ඉදිරිදර්ශන

2024 මැයි දිනය: තුන්වන ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය නැවැත්වීමට කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනඟමු!

[මෙය May Day 2024: Build a socialist movement of workers and youth to stop World War III, fascism and dictatorship! යන මැයෙන් 2024 අප්‍රේල් 26 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) ජාතික සභාපති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, 2024 මැයි දිනය සැමරීම සඳහා ගෝලීය ඔන්ලයින් රැලිය නිවේදනය කරමින් වීඩියෝවක් නිකුත්කලේ ය. ලෝසවෙඅ අද ඉදිරිදර්ශනය ලෙස එම නිවේදනයේ පෙල ප්‍රකාශයට පත් කරයි.

මැයි 4 සෙනසුරාදා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි දිනය සැමරීම සඳහා ඔන්ලයින් රැලියක් පවත්වනු ඇත. මෙවර රැලිය සුවිශේෂී වැදගත්කමක් උසුලයි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

බයිඩන් පරිපාලනය, සංගත පාලිත යුදවාදීන්ගේ ද්විපාර්ශවික ද්වි-පක්ෂ සන්ධානයේ සහයෝගයෙන් සහ සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග සන්ධානගතව, නිර්දය ලෙස තුන්වන ලෝක යුද්ධයක් කරා උසිගන්වමින් සිටී.

එක්සත් ජනපද ඉතිහාසය තුල නිරන්තරව, ජනාධිපතිවරනයන් යුද්ධ සඳහා වේදිකාව සකසා ඇත. වුඩ්‍රෝ විල්සන් 1916 දී සාම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර, 1917 දී ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් මසකට පසුව පලමු ලෝක යුද්ධයට අවතීර්න විය. එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට පා තැබුවේ වූයේ 1940 මැතිවරනයෙන් වසරකට පසුවය.

ජෝන් එෆ්. කෙනඩි, 1961 ජනවාරි මාසයේ දී ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර, මාස තුනකට පසුව කියුබාවේ විනාශකාරී බේ ඔෆ් පිග්ස් ආක්‍රමනය දියත් කරන ලදී. 1964 දී 'සාම අපේක්ෂකයා' ලෙස ඉදිරිපත් වූ ලින්ඩන් ජොන්සන් 1965 පෙබරවාරි මාසයේ දී උතුරු වියට්නාමයට බෝම්බ හෙලීම ආරම්භ කරමින්, ජූලි මාසයේ දී පලමු එක්සත් ජනපද සොල්දාදුවන් 100,000 යෙදවීය.

1968 දී, තමා 'සාමය සඳහා සැලැස්මක්' ඇති අපේක්ෂකයෙකු ලෙස බව ප්‍රකාශ කල රිචඩ් නික්සන්, 1969 දී වියට්නාම් යුද්ධය තව දුරටත් තීව්‍ර කර 1970 දී කාම්බෝජය ආක්‍රමනය කලේය. 1988 දී තේරී පත් වූ පලමු ජනාධිපති බුෂ්, 1989 දී පැනමාව ආක්‍රමනය කර, 1990 අගෝස්තු මාසයේ පලමු ගල්ෆ් යුද්ධය සඳහා සූදානම් වීම ආරම්භ කලේය.

දෙවන බුෂ් (ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්), 2000 දී සොරකම් කරන ලද මැතිවරනයෙන් නිලයට පැමිනීමෙන් පසුව, 2001 දී ඇෆ්ගනිස්ථානයේ දිගුකාලීන ආක්‍රමනය සහ 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධය දියත් කිරීමට කඩතුරාවක් ලෙස සැප්තැම්බර් 11 සිදුවීම යොදා ගත්තේය.

2024 මැතිවරනයට මාස හයක් පමනක් ඉතිරිව තිබෙන විට, මෙම ඓතිහාසික අත්දැකීම් ක්ෂනිකව අදාලත්වයක් දරයි.

