එක්සත් ජනපද ධනවාදයේ නැඟීඑන ගෝලීය භූමිකාව පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය

Leon Trotsky’s Analysis of the Emerging Global Role of US Capitalism

By Nick Beams , 24 November 2010

නොවැම්බර් 18-21 අතර දිනවල ලොස් ඇන්ජලීස් නුවර පැවති ස්ලාව් ජාතික, නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සංඟමයේ (කලින්, ස්ලාව් ජාතික අධ්‍යයනය ප‍්‍රවර්ධනය කිරීම පිලිබඳ ඇමරිකානු සංගමය) 42වන වාර්ෂික සම්මේලනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ”ලියොන් ට්‍රොට්ස්කිගේ ආර්ථික, භූ මූලෝපායික චින්තනය: ඔහුගේ මරනයෙන් 70 වසරකට පසු අතීතාවලෝකන විමර්ෂනයක්” යන මැයෙන් මන්ඬපයක් සංවිධානය කලේය. ඉතිහාසඥයෝ, දේශපාලන විද්වත්හු, අර්ථශාස්ත‍්‍රඥයෝ හා ශාස්තී‍්‍රය වියත්හු 1,500ක් පමන පුලුල් පරාසයක මාතෘකා අලලා ලියවිලි ඉදිරිපත් කලහ.

ලොසවෙඅ කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත්කල ලියවිල්ල මීට පෙර පලකරන ලදී. ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් හා ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬල සභික නික් බීම්ස් ඉදිරිපත්කල දෙවන ලියවිල්ල අද පලකෙරේ. මන්ඬපය පසෙකින් මේරිං පොත් ප‍්‍රකාශකයන්ගේ සාහිත්‍යය ලේඛන ප‍්‍රදර්ශනයට තබා තිබුනි.

ට්‍රොට්ස්කිගේ න්‍යායික වැඩ කටයුතු සියල්ල මෙන්ම එක්සත් ජනපදය හා ගෝලීය ආධිපත්‍ය කරා එහි නැඟීම පිලිබඳ ඔහුගේ අධ්‍යයනය ද ලෝක සමාජවාදී විප්ලවය සඳහා ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම සමඟ බැඳී තිබුනි.

ට්‍රොට්ස්කි, සියල්ලටත් වඩා, රුසියානු විප්ලවය, ලෝක විප්ලවයේ ආරම්භක වෙඩි මුරය ලෙස වටහා ගත්තේය. 1905 වසරේදී ඔහු විස්තාරනය කල නොනවතින විප්ලවයේ න්‍යාය, ලෝක ධනවාදයේ ගැඹුරුවන ගෝලීය ආර්ථික හා දේශපාලන ප‍්‍රතිවිරෝධතා පිලිබඳ විශ්ලේෂනයක පදනම මත රුසියාවේ මාක්ස්වාදී ව්‍යාපාරය පොරබදන ලද ප‍්‍රශ්න විමසුමට ලක් කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සඳහන්කල පරිදි ”ට්‍රොට්ස්කිගේ ප‍්‍රවිෂ්ටය, විශ්මයජනක න්‍යායික ඉදිරි පිම්මක් නියෝජනය කලේය. 1905දී මානව වර්ගයාට පුදකල එවැනිම තිලිනයක් වූ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ න්‍යාය, මිනිසාට විශ්වය දැකගැනීම හා ගැටලු පොරබැදීම සඳහා සම්පාදනය කරන ලද, සම්භාව්‍ය නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ හිර කබාය තුල සොයාගත නොහැකිව තිබුනු, මාධ්‍යයේ සංකල්පිත ආකෘතිය, අතිමූලිකවත් නොවෙනස්කල හැකි පරිදිත් සංශෝධනය කලේය. විප්ලවවාදී ක‍්‍රියාවලීන් නිරීක්ෂනය කල විමර්ෂනාත්මක ඉදිරි දර්ශනය, ට්‍රොට්ස්කිගේ නොනනවතින විප්ලවයේ න්‍යාය මඟින් අතිමූලික වෙනසකට බඳුන් කලේය. 1905 පෙර විප්ලවයන්ගේ වර්ධනය ජාතික සිදුවීම්වල ප‍්‍රගමනයක් ලෙස දැකගත් අතර, ඒවායේ ප‍්‍රතිපලය තීරනය කරන ලද්දේ ඒවායේ අභ්‍යන්තර සමාජ-ආර්ථික ව්‍යුහය හා බැඳීම්වල තර්කනය මඟින් බව සැලකුනි. ට්‍රොට්ස්කි වෙනත් ප‍්‍රවිෂ්ටයක් යෝජනා කලේය: නූතන යුගයේ විප්ලවය වටහාගත යුත්තේ, ජාතික රාජ්‍යයන් තුල දේශපාලනිකව මුල් බැසගත් පන්ති සමාජය වෙතින්, ගෝලීයව ඒකාග‍්‍රිත ආර්ථිකයක හා ජාත්‍යන්තරව ඒකාබද්ධවූ මානව වර්ගයක පදනම මත වර්ධනය වන පන්ති විරහිත සමාජයක් කරා වූ සමාජ පරිවර්තනය, අවශ්‍යයෙන්ම ලෝක ඓතිහාසික ක‍්‍රියාවලියක් වන්නේය. (1)

