ඩේවිඩ් නෝර්ත් සහ එවන් බ්ලේක්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි දී, ට්‍රොට්ස්කි පිලිබඳ සහ වසංගතය ගැන තීරනාත්මක කෘතීන් දෙකක් එලි දක්වති

[මෙය 2023 මැයි 29 වනදා In Sydney, Australia David North and Evan Blake launch two critical books on Trotsky and the pandemic ශීර්ෂය යටතේ පලවූ ලිපියේ පරිවර්තයකි.]

පසුගිය අඟහරුවාදා සවස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හීදි පැවැත්වුනු රැස්වීමකදී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෲ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සිය නවතම කෘතිය වන ලියෝන් ට්‍රොට්ස්කි සහ විසි එක්වන සියවස තුල සමාජවාදය සඳහා සටන කෘතිය එලිදැක්වූයේය. ඔහු සමග තවත් නව මෙහ්රින්ග් කෘතියක් වන කෝවිඩ්, ධනවාදය සහ පන්ති යුද්ධය: වසංගතයේ සමාජ සහ දේශපාලන කාලවේදය ඉදිරිපත් කරමින් එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන එවන් බ්ලේක් ද එක් විය.

ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් චෙරිල් ක්‍රිස්ප් රැස්වීමේ මුලසුන දරමින් එහි සුවිශේෂී ගුනාංග පිලිබඳ සඳහන් කලේය. ගෝලීය ධනපති ක්‍රමයේ පෙර නොවී විරූ අර්බුදය මධ්‍යයේ විප්ලවවාදී ඉදිරිදර්ශනයේ සහ මූලෝපායේ තීරනාත්මක ප්‍රශ්න වෙත එහිදී අවධානය යොමු කෙරිනි.

සසප, ඉහල කාර්යක්ෂමතා වායු අංශුමය පෙරන (HEPA filters), අධෝරක්ත ලාම්පු ඇතුළු සියළු කෝවිඩ්-19 පූර්ව පියවරයන් ක්‍රියාවට දැමූ අතර කායිකව සහභාගී වූ සියළුම දෙනා එන්95 මුව ආවරන පැලඳූහ. මුව ආවරන පලඳිමින් ඊට දැක්වූ උද්යෝගිමත් ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ එය කිරීමට අවශ්‍ය දෑ වලින් සන්නද්ධ කලහොත් සාමාන්‍ය පුද්ගලයින්ට වසංගතය අවසන් කිරීම කල හැක්කක් සහ කල යුත්තක් බවයි.

සිඩ්නි හි පැවැත්වුනු රැස්වීමට පලල් පරිමානයක පිරිසක් කායිකව සහභාගී විය. නවසීලන්තයෙන් මෙන්ම ඕස්ට්‍රේලීයාවේ සියළු විශාල නගර වලින් තවත් හැත්තෑවකට වැඩි පිරිසක් සජීවී විකාශය නැරඹීමට සම්බන්ධ වූහ. සසප සාමාජිකයන් සහ හිතවතුන්ට අමතරව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ශූන්‍ය කොවිඩ් උපදේශකයින් කිහිපදෙනෙක් සහභාගී වූහ.

ඩේවිඩ් නෝර්ත් 2023 මැයි 25 වන දින සිඩ්නිහිදී කතා කරයි

නෝර්ත් ආරම්භ කලේ ඔහුගේ කෘතියේ අඩංගු ලේඛන වසර හතලිහක කාලපරිච්ඡේදයක් තුල ලියන ලද ඒවා බව සඳහන් කරමිනි. වෙලුමේ මුල් කොටස්වල, ලියෝන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය ගැන 1982 දී ලියන ලද රචනා මාලාවක් අඩංගුය. මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත් වුනු රුසියාවේ සහ පැරනි සෝවියට් සංගමයේ තරුන ට්‍රොට්ස්කිවාදියෙකුට යැවූ ලිපියක් අවසානයට අඩංගුය.

නෝර්ත් මෙසේ පැවසීය: කාල පරාසය තිබියදීත්, “මෙම වෙළුම තුල අඩංගු ලේඛන දෙස ආපසු බැලූ කල සිත් ඇදගන්නා කාරනාව වනුයේ අන්තර් සම්බන්ධිතතාවයයි. විශ්ලේෂනය වර්ධනය කලද, මෙම වෙළුම තුල අන්තර්ගත වන සියළු රචනා, දේශන තුල මෙන්ම ලිපියේද යටින් දිවෙන තේමාව වනුයේ ඉතිහාසයේ පර්යාලෝකය තුල ලියෝන් ට්‍රොට්ස්කි විසිවන සියවසේ සමාජවාදයේ මෙන්ම විසිඑක් වන සියවසේ සමාජවාදී ව්‍යාපාරය තුල තීරනාත්මක පුද්ගල චරිතයක් ලෙස පැන නැගුනු බවයි”

ට්‍රොට්ස්කිගේ ලේඛන වල වර්තමානයට පවතින වැදගත්කම ගැන නෝර්ත් අවධාරනය කලේය. කථිකයා කීවේ “අන්සියල්ලටමත් වඩා සිත් කාවදින කාරනාව වනුයේ ඔහුගේ වැඩකටයුතු වල විශ්මයජනක සමකාලීනත්වය සම්බන්ධ ගුනාංගයයි. අද දින අප පොර බදන දේශපාලනික ප්‍රශ්න ට්‍රොට්ස්කිගේ විශ්ලේශනය සමග අති මූලික ලෙසම සම්බන්ධිතය... ට්‍රොට්ස්කි මෙම කාමරයට ඇවිද ආවහොත්, ඔහු ඉක්මනින්ව ඔහුව දිශානුගත කරගනු ඇත.”

