නොවැම්බර් 5 වන දා, ජාතික ජන බලවේගයේ (ජාජබ) අම්බලන්තොට ආසන සමුලුවේ දී, ජාජබ සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, දැරිය නොහැකි තරම් විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමට සිදුවීම රටේ ආර්ථික අර්බුදයට හේතු වී ඇති බව කියමින් එය කප්පාදු කිරීම සඳහා විවෘත උද්ඝෝෂනයක යෙදුනේ ය. “මේ රටේ රාජ්‍ය අංශය ටිකක් ලොකුයි...එය කුඩා කර, හැකිලෙන්න හැරිය යුතු” යැයි ඔහු පැවසී ය.
මෙම මෘග කප්පාදු වැඩපිලිවෙල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජමුඅ) නියෝගයන් මත පදනම් වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනුව, ලංකාවට මෙම ආර්ථික අර්බුදයෙන් “ගොඩ ඒම” සඳහා ජාමුඅ නියෝගයන්ට මුලුමුනින් අවනත වීම හැර වෙනත් මාර්ගයක් නැත.
ජාමුඅ විසින් යෝජිත නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නය ආපසු ගෙවීම සහතික කිරීම සඳහා ආන්ඩුව 2026 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.5 ත් 15 ත් අතර ප්‍රමානයක් දක්වා රාජ්‍ය ආදායම් එකතුව ඉහල දැමීමේ ඉලක්කයක් හඹා යයි. ඒ සඳහා ආන්ඩුව දැවැන්ත පරිමානයෙන් බදු ඉහල නංවා ඇති අතර අනෙක් පසින් රාජ්‍ය අංශයේ වියදම් බරපතල ලෙස කප්පාදු කිරීම ආරම්භ කර ඇත.
මිනිස් බල සහ රැකියා අමාත්‍යාංශය විසින් අප්‍රේල් 25 දින නිකුත් කරන ලද “සංකල්ප පත්‍රිකාවක” අවධාරනය කර ඇත්තේ, මිලියන 1.7 කට වැටුප් හා දීමනා ගෙවීමට රජයේ ආදායමෙන් වෙන් කෙරෙන සියයට 50ක ආදායම මේ වන විට “දැරිය නොහැකි” මට්ටමකට එලඹී ඇති බවයි. පත්‍රිකාවට අනුව රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන්නේ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායෙන් සියයට 50ක් පමනි. එනම් රජයේ සේවකයන් 850,000 කට වැඩි පිරිසක් දොට්ට දැමිය යුතු ය.
රාජ්‍ය අංශයේ වියදම් ගැන ආන්ඩුවේ පාර්ශ්වයන් පලකර ඇති මෙම කනස්සල්ල ඉහත රැස්වීමේ දී දිසානායක ද ප්රතිරාවය කලේ ය. “භාන්ඩාගාරයට එන රුපියල් 100කින් රුපියල් 58ක් අපි වියදම් කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න” යැයි, ඔහු මැසිවිලි නැගුවේ ය.
රාජ්‍ය අංශය කප්පාදු කිරීම සාධාරනීකරනය සඳහා ධනපති පාලක පන්තිය විසින් නිරන්තරයෙන් ජප කරන “රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව” පිලිබඳ චෝදනාව දිසානායක ද සිය කතාව තුල දී යහමින් දමා ගැසුවේ ය. “ලංකාවේ කච්චේරියකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට, ඉඩම් කාර්යාලයකට හෝ වෙන මොන ම කාර්යාලයකට ගියත් අපිට දකින්න ලැබෙන්න රස්තියාදු වෙමින් ඉන්න මිනිස්සු. වැඩක් කරගන්න මුලු දවසක් ම බලන් ඉන්න වෙනවා” යැයි, ඔහු පැවසී ය. එ මෙන් ම ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු දේශපාලන හිතවත්කම් මත රැකියා ලබාදී රාජ්‍ය අංශය පුරවා දැමීම පිලිබඳ දීර්ඝ ව උදාහරන දක්වමින් දිසානායක එහි රැකියා කප්පාදුව සඳහා හේතු කාරනා ගොනු කලේ ය.
“ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගැනීම” සඳහා තමන්ගේ වැඩපිලිවෙල ඉදිරිපත් කරමින්, ජාජබ නාම පුවරුව යටතේ, ජවිපෙ රටපුරා සම්මන්ත්රන පවත්වමින් යයි. සංචාරක ව්‍යාපාරය පුලුල් කිරීම, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී ඇස්බැන්දුම් වලින් ආවරනය කරමින් ඔවුන් සැබැවින්ම ප්‍රවර්ධනය කරනේ කම්කරුවන් ඇතුලු පීඩිත මහජනතාවන් මත ආර්ථික අර්බුදයේ බර පැටවීමේ රුදුරු දක්ෂිනාංශික වැඩපිලිවෙලකි.
ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට තම එකඟතාව වක්‍ර ව පල කරමින් සිටි ජවිපෙ දැන් ඒ පිලිබඳ ව විවෘතව කතා කරයි. ඔක්තෝබර් 17 වන දා ස්වර්නවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සම්බන්ධ වූ දිසානායක පැවසුවේ, “ලංකාව නය පැහැර හරින තත්වයට පත් ව ඇති නිසා ජාමුඅ වෙත ගමන් කිරීමෙන් වැලකී සිටීමට අපට බැහැ” යනුවෙනි.
“ ඉදිරි කාලයේදී සමාජයට [එනම් වැඩකරන ජනතාවට] යම් කැපකිරීමක් කරන්නට සිදුවනවා” යැයි ඔහු ඒ හුස්මටම පැවැසී ය. “අසීරු කාලයන් වැලැක්විය නොහැක” යනුවෙන්, ඔක්තෝබර් 19 දා ජාතිය අමතමින් කල කතාවේ දී, වික්‍රමසිංහ කල ප්‍රකාශය සහ දිසානායකගේ වචන අතර වෙනසක් නැත.
ධනපති ලාභ අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම සඳහා කම්කරු පීඩිත මහජනතාවන් මිරිකා දැමීම සඳහා තමන්ගේ ම නායකත්වයෙන් යුතු ආන්ඩුවක් ගොඩනැගීම සඳහා ජවිපෙ පුලුල් උද්ඝෝෂනයකට බැස ගෙන සිටියි. ජාමුඅ රුදුරු කප්පාදුවලට එරෙහි ව, පැන නැගීමට නියමිත දැවැන්ත මහජන අරගල පිලිබඳ ව ධනපති පාලක පන්තියේ වෙනත් ඕනෑ ම කන්ඩායමක් මෙන් බියෙන් සලිත වී සිටින ජවිපෙ, “අර්ථික අර්බුදයට පාර්ලිමේන්තුව හරහා විසඳුම් සෙවීමේ” මිත්‍යාවක් පසුපස කම්කරු-පීඩිත මහජනතාව ගාල් කර ගැනීමට මාන බලයි.
ඉහත සම්මන්ත්රන මාලාවේ පලමුවැන්න ලෙස අකුරැස්සේ දී පැවත් වූ මහජන හමුවක දී දිසානායක පැවසුවේ, වීදි බසිමින්, විරෝධතා පවත්වා බලය අල්ලා ගැනීමේ “සංකීර්න” මාවත් අත හැර, පවතින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ආන්ඩුවට බලපෑම් දමා ඉදිරි මැතිවරනයක දී තම නායකත්වයෙන් යුතු ආන්ඩුවක් බලයට පත් කර ගැනීමේ මාවත ජවිපෙ තෝරා ගෙන තිබෙන බවයි.
“සංකීර්න” මාවත් ලෙස දිසානායක හඳුන්වන්නේ, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහි ව පැන නැගි අප්‍රේල්-ජූලි මහජන නැගිටීම ආකාරයේ මාවත් සම්බන්ධයෙනි. එවන් නැගිටීමක්, විප්ලවවාදී පක්ෂයකින් මෙහෙය වන කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන මාවතක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ගැන දිසානායක උත්සුක ය.
