ආන්ඩුවේ මැරයින්ගේ ප්‍රහාරයට ලක්වූ සසප සාමාජිකයින්ට ඩේවිඩ් නෝර්ත්ගෙන් පනිවිඩයක්

[මෙය David North sends a message to Sri Lankan SEP members attacked by pro-government thugs මැයෙන් 2023 දෙසැම්බර් 7 පල කල ලිපියේ පරිවර්තනය යි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති ඩේවිඩ් නෝර්ත්, නොවැම්බර් 30 වෙනිදා මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටත දී සිදු කල උද්ඝෝෂනයකදී ආන්ඩුවේ මැරයන්ගේ ප්‍රහාරයට ලක් වූ ලංකාවේ සසප සාමාජික දේහින් වසන්තට සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු වෙත පහත සටහන යැවීය.

පාලක පොදුජන පෙරමුනට අනුබද්ධිත පොදුජන ප්‍රගතිශීලී සේවා සංගමයේ සභාපති සහ ලේකම් ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන, දේහින් සහ ප්‍රනාන්දුට දරුනු ආබාධ ඇති කරමින් ප්‍රචන්ඩ ලෙස පහර දුන්හ. සසප, දේශපාලන කටයුතු වල නිරත වීමේ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට එන ලෙස, ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර පරිමානව උද්ඝෝෂනයක් දියත් කර ඇත.

ඩේවිඩ් නෝර්ත්

හිතවත් දේහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු සහෝදරවරුනි:

පොදුජන ප්‍රගතිශීලී සේවා සංගමය ඔබ වෙත එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාරය පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවම කෝපයට පත්ව සිටී.

බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්‍රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි. යතාර්ථයේදී ඔවුන් විසින්ම කම්කරු පන්තියේ අගෞරවයට පිලිකුලට පාත්‍ර වෙමින් සිටී.

ඔබේ ජාත්‍යන්තර සහෝදරවරුන්ගේ සහෝදරත්වය පල කිරීමට සහ ඔබ ලැබූ තුවාලවලින් ඉක්මන් සුවය පතා ඔවුන් කරන ප්‍රාර්ථනාවන් ඔබවෙත පුද්ගලිකවම යොමු කිරීමට ජෝ කිශෝර් සහෝදරයාට ඉක්මනින්ම හැකියාව ලැබෙනු ඇතැයි සිතමි.

විප්ලවවාදී සුබ පැතුම් සමග,

ඩේවිඩ් නෝර්ත්

Loading