[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 1 දින Ten years since the beginning of the Egyptian revolution යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]
අදින් දස වසරකට පෙර, ඊජිප්තුවේ ඇරඹුනු මහජන විරෝධතා හමුවේ, දීර්ඝ කාලයක් බලය හෙබවූ ආඥාදායක හොස්නි මුබාරක් ඉන් දින 18කට පසුව ඇද වැටුනේ, ලොව පුරා කම්කරුවන්ට හා තරුනයන්ට ආවේෂය ලබා දෙමිනි.
ඊජිප්තු විප්ලවය, කම්කරු පන්තිය කේන්ද්‍රීය භූමිකාව ඉටු කල බලගතු විප්ලවවාදී නැඟිටීමක් විය. ලක්ෂ ගනන් ජනතාව 2011 ජනවාරි 25 දින සූවස්, පෝට් සයිඩ් හා ඇලෙක්සැන්ඩ්‍රියා ඇතුලු රට පුරා නගරවල වීදි වලට පිවිසිය හ. ඊට දින තුනකට පසුව එලඹුනු ඊනියා “කෝපයේ සිකුරාදා” , ඉහල යමින් පැවති මෙම ජන සංඛ්‍යාව, සිවිල් යුද්ධයකට සමාන වීදි සටන්වලින් පාලන තන්ත්‍රයේ කුප්‍රකට ආරක්ෂා හමුදාවන් පරාජය කලේ ය.
පසුව එලඹුනු දවස් කිහිපයේ දී ඊජිප්තුව පුරා මිලියන ගනන් ජනයා පෙලපාලි පැවැත්වූ හ. කයිරෝ කඩමන්ඩිය වෙත පැමිනි ලක්ෂ ගනන් ජනතාව වාඩිලා ගත් තාරීර් චතුරස්‍රය, මහජන නැගිටීමේ ජාත්‍යන්තර සංකේතයක් ලෙස ඉස්මතු වූ අතර, මුබාරක්ට තීරනාත්මක අවසන් ප්‍රහාරය එල්ල කලේ කම්කරු පන්තියේ මැදිහත් වීම මගිනි. රට පුරා වර්ජන හා කම්හල් වාඩිලා ගැනීම් රැල්ලක් පෙබරවාරි 7-8 දිනවල පුපුරා ගිය අතර, එය, පෙබරවාරි 11දා මුබාරක් ඉල්ලා අස්වීමෙන් පසුව ද දිගට ම වර්ධනය විය.
විප්ලවයේ ඉහල ම තුඩේ දී, දිනකට වැඩ වර්ජන 40 සිට 60 දක්වා පැවති බවට තක්සේරු කර ඇත. ඊට පෙර සමස්ත වර්ෂය පුරා හටගත් වර්ජනවලට සමාන වර්ජන ගනනක් 2011 පෙබරවාරි මාසයේ දී හටගත්තේය. සූවස් ඇල ප්‍රදේශයේ හා සූවස් හා පෝට් සයිඩ් වානේ කම්කරුවන් ද මහාලා අල්-කබුරාහි නයිල් ඩෙල්ටා නගරයේ පිහිටි ඊජිප්තුවේ විශාලතම කර්මාන්තශාලාව වන ගාස්ල් අල්-මහලාහි ඇඟලුම් කම්කරුවන් 27,000ක් ඇතුලු ඊජිප්තුවේ මූලික කර්මාන්ත මධ්‍යස්ථානවල කම්කරුවන් ලක්ෂ ගනනක් වර්ජනයේ නියැලුනි.
