රාජපක්ෂ ආන්ඩුව විසින් රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය තහනම් කිරීම නිසා, වී, බඩඉරිඟු ඇතුලු අනෙකුත් ධාන්‍ය, පලතුරු, විසිතුරු මල්, තේ ඇතුලු සියලු වගාවන් විනාශවීමෙන් ගම්බද දුගී ගොවීහු බරපතල ව්‍යසනයකට මුහුන දී සිටිති.
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබා දෙන බවට ආන්ඩුව පොරොන්දු වූ නමුත් බොහෝ ගොවීන්ට එය නොලැබුනි. ඇතැම් ගොවීන් අතර බෙදා හැරුන ආනයනික සහ මෙරට නිෂ්පාදිත කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවද ඒවා යෙදීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බවට ගොවීහු චෝදනා කරති.
කාබනික පොහොර භාවිතාකර ගොවිතැන් කිරීමෙන් වගා පාලුවුවහොත් වන්දි ගෙවන බව ආන්ඩුව මුලින් පැවසුව ද කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැන් පවසන්නේ වන්දි ගෙවන්නේ ආන්ඩුව නිර්දේශ කල කාබනික පොහොර වර්ග සියල්ල වගාවට යෙදු අයට පමනක් බවය.
පොහොර සහ කෘෂි රසායන ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය අගෝස්තු මාසයේ සිට ගොවීහු අඛන්ඩ අරගලයක යෙදී සිටිති. ගොවිබිමේ, මහපාරේ, නගරවල ඔවුහු දිවා රෑ පිකට් කරති, පෙලපාලි යති, උපවාස කරති. පොහොර ලබා නොදීමට විරුද්ධව රාජපක්ෂ ආන්ඩුවට සාපකරන ගොවීහු තම උද්ඝෝෂන වල දී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රුව සහිත පඹයන්ට පහර දීමෙන්, තනකොල කැවීමෙන් සහ ගිනි තැබීමෙන් ආන්ඩුව කෙරෙහි ඔවුන් තුල පවතින ආන්තික කෝපය ප්‍රදර්ශනය කරති. ගොවීන් අතර දැවෙන කෝපය සමනය කිරීමේ අරමුනින් වී කිලෝවක් රුපියල් 95 කට මිල දී ගැනීමට අදාල නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති රාජපක්ෂ පසුගිය සතියේ මාධ්‍යට පැවසීය.
හරිත කෘෂි කර්මය ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ගේ සෞඛ්‍ය සැලකිල්ලට ගෙන රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කල බව ආන්ඩුව පුන පුනා කියන කතාව පචයකි. පොහොර තහනම පැනවුයේ ආන්ඩුව මුහුන පා ඇති බරපතල ආර්ථික අර්බුදය තුල ඩොලර් හිඟය නිසා ආනයන සීමා කිරීමේ කොටසක් ලෙස මිස ගොවීන්ගේ යහපත ගැන සිතා නොවේ. තහනමත් සමග පොහොර සහනාධාරය මුලුමනින් නතර කලේ ය.
ගොවීන්ගේ විරුද්ධත්වය වර්ධනය වීම නිසා යල කන්නය සඳහා රසායනික පොහොර ආනයනය සඳහා පුද්ගලික සමාගම් වලට අවසර දී ඇත. එහෙත් සමාගම්වල අභිමතයට මිල නියම කරන තතු තුල ගොවීන්ට දැරිය නොහැකි මට්ටමට පොහොර මිල ඉහල ගොස් තිබේ. කිලෝ 50 පොහොර මිටියක කලින් මිල රුපියල් 1500- 3000 පමන වූ නමුත් දැන් රුපියල් 10,000-12000 පමන වන බව ගොවීහු කියති.
පොහොර හා කෘෂි රසායන තහනම නිසා වගා කිරීමට නොහැකි වූ හා කරන ලද වගාවන් පාලුවීම නිසා ජීවත්වීම සඳහා කිසිදු ආදායමක් නොමැති තත්වයකට ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් මුහුන දී සිටිති. ගොවීන්ගෙන් අතිමහත් බහුතරය ගොවිතැන් කරන්නේ බැංකු නය, ගිනි පොලී නය සහ කනකර පමනක් නොව ඇතැම්විට ඔවුන් සන්තකයේ පවතින උගසට තැබිය හැකි සියල්ල උගසට තබා ලබාගන්නා මුදල් වලිනි.
පොහොර තහනමෙන් සිදු වූ ව්‍යසනය නිසා දරිද්‍රතාවයේ සහ නයගැතිකමේ පතුලට ම ඔවුන් ඇද වැටී ඇත. වී සහ එලවලු වගාවන් විනාශවීමෙන් ගොවීන් පමනක් නොව, රටම ආහාර අනාරක්ෂිතභාවයේ සහ සාගතයක අද්දරට තල්ලු වී ඇත.. ගොවීන් මෙම ව්‍යසනයට මුහුන දෙන්නේ අත්‍යාවශ්‍ය බඩු මිල හා සේවා ගාස්තු පිම්මේ ඉහල යන කොන්දේසි තුලය.