1917 වසර ආරම්භයේ පැනනැංඟාවූ රුසියානු කම්කරු පන්තියේ කැරලිකාරී, විප්ලවවාදී අරගලය සැබවින්ම දේශපාලන බලය අල්ලා ගැනීම කරා මෙහෙය වීම සඳහා බොල්ශෙවික් පක්ෂයට මඟ විවරකල ප‍්‍රධාන මූලෝපායික සංකල්පය, නොනවතින විප්ලවයේ න්‍යාය වූ බව සනාථ වී තිබේ.

ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට පූර්ව වසරවල ආරම්භ වී එම ගැටුමේ අවසන් වසරවල යලි හිස එසවූ හා, 1917 විප්ලවයෙන් වඩා ගැඹුරු හා පුලුල් වූ, ජාත්‍යන්තර නැගිටීමක උච්ච අවස්ථාව වූයේ රුසියානු විප්ලවයයි.

බොල්ශෙවිකයන් අපේක්ෂා කල පරිදි රුසියාවේ විප්ලවයෙන් ඉක්බිත්තෙහි විප්ලවවාදී අරගල පැනනැඟි නමුත් ඒවා පසු පසට තල්ලුකර දැමුනි. එය අවාසිදායක වෛෂයික කොන්දේසිවල ප‍්‍රතිපලය නොවූ අතර, අරගලය සංවිධානය කර බලය කරා මෙහෙයවීමට සමත් බොල්ශෙවික් පක්ෂය වැනි සංවිධානයක් නොමැතිවීමේ ප‍්‍රතිපලය විය.

ට්‍රොට්ස්කි පසු කාලයේ ලිවූ පරිදි ”පශ්චාත් යුද කාලීන මහජන රැල්ල ඒවන විටත් බැසයාමට පටන්ගෙන තිබුනු අතර ඒ වන තෙක්ම තරුන කොමියුනිස්ට් පක්ෂ දල සේයාවක් ලෙස හැරෙන්නට හැඩගැන්වීම ආරම්භ වී නොතිබුනි” (2)

අන් සියල්ලටත් වඩා ජර්මනියේ මාර්තු අරගලය පරාජය වීමෙන් සනිටුහන් කල පශ්චාත් යුද්ධ විප්ලවවාදී නැඟිටීම් පසුබැස යාමත් සමඟ, 1921 ජූනි-ජුලි කාලයේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සමුලුව, නව දිශානතියකට මුල පිරීය. බලය සඳහා අරගලය දියත් කිරීමට පෙර තරුන කොමියුනිස්ට් පක්ෂ, එක්සත් පෙරමුනු උපාය හා සංක‍්‍රමන ඉල්ලීම් පිලිබඳ ක‍්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීම තුලින් ජනතාව දිනාගතයුතු විය.

