[මෙය Sri Lankan Telecom workers protest against privatisation යන මැයෙන් 2022 නොවැම්බර් 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකා ටෙලිකොම්හි (එස්එල්ටී) සිංහල හා දෙමල කම්කරුවන් දහස් ගනනක්, පුද්ගලීකරනයට එරෙහිව, නොවැම්බර් 25 සහ 28 යන දිනයන්හි දිවා ආහාර වේලාවෙහි පැවති දීප ව්‍යාප්ත විරෝධතාවලට සම්බන්ධ වූහ. කොලඹ, දකුනේ ගාල්ල සහ මාතර, උතුරු මැද පලාතේ අනුරාධපුරය, නැගෙනහිර ත්‍රිකුනාමලය සහ කල්මුනේ ඇතුලු නගර කිහිපයක එස්එල්ටී කාර්යාලවලින් පිටත විරෝධතා පැවැත්විනි.
“ලාභ ලබන ටෙලිකොම් පෞද්ගලීකරනය නවතනු!”, “පෞද්ගලීකරනය නිසා ශ්‍රී ලංකාව බංකොලොත් වෙලා!” සහ 'ජාතික සම්පත් විකිනීම නවතනු!' වැනි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ හඬ නැගූහ.
මෙම විරෝධතාවන්, ඉහල යන ජීවන වියදමට, රැකියා හා වැටුප් වලට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වැඩෙන කම්කරු පන්ති අරගල රැල්ලක කොටසකි. වසංගතයෙන් හා යුක්‍රේනය තුල යුද්ධයෙන් වේගවත් කරන ලදුව, වඩ වඩාත් නරක අතට හැරෙන ආර්ථික අර්බුදයේ සම්පූර්න බර, ආන්ඩු සහ සංගත විසින් වැඩකරන ජනතාව මත පටවමින් සිටී.
සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමය (සිවිසංසේසං), පොදුජන ප්‍රගතිශීලී ටෙලිකොම් සේවක සංගමය (පොප්‍රටෙසේසං), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), සමගි සේවක සංගමය (සසේසං) සහ ජාතික සේවක සංගමය (ජාසේසං) ඇතුලු වෘත්තීය සමිති 20 කින් යුත් කන්ඩායමක් වන ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව (ටෙවෘසඑ) විසින් මෙම විරෝධතාව කැඳවා තිබේ.
මෙම වෘත්තීය සමිති සියල්ල ගැටගැසී ඇත්තේ කප්පාදු හා පුද්ගලීකරනය සඳහා සහාය දක්වන හෝ සැබවින්ම ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු සංස්ථාපිතයේ පක්ෂ සමග ය. පොප්‍රටෙසේසං, ශ්‍රීලංනිසේසං, සසේසං සහ ජාසේසං පාලනය කරනු ලබන්නේ පිලිවෙලින් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසිනි.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා ටෙලිකොම් සේවක සංගමය නිල වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවූ නමුත් එහි සාමාජිකයින් විරෝධතාවලට සහභාගී විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද පුලුල් ව්‍යාපාරික ගැති “ප්‍රතිසංස්කරන” වලට අනුකූලව, නොවැම්බර් 14 දින වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 සඳහා වන වාර්ෂික අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද පරිදි පෞද්ගලීකරනය කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය (රාව්‍ය) කිහිපයක් අතරට එස්එල්ටී ද අයත් වේ. ශ්‍රීලංපොපෙ, එජාප, සජබ, ශ්‍රීලනිප, ජවිපෙ සහ වෘත්තීය සමිති යන මේ සියල්ලම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහයෝගය දක්වති.
ටෙවෘසඑ විරෝධතාව කැඳවූයේ කම්කරුවන්ගේ වැඩෙන කෝපය වාෂ්ප කර දැමීමේ අරමුනෙනි. මීට පෙර, ටෙවෘසඑ මෙම සතියේ බ්‍රහස්පතින්දා දක්වා විරෝධතා පවතින බව නිවේදනය කල නමුත්, සඳුදා ක්‍රියාමාර්ගය නතර කලේ එස්එල්ටී සභාපතිවරයා සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව වෘත්තීය සමිති සාමාජිකයින්ට පවසමිනි.
ආන්ඩුවට උපදෙස් දීමෙන් හා ආයාචනා කිරීමෙන් පුද්ගලීකරනය නැවැත්විය හැකිය යන බොරුව ප්‍රවර්ධනය කරමින් කම්කරුවන් විසුරුවා හැරීමට ටෙවෘසඑ උත්සාහ කරයි.
