සෞදි අරාබියානු ශ්‍රේෂ්ඨාධිකරනය ශ‍්‍රී ලාංකික සේවකයෙකුට මරන දන්ඩනය නියම කරයි

Top Saudi court confirms death sentence on Sri Lankan worker

By Sampath Perera,3 November 2010

රියාද් නුවර පිහිටි සෞදි අරාබියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් රිසානා නෆීස් නමැති තරුන ගෘහ සේවිකාවගේ මරන දන්ඩනයට විරුද්ධව ඉදිරිපත්කොට ඇති අභියාචනය ප‍්‍රතික්ෂේපකොට තිබේ. සැප්තැම්බර් මාසයේ නඩු තීන්දුව ලබා දුන්නද එය නෆීස්ගේ නීතීඥයන් හට දන්වනු ලැබුවේ ඔක්තෝබර් මාසයේදීය.

රැකියා විරහිත දහස් ගනන් අනෙකුත් ශ‍්‍රී ලාංකිකයන් මෙන්ම නෆීස් ද විදේශගත වූයේ තමාට හා තම පවුල සඳහා යමක් හම්බකර ගැනීමේ අපේක්ෂාවෙන්ය. ඒවන විට රැකියාවක් කිරීමට වයස සම්පූර්නවී නොතිබුන 17වන වියේ පසුවූ ඇයගේ වයස වෙනස්කර ලිපි ලේඛන ඉදිරිපත්කරන ලෙසට රැකියා ආයතනය ඇය පොලඹවන ලදී. සති කහිපයකට පසුව ඇය රැකියාව කල නිවස අයිතිකරුගේ සිව් මසක් වයසැති පුතා මරාදැමීමේ චෝදනාවට ලක්වූවාය.

ආරම්භයේ පටන් ම නෆීස්ගේ නඩු විභාගය විහිලුවක් බවට පත්ව තිබුනි. විනිශ්චය කරුවන් 3 දෙනෙකුගෙන් සැදුම් ලත් දවදමි ශ්‍රේෂ්ඨාධිනරනය, ඇයගේ වයස නොසලකා හැරිය අතර 2007 ජූලි 16 දින ඇය වරදකාරිය ලෙස ප‍්‍රකාශයට පත්කොට ගෙල කපා මරා දැමීමට නියම කලේය. ඇයගේ නඩු තීන්දුව පොලීසිය විසින් ලබාගත් පාපොච්චාරනයක් මත පදනම් වූ අතර ඒසඳහා පොලීසිය ඇයට පහර දුන් අතර ඇය නොදන්නා අරාබි භාෂාවෙන් ලිඛිත ලියවිල්ලකට බලහත් කාරයෙන් අත්සන් ගෙන තිබුනි. පලමු නඩු තීන්දුවේ දී ඇයට කිසිදු නෛතික උපකාරයක් හෝ භාෂා පරිවර්තන පහසුකමක් උසාවිය විසින් ලබා දී නොමැත.

ආසියානු මානව හිමිකම් කොමිසමේ සහයෝගය ඇතිව ඇය අභියායචනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඈ හට භාෂා පරිවර්තකයෙකු ලැබුනු අතර ඔහුගේ උදව්වෙන් ඇයගේ මුල් පාපොච්චාරනයත් ඇය වෙත නඟා තිබූ චෝදනාත් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කලාය. ලදරුවාගේ මරනය හදිසි අනතුරක් බව ඇය උසාවියට ප‍්‍රකාශ කලාය. ලදරුවාට බෝතලයෙන් කිරි පොවන අතරතුරදී හුස්ම හිරවුන බවත් උදව් ලබා ගැනීමට උත්සාහ කලද දරුවා බේරා ගැනීමට නොහැකි වූ බවත් ඇය කියා සිටියාය.

ඇයගේ අභියාචනය විභාග කරන ලද ශ්‍රේෂ්ඨාධිකරනය සියලුම නව සාක්ෂි ප‍්‍රතික්ෂේප කල අතර පූර්වයෙන් ඇයට ලබා දුන් නඩු තීන්දුව අවලංඟු නොකලේය. තීන්දුව ප‍්‍රකාශ කලේ සැප්තැම්බර් 25 දින වුව ද නෆීක් ගේ නීතිඥයන් වෙත එය දැනුම් දුන්නේ ඔක්තෝබර් 19 වෙනිදාය. ආසියානු මානව හිමිකම් කොමිසම මෙම නඩු තීන්දුව පිලිබඳව දැනගත්තේ ඔක්තෝබර් 25වෙනි දා එය අරාබි නිව්ස් මඟින් ප‍්‍රසිද්ධ කලාට පසුවය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇයට සමාව දෙන ලෙස සෞදි අරාබි රජුගෙන් ඉල්ලා සිටිය ද එය හුදු මූනිච්චාවක් විය. මීට පෙර ඇයට උදව් කිරීම ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබුනි. 2007 දී නෆීක්ට මරන දන්ඩනය පැනවූ අවස්ථාවේ රජය ඇයට අභියාචනයක් සඳහා නීති ගාස්තු දීම ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ එය වෙනත් රටක ස්වාධිපත්‍යය කෙලෙසීමක් ලෙස ප‍්‍රකාශ කරමිනි.