1923 ජනවාරියේදී ප‍්‍රන්සය රූර් ප‍්‍රදේශය වාඩිලාගැනීම හා ඉන් පසුව ඇතිවූ ආර්ථික හා දේශපාලන අර්බුදය, යලි වතාවක් දේශපාලන බලය අල්ලා ගැනීම ජර්මනියේ න්‍යායපත‍්‍රය තුලට ඇතුල් කලේය. එහෙත් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) සිය වැඩකටයුතු නව තත්වයට ගැලපෙන ආකාරයට දිශානුගත කිරීමට අපොහොසත් විය. බලය සඳහා විප්ලවවාදී අරගලයක් දියත්කිරීමට දිනයක් නියමකරගෙන තිබුනත් කේපීඩී නායකත්වය අවසාන මෙහොතේ එය ඉවත්කර ගත්තේය. පක්ෂයේ නායකයා ලෙස හෙන්රික් බ‍්‍රැන්ඩ්ලර් පසුව මෙසේ පැහැදිලි කලේය. ඔහු ”1923 නැඟිටීම සඳහා සූදානමට විරුද්ධ නොවීය.” එහෙත් ඔහු, ”තත්වය පරිපූර්නවම විප්ලවවාදී ලෙස දැකගත්තේ” නැත. (3) කේපීඩී නායකත්වය තුල පැවති දෙගිඩියාවේ අර්ථය වූයේ ජර්මානු ඔක්තෝබරය දේශපාලන ව්‍යසනයකින් අවසාන වීමයි.

ජර්මන් විප්ලවයේ අසාර්ථකත්වය, එක්සත් ජනපදය ප‍්‍රමුඛ ආර්ථික හා දේශපාලන ක‍්‍රියාකලාපයක් ඉටුකල, පශ්චාත් යුද්ධ යුරෝපය තුල, ධනේශ්වර ස්ථාවරත්වයේ අවධියක් සඳහා දොර විවර කලේය. අවධමනකාරී ක‍්‍රියාමාර්ගයක් හා එක්සත් ජනපදයේ විශාල නය තුලින් ජර්මනියේ මුදල හා ආර්ථිකය යලි තහවුරු කිරීම සඳහා 1924 ඉදිරිපත් කරන ලද ඩෝව්ස් සැලැස්ම, යුරෝපීය ධනේශ්වර බලවතුන්ගේ නායකයන් නව යථාර්තය සමඟ මුහුනට මුහුන මුනගැස්වීය. එනම්, පලමුවන ලෝක සංග‍්‍රාමය පුපුරායමේ තැන් පටන් ගතවූ දශකය තුල අත්ලාන්තික් සාගරය හරහා ආර්ථික හා එබැවින් දේශපාලන බලයේ දැවැන්ත මාරුවක් සිදුව තිබීමේ කාරනයයි. ලෝක ආර්ථිකය හා දේශපාලනය තුල මෙම නව සාධකයේ ඇඟවුම් විමසා බැලීම සඳහා ට්‍රොට්ස්කි වහාම නැඹුරුවිය.

1917 මුල් මාසවල ඔහු නිව් යෝක් නගරයේ ගතකල කෙටි කාලය තුලින් එක්සත් ජනපදයේ වැදගත්කම පිලිබඳ ඔහුගේ සංවේදිතාවය තියුනුවී තිබුනි. නූතන යුගය තියුනු ලෙස ප‍්‍රකාශිතවූ, දැවැන්ත නගරවල සංචාරය කල අනෙක් අය මෙන්ම ඔහු ද එම තත්වය නිර්මානය කල ආර්ථිකයේ ගතිකය හා බලය පිලිබඳව බෙහෙවින් සංවේදී විය. ඔහු පසුව ලිවූ පරිදි. ”මිනිසාගේ ඉරනම වාත්තු කරන වාත්ුතු කම්හල තුලට එබී බැලීම සඳහා” කෙටි කාලයක් ඔහුට ලැබුනි. (4)

එක්සත් ජනපදයේ නැඟීම, මූලික ප‍්‍රශ්න මාලාවක් මතු කලේය. යුරෝපීය ආර්ථික හා දේශපාලන පර්යාය ද යුරෝපීය රාජ්‍යයන් අතර සම්බන්ධතාවන් ද කෙරෙහි එහි ඇඟවුම් කවරක් වී ද? ජර්මානු ආර්ථිකය සථාවර කිරීම සඳහා නය සම්පාදනය ද දේශපාලන සමතුලිතය යලි පිටුවීම ද යන ආකාරයෙන් ඇමරිකානු මැදිහත්වීමේ ආරම්භක ස්වරූපය සාමකාමී වේෂයක් ගත්තේය. එහෙත් දිගු කාලීන ප‍්‍රති විපාක කවරක් වනු ඇද් ද? මෙම මාරුවේ ගාමක බලයන් කවරක් වී ද හා ඒවා ගමන් කරන්නේ කොතැනකට ද? ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය කෙරෙහි එක්සත් ජනපදයේ පැහැදිලිව පෙනෙන්නට තිබෙන ආර්ථික වර්ධනයේ ඇඟවීම් කවරක් වී ද? අවසාන වශයෙන්, අතිශයින්ම වැදගත් මූලෝපායික ප‍්‍රශ්නය, එනම්, එක්සත් ජනපදයේ නැඟීමෙහි හා එහි ආර්ථික ගතිකයේ අර්ථය රුසියානු විප්ලවය සඳහා තත්වය මෝරා නෙතිබුන බව ද?

