පෙබරවාරි 8 දා කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂනයට සහභාගි වීමට පැමින සිටි වරාය සහ ජල සම්පාදන කම්කරුවන් සමග සාකච්ඡාවක නිරත වෙමින් සිටි තම පක්ෂයේ සාමාජිකයන්ට, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ (සලපොවසේස ) ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන සහ තවත් දෙදෙනෙකු විසින් එල්ල කල මැර ප්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරයේ හෙලා දකී.
විරෝධතාව පැවැත්වුනේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන සමාජ ප්‍රහාරයන්ට එරෙහිව යි.
සසප සාමාජිකයෝ, විරෝධතාව ආරම්භවනතෙක් එහි රැස්ව සිටි කම්කරුවන් අතර අත් පත්‍රිකා බෙදා හරිමින්, ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටියහ. 'කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක්' සඳහා සසප කල කැඳවුමට කම්කරුවන්ගෙන් ලැබුනේ සාර්ථක ප්‍රතිචාරයකි.
උද්ඝෝෂනය ආරම්භ වෙත්ම, එයට බාධාවීම වලකනුවස්, අත් පත්‍රිකා බෙදීම නතර කල සසප සාමාජිකයෝ, උද්ඝෝෂනය අවසන්වෙත්ම පත්‍රිකා බෙදීම යලි ආරම්භ කලහ. සසප සාමාජිකයන් වෙත පැමිනි ගොරකාන, පත්‍රිකාව කුමක්දැයි විමසූ අතර, එය සසප පත්‍රිකාවක් බව පැවසූවිට, ඒවා තුල 'වෘත්තීය සමිති විවේචනය කර ඇති නිසා' බෙදීමට ඉඩ දිය නොහැකි බවට තර්ජනය කලේය.
පත්‍රිකා බෙදීම නතර නොකල සසප සාමාජිකයෝ, කම්කරුවන් රැස්වන ස්ථානයන්හි පත්‍රිකා බෙදීම සහ අදහස් ප්‍රකාශ කිරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් බව අවට සිටි කම්කරුවන්ට හඬනගා පැහැදිලි කලහ. කම්කරුවෝ පත්‍රිකා ලබා ගනිමින් ඒවා දිගටම බෙදාහරින ලෙස ඉල්ලා සිටියෝය.
මෙම තත්වයේදී, ගොරකාන, සසප සාමාජිකයෙකු අත තිබූ පත්‍රිකා බලහත්කාරයෙන් උදුරා ගත්තේය. ඔහු තවත් සසප සාමාජිකයෙකුට පහර දුන්නේය. වෘත්තීය සමිතිවල ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය සහ සමාජවාදී වැඩපිලිවෙලට පවත්නා ආන්තික සතුරුභාවය ගොරකානගේ මැදිහත්වීමෙන් සනාථ වන බව කම්කරුවන්ට හඬ නගා කී පහර කෑමට ලක්වූ සසප සාමාජිකයා, ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය විය යුතු බව ඔවුන්ට පෙන්වා දුන්නේය.
අත් පත්‍රිකාවේ අන්තර්ගත වූ 'කම්කරුවනි, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය කල හැක්කේ කෙසේද?' යන හිසින් යුත් සසප ප්‍රකාශයේ පහත කොටස් ඔහු හඬනගා කියවීය:
“ආන්ඩුව විසින් මෙම බදු පනත ගෙන ඒමෙහිලා කේන්ද්‍රීය වසයෙන් බලපෑ අයිඑම්එෆ් විසින් ඇනවූ රුදුරු කප්පාදු පිලිවෙත් ගැන සමිති නායකයෝ මුනිවත රකිති. මෙම වෘත්තීය සමිතිවලින් බොහොමයක් සම්බන්ධ වී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට පිටුබලය දෙන ධනපති විරුද්ධ පක්ෂ සමග ය--එනම්, සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාලක ශ්‍රී ලංකා පොදු පෙරමුනට ය.”
'ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අව්‍යාජ අරගලයක් දියත් කිරීමට නම් කම්කරුවන් තම අයිතීන් සඳහා සටන තමන්ගේ අතට ගැනීම අවශ්‍ය ය. මේ සඳහා, සෑම වැඩපොලකම, කම්හලකම හා නිවහන් ප්‍රදේශයක ම, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට යෝජනා කරයි.'
කම්කරුවන් පත්‍රිකා ලබා ගනිමින් සසප මැදිහත්වීම අනුමත කල තත්වයේදී ගොරකාන පසු බැස්සේය.