ඊජිප්තුවේ ද ඊට දින කිහිපයකට පෙර, දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටි සයින් අල්-අබිදීන් බෙන් අලී නමැති ආඥාදායකයා බලයෙන් පහකරන ලද ටියුනීසියාවේ ද වර්ධනයන්, නව විප්ලවවාදී යුගයක ආරම්භය ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් තක්සේරු කලේ ය. “ඊජිප්තු විප්ලවය” නමැති ඉදිරි දර්ශන ලිපියක ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය:
ඊජිප්තු විප්ලවය, 1991 දී සෝවියට් නිලධරය සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් අනතුරු ව එලඹුනු ධනපති-ගැති විජයග්‍රහනවාදයට බලගතු ප්‍රහාරයක් එල්ල කරමින් ඇත. පන්ති අරගලය, සමාජවාදය හා මාක්ස්වාදය නවීන ලෝකයට අනදාල යයි ප්‍රකාශ කරනු ලැබිනි කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් ප්‍රකාශයට පත්කල පරිදි “මේ දක්වා පැවති සෑම සමාජයක ම ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය යි” යනුවෙන් . “ඉතිහාසය” පිලිබඳව පල කල මතය අවසන් වී තිබුනි. ඒ අනුව, මේ දක්වා මාධ්‍යයට අවබෝධ කරගත හැකි ව තිබුනු විප්ලවයන්ට කල්තබා ම “වර්න ගන්වා,” එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දේශපාලනික ව පිටපත් කොට, සමාජයේ ධනපති-ගැති වරප්‍රසාදිත කොටස් විසින් ක්‍රියාවට දමනු ලැබ තිබුනි.
ටියුනීසියාවේ දී හා ඊජිප්තුවේ දී මෙම ස්වයං-තෘප්ත හා ප්‍රතිගාමී රංඟන සැකිල්ල පුපුරුවා හරිනු ලැබ ඇත. ඉතිහාසය පලිගනිමින් ආපසු පැමින ඇත. කයිරෝ නුවර ද ඊජිප්තුව පුරා ද දැන් දිගහැරෙමින් පවතින්නේ යථා දෙය වන විප්ලවය යි. මේ විෂයය පිලිබඳ ප්‍රමුඛ විශේෂඥයා වන ලියොන් ට්‍රොට්ස්කි, “විප්ලවයක වඩාත් ම නිශ්චිත ලක්ෂනය වන්නේ, ඓතිහාසික සිද්ධීන් තුලට මහ ජනතාවගේ ඍජු මැදිහත්වීම ය” යි ලිවී ය. දැන් ඊජිප්තුවේ සිදුවෙමින් පවතින දෙයට විප්ලවය පිලිබඳ මෙම අර්ථ දැක්වීම මුලුමනින් අදාල වේ.
එහෙත් දස වසරකට පසුව ඊජිප්තුවේ බලයේ සිටින්නේ කම්කරු පන්තිය නො ව, නව මහජන නැගිටීමක් පිලිබඳ ව බියෙන් පසු වන හා සමාජ විරෝධයේ ඕනෑ ම සංඥාවක් මර්දනය කරන, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලබන, ලෙයින් නෑවුනු මිලිටරි ආඥාදායකත්වයකි. මුබාරක්ගේ පැරනි ජනරාල් හා වර්තමාන ආඥාදායක අබ්දෙල් ෆාටා අල්-සිසිගේ ඉල්ලීම පරිදි කටයුතු කල ඊජිප්තු පාර්ලිමේන්තුව, ජනවාරි 22දා හදිසි තත්ත්වය තවත් වසර තුනකට දීර්ඝ කලේ ය. ඡන්දයෙන් පත්වූ ජනාධිපති මොහොමඩ් මුර්සිට එරෙහි ව 2013 දී සිදු කල කුමන්ත්‍රනයේ පටන් දේශපාලන සිරකරුවන් 60,000ට අධික පිරිසක් පාලන තන්ත්‍රයේ වධක කඳවුරු තුල අතුරුදන් ව ඇත. දහස් ගනනක් දෙනා ඝාතනය කොට හා මරා දමා ඇත.