මෙම ප‍්‍රශ්න කරා එලඹීමට මත්තෙන්, ට්‍රොට්ස්කිගේ සමකාලීන අනෙකුත් සියලු මාක්ස්වාදීන් හා සසඳන කල ඔහුගේ ප‍්‍රවිෂ්ටයෙහි ඉතා විශේෂ අංශය සලකුනුනුනු කරන හා වර්තමාන යුගයට මෙතරම්ම ප‍්‍රස්තුත වන විධික‍්‍රමය, එනම් ඔහුගේ විශ්ලේෂන විධික‍්‍රමය පිලිබඳ වඩාත් සාමාන්‍යකරනයක් පෙන්වා දීමට මට ඉඩ දෙන්න.

නිෂ්පාදන බලවේගයන්ගේ ගෝලීය වර්ධනය නැත්නම්, ලෝක ආර්ථිකය හා ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප‍්‍රති විරෝධය විභාග කිරීම මත ට්‍රොට්ස්කි සිය විශ්ලේෂනය පදනම් කලේය. ට්‍රොට්ස්කිට අනුව, විවිධ අධිරාජ්‍යවාදී බලවතුන් අතර කාකොටා ගැනීම් හුදෙක්, නිසැකයෙන්ම ඔහු ගෙනහැර දක්වන ලද විෂම සටන්කරුවන්ගේ එකිනෙකට පටහැනි ආර්ථික හා දේශපාලන ආසක්තයන්හි පල විපාකය නොව, සියල්ලටත් වඩා, තවත් අති මූලික දෙයක ප‍්‍රකාශනය විය.

ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය අතරතුර ඔහු මෙසේ ලිවීය. ”අධිරාජ්‍යවාදය, ලෝක පරිමානව මානව ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජාතියේ හා රාජ්‍යයේ සිර විලංඟුවෙන් එය මුදාහැරීම වශයෙන් ආර්ථික සංවර්ධනයේ ප‍්‍රගතිශීලී ප‍්‍රවනතාවයක කොල්ලකාරී ධනේශ්වර ප‍්‍රකාශනයක් නියෝජනය කලේය.” (5) දැන් සමස්ත මානව සංස්කෘතියටම තර්ජනය කරන ප‍්‍රතිවිරෝධයන්ගෙන් ඉවතට ඇති එකම මාර්ගය වන සමාජවාදය සඳහා වෛෂයික අවශ්‍යතාවය පවතින්නේ මෙහිය.

එක්සත් ජනපදයේ නැඟීම හා එහි ගෝලීය භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය වර්ධනය කලේ මෙම දෘෂ්ටි ආස්ථානයෙනි. පශ්චාත් යුද්ධ තත්වය තුල හටගත් වෙනස්කම් කෙරෙහි ඔහුගේ අවධානය යොමුවීමට පටන් ගැනීමත් සමඟ, 1922 වසර අවසානයේ ඔහු කල කථාවක් තුල ට්‍රොට්ස්කි, තුන්වන ජාත්‍යන්තරය එක්සත් ජනපදය හා යුරෝපය අතර බෙදුම්කඩනයක් ඇඳගැනීමට පටන් ගත්තේ මෑත වසරවලදී පමනක් බව සඳහන් කලේය. යුරෝපීය ධනවාදය කුනුවෙමින් තිබෙන බව පැවසීම නිවැරදි වන නමුත් එක්සත් ජනපදය සම්බන්ධයෙන්ද එසේ පැවසිය නොහැකිය. සැබවින්ම ඇමරිකානු ධනවාදය සවිමත් වෙමින් තිබේ. එහෙත් මෙම නිරීක්ෂනය ප‍්‍රශ්නය අවසන් කලේ නැත.... එය විශ්ලේෂනයේ ආරම්භක ලක්ෂය වූවා පමනි. ප‍්‍රශ්නය වූයේ, යුරෝපය හා ලෝකයම සම්බන්ධයෙන් ඇමරිකාවේ නැඟීමෙහි ඇඟවුම් කවරක් වීද? යන්නයි.