සත්‍ය කරුන නම් රජය සෞදි අරාබි තන්ත‍්‍රයට විරුද්ධව කටයුතු කිරීමට මැලි වන්නේ එමගින් මැද පෙරදිග සමඟ කෙරෙන මිනිස් ශ‍්‍රම වෙලඳාම කඩාකප්පල් වේය යන බිය නිසාය. මෙම වර්ෂයේදී විදේශීය රැකියාවන්හි නියුතු කම්කරුවන් ලංකාවට එවන ලද මුදල් ප‍්‍රමානය ඇමරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වැඩි වේයයි අපේක්ෂිත අතර 2009 වර්ෂයේ දී මෙය ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක් විය. එය රටෙහි අපනයන ආදායමෙන් අඩක් පමන විය. මෙයින් සියයට 85ක් පමනම ලැබෙන්නේ මැද පෙරදිග වැඩ කරන නුපුහුනු සේවකයන්ගෙන් වන අතර ඉන් ද වැඩි ප‍්‍රමානය නෆීකා වැනි ගෘහ සේවිකාවන්ගෙන් ය.

නෆීක් ගේ නඩුවෙහි අභියායචන ක‍්‍රියාවලිය සඳහා වියදම සෞදි රියාල් 150,000ක් නැතිනම් ඇමරිකානු ඩොලර් 40,000 ක් වැනි විශාල මුදලකි. මෙය රුපියල් වලින් ගත්විට නෆීක් වැනි අසරන පවුලකට කිසිසේත්ම දැරිය නොහැකි මුදලකි. නෆීක් නැගෙනහිර පලාතේ මුතූර් නගරයේ පදිංචිකාරියක වන අතර මෙය දශක දෙකකට වැඩි කාලයක් පැවති සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ප‍්‍රදේශයකි. ඇය දර කපන්නකුගේ වැඩි මහල් දියනියයි.

මානව අයිතිවාසිකම් සංවිධාන විසින් ආන්ඩුවේ නිහඬ ක‍්‍රියාපිලිවෙතට විරුද්ධව පලකල විවේචන හා පැනනැඟි මහජන අවධානය හමුවේ රියාද් නුවර තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සිර භාරයේ සිටින නෆීක් බැලීමට යාම සඳහා ආන්ඩුව නියෝග කල අතර ඇයගේ දෙමාපියන්ට සෞදි අරාබියට යාමට කටයුතු සංවිධානය කරන ලදී. එසේම තානාපති කාර්යාලය නෆීක්ගේ සේවා යෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ ගත්තද එම තරුනිය තම දරුවා සිතාමතා මරාදැමූ බව ඔවුහු ප‍්‍රකාශ කලහ.

මෙහෙකාර සේවය සඳහා බොහෝ කොටම ආසියාවෙන් ආනයනය කරන ලද ලාභ ශ‍්‍රමය මත බෙහෙවින්ම පදනම්ව සිටින සෞදි අරාබියේ පීඩක තන්ත‍්‍රයට අභියෝග කිරීම සඳහා මෙරට ආන්ඩුව කිසිවක්ම නොකලේය. සෞදි අරාබියේ ජනගහනයෙන් තුනෙන් එකක් පමන වන විදේශීය කම්කරුවන්ට කිසිදු නීතිමය අයිතියක් නොමැති අතර ඔවුන් නිරන්තරයෙන් වාචික සහ ශාරීරික අපයෝජනයන්ට ලක්වේ.

පහත්ම සැලකීම් ලැබෙන්නේ ගෘහ සේවිකාවන්ටය. මොවුන්ට සලකන්නේ මුලුමනින්ම වාගේ වහල් ශ‍්‍රමිකයන් ලෙසය. මොවුන්ට දවසේ වැඩි කාලයක් විවේකයකින් තොරව වැඩ කිරීමට බල කෙරේ. සනීපාරක්ෂක සේවිකාවක් ලෙස බඳවාගෙන තිබුන ද නෆීක්ට ලදරුවකු බලා ගැනීම, පිරිසිදු කිරීම, මුලුතැන් ගේ කාර්යයන්, සේදීම, රෙදි මැදීම ආදි කටයුතු බලයෙන් පවරා තිබුනි. මේ සඳහා ඇයට පලපුරුද්දක් නොතිබුනු අතරම දරුවන් බලා ගැනීම පිලිබඳව ඇයට පෙර පුහුනුවක් ද ලබා දී නොතිබුනි.

