ගාසාවේ ජනසංහාරය ගැන සැඳහුමක් ලෙස “සියළු ජීවිත සමානය” යනුවෙන් තම පාවහන්වල ප්‍රදර්ශනය කිරීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට තහනම් කෙරේ

[මෙය Australian cricketer banned from displaying “all lives are equal” on his shoes in reference to Gaza genocide යන මැයෙන් 2023 දෙසැම්බර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය දෙමස තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන මෘග ප්‍රහාරයන්ගේ කිසිදු අඩුවක් දක්නට නොලැබේ. ගාසාව තුල ඊශ්‍රායලය ගෙනයන ජන සංහාරයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල එම විරෝධතා තහනම් කිරීම පොලිස් රාජ්‍ය පියවර සඳහා ප්‍රමුඛ හැරී ගැනීමකි. සැම තැනකම මෙම සමූහ ඝාතනයට විරුද්ධවන්නන් තර්ජනයට ලක් කෙරෙන අතර පච සහ බොරු චෝදනා මගින් ඔවුන්ට අපවාද එල්ල කරනු ලැබේ.

එම තතු තුල, මෙම මුග්ධ, අශෝභන වාරනයේ තවත් එක් පියවරක් ක්‍රිකට් පාලනාධිකාරිය විසින් සටහන් කෙරුනි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා 2023 ජූලි 31 වනදා ලන්ඩන් හි ඕවල් හීදී [ඒපී ඡායාරුප/ක්‍රිස්ටි විගල්ස්වර්ත්] [AP Photo/Kirsty Wigglesworth]

මෙම සතියේදී ඔවුහු, ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජාට සිය පාවහන්වල “සියළු ජීවිත සමානය” සහ “නිදහස මිනිස් අයිතියකි” යන පාඨයන් ප්‍රදර්ශනය කිරීම තහනම් කලේය. කවාජා පසුගිය බ්‍රහස්පතින්දා පර්ත් හි ආරම්භ වූ පකිස්ථානයට එරෙහි පලමු ටෙස්ට් තරඟයේදී එම ප්‍රකාශ සිය සපත්තුවල පැලඳීමට සැලසුම්කර සිටියේය.

බදාදා සමාජ මාධ්‍ය වෙත නිකුත් කල වීඩියෝවකින්, කවාජා හෙලිදරව් කලේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) එම පාඨයන් ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස උපදෙස් දුන් බවයි. ජාත්‍යන්තර පරිපාලන අධිකාරිය මෙම නියාමනය ඉදිරිපත් කලේ දේශපාලනික හෝ “භේදකාරී” විභවයක් සහිත දේ පෙර අනුමැතියකින් තොරව ක්‍රීඩා උපාංග වල ප්‍රදර්ශනය කල නොහැකිය යන කාරනාව මත පදනම්වය.

නමුත් කවාජා මෙම සතියේ මුලදී මාධ්‍ය වෙත සඳහන් කලේ මෙම පාඨයන් දේශපාලනික ඒවා නොව මානුෂීය ඒවා බවයි.

එම පාඨයන් ගාසාවේ ජන සංහාරය පිලිබඳ සඳහනක් ලෙස සැලකිය හැකිව කිබූ බැවින්, අයිසීසීයේ මෙම තීන්දුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලනාධිකාරයේ සහයෝගය සහිතව සිදු කෙරුනු බව පැහැදිලිය.

එක්සත් ජනපද රැප් ගායක රිස් අහමඩ්, ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අහිංසක ජනතාව මරා දැමීම හෙලා දකිමින් පල කර ප්‍රකාශයක් කවාජා, ඔක්තෝබරයේදී යලි නිකුත් (Retweet) කලේය. අහමඩ් ගේ පනිවිඩය ඊශ්‍රායලයේ වාඩිලා ගැනීම හෙලා දුටු අතර ඊශ්‍රායලය ගෙන යන යුද අපරාධ පිලිබඳව අනතුරු අඟවමින් “අපි ගාසාවේ ජනතාවගේ සපත්තු වලට බැසිය යුතුයි.” (ගාසාවේ ජනතාව මුහුන දෙන කොන්දේසි ගැන සහානුභූතී වීම-පරිවර්තක) යනුවෙන් අවධාරනය කලේය.