ට්‍රොට්ස්කි 1924 ජූලි 28දා පැවැත්වූ මූලික කථාවකදී මේ ප‍්‍රශ්නය කරා යලි පැමිනියේය. ලෝක වර්ධනයේ ඉදිරිදර්ශන යන හිසින් යුත් මෙම කථාව පැවැත්වූයේ, ඩෝව්ස් සැලැස්ම යටතේ ජර්මනිය යලි ස්ථාවර වීම ඇරඹී තිබුන තත්වය හමුවේය. සිය පිලිමලුන් මත සිය සමෘද්ධිමත්ම අවධියේ මහා බි‍්‍රතාන්‍ය දැරූ ආධිපත්‍යය පවා අභිබවා යන පරිදි එක්සත් ජනපදයේ වැඩෙන දැවැන්ත ප‍්‍රමුඛත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු පටන් ගත්තේය. යුරෝපීය හා ලෝක දේශපාලනයේ මූලික සාධකය වන්නේ මෙය බව ඔහු අවධාරනය කලේය. මෙය හඳුනාගැනීමෙන් තොරව කිසිවක් වටහාගත නොහැක.

ක‍්‍රියාකාරී ගෝලීය පිලිවෙතක් තුලට 1898දී ආරම්භවූ ඇමරිකානු ප‍්‍රවිෂ්ටය, සිවිල් යුද්ධයේ අවසානය හා කාර්මික උතුර ලැබූ ජයග‍්‍රහනයෙන් පසුව සිදුවූ ඉමහත් ආර්ථික පරිවර්තනයේ ප‍්‍රතිපලය විය. කෙසේ වෙතත් සියවස අවසන්වන විට ඇමරිකානු ධනවාදයේ ගතිකය උතුරු ඇමරිකානු මහාද්වීපයේ සීමාව ඉක්මවා වැඞී තිබුනි. පලමු ලෝක යුද්ධය පුපුරාගිය කල ට්‍රොට්ස්කි, යුරෝපීය ”පිස්සන්ගේ” ලේ ඩොලර් බවට හැරවීමට ඇමරිකානුවන්, අඩු වශයෙන් නිශ්චිත කාලයකට හෝ, ඉටාගත් බව පැහැදිලි කලේය. එහෙත් ජර්මානු ජයග‍්‍රහනය මතුව ඒමේ තත්වය හමුවේ තමන්ගේ වඩාත්ම අන්තරායකාරී ප‍්‍රතිවාදියා විසින් එල්ල කල තර්ජනයට මුහුනදීම සඳහා එක්සත් ජනපදය කෙලින්ම මැදිහත් විය.

සුවිශේෂී කොන්දේසි යටතේ එනම්, සමස්ත මහාද්වීපයකම දැවැන්ත සම්පත් මඟින් පිරිනැමුනු වාසිදායක තත්වය ප‍්‍රයෝජනයට ගෙන ඇමරිකානු ධනවාදය අත්කරගත් වර්ධනය, දෘෂ්ටිමය වශයෙන් ප‍්‍රකාශිත වූයේ කෙසේදැයි යන්න ද ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය. කොල්ලකාරී මෙන්ම සාපරාධී ද වූ ඇමරිකානු අධිරාජ්‍යවාදය, අනෙක් අතට සාමවාදයේ ධජය ඔසවාගෙන ලෝක කරලිය තුල මැදිහත්වීමට ද සමත් විය. ඇමරිකානු ධනවාදය සතුවූ ඉහල ශ‍්‍රම පලදායිත්වයේ අර්ථය, ”නිදහස”, ”දොරටු විවෘත කිරීම”, ”නිර්බාධිත මුහුදු මාර්ග”, ”ජාතීන්ගේ ස්වයංනිර්නය”, ”ඈඳාගැනීම් එපා”, යනාදී විවිධ සටන්පාඨ හඬ නැඟීමට එය සතුවූ හැකියාවයි. කෙසේ වෙතත් මෙම ශ්‍රේෂ්ඨ ප‍්‍රකාශ තිබියදීම ඇමරිකාව, තමන්ගේ ආධිපත්‍යය යටතේ ලෝකය ප‍්‍රති සංවිධානය කිරීමට නොඅඩු කිසිවක් බලාපොරොත්තු නොවීය.