තමන් මුහුන දී සිටින අතිශය දුෂ්කර කොන්දේසි ගැන දෙහිඅත්තකන්ඩිය, මහියංගනය සහ පොලොන්නරුව ප්‍රදේශවල ගොවීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.
එහි දී අදහස් දැක් වූ මහියංගනය ගින්නෝරුවේ පදිංචි ගොවියකු වන ඒ.ඒ.අජිත් කුමාර මෙසේ පැවසීය: “මම අක්කර දෙකහමාරක වී වගාකලා. පොහොර නැතිව විනාශ වෙලා. මඟුලට -මුත්තෙට්ටුවට, පවුලේ වියදමට, ලමයින්ගේ අධ්‍යාපනයට හැම දේටම තියෙන එකම ආදායම ඒක විතරයි. මෙදාපාර අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ, ඔය කියන කොම්පෝස්ට් මිටි 40ක් දැම්මා. කිසි වැඩක් නැහැ. පොලොව ඒවට හුරුවෙලා නැහැ. කලින් ගත්ත අස්වැන්නෙන් භාගයක්වත් ගන්න බැහැ. අපි නය වෙලා මේවා කරන්නේ. අක්කරයකට දැන් ලක්ෂයකට ආසන්නව යනවා. ගින්නෝරුවේ ගොවි පවුල් 2000ක් විතර ඉන්නවා අපි ඔක්කොම දැන් අනාථ වෙලා. මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න එනකන් ඉන්නෙ” ඔහු කෝපයෙන් පැවසීය.
ආන්ඩුව ගොවීන්ට මහ අපරාධයක් කල බව ගින්නෝරුවේ වී.එන්.සමරකෝන් කීවේය: “ආන්ඩුව කියන බෙහෙත් (කෘෂි රසායන) රුපියල් 9000ක විතර ගෙනැල්ලා දැම්ම.,කොම්පෝස්ට් දැම්මා. කිසිම පලක් නැහැ. කොටසක බටු, මිරිස්, බන්ඩක්කා හැදුවා. ඒවටත් ඒ ආනිසන්සයමයි. මේ ආන්ඩුව කරපු වැඩෙන් ගොවියා අනාථයි. අපි ඡන්දේ දුන්නේ මේ ආන්ඩුවට. ඒක තමා කරපු මෝඩ ම වැඩේ. දැන් යූරියා සමහර තැන්වල විකුනනවා රුපියල් 2,000කට විතර, ඒවා කොහොමද ගොවියෝ ගන්නේ, මුන්ට හෙන ගහනවා, අස්වනු අඩු අයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩියෙන් දෙනවලු. හැමෝටම ඒක වෙලා තියෙන්නේ, මොන පිස්සු කතා ද?”
නිමල් එම ප්‍රදේශයේම තරුන ගොවියෙකි. උගසට තබා මුදලක් ගැනීමට හෝ කිසිවක් ඉතිරිවෙලා නැති අන්ත අසරන තත්වයට ගොවීන් ඇදවැටී සිටින බව ඔහු පැවසීය. “වෙලෙන්දොත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. වික්‍රමනායක කියලා ව්‍යාපාරිකයෙක් මෙහෙ ඉන්නවා. එයා යූරියා කියලා පොහොරක් ගෙනාවා. ගෙනපු වෙලාවේ 9,000යි. එදා ම රාත්‍රියේ 10,000. පහුවදා උදේ 11,000යි, ඊට පහුවදා 12,500යි. ගොවියෝ නයවෙලා අරගෙන කුඹුරුවලට දැම්ම. කිසි වැඩක් නැහැ. ඒක ජරාවක්. මේ අපරාධ ජාවාරම් කාරයින්ට කරන්න ඉඩදිලා තියෙන් නේ අපි ම ඡන්දෙ දුන්නු ආන්ඩුව. ගොවියා නැත්තට ම නැති උනා. ඔක්කොම නය කාරයෝ, අසරනයෝ.”
කුඩා පැල්පතක ජීවත්වන ගිරාඳුරුකෝට්ටේ ගල්පොරියායේ වයි.එම්.වික්‍රමසිංහ බඩඉරිඟු, කුරක්කන් හා වට්ටක්කා ආදීය වගාකරන ගොවියෙකි. “මේ කන්නේ බඩඉරිඟු බීජ කිලෝ 13 ක් වගා කලා. බීජ කිලෝවක් රුපියල් 7,500යි. බීජ වලට විතරක් වියදම රුපියල් 100,000 ක්. ජීවත් වෙන්න දැන් අතේ සතේ නැහැ. බඩුමිල දරා ගන්න බැහැ. වස බොන්න තමයි වෙන්නෙ.” ඔහු කීවේය.
