ආන්ඩුවත් ජනතාවට වංචා කරලා.'
ආන්ඩුව ගොවීන් සඳහා විවිධ යෝජනා ක්‍රම ප්‍රකාශයට පත් කර ඇතත්, ඒ කිසිවක් ක්‍රියාත්මක කර නොමැත. වී මිලදී ගැනීම සඳහා සැබෑ ස්ථාවර මිලක් නොමැත. රජයේ බලධාරීන් සම්පූර්න අස්වැන්න මිලදී ගැනීමට පියවර ගෙන නොමැත.
කිලිනොච්චියේ පුද්ගලික වෙලෙන්දෝ ගොවීන්ගෙන් ඉතා අඩු මිලට වී මිලදී ගනිමින් සිටිති. රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 112 කට, කැකුලු සහල් රුපියල් 128 කට, සුදු නාඩු සහල් රුපියල් 97 කට සහ කැකුලු සහල් රුපියල් 113 කට මිලදී ගන්නා බව ගොවීන් වාර්තා කරයි.
ඊට අමතරව, වී මිටි වශයෙන් ද මිලදී ගනු ලැබේ. ජනතාව වී පිරවූ ගෝනියක් රුපියල් 8,500 කට විකුනති. ගෝනියක කිලෝග්‍රෑම් 69 ක් අඩංගු විය යුතු බව කියනු ලැබේ. කෙසේ වෙතත්, ගෝනියක කිලෝග්‍රෑම් 72 ක් හෝ 75 ක් පමන අඩංගු විය හැකි නමුත්, වෙලඳුන් අමතර කිලෝ ගනන සඳහා මුදල් නොගෙවන අතර එමගින් ගොවීන්ට තවදුරටත් පාඩු සිදු වේ.