ගොරකානගේ ප්‍රචන්ඩ විරුද්ධත්වය එල්ල වන්නේ, වෘත්තීය සමිතිවල ධනපති ගැති ප්‍රතිගාමිත්වය හා ඔවුන් සම්බන්ධිත ධනපති පක්ෂ, විශේෂයෙන්ම ජවිපෙ, බලයට පැමිනියහොත් ජාමූඅ හි කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින ආකාරය සම්බන්ධයෙන් සසප කම්කරු පංතිය හමුවේ කරන අනාවරනයටයි. ජවිපෙ හි ප්‍රධාන සාමාජිකයෙකු වන ගොරකාන ජවිපෙ ආන්ඩුවක් බලයට ගෙනඒමේ උද්ඝෝෂනයේ පෙරමුනේ සිටින්නෙකි.
ඔක්තෝබර් 17 වැනිදා ස්වර්නවාහිනී නාලිකාවේ සාකච්ඡාවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බවයි. ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී “සමාජය යම් දරා ගැනීමක් කල යුතුම යි” ඔහු තවදුරටත් පැවසීය.
මෙම විරෝධතා උද්ඝෝෂනය කැඳවීමට වෘත්තීය සමිති පෙලැඹුනේ, කම්කරුවන්ගේ අයිතීන් කෙරෙහි තැකීමක් නිසා නො ව, වේගයෙන් කඩා වැටෙන ජීවන කොන්දේසි හමුවේ ඔවුන් අතර වැඩෙන කෝපය නිසාවෙනි. එම ආන්ඩුවට බලපෑම් යෙදීමේ නිස්සාර විරෝධතා තුල කොටුකොට එම කෝපය අපසරනය කොට දියකර දැමීම සමිතිවල එල්ලය යි.
සසප ප්‍රකාශයෙන් පෙන්වා දෙන පරිදි, 'ධනපති ක්‍රමය තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැක ගත නොහැකිය. සිය ශක්තිය බලමුලු ගැන්වීමටත්, ගම්බද දුගීන් රැලි කරගැනීමටත්, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම අවශ්‍ය ය.
“ඒ සඳහා බල කේන්ද්‍රයක් ලෙස කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක් සඳහා ආරම්භකත්වය ගැනීමට සසප පියවර ගත්තේ ය. දිවයින පුරා කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පාදකව, මෙම සම්මේලනය ගොඩනැගෙනු ඇත.”
ලොව පුරා කම්කරුවන්ට ධනපති පාලක පංතීන් විසින් එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහි පොදු අරගලයක් තුල, ලංකාවේ කම්කරුවන් ලොව පුරා සිය පන්ති සහෝදර සහෝදරියින් සමග ඒකාබද්ධ විය යුතුයයි සසප ප්‍රකාශය පෙන්වා දෙයි.
ගොරකානගේ මාරක විරුද්ධත්වය ගලා එන්නේ, මෙම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල වටා කම්කරු පංතිය ඒකාග්‍රවෙතැයි යන භීතියෙනි.
ගොරකානගේ දුෂ්ඨ මැර ප්‍රහාරය හෙලාදකින ලෙස වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරුවන්ගෙන්ද විවිධ ක්ෂේත්‍රයන්හි ගොඩනගා ඇති කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වලින්ද අපි ඉල්ලා සිටිමු.
වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවට එක්වන්න !
කම්කරු පන්තියේ සියලු මධ්‍යස්ථානයන්හි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මූලිකත්වය ගන්න !
කම්කරුවනි, තරුනයනි, මෙම අරගලයට නායකත්වය දෙන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක් වන්න!
වැඩිදුර කියවන්න
- වරාය කම්කරුවෝ දහස් ගනනක් බදු පනතට විරෝධය දක්වති
- ලෝක ආර්ථික සංසදයේ ගෝලීය අවදානම් වාර්තාව: ධනේශ්වර අර්බුදයේ විනාශකාරීත්වය පිලිබඳ චිත්‍රනයක්
- ජාමූඅ නියමයෙන් පනවා ඇති බදු වැඩිකිරීම්වලට එරෙහිව ලංකාව පුරා විරෝධතා පැන නගී
- බදු වැඩි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වරාය සේවකයින් දහස් ගනනක් විරෝධතාවයේ යෙදෙති
- වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව 50,000 කට අධික ශ්‍රී ලාංකික කම්කරුවෝ වැඩවර්ජන හා විරෝධතා පවත්වති