වසංගතයේ රුදුරු විපාක වලින් ද ධනේශ්වරය වඩ වඩා විවෘත ලෙස ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදී පාලන රූපාකාර වෙතට හැරීමෙන් දහනය කරනු ලබන්නාවූ ද, ලොව පුරා සිදුවන පන්ති අරගලයේ නව පුනර්ජීවනයක් මධ්‍යයේ, මෙම අත්දැකීම්වලින් අවශ්‍ය දේශපාලන පාඩම් උකහාගත යුතු ය. ඊජිප්තුව තුල ප්‍රතිවිප්ලවයට ජයග්‍රාහී විය හැකි වූයේ කෙසේ ද? එලඹෙන පන්ති ගැටුම්වලට මෙ මගින් ගෙන එන දේශපාලන කර්තව්‍යයන් මොනවා ද? මෙම තීරනාත්මක ප්‍රශ්නවලට පිලිතුරු දීමට යතුර වන්නේ සිද්ධීන් වල ද දේශපාලන ප්‍රවනතා හා ක්‍රියා මාර්ගවල ද භූමිකාව පිලිබඳ සංයුක්ත අධ්‍යයනයකි. ඊජිප්තු විප්ලවයේ ප්‍රධාන ගැටලුව වූයේ විප්ලවවාදී නායකත්වයක් නොතිබීමයි.
මුබාරක් බලයෙන් පහවීමට දිනකට පෙර පල කරන ලද තවත් ඉදිරි දර්ශන ලිපියක් තුල ඩේවිඩ් නෝර්ත් මෙසේ අනතුරු ඇඟවී ය:
වයස්ගත වෙමින් සිටින ආඥාදායකයෙකුගේ අතින් බලය උදුරා ගැනීමට අවශ්‍ය සමාජීය බලය සම්පාදනය කිරීමෙන් ඉක්බිති ව, ඊජිප්තු කම්කරුවන් මුහුන දෙන විශාලතම අන්තරාය වන්නේ, නායක පුඟුලන්ගේ නම් හා මුහුනු හැර දේශපාලන තත්වයේ අන් කිසිවක් වෙනස් නො වනු ඇත යන්න යි. වෙනත් වචනවලින් කියතොත්, ධනපති රාජ්‍යය නිරුපද්‍රිත ව පවතිනු ඇත. දේශපාලන බලය සහ ආර්ථික ජීවිතයේ පාලනය, මිලිටරියේ ද යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සිය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ ද පිටුබලය ලබන්නා වූ ඊජිප්තු ධනපතීන්ගේ අතේ පවතිනු ඇත. ලැබෙන පලමු අවස්ථාවේ දී ම ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු ප්‍රතික්ෂේප කරනු ලබමින්, ම්ලේච්ඡ මර්දනයේ නව තන්ත්‍රයක් සංස්ථාපනය කරනු ඇත.
මෙම අන්තරායන් අතිශයෝක්තියට නංවනු ලබනවා නො වේ. ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ නො නවතින විප්ලව න්‍යායය තුල අවධාරනය කල පරිදි, විසිවන ශතවර්ෂයෙහි විප්ලවවාදී අරගලයේ සමස්ත ඉතිහාසය සනාථ කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය සහ අධිරාජ්‍යවාදය විසින් පීඩනයට පත්කරනු ලබන රටවල්වල විමුක්තිය උදා කරගත හැක්කේ, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීමෙන් පමනි.
ඊජිප්තු විප්ලවයේ ගමන් මඟේදී මෙම තක්සේරුව සනාථ කරනු ලැබිනි. ධනේශ්වරය ද ඔවුන්ගේ ස්ටැලින්වාදී හා ව්‍යාජ-වාමාංශික හෙංචයියන් ද ඇතුලු සියලු කන්ඩායම්, ඔවුන්ගේ සාරභූත ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය පෙන්නුම් කලේ ය. අධිරාජ්‍යවාදය සමග ඒකාබද්ධ වුනු ඔවුහු, ඊජිප්තු ධනවාදය හා එහි ආයතන ආරක්ෂා කල හ. මුබාරක් යටතේ මෙන් ම දැන් යලි වතාවක් තහනම් කරනු ලැබ තිබෙන මුස්ලිම් සහෝදරත්වය (මුස්ලිම් බ්‍රදර්හුඩ්) සහ නසර්වාදී හෝ “ලිබරල්” පක්ෂ සම්බන්ධයෙන් ද මෙය සත්‍ය ය. කුමන්ත්‍රනයට පෙර පාලක පක්ෂය වූ සහෝදරත්වය, මිලිටරිය සමග කුමන්ත්‍රනය කරමින් වැඩ වර්ජන හා විරෝධතා තහනම් කොට ලිබියාවේ හා සිරියාවේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට සහයෝගය දුන්නේ ය.