අපට සාමාන්‍යයෙන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය ශීර්ෂයන් දෙකක් යටතේ විමසිය හැක. එනම්, මහා අවපාතයේ සම්භවයන් හා දෙවන ලෝක යුද්ධය පුපුරායාමයි. මට කාරනයක් පෙන්වා දීමට අවසර දෙන්න. යුරෝපය හා ඇමරිකාව යන මාතෘකාව සහිතව 1926 පෙබරවාරියේදී පැවැත්වූ ප‍්‍රධාන කථාවක් තුල ට්‍රොට්ස්කි, එක්සත් ජනපදයේ නැඟීම පිලිබඳ සිය විග‍්‍රහය ගැඹුරු කලේය. එය අවසානයේදී ඔහු, මූලික ඓතිහාසික ප‍්‍රශ්නයක් ගෙනහැර දැක්වීය. එනම්, රුසියානු විප්ලවය විසින් පදනම දමන ලද ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය වර්තමාන තත්වය විසින් අවලංගුකර ඇත් ද? යන්නයි.

ලෝක පරිමානයකින් නිෂ්පාදන බලවේග වර්ධනය කිරීමට හා මානව වර්ගයා ඉදිරියට මෙහෙයවීමට ධනවාදය තවමත් සමත්වන්නේ ද? මෙය අති මූලික ප‍්‍රශ්නයකි. එය යුරෝපයේ කම්කරු පන්තියට ද පෙරදිග පීඩිත ජනතාවන්ට ද සමස්ත ලෝකයට ද පලමුව හා සියල්ලටත් වඩා සෝවියට් සංගමයේ ඉරනම කෙරෙහි ද ඉමහත් වැදගත් කමක් දරයි. ජනතාවගේ ධනය වැඩිකිරීමේ ද ඔවුන්ගේ ශ‍්‍රමය වඩාත් පලදායි කිරීමේ ද ප‍්‍රගතිශීලී ඓතිහාසික මෙහෙවර සාක්ෂාත් කිරීමෙහිලා ධනවාදය තවමත් සමත් වන්නේ නම්, ඉන් සනිටුහන් කෙරෙන්නේ, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය වන අපි, ඩි ප්‍රොෆන්ඩිස් අත්සන් තැබීමට තරම් පරිනතවී නොසිටි බවයි. වෙනත් වචන වලින් කිවහොත්, සමාජවාදය ගොඩනැඟීමට උත්සාහ කරමින් අපි ඕනෑවට වඩා කලින් බලය අල්ලා ගත් බව ඉන් සනිටුහන් කරන බවයි. මක්නිසා ද යත් මාක්ස් පැහැදිලි කල පරිදි කිසිදු සමාජ ක‍්‍රමයක් එය තුල අන්තර්ගත සියලු ශක්‍යතාවන් ප‍්‍රයෝජනයට ගැනීමට පෙර අතුරුදහන් නොවන බැවිනි. සියලු ධනේශ්වර මානව වර්ගයා අභිබවමින් ඇමරිකාවේ නැඟීම ද ආර්ථික බලවේගයන් තුල සිදුවන පෙරලිකාරී මාරුව ද සමඟ සලකන කල අප මෙම ප‍්‍රශ්නය නව්‍ය ආකාරයෙන් ඉදිරිපත්කල යුතුය. ධනවාදය සිය ආයු කාලය දීර්ග කරගෙන ඇද්ද නැතහොත් තවමත් එය ඉදිරියේ ප‍්‍රගතිශීලී කාර්යභාරයක් පිලිබඳ ඉදිරිදර්ශනයක් පවත්නේ ද? (6)

යුරෝපය සඳහා නම් ප‍්‍රශ්නයට පිලිතුර නිසැකයෙන්ම නිෂේධනාත්මකය. එහෙත් ඇමරිකාවේ ද ධනවාදය තවමත් පැලපදියම් වීමට පටන් ගෙන නැති ආසියාවේ හා අප‍්‍රිකාවේ විශාල කොටස් තුල ද චිත‍්‍රයේ වෙනසක් දක්නට ලැබෙයි.