තුන්වන ලෝක යුද්ධයක් දුරස්ථ විය හැකියාවක් නොවේ. මෙම යුද්ධයේ ආරම්භක අදියර දැනටමත් සිදුවෙමින් පවතී. රුසියාව, චීනය සහ ඉරානයට එරෙහි ගෝලීය මිලිටරි මෙහෙයුම් සඳහා මේ සතියේ ද්විපාර්ශ්වික අනුමැතිය යටතේ අමතර බිලියන ගනනක් වෙන් කිරීමේ සුවිශේෂතාව මෙයයි.

එපමනක් නොව, රුසියාව තුල ඉලක්ක වලට වඩාත් හොඳින් පහර දිය හැකි දිගු දුර මිසයිල කියෙව් වෙත රහසිගතව සපයමින්, බයිඩන් පරිපාලනය තවත් 'රතු ඉරක්' පසුකර ඇති බව දැන් වාර්තා වී තිබේ. රුසියාවට එරෙහි එක්සත් ජනපදයේ තථ්‍ය යුද්ධය උත්සන්න කිරීමට සීමාවන් නොමැත.

මැතිවරනයට පෙරම, යුක්‍රේනය තුල එක්සත් ජනපද හා නැටෝ සටන් හමුදා යෙදවීමට දැනටමත් 'රහස්' තීරනයක් ගෙන ඇති බව කෙනෙකුට උපකල්පනය කල හැකිය. එකම ප්‍රශ්නය වන්නේ, ඇමරිකානු සහ නැටෝ හමුදා, ගුවන් යානා සහ යුද නැව් සමග එක්සත් ජනපදයේ යුද්ධයට සෘජු මැදිහත්වීම ආරම්භ කරන්නේ නොවැම්බර් මැතිවරනයට පෙර ද, පසුව ද යන්න පමනි.

ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීමේ නොවරදින ලකුනක් වන්නේ, විශ්ව විද්‍යාල “යුදෙව්විරෝධය” යන පචය යොදාගනිමින් ජන සංහාරයට එරෙහි ශිෂ්‍යය විරෝධතාවලට ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ආන්ඩුවල ප්‍රචන්ඩ ප්‍රතිචාරයයි. මෙය, යුද්ධයට එරෙහි, සියලු දේශීය විරෝධයන්ට එරෙහිව එල්ල කෙරෙන දැවැන්ත ආන්ඩු මර්දනයේ පලමු අදියර පමනි. එතෙර යුද්ධය යනු සිය රට තුල යුද්ධයයි.

න්‍යෂ්ටික අවි භාවිතය, නොවැලැක්විය හැකි පරිදි ලෝක යුද්ධයක් දක්වා ව්‍යසනකාරී ලෙස උත්සන්න වීමේ දැවැන්ත අන්තරායට එරෙහිව, බරපතල හා දූරදර්ශී දේශපාලන උපාය මාර්ගයක් අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෝසෆ් කිෂෝර්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය කේන්ද්‍රගත වී ඇත්තේ, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව බලගතු කම්කරු පන්තික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මත ය. ලෝක යුද්ධයට විරුද්ධ වීම යනු, අනිවාර්යයෙන් ම ලෝක ධනවාදයට එරෙහි සටනකි.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යුදකාමීන්ගේ කන්ඩායමට—හෝ යුරෝපයේ අධිරාජ්‍යවාදී ආන්ඩුවලට—ආයාචනා කිරීමෙන් කිසිවක් ඉටු නොවනු ඇත.

එලඹෙන මැයි 4 රැලියේදී, ලෝකය පුරා ජාත්‍යන්තර කමිටුවේ කථිකයන් රැසක්, යුද්ධයට එරෙහිව ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මූලෝපායක් සහ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනු ඇත.

නිසැකව ම එයට සහභාගී වන්න. අදම ලියාපදිංචි වන්න!

Loading