යමෙකුට තවත් ප්‍රමුඛ උදාහරන කිහිපයක් සඳහන් කල හැකි ය. වෙනසක් සඳහා වූ ජාතික සංගමයේ හිටපු නායක මොහොමඩ් එල්බරදෙයි, සිසිගේ මිලිටරි ජුන්ටාවේ පලමු උප ජනාධිපති බවට පත් විය. “ස්වාධීන” වෘත්තීය සමිති නායක කමල් අබූ එයිටා කම්කරු ඇමති ධුරයට පත් විය. නසර්වාදී ඊජිප්තු ජනතා ධාරාවේ නායක හම්ඩීන් සබාහි, ජුන්ටාවේ ඝාතන ප්‍රසිද්ධියේ ආරක්ෂා කලේ ය. ගැහැනුන් හා ලමුන් ඇතුලු කුමන්ත්‍රනයෙහි විරුද්ධවාදීන් අවම වසයෙන් 900ක් වත් යුද හමුදාව විසින් මරා දැමූ විට ද කයිරෝ නුවර රබා අල්-අදාවේයා චතුරස්‍රයේ මුර්සි ආධාරකරුවන් පැවැත්වූ විරෝධතා බිඳ දමද්දී ද රූපවාහිනියෙන් සබාහි මෙසේ ප්‍රකාශ කලේ ය: “ජනතාව, හමුදාව හා පොලීසිය සමග අපි අතිනත ගෙන කටයුතු කරනවා.”
කෙසේ වෙතත් විශේෂයෙන්ම ප්‍රතිවිප්ලවය කරා මාවත හෙලි කල දූෂිත ප්‍රවනතාවක් වූයේ, අනෙකුත් ප්‍රවනතාවන්ට අමතර ව බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) හා ජර්මනියේ වාම පක්ෂය සමග සමීප සබඳතා තිබෙන හා ඊජිප්තුව තුල කටයුතු කරන ව්‍යාජ-වාම කන්ඩායමක් වන ඊනියා විප්ලවීය සමාජවාදීන් (ආර්එස්) ය. විප්ලවයේ සෑම අදියරක දී ම ඔවුන් අවධාරනය කලේ, කම්කරුවන්ට ස්වාධීන භූමිකාවක් ඉටු කල නො හැකි බවත්, ප්‍රජාතන්ත්‍ර හා සමාජීය අයිතීන් සඳහා වන කම්කරුවන්ගේ අරගලය ධනේශ්වරයේ ඒ හෝ මේ කන්ඩායමට යටත් කල යුතු බවත්ය.
මුබාරක් බලයෙන් පහවීමෙන් පසුව ඔහුගේ හිටපු ආරක්ෂක ඇමති වූ මුහම්මද් තන්තාවිගේ නායකත්වය යටතේ බලය අත්කරගෙන සිටි මිලිටරිය පිලිබඳ ව ආර්එස් මිථ්‍යාවන් වැපිරවීය. බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට ලියූ ආර්එස් ක්‍රියාකාරිකයෙකු වන හොසෑම් අල්-හමාලාවි “තරුන නිලධාරීන් හා සොල්දාදුවන්” අපේ “මිතුරන්” යි සඳහන් කලේ, අවසානයේ හමුදාව “‘සිවිල්’ ආන්ඩුවක් කරා වන සංක්‍රමනය සකස් කරනු ඇත” යි ප්‍රකාශ කරමිනි.