මහජන නැගිටීම වර්ධනය වෙද්දී තම වෘත්තීය සමිති සහ තරුන සංවිධාන එ තුල මැදිහත් කරමින් ජවිපෙ උත්සාහ කලේ, ඊනියා අන්තර්වාර ආන්ඩු යෝජනා හරහා කම්කරුවන් සහ තරුනයන් ධනපති පාර්ලිමේන්තු මාවතේ කොටුකර තබා ගැනීමටයි.
ලංකාව තුල ඔඩු දුවමින් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය, ගෝලීය ධනපති ක්රමයේ පද්ධතිගත අර්බුදයේ ප්රකාශනයක් වෙතැයි යන අවබෝධයෙන් කම්කරු පන්තිය සන්නද්ධ වීම වලකා, එම අර්බුදය ධනපති ආන්ඩුවේ වංචා දූෂනවල ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට ජවිපෙ එක දිගට ම මහජන අරගල තුල මැදිහත් විය. ජවිපෙ විසින් තමන්ව ප්‍රවර්ධනය කරගනු ලැබුවේ “වංචා දූෂන වලට එරෙහි පාලනයක් පිහිටු විය හැකි එක ම දේශපාලන ව්‍යාපාරය” ලෙසයි.
ජාමූඅ යෝජනා කරන කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය “මහජන සහයෝගය” දිනා ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුව අසමත් බැවින්, ඉක්මන් මැතිවරනයක් මගින් තම ආන්ඩුවක් පිහිටුවා එම “මහජන සහයෝගය” දිනා ගත හැකි වෙතැයි දිසානායක, ජාමූඅට සහ ලංකාවේ ධනපති පංතියට සහතික වෙයි.
අගෝස්තු මුල දී පාර්ලිමේන්තුව අමතමින් දිසානායක පැවසුවේ ස්ථිරසාර ආර්ථික වැඩපිලිවෙලක, “නීරස තීන්දු” තිබෙන නිසා ඒවා ක්‍රියාත්මක කල හැක්කේ “ජනවරමක් තියෙන ආන්ඩුවකට” පමනක් බවයි. ජවිපෙ ආන්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරන “නීරස තීන්දු” මොනවාදැයි ජවිපෙ නායකයා මේ වන විට වඩාත් විවෘත ව ප්‍රකාශ කරමින් සිටී. රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුවට අමතර ව, වැඩකරන මහජනතාව තම බත්පත කප්පාදු කරගැනීමට සූදානම් විය යුතු බව ද දිසානායක මීට පෙර කිහිප වරකදී සඳහන් කර ඇත.
එක් රූපවාහිනී සාකච්ඡාවකදී, 2011 වසරේ ග්‍රීසිය මුහුනදුන් දැරුනු ආර්ථික අර්බුදයේදී ග්‍රීක ආන්ඩුව එරට ජනතාවන්ගේ මිල දී ගැනීම් සීමා කල ආකාරය ගැන සඳහන් කල ජවිපෙ නායකයා, ආනයන සීමාකර විදේශ මුදල් සංචිතය ආරක්ෂා කරගැනීම සඳහා “මහජනතාව තම පරිභෝජන රටාවේ වෙනසක්” සිදු කල යුතු බව පැවසුවේ ය.
තමන් මුහුන දී සිටින රුදුරු ධනපති ප්‍රහාර ජවිපෙ පාලනයක් යටතේ ආපසු හැරවෙනු ඇතැයි කම්කරු පන්තියට කවර හෝ මිත්‍යාවක් නොතිබිය යුතු ය. ජවිපෙ ඇතුලු සියලු ධනපති පක්ෂ, ඒවායේ පිටුබලය ලත් වෘත්තීය සමිති සහ ව්‍යාජ-වම මුලුමුනින් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සමාජවාදී පිලිවෙත් ඔස්සේ තම ඉදිරි අරගල පදනම් කල යුතු ය.