නොවැම්බර් 21 දින නිකුත් කරන ලද ටෙවෘසඑ පත්‍රිකාවක සඳහන් වූයේ, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරනය 'ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට' තර්ජනයක් බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභදායී ව්‍යවසායයක් බවත්, 2022 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 933ක් උපයා ඇති බවත් පෙන්වා දෙන එම පත්‍රිකාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය “දේශපාලන මැදිහත්වීම්වලින් තොර ස්වාධීන ආයතනයක්” බවට පත් කරන ලෙස සහ “නියාමනයට සහ විගනනයට” යටත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.
එස්එල්ටී හි ලාභදායිත්වය යනු ශ්‍රම බලකාය කප්පාදු කිරීමට සහ වැඩ බර වැඩි කිරීමට කලමනාකාරිත්වය සමඟ වෘත්තීය සමිතිවල පවතින සහයෝගීතාවයේ සෘජු ප්‍රතිඵලයකි. ලාභය තවදුරටත් ඉහල නංවා ගනුවස් ශ්‍රම බලකාය පාලනය කරදීම සඳහා අඛන්ඩව සහයෝගය දීමට ටෙවෘසඑ ප්‍රතිඥා දෙයි.
ඊයේ විරෝධතාවයෙන් පසු කම්කරුවන් අමතමින්, සිවිසංසේසංහි ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ ප්‍රකාශ කලේ ආන්ඩුව පුද්ගලීකරනය සඳහා වූ යෝජනාව ඉල්ලා අස්කර නොගත්තේ නම්, “අපි සියලුම ටෙලිකොම් සේවකයන් කොලඹට කැඳවනවා” යනුවෙනි. 'අපි ඒකාබද්ධ අරගලයක් ගැන විදුලිය, ඛනිජ තෙල් සහ වරාය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති සමග කතා කරනවා' යනුවෙන් ඔහු ගර්ජනා කලේය.
නොවැම්බර් 21 දා පැවති මාධ්‍ය හමුවකදී පොප්‍රටෙසේසංහි සභාපතිවරයා කියා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සමඟ කතා කරන බවත් ආන්ඩුව මෙම යෝජනාව ඉල්ලා අස්කර නොගතහොත් පක්ෂයෙන් ඉල්ලා අස්වන බවත් ය. එවැනි වාචාල කතා වලින් ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් රැවටීමෙන් අපේක්ෂා කරන්නේ පුද්ගලීකරනය සඳහා පසුබිම සකස් කිරීමේ වෘත්තීය සමිතිවල කුනු වූ වාර්තාව වසන් කිරීමට ය.
වත්මන් සජබ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන එවකට එජාප ජනාධිපති රනසිංහ ප්‍රේමදාස විසින් සිදු කරන ලද 'නිදහස් වෙලඳපොල' ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ 1990 දශකයේ මුල් භාගයේදී එස්එල්ටී පුද්ගලීකරනය සඳහා සූදානම් වීම ආරම්භ විය. පලමුව, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1991 දී එස්එල්ටී සංස්ථාව බවට පරිවර්තනය විය. 1996 දී එය එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රීලනිප ප්‍රමුඛ ආන්ඩුව යටතේ ප්‍රසිද්ධියේ කොටස් විකුනා දමන සමාගමක් බවට පත් විය.
1997 දී කුමාරතුංග ආන්ඩුව එස්එල්ටී කොටස්වලින් සියයට 40 ක් 'ජැපනීස් නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් සමාගමට (එන්ටීටී) විකුනා දැමීය. 2007 දී එන්ටීටීය තම කොටස් වලින් සියයට 25 ක්, සීමාසහිත මැක්සික්ස් කොමියුනිකේෂන් (Maxix Communication Bhd) හි අනුබද්ධිත ආයතනයක් වන මැලේසියන් උසාහා ටේගස් (Malaysian Usaha Tegas Sdn) වෙත විකුනා දැමීය.
මෙම නැගී එන පුද්ගලීකරනය සිදු වූයේ සමූහ දොට්ට දැමීම් සමග ය. 2000-2006 අතර එස්එල්ටී හි ශ්‍රම බලකාය 8,600 සිට 6,600 දක්වා ඊනියා ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමේ යෝජනා ක්‍රමයක් යටතේ අඩු කරන ලද අතර බොහෝ කම්කරුවන් අඩු වැටුප් සහිත කොන්ත්‍රාත් කම්කරුවන් මගින් විස්ථාපනය කරන ලදී.
ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පුරා එස්එල්ටී හි සහ ආන්ඩුවෙහි සහකරුවන් ලෙස කටයුතු කර ඇති වෘත්තීය සමිති මෙම ඓතිහාසික ප්‍රහාරවලට වගකිව යුතුය. පෞද්ගලීකරනයට හා රැකියා විනාශයට එරෙහි කම්කරුවන්ගේ අරගල නිෂ්ඵල විරෝධතාවලට සීමා කර ඒවා පාවා දීමට මෙම සංවිධාන සහතික විය.
කම්කරුවන් අතර මුල් බැසගත් විරෝධය හේතුවෙන් මෙතෙක් බලයට පත් වූ ආන්ඩුවලට පුද්ගලීකරන ක්‍රියාවලිය සම්පූර්න කිරීමට නොහැකි වී ඇත. දැන්, සුවිසල් විදේශ නය කන්දරාවකට මුහුන දී සිටින සහ ක්ෂය වූ විදේශ විනිමය සංචිත සහිත වික්‍රමසිංහ ආන්ඩුව, තම මූල්‍ය අර්බුදයෙන් කොටසක් රාජ්‍ය ව්‍යවසායන් විකිනීම හරහා විසඳා ගැනීමට උත්සාහ කරයි.
එස්එල්ටී සමාගමට අමතරව, 2023 අයවැය මගින් ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, වෝටර්ස් එජ් සහ කලම්බු හිල්ටන් හෝටල් පෞද්ගලීකරනය සඳහා ලැයිස්තුගත කර ඇත. ලංකා විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් මෙම ලැයිස්තුවට එක් කිරීමට නියමිතය.
පුද්ගලීකරනය යනු රැකියා, වැටුප් සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ඓතිහාසික ප්‍රහාරයක කොටසකි. රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩකින්, එනම් 850,000 කින් කප්පාදු කිරීම ආන්ඩුව ඉලක්ක කරයි.
ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමේ දී ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරන ටෙවෘසඑ සහ අනෙකුත් සියලුම වෘත්තීය සමිති, එම කප්පාදු පිලිවෙත් වලට එරෙහි කම්කරුවන්ගේ අරගල මැඩලීම සඳහා කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම අතරතුර, අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල පැවති මහා වැඩවර්ජන වලදී එස්එල්ටී කම්කරුවෝ, මිලියන ගනනක් වූ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එක් වූහ. මෙම අරගලය පාවා දී වික‍්‍රමසිංහ ආන්ඩුව පිහිටුවීමට පාර කැපීමේදී ටෙලිකොම් වෘත්තීය සමිති අනෙකුත් වෘත්තීය සමිති සමග සහයෝගයෙන් කටයුතු කලහ.
කම්කරුවන් මෙම අත්දැකීම් වලින් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගත යුතු අතර සංගතවාදී වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව තම අයිතීන් සඳහා අරගලය තමන්ගේ අතට ගත යුතුය.
අවශ්‍ය වන්නේ පාලක පන්තියේ ආර්ථික ප්‍රහාරයට එරෙහිව ගම්බද දුගීන්ගේ සහාය ඇතිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම සඳහා සෑම වැඩබිමකම, කර්මාන්තශාලාවකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. මෙම කමිටු, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව එම ප්‍රහාරවලටම මුහුන දෙන කම්කරුවන් සමග ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම සපයනු ඇත.
රාජ්‍ය ව්‍යවසායන් වහාම පෞද්ගලීකරනය නොකල ද ධනේශ්වර රාජ්‍යයේ කොටසක් ලෙස පැවතුන ද රැකියා, සේවා කොන්දේසි සහ පොදු සේවාවන්ට එල්ල කරන ප්‍රහාරවල අවසානයක් නැත. යහපත් වැටුප් සහිත රැකියා, ඉහල ජීවන තත්වයන් සහ මූලික සමාජ අයිතීන් සහතික කිරීමේ එකම මාර්ගය වන්නේ සමාජ අසමානතාවයේ හා යුද්ධයේ උල්පත වන ධනවාදය අහෝසි කිරීම ඉලක්ක කරගත් දේශපාලන අරගලයකි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), ශ්‍රී ලංකාව පුරා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයින් හරහා ගොඩනගන, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සටන් වදියි. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන ඉදිරියට ගෙන යනු ඇත.