ට්‍රොට්ස්කිගේ ලේඛන තුල යොදාගන්නා යෙදුම් වන “ධනවාදයේ මරලතෝනිය, ලෝක සමාජවාදී විප්ලවය, පංති අරගලයේ ගෝලීයකරනය, ධනපති ජාතික රාජ්‍යයේ බංකොලොත්කම, අද අපගේ කාලයටද සාර්ථක ලෙස යෙදිය හැකි” බව නෝර්ත් කීවේය. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව නැටෝ-එජ වක්‍ර යුද්ධය තුල සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉන්දු පැසිපික් කලාපය තුල චීනය සමග ප්‍රචන්ඩකාරී ගැටුම තුල තියුනු ලෙස ප්‍රකාශයට පත් වන ලෝක යුද්ධය පිලිබඳ වැඩෙන අන්තරාය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේ විශ්ලේශනය අතිශයින්ම අදාලය.

නෝර්ත් මෙසේ කීවේය: සැබෑ මාක්ස්වාදය “සමාජවාදී විප්ලවය සිදු නොවුනහොත් ලෝකය විනාශය කරා යන්නේය යන සත්‍යය පිලිබඳව සැලකිල්ලට ගනී. එමෙන්ම, මෙම සමාජවාදී විප්ලවය කල හැකි එකම බලවේගය කම්කරු පන්තියයි. තමා මාක්ස්වාදියෙකු ලෙස සලකන ඕනෑම අයෙකු, මෙම මූලික සත්‍යයන් උකහාගත යුතුය. ට්‍රොට්ස්කිගේ කෘති තුල ඇත්තේ, අපගේ කාලයේ බරපතල දේශපාලන ප්‍රශ්න වලට පිලිතුරු සම්පාදනය කිරීමේදී යොදාගනු ලැබෙන මාක්ස්වාදයේ බලගතු විධික්‍රමය යි. එයයි මෙම කෘතිය සැලකිල්ලට ගෙන ඇති කාරනාව.”

එවන් බ්ලේක් 2023 මැයි 25 වන දින සිඩ්නිහිදී කතා කරයි

කෝවිඩ්, ධනවාදය සහ පන්ති යුද්ධය ඉදිරිපත් කරමින් එහි අන්තර්ගත වන විශ්ලේෂනය නෝර්ත් විසින් විස්තාරනය කරන ලද විධික්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාවට දැමීමක් බව බ්ලේක් පැහැදිලි කලේය. කෘතිය තුල අඩංගු ලේඛන වනාහි, ඉතිහාසය තුල “දැවැන්තම මහජන සෞඛ්‍ය අර්බුදයට” හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රතිචාරයේ කාලවේදයකි.

කෝවිඩ් අර්බුදය අවසන් බවට කරන තර්ක බ්ලේක් ප්‍රතික්ෂේප කලේය. සෑම දිනකම මිලියන ගනනින් ආසාදනය වීම අඛන්ඩව සිදුවන අතර, දහස් ගනනින් මිය යන අතර තවත් දහස් ගනනක් දීර්ඝ කෝවිඩ් තත්වයෙන් පීඩා විඳිති.

කෘතිය තුල අඩංගු වන දෑ, සමූහ මරන සහ රෝගාබාධ නොවැලැක්විය හැකි බවට ධනපති ආන්ඩු ඉදිරිපත් කරන තර්ක හෙලිදරව් කරන බව බ්ලේක් අවධාරනය කලේය. 2020 ජනවාරි ආරම්භයේ පටන් වෙලුම තුල අන්තර්ගත වන ලෝසවෙඅ සහ හජාජාක ප්‍රකාශ ඉක්මනින් වසංගතය නිමාවකට ගෙන ආ හැකි විද්‍යාත්මකව පදනම් වුනු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් විස්තාරනය කලේය.

බ්ලේක් පැහහැදිලි කලේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඔහු සම්බන්ධිකාරකත්වය දරන කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය තුලදීද නිල ප්‍රතිචාරයේ සාපරාධී ස්වභාවය හෙලිදරව් කිරීමේදීද තනිව සටන් කල බවයි. කම්කරු පන්තියේ සහ සමස්තයක් ලෙස මානව වර්ගයාගේ අවශ්‍යතා සඳහා වෛරසය තුරන් කිරීම සඳහා අඛන්ඩව සටන් කරන එකම දේශපාලන ප්‍රවනතාවය ද එයයි.

චෙරිල් ක්‍රිස්ප් 2023 මැයි 25 වන දින සිඩ්නිහිදී කතා කරයි

ඉදිරිපත් කිරීම් වලින් පසුව ක්‍රිස්ප් සහ නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ටොම් පීටර්ස් ප්‍රශ්න සහ පිලිතුරු සැසිය මෙහෙයවීය. නෝර්ත් සහ බ්ලේක් ට ඔවුන්ගේ නවතම කෘතීන්ගේ සම්භවය, වසංගතය සහ සංගත මූල්‍ය ප්‍රභූවේ අවශ්‍යතා අතර සම්බන්ධය සහ ගෝලීය කම්කරු පරීක්ෂනයේ අරමුන සහ කර්තව්‍ය්‍යය පිලිබඳව පැහැදිලි කරන ලෙස සහභාගීවූවෝ ඉල්ලා සිටියහ.

Loading