අනෙක් විදේශ කම්කරුවන්ට මෙන්ම නෆීක් හට ද විකල්ප රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. ඇය නිතරම ඇගේ සේවා කොන්තරාත්තුව අහෝසි වේ ද නැතහොත් වැටුප් නොගෙවයි ද යන තර්ජනයන්ට මුහුන පෑවාය. සෞදි අධිකාරීන් විසින් ක‍්‍රියාත්මක කරන මධ්‍යතන යුගයේ ඉස්ලාම් නීතිය යටතේ ප‍්‍රජාතාන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා පටිපාටීන් හා දඬුවම් දීමේ ම්ලේච්ඡ ක‍්‍රමවේදයන් ප‍්‍රයෝජනයට ගනියි. එම තත්වය රටේ සිටින විදේශ කම්කරුවන් විශාල සංඛ්‍යාව බිය වැද්දීමට මෙන්ම යම් හෝ දේශීය නොසංසුන්තාවක් මැඬීම යන ඉතාම නූතන අරමුන සඳහා යෙදවේ.

මෙවැනි තත්ත්වයන් යටතේ සේවා යෝජකයන් විසින් සිදුකරන අපයෝජන, ඉතා බරපතල ඒවා පවා වාර්තා කරනු ලබන්නේ ඉතාමත් කලාතුරකිනි. මරන පිලිබඳව පවා, සෞදි හෝ ශ‍්‍රී ලංකා අධිකාරීන් විසින් විධිමත් ලෙස පරීක්ෂා කරනු නොලබයි. 2009 වර්ෂයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත කම්කරුවන්ගේ මරන 333 ක් වාර්තා කල අතර මින් 127 ක් සිදුවී ඇත්තේ සෞදි අරාබියාවේය. සෞදි අරාබිය තුල ලාංකික කම්කරුවන් 500,000ක් පමන සේවය කරන අතර ඉන් බහුතරය තරුන තරුනියන් වීමේ හේතුව නිසා ස්වභාවික හේතූන් මත මරනයට පත්වීමේ ඉඩකඩ අඩුය. 2009 වර්ෂය තුලදී සෞදි අරාබියේ සේවය කල කම්කරුවන් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පැමිනිලි සංඛ්‍යාව 5,796ක් වූ අතර මෙයින් 4,564ක් ඉදිරිපත්කර තිබුනේ කාන්තා කම්කරුවන් විසිනි.

පසුගිය අගෝස්තුවේ එක් විශේෂ බිහිසුනු සිද්ධියක් එලිමහනට පැමිනියේය. ගැහැනු සේවිකාවක් වන එල්.පී. ආරියවතී ඇයගේ සෞදි සේවායෝජකයා තමන්ගේ ඇඟට යකඩ ඇන ගැසූ බවට පැමිනිලි කරන ලදී. සෞදි අධිකාරීන් මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කලත් ඇය ලංකාවට පැමිනි පසු සිදු කරන ලද පැය තුනක ශල්‍යකර්මයකදී ඇන 13ක් හා ඉඳි කටු 5 ක් ශරීරයෙන් සොයා ගන්නා ලදී. විශාල ප‍්‍රසිද්ධියක් ලැබුනු මෙම සිදුවීම මෙරට තුලත් විදේශයන්හිත් කම්කරුවන් අතර දැඩි කෝපයක් ඇති කලේය. එහෙත් ආන්ඩුව මෙම සිදුවීම සෞදි පාලනය වෙත ඉදිරිපත් කලේ පවා අදිමදි කරමිනි.

මෙම සිදුවීමෙන් පසුව ඔක්තෝබර් 17 වන දින පල වූ සන්ඩේ ටයිම්ස් පත‍්‍රයට අනුව සෞදි වෙලඳ හා කර්මාන්ත මන්ඩලය හා රාජ්‍යයේ ජාතික සේවා නියුක්ති කමිටුව ශ‍්‍රී ලාංකික සේවකයන් බඳවා ගැනීම තහනම් කරන ලෙස එරට ආන්ඩුවට බල කලේය. ප‍්‍රවෘත්ති පත‍්‍රය වාර්තා කර ඇති පරිදි මෙරට බලධාරීන් හට දැනුම් දී පවා නොමැති වුවත් දැනට තාවකාලික තහනමක් ක‍්‍රියාත්මක වෙයි.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරනය නෆීක් හට මරන දන්ඩනය පැනවීමට ගත් තීන්දුව පිලිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මුනිවත රැකීමට පැහැදිලි හේතුව විදේශ කම්කරුවන්ගෙන් ලැබෙන මුදල්ය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, හ්‍යුමන් රයිට්ස් වොච්, ආසියානු මානව හිමිකම් කොමිසම ඇතුලු අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන මරන දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස සෞදි රජුගෙන් හදිසි ඉල්ලීම් කරන ලදී. නෆීක්ගේ ගම් පලාතට ආසන්න ත‍්‍රිකුනාමලය ද ඇතුලු ප‍්‍රදේශ ගනනාවකදී ඇය නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කරමින් තිබේ.

කෙසේ වෙතත් සෞදි රජය මගින් මීට පෙරද එවැනි ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒෂියන් ටි‍්‍රබියුන් වාර්තාවකට අනුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අධිකරන තීන්දුව පරීක්ෂා කරන අතර තව සති තුනකින් එය කැබිනට් කාර්යාලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. රජුගේ ප‍්‍රමුඛත්වයෙන් යුත් කැබිනට්ටුව මෙම මරන දන්ඩනය පිලිබඳ අවසාන තීන්දුව ගනු ලබයි.