තහනම් කර ඇත්තේ මූලික සත්‍යයන් පමනක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව අයිතීන් සම්බන්ධයෙන් නිකුත් කරන වඩා සාමාන්‍ය ප්‍රකාශ පවා මතභේදයට තුඩුදෙන ඒවා ලෙස, දැන් අයිසීසීය වැනි නිල ආයතන විසින් බරපතල ලෙස සලකනු ලැබේ.

සංගත අවශ්‍යතා සහ ආන්ඩු සමග පෙලගැසුනු ආයතන අතර සංකීර්න සම්බන්ධතා ජාලයක් මත පාදකව ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට, දිග හැරෙමින් පවතින ගාසා සංහාරය සම්බන්ධිත වඩා වක්‍ර සැඳහුමකින් පවා අවමන් කල නොහැක.

කවාජාගේ පාවහන් වලට එරෙහිව පියවර ගනු ලැබුවේ, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වල ආන්ඩු ඊශ්‍රායලයේ බෝම්බ දැමීමේ සාපරාධී ස්වභාවය තිබියදීම ඊට තියුනු සහ උද්වේගකාරී සහයෝගය දක්වමින් සිටින කොන්දේසි තුලය.

බදාදා සමාජ මාධ්‍ය වෙත නිකුත්කල වීඩියෝවක කවාජා මෙසේ කීවේය: “මට මීට වඩා වැඩි යමක් ප්‍රකාශ කිරීමට ඇත්තේ නැහැ. එය අවශ්‍යත් නෑ. නමුත් මීට එරෙහි වන හැම අයෙක්ම ඔවුන්ගෙන්ම මෙම ප්‍රශ්න අසා ගත යුතුය: සියල්ලන්ටම නිදහස නැද්ද? සියල්ලන්ගේම ජීවිත සමාන නොවේද?”

මෙම ආස්ථානයට එරෙහිව සමාජ මාධ්‍ය ඇතුලු අනෙක් තැන් වල එල්ල කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු මෙසේ කීවේය: 'අපි ඒ ගැන අවංකව කතා කලහොත්, මම සියලු ජීවිත සමාන යැයි කීවොත්', 'මට කතාකොට බැනවැදීමේ තරමට මිනිසුන් කෝප ගැන්වෙන්නේනම්, එය විශාල ප්‍රශ්නයක් නොවේද? මෙම පුද්ගලයින් නිසැකවම මා ලියා ඇති දේ විශ්වාස නොකරන අතර, කී දෙනෙකුට මේ ආකාරයෙන් දැනෙනවාද යන්න ගැන අතලොස්සක් දෙනා පමනක් කම්පනයට පත් වනු ඇත.”

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ඊශ්‍රායලයේ සියොන්වාදී සහායකයින්ට අමතරව ට්විටර්/එක්ස් හී කවාජාව හෙලා දකින්නන්, අබොරිජින්වරුන්ට, සරනාගතයින් සහ අනෙකුත් පීඩිත කොටස් වලට සතුරු අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් ද සමන්විතය. අයිසීසීයේ පියවර මගින් මෙම බලවේග වලට උත්තේජනයක් ලැබී ඇත. කෙසේ වෙතත් කවාජා, ඔහුගේ ධෛර්‍යය සම්බන්ධයෙන් පිලිගත් ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද ඇතුළුව සාමාන්‍ය මිනිසුන් අතරින් අති මහත් සහයෝගයක් දිනාගෙන ඇත.

මුස්ලිම් ජාතිකයෙකු වන කවාජා අවධාරනය කලේ ඔවුන්ගේ වර්ගය හෝ ආගම ගැන නොතකා සියළු ජීවිත සමාන වන බවට ඔහු සිතන බවයි.