ගල්පොරියායේ ම පදිංචි එස්.බී.බන්ඩාර ද බඩ ඉරිඟු ගොවියෙකි. ඔහු මෙසේ පැවසීය: “බීජ පැකට් එකක් වගාකරන්න රුපියල් 40,000-50,000 වැයවෙනවා. සරුවට හැදුනොත් රුපියල් 150,000 ක් විතර ආදායමක් ගන්න පුලුවන්. මේ කන්නේ පොහොර නැති නිසා පාලු වුනා. අවුරුද්දකට එක වතාවයි බඩඉරිඟු වගාකරන්නේ. හරියට කරගන්න බැරි වුනොත් වෙන කිසිම ආදායමක් නැහැ. දැන් කුලී වැඩට ගිහිල්ලා තමයි පවුල ජීවත් කරවන්නේ. වියදමේ හැටියට ඒක සෑහෙන්නේ නැහැ.”
මින්නේරියේ පදිංචි 51 වියැති එච්.ඒ.චාමින්ද කරුනාරත්න වී ගොවියෙකි. පොහොර තහනම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් බව ඔහු පැවසීය. “මේ සැරේ පොහොර නෑ, පොහොර නෑ කියන්නේ අස්වනු නෑ, අස්වනු නෑ කියන්නේ, කන්න නෑ. ඊට පස්සෙ මිනිස්සු විනාශ යි. ලමයින්ට කන්න දෙන්න වෙන්නෙ නයි-පොලොන්ගු තමා. අක්කරයක් වැඩ කරන්න රු.75,000ක් විතර යනවා. බඩු මිල වැඩි නිසා වියදම ඊටත් වැඩියි. මෙහෙ කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 28,000-30,000 යි. සල්ලි අච්චු ගහල රුපියල් දෙයි. ඒත් බඩු ගේන්න ඩොලර් කොයින් ද. මැති-ඇමතිවරු ඩොලර් හිඟමනේ යනවා” යැයි ඔහු සඳහන් කලේ ය. කාබනික පොහොර හදාගන්න ආන්ඩුව ගොවියන්ට කරන බලපෑම මහත් විහිලුවක් බව ද ඒකට අවශ්‍ය ගොම හෝ අනෙකුත් අමුද්‍රව්‍ය නැති බව ද ඔහු කීවේ ය.
රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි වර්ධනය වන කෝපය තම ප්රතිගාමී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගසා කෑමේ හා ගොවි අරගලය කම්කරු පන්තියේ අරගල සමග ඒකාබද්ධවීම වලකා දේශපාලනිකව අපසරනය කිරීමේ දැනුවත් ප්රයත්නයක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ සමගි ජන බලවේගය (සජබ ) යෙදීගෙන සිටී.
පොහොර තහනම සහ ගොවි සහනාධාර අහෝසි කිරීම කෝවිඩ්- 19 වසංගතයෙන් තීව්ර කෙරී ඇති ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයේ අර්බුදය කම්කරුවන් හා දුගීන් ගොවීන් ඇතුලු මහජනතාව මත පැටවීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් වල කොටසකි. ඊට වඩා වෙනස් වැඩපිලිවෙලක් ජවිපෙට සහ සජබට නැතිවා පමනක් නොව එම පක්ෂ දෙකම ගොවි සහනාධාර කප්පාදුවට, රාජ්‍ය ආයතන පුද්ගලීකරනයට පසුගිය දසක හතර තුල බලයේ පැවති ධනේශ්වර ආන්ඩුවලට සහයෝගය දුන්හ.
එහෙයින් ගොවීන්ට රාජපක්ෂ ආන්ඩුව වෙනුවට තවත් ධනපති ආන්ඩුවකින් තමන්ගේ ගැටලුවලට විසඳුම් සම්පාදනය කරගත නොහැකිය. ඔවුන්ට තම අයිතීන් තහවුරු කර ගත හැක්කේත්, පොහොර, කෘෂි බීජ සහ ගොවි උපකරන සහන මිලට සම්පාදනය කර ගැනීම, නය ගැතිකමින් මිදීම සහ තම නිෂ්පාදන සඳහා සාධාරන මිලක් ලබා ගත හැක්කේත් කෘෂි සමාගම්, බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් යටතේ පමනි.
එවන් අරගලයක් සඳහා කම්කරු පන්තිය ගොවීන්ට නායකත්වය සම්පදනය කල යුතුය. එමෙන් ම ගොවීන් තමන් ව යලි යලිත් රැවටු ධනපති පක්ෂවලින් ස්වාධීනව කම්කරුවන් ගේ සහ ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට පෙරට ආයුතු ය.