රුසියානු විප්ලවය හා
නොනිමි විසිවන සියවස

ඩේවිඩ් නෝර්ත් සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවක්

2014 දෙසැම්බර් 13 සෙනසුරාදා ප.ව. 1.00ට (එක්සත් ජනපදයේ නැඟෙනහිර වේලාවෙන්)
(ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට )

wsws.org/utc

මෑතකදී පල කල තම රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතිය පිලිබඳව, ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නොර්ත් සමඟ පවත්වන විශේෂ සජීවී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන ලෙස ලෝසවෙඅ තමන්ගේ සියලුම පාඨකයින්ට ඇරයුම් කරයි.

එක්සත් ජනපදයේ නැඟෙනහිර වේලාවෙන් 2014 දෙසැම්බර් මස 13දා ප.ව. 1.00ට (ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට ) පැවැත්වෙන මෙම සම්මුඛ සාකච්ඡාවට wsws.org/utc සම්බන්ධතාවය ඔස්සේ පිවිසිය හැකිය.

මෙය ලෝසවෙඅ වාර්තාකරුවන් වන ඇන්ඩ්‍රි ඩෙමෝන් හා ඇන්ඩ්‍රියා පීටර්ස් විසින් මෙහෙයවන අතර අසන්නන්ට විද්‍යුත් තැපෑල (ඊ මේල්) හා සමාජ මාධ්‍ය හරහා තම ප්‍රශ්න යොමු කල හැකිය.

ඓතිහාසික ප්‍රශ්න හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අද දින මුහුනපා සිටින දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒවායේ අදාලත්වය ගැන විවේචනාත්මක සාකච්ඡාවකට සවන් දීම සඳහා ලෝසවෙඅ පාඨකයින්ට මේ මඟින් අවස්ථාව සැලසෙයි. “තව තවත් ඈත අතීතයක් කරා පසුබසිනවා වෙනුවට විසිවන සියවස, ගෙවා දමන්නේ කෙසේදැයි කිසිවෙකුත් නොදන්නා දැවැන්ත නයක ස්වභාවය අත්කරගෙන ඇත” ඩේවිඩ් නෝර්ත් එසේ ලියයි.

නෝර්ත්ගේ පොත, විසිවන සියවසේ ඉතිහාසය පිලිබඳව ඒකාග්‍ර ඓතිහාසික හා න්‍යායික වැටහීමක් අත්කර දෙයි. එම කෘතිය, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය, 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ස්වභාවය, ඉතිහාසය රචනා කිරීමේදී පශ්චාත් නූතනවාදයේ බලපෑම, හොලොකෝස්ටයේ සමාජ මූලයන්, ඇමරිකානු ලිබරල්වාදයේ අර්බුදය හා යුක්‍රේනයේ එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රනය තුල දක්ෂිනාංශික බුද්ධිමතුන්ගේ භූමිකාව වැනි ප්‍රශ්න විමසා බලයි.

සාකච්ඡාව සඳහා ප්‍රශ්න යොමුකරන්නේ කෙසේ ද යන්න පිලිබඳ තොරතුරු හා යාවත්කාලීන කිරීම් ලබාගැනීම පිනිස කරුනාකර පහත දැක්වෙන කොටුව ක්ලික් කරමින් ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වන්න

කෘතිය ලබා ගන්න!

රුසියානු විප්ලවය හා
නොනිමි විසිවන සියවස

ඩේවිඩ් නොර්ත්

විනාශකාරී යුද්ධ, ආර්ථික අර්බුද, සමාජ අසමානතාවය හා ආඥාදායකත්වයේ තර්ජනය යන විසිවන සියවසේ කිසිදු ගැටලුවක් පලමුවන ලෝක යුද්ධය හා රුසියානු විප්ලවය හටගැනීමෙන් වසර සියයකට පසුව ද විසඳී නැතුවා පමනක් නොව, සත්තකින්ම ඒවා අද දවසේ වඩාත් තියුනු ආකාරයකින් යලි ඉස්මතුවී ද ඇත.

සෝවියට් සංඟමය විසිරුවා හැරීම සලකුනු කරන්නේ, “ඉතිහාසයේ අවසානය” හෝ “කෙටි විසිවන සියවස” බව කියා සිටි, පිලිවෙලින් ෆ්‍රැන්සිස් ෆුකුයාමා හා එරික් හොබ්ස්බෝම් වැනි සමකාලීන ඉතිහාසඥයින්ට එරෙහිව ඩේවිඩ් නෝර්ත් තර්ක කරයි.

ඇනවුම් කරන්න