“මෙය මගේ හදවතට ඉතා සමීපයි. අහිංසක කුඩා ලමුන් මියයනු දකිනවිට මට මතක් වෙන්නේ මගේ දූලා දෙන්නා. එය ඔවුන්ට වුනා නම් කොහොමද? කවුරුවත් ඔවුන් ඉපදුනෙ කොහෙද කියලා තෝරන්නෙ නෑ. ලෝකය ඔවුන්ට පිටුපස හරවා සිටින බවක් මට පෙනෙනවා. හදවතට එය දරාගත නොහැකියි. මම උස්මහත් වෙනකොට දැනගත්ත මගේ ජීවිතය අන් අයගෙ ජීවිත වලට සමාන නෑ කියල, නමුත් වාසනාවට, මියෙනවාද? ජීවත් වෙනවද? කියල හිතෙන තරමට බරපතල අසමානතාවයක් තිබෙන සමාජයක මම කවදාවත් ජීවත්වෙලා නෑ' යැයි ඔහු කීවේය.

ඊශ්‍රායලයේ බෝම්බ දැමීමෙන් ඇති කෙරුනු සැබෑ විනාශය තවදුරටත් ඒවාට හසුවූවන් සුන් බුන් අතර සිර වී සිටීම හේතුවෙන් තවමත් නොදන්නා නමුත් පසුගිය සති නමය තුල ගාසාවේ ලමුන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ බෝම්බ මගින් මරනයට පත් කර ඇති බවට තක්සේරු කෙරේ.

තම පාවහන්වල පැලඳීමට නියමිත පාඨයන් දේශපාලනික ඒවා බවට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කවාජා ඒවා විස්තර කරන්නේ “මානුෂීය ආයාචානාවන්” ලෙසය. එම තීන්දුවට අනුව කටයුතු කරන නමුත් එයට අභියෝග කරන බව ඔහු කියා සිටියේය. බ්‍රහස්පතින්දා කලු අත් පටියක් පැලඳ කවාජා පිටියට පිවිසියේය. ඔහු එම සපත්තු යුගලයම පැලඳි නමුත් පාඨයන් ටේප් මගින් ආවරනය කොට තිබුනි.

මෙය පෙන්නුම් කරන්නේ ජන සංහාරය මගින් හෙලිදරව් කර ඇති සමාජයේ ගැඹුරු ධ්‍රැවාන්තගත වීමයි. ආන්ඩු සහ ඒවායේ නිල ආයතන සාමාන්‍ය වැසියන් සමූල ඝාතනය කිරීම සිය ප්‍රතිපත්තිය ලෙස පිලිගනිද්දී මහජනතාව දශක කිහිපයක් තුල විශාලම යුද විරෝධී ව්‍යාපාරය සටහන් කරමින් වීදි වලට බැස ඇත.

දක්ෂිනාංශකයින් සහ නිල දේශපාලනික බලවේග සමග පෙලගැසුනවුන්, ක්‍රීඩකයින් නිකුත් කරන ඕනෑම විරුද්ධවාදී අදහසක් වැලැක්වීමට, ක්‍රීඩාව සහ දේශපාලනය එකිනෙකින් වෙන් විය යුතු බවට කරන ප්‍රකාශ සැමවිටම විකාරයකි.

එංගලන්තය ඉහල පැලැන්ති වල සාමාජිකයින් ක්‍රීඩාකල සහ ඔවුන්ගේ පැරනි යටත් විජිත වලට හඳුන්වා දුන් ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් කල, යුද්ධයත් ඇතුලුව ක්‍රීඩාව සහ දේශපාලනය අතර සම්බන්ධය පැහැදිලිය. එංගලන්තය සහ එය විසින් එම ක්‍රීඩාව රෝපනය කරන ලද පැරනි යටත් විජිතයන් හි ඉහලපෙලේ ක්‍රිකට් සම්බන්ධයෙන් මෙය සුවිශේෂිත ය.

බ්‍රිතාන්‍යය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනැගීමට පියවර ගනු ලැබූයේ සිය අධිරාජ්‍යවාදී සහ යටත් විජිත ආධිපත්‍යය පිරිහී යමින් පැවති අවුරුදු තුලය. බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ සහ දකුනු අප්‍රිකාවේ සහභාගීත්වය පමනක් සහිතව 1909 අයිසීසීයේ පූර්වගාමී ආයතනය පිහිටුවන විට වඩාත් සුදුසුම ආකාරයෙන්ම එය නම් කෙරුනේ 'අධිරාජ්‍යවාදි ක්‍රිකට් සම්මේලනය' ලෙසයි.

