අගෝස්තු 20දා ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි අනුස්මරන රැස්වීම සජීවිව විකාශය කෙරේ

[මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ Leon Trotsky commemoration in Prinkipo to be livestreamed August 20 මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ]

1929 සිට 1933 දක්වා ලියොන් ට්‍රොට්ස්කි තුර්කියේ ගත කල වසර හතරක පිටුවහල් ජීවිතය, ඉස්තාන්බූල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝහි දී, 2023 අගෝස්තු 20දා සැමරෙනු ඇත. ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය විසින් තමන් සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පසුව, ට්‍රොට්ස්කිගේ නවාතැන වූයේ ප්‍රින්කිපෝ දිවයින යි.

මෙම අනුස්මරන උත්සවයේ මාතෘකාව වන්නේ “ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ” යන්න යි. මෙය ලංකාවේ සහ ඉන්දියාවේ වේලාවෙන් 20දා රාත්‍රී 7.30ට Trotsky.com ඔස්සේ සජීවිව විකාශය කෙරෙනු ඇත.

මෙම රැස්වීම ප්‍රචාරය කිරීම සඳහා නිර්මානය කල වීඩියෝව පහත පලකෙරෙන අතර එය හැකිතාක් පුලුල් ප්‍රේක්ෂකත්වයක් වෙත බෙදාහරින ලෙස අපි අපගේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්”: ලියොන් ට්‍රොට්ස්කි අනුස්මරනය‍| ප්‍රින්කිපෝ, 2023 අගෝස්තු 20“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්”: ලියොන් ට්‍රොට්ස්කි අනුස්මරනය‍| ප්‍රින්කිපෝ, 2023 අගෝස්තු 20

මෙම රැස්වීම 1933 ජූලි මාසයේ දී ප්‍රින්කිපෝ වෙතින් ට්‍රොට්ස්කි පිටත්ව යාමේ 90වන සංවත්සරය සමග සමපාත වන අතර, 1940 අගෝස්තුවේ දී ඔහු ඝාතනය කිරීමේ සිට හරියට ම වසර 83ක් ගත වන දිනට යෙදෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායකයෙකු සහ ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යය තුර්කි බසින් පල කරන මේරිං ප්‍රකාශන ආයතනයේ සංස්කාරක වන උලාස් අටේසි; සහ ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන හා ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය ගැන විස්තීර්න ලෙස ලියා ඇති එරික් ලන්ඩන් මෙහි ප්‍රධාන කථිකයෝ වෙති.

තුර්කියේ ඉතිහාස පදනමේ සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්කන් මෙම අවස්ථාව මෙහෙයවනු ඇත. නගරාධිපති අර්ඩෙම් ගුල් නායකත්වය දෙන ප්‍රින්කිපෝ (ඇඩලාර්) නගර සභාව, මෙම අනුස්මරන උත්සවයට අනුග්‍රහය දක්වයි.