විරෝධතා හා වැඩ වර්ජන වලට එරෙහිව හමුදාව කඩා පනිද්දී සහ “දෙවන විප්ලවයක්” සඳහා කැඳවුම් ඉස්මතු වෙද්දී, මුස්ලිම් සහෝදරත්වය වෙත ආර්එස් කලින් දුන් සහයෝගය යලි ප්‍රානවත් කලේ ය. 2012 ජනාධිපතිවරනයේ දී මුර්සිට ඡන්දය දීම සඳහා පෙනී සිටි ආර්එස්, සිය පක්ෂ ප්‍රකාශන තුල ඉස්ලාම්වාදීන් යනු “විප්ලවයේ දක්ෂිනාංශය” යි නම් කලේ ය. ඉන්පසු ඔවුහු, මුර්සිගේ ජයග්‍රහනය, “විප්ලවයේ ජයග්‍රහනයක්” හා “ප්‍රතිවිප්ලවය ආපස්සට තල්ලු කිරීමේ දී ශ්‍රේෂ්ඨ ජයග්‍රහනයක්” යි සැමරූ හ.
මුර්සිගේ කම්කරු-විරෝධී හා අධිරාජ්‍ය -ගැති පිලිවෙත්වලට එරෙහි ව නව වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගිය විට, ආර්එස් යලිත් මිලිටරිය වෙතට හැරුනි. අනෙකුත් අයට අමතර ව එල් බරදෙයි, ඊජිප්තුවේ ප්‍රකෝටිපති නගුයිබ් සාවිරිස් සහ මුබාරක් පාලන තන්ත්‍රයේ හිටපු නිලධාරීන් විසින් පිටුබලය දී අරමුදල් සම්පාදනය කරන ලද ටැමරොඩ් සන්ධානයට ඔවුන් සහයෝගය දුන් අතර, එම සන්ධානය මුර්සි බලයෙන් පහකරන ලෙස මිලිටරියට ආයාචනා කලේ ය. 2013 මැයි 19දා ප්‍රකාශයක් නිකුත් කල ආර්එස්, ටැමරොඩ් යනු “විප්ලවය සම්පූර්න කිරීමට මාවතක්” ලෙස උත්කර්ෂයට නංවමින්, “මෙම උද්ඝෝෂනයට සම්පූර්නයෙන් සහභාගි වීමට පවතින සිය අභිප්රායය” ප්රකාශ කලේ ය.
ජූලි 3 මිලිටරි කුමන්ත්‍රනයට ආර්එස් දැක්වූ ප්‍රතිචාරය එහි ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය මුලුමනින්ම තහවුරු කලේ ය. කුමන්ත්‍රනය “දෙවන විප්ලවයක්” ලෙස සැමරූ ඔවුහු, විරෝධතාකරුවන්ට “ඔවුන්ගේ විප්ලවය ආරක්ෂා කරගන්නා” ලෙස කියා සිටිය හ. මිලිටරිය මුබාරක් පාලන තන්ත්‍රයේ මර්දනීය යාන්ත්‍රනය පුනස්ථාපනය කරන අතරතුර, මිලිටරි ආන්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය ප්‍රතිසංස්කරන වෙනුවෙන් පීඩනය යෙදිය හැකි ය යන සුරංගනා කතාව ආර්එස් යලිත් පතල කලේ ය. “මිලියන ගනනක් වන ඊජිප්තුවේ දුගීන්ගේ ප්‍රතිලාභ ලැබෙන පරිදි සමාජ සාධාරනත්වය සඳහා අවශ්‍ය පියවර වහා ම ගන්නා ලෙස” නව ආන්ඩුව මත පීඩනය යොදන්නැයි ජූලි 11දා නිකුත් කල ප්‍රකාශයෙන් ඔවුහු කැඳවුම් කල හ.