1989 වන තෙක්, අයීසීසීයේ සභාපති ධූරය නිසඟයෙන්ම හිමිවූයේ ලන්ඩනයේ බ්‍රිතාන්‍ය ප්‍රභූව විසින් අධිකාරය දරන පුද්ගලික සමාජයක් වන මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්සීසී) සභාපතිවරයාටය. එම්සීසීය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීතී තීන්දු කිරීම සහ පාලනය කිරීම ඉදිරියට ගෙන ගියේය.

වර්තමානයේදී අයීසීසීය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි පොදු රාජ්‍ය මන්ඩලීය අධිරාජ්‍යවාදී බලයන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට විශාලම ශ්‍රාවකත්වයක් සහ දැවැන්ත ලාභයක් අත් කර දෙන ඉන්දියාවේ ක්‍රිකට් පාලනාධිකාරීන් අතර අශුද්ධ සන්ධානයක් වැනි යමකි. ක්‍රිකට් පාලනාධිකාරී ආයතනයේ මූලස්ථානය පිහිටන්නේ එම ක්‍රීඩාවට නොගිනිය හැකි මට්ටමේ සම්බන්ධකම් පවතින නමුත් මුදල් විශාල වශයෙන් සංසරනය වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.

ඉන්දියාවේ ක්‍රිකට් පාලානාධිකාරියට ජනාධිපති නරේන්ද්‍ර මෝඩිගේ ආන්ඩුව සමග සමීප සම්බන්ධතා පවතී. ඔහුගේ පාලනාධිකාරිය සිවිල් ක්‍රියාකාරිකයින්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව එල්ල කරන දේශපාලනික ප්‍රහාර හේතුවෙන් ඇතැම් සංවිධාන එය නම් කරන්නේ “මැතිවරනමය ආඥාදායකත්වයක් ලෙසය.”

මෝඩි කාශ්මීරය තුල පැවති සීමිත ස්වාධීනත්වය පවා අහෝසි කල අතර පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ ක්‍රියාවන් සිහි ගන්වමින්, 2019 දී එහි සන්නිවේදන බිඳ දමා මාෂල් නීති පනවමින් එහි සිටි බහුතරයක් මුස්ලිම් ජනවර්ගයට අයත් වූ මිලියන ගනනක් මහජනතාවට එරෙහිව පියවර ගත්තේය. මෑතකදීම සිය දේශසීමාව තුලදී සික් ක්‍රියාධරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කැනඩාව මෝඩි ආන්ඩුවට චෝදනා කලේය.

ඒකාධිපති පාලනයක් දෙසට මෝඩි විසින් ගනු ලබන වේගවත් පියවර ආවරනය කරනුවස් ක්‍රිකට් යොදා ගැනීමට, අයීසීය සහ ලොවපුරා ක්‍රිකට් පාලනාධිකරයන් ඔහුට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

ඕස්ට්‍රේලියාව තුල ජාතිකවාදය උත්කර්ෂයට නැංවීම සඳහා සහ එය යුක්ති සහගත කිරීමට අවශ්‍ය විවිධ තර්ක සහ මත ගොඩ නැගීමට ක්‍රිකට් ක්‍රීඩාව සැම විටම යොදාගනිමින් සිටී. ආන්ඩු සහ අගමැති සෑම විටම ජාතික කන්ඩායම සමග සමීප සම්බන්ධතා පවත්වමින් ජාතික ක්‍රිකට් කන්ඩායමේ නායකයා රටේ දෙවන වැදගත්ම තනතුර බව ඇතැම් විට පැවසේ.

ක්‍රීඩාවට දේශපාලනය ගෙන ආ බව කියමින් කවාජා මර්දනය කිරීමට සතියකට පෙර, අගමැතිගේ කන්ඩායම පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසියේය. ග්‍රීෂ්ම ඍතුව තුල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන පකිස්තාන කන්ඩායමට එරෙහිව වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟයේදී, ආන්ඩුවේ නායකයාගේ නමින්, තෝරාගනු ලබන කන්ඩායමක් ක්‍රීඩා කරයි.

Loading