එතැන් පටන් ආර්එස් ප්‍රධානකොටම උත්සුක වී ඇත්තේ ඔවුන්ගේ ගමන් මාවත වසං කිරීම කෙරෙහි ය. එස්ඩබ්ලිව්පී පුවත්පත වන සෝෂලිස්ට් වර්කර් තුල විප්ලවයේ සංවත්සරය නිමිත්තෙන් පලකල ලිපියේ දී ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනය පිලිබඳ ව හමාලාවි මෙසේ ලියයි: “අනාගමික (වාමාංශිකයන්, අරාබි ජාතිකවාදීන්, ලිබරලුන්) විපක්ෂය වෙත රහසේම පිවිසි මිලිටරිය, 2013 ජූලි මාසයේ කුමන්ත්‍රනය කෙරෙහි ඔවුන්ගේ පිටුබලය තහවුරු කර ගත්තේ ය. ඉන්පසුව සිදු වූයේ, ඊජිප්තු වම්මුන්ගේ සවුදිය පිරීම් මධ්‍යයේ, නවීන ඊජිප්තු ඉතිහාසයෙහි විශාලතම සංහාරයන් ය.”
සිසිගේ සංහාරයන්ට සවුදිය පිරූ මෙම “ඊජිප්තු වාමාංශිකයන්” අතර ඔහුගේ ම සංවිධානය සිටි බව වසං කිරීමට, හමාලාවි නරුම ලෙස උත්සාහ දැරුවේය.
ඊජිප්තු විප්ලවයේ තීරනාත්මක පාඩම, මහජන අරගල පුපුරා යාමට පෙර, කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාව යි. ධනේශ්වරයෙන් ද එහි සුලුධනේශ්වර පන්දම්කාරයන්ගෙන් ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර, ධනවාදය පෙරලා දැමීම සඳහා නො නවතින විප්ලවයේ ඉදිරි දර්ශනයෙන් හා සමාජවාදී ක්‍රියා මාර්ගයකින් මහජනයා සන්නද්ධ කල හැක්කේ එම ආකාරයෙන් පමනි.
හජාජාකට හා එහි ශාඛාවන්ට මඟපෙන්වනු ලබන්නේ, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට පෙර බොල්ශෙවික් පක්ෂයටත් එහි නායකයන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කිටත් මග පෙන්වූ සංකල්ප වලිනි. ඊජිප්තු විප්ලවයෙන් වසරකට පසුව පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ දී සම්මත කරන ලද යෝජනාව තුල අපි මෙසේ ලීවෙමු:
විප්ලවවාදී අරගලයන්ගේ අනිවාර්යතාව පුරෝකථනය කොට ඒවා සිදුවන තෙක් බලා සිටීම පමනක් ප්‍රමානවත් නො වේ. න්‍යායික ව මග පෙන්වන ඥානනය හා විප්ලවවාදී භාවිතාව අතර එකමුතුව මත අවධාරනය කරන මාක්ස්වාදය සමග එවන් ආස්ථානයක් සමඟ පොදු කිසිවක් නැත. තව ද මුබාරක්ගේ වැටීමෙන් ඉක්බිති ව වඩා පැහැදිලිව පෙනෙන පරිදි, සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා විප්ලවවාදී පක්ෂයක පැවැත්ම අවශ්‍ය කරයි. මහජන අරගල පැතිර යාමට පෙරාතුව, කම්කරු පන්තිය තුල හා සියල්ලට ඉහලින් එහි වඩාත් පෙරමුනු අංශ තුල, අර්ථභාරී දේශපාලන කටයුතු වර්ධනය කිරීම සදහා, සමාජවාදී සමානතා පක්ෂය එයට හැකි සියල්ල කල යුතු ය.
ලොව පුරා පුනර්ජීවනය වී ඇති පන්ති අරගලය මධ්‍යයේ, අලුත් ශක්තියකින් යුතු ව මෙම වැඩ කටයුතු ඉහල තලයකට එසවිය යුතු ය. හජාජාක, එහි ශාඛා හා අනුග්‍රාහක කන්ඩායම්වල කර්තව්‍යය මෙය යි.