ලෝක ආර්ථිකය මේ ආකාරයට බෙදා වෙන්කරන්නේ නම්, තවමත් ධනවාදයට ඉටුකිරීමට ප‍්‍රගතිශීලී භූමිකාවක් ඇති බව පෙනී යයි. එහෙත් විධික‍්‍රමයේ එවන් පිලිවෙතක් නිවැරදි නොවේ. 1905දී රුසියානු විප්ලවය ජාතික සංසිද්ධියක් ලෙස වටහාගැනීමට නොහැකිවූවාක් මෙන්ම එක්සත් ජනපදයේ නැඟීම ද එසේ අවබෝධකරගත නොහැක.

ඇමරිකාව තවදුරටත් ස්වයංපෝෂිත නොවීය. ඇමරිකානු ප‍්‍රසාරනය ගෝලීය සමතුලිතය මත පදනම්වීම නිසා එය වෙන්කර සලකා බැලිය නොහැක. යුරෝපය ඇමරිකාව මත රඳා පැවතියාක් සේම අනෙක් අතට ඇමරිකාව යුරෝපය මත රඳා පැවතියේය.

”එක්සත් ජනපදය සමස්ත ලෝකයම වඩ වඩාත් තමන්මත රඳාපැවතෙන තැනට පත්කල විට එහි සියලු ප‍්‍රතිවිරෝධයන් ද තර්ජනාත්මක කැලඹීම් ද සමඟ සමස්ත ලෝකය මත එක්සත් ජනපදයේ රඳාපැවැත්ම තව තවත් දැඩි විය.” (7) ට්‍රොට්ස්කි එසේ පැහැදිලි කලේය.

මෙම කථාවෙන් සිව් වසරකටත් අඩු කාලයක් තුල ඇරඹී ධනේශ්වර ඉතිහාසයේ දරුනුම ආර්ථික බිඳවැටීම, එනම්, මහා අවපාතය වටහා ගැනීමේ යතුර ට්‍රොට්ස්කිගේ ප‍්‍රවිෂ්ටයයි.

එක්සත් ජනපද මහ බැංකුවේ සභාපති බෙන් බර්නන්කේ මහතා ආර්ථික විද්‍යාවේ ”මහා සොයාගැනීම” ලෙස නම් කරන මහා අවපාතයේ සම්භවය පිලිබඳ පැහැදිලිකම වෙනුවෙන් ජීවිත කාලයක්ම කැප කලේය. ඔහු මඳක් අඩුවෙන් මිල්ටන් ෆ‍්‍රීඞ්මාන් කියවා තරමක් වැඩිපුර ට්‍රොට්ස්කි කියවා තිබුනේ නම් ඔහුට වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකිව තිබුන බව දන්වා සිටීමට මම කැමැත්තෙමි. ඒ මක්නිසා ද යත්, මහා අවපාතයේ සම්භවය සොයාගත යුත්තේ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය හරි මැද පිහිටා තිබුනු යුරෝපය හා ඇමරිකාව අතර අන්තර් සම්බන්ධතා හා ප‍්‍රතිඝතිතා තුල වීම නිසාය.

ට්‍රොට්ස්කි ”වාහක ක‍්‍රමය” (conveyor system) වශයෙන් නම්කල නිෂ්පාදනයේ එකලස් කිරීමේ පේලි ක‍්‍රමයේ මාධ්‍යයන් තුලින් ඇමරිකානු ධනවාදය, ශ‍්‍රම පලදායිතාව පෙර නොවූ විරූ පරිමානයෙන් වර්ධනය කර තිබුනි. එහෙත් මෙය, යුරෝපය තුල පුනර්කරනය කල නොහැකි විය. එක්සත් ජනපදයේදී මෙන් එහිදී නිෂ්පාදන බලවේග ප‍්‍රසාරනය කිරීම සඳහා අවකාශ නොතිබුනි. සියල්ලටත් වඩා මහා පරිමාන නිෂ්පාදනය සඳහා මහා පරිමාන වෙලඳපොලක් අවශ්‍ය විය. යුරෝපීය වෙලඳපොල ජාතික රාජ්‍ය පද්ධතියේ දරන තුල සිරවී හැකිලී තිබුනි. පලවෙනි ලෝක යුද්ධය පැන නැංගේ ධනවාදය යුරෝපීය ජාතික රාජ්‍ය පද්ධතියේ පටු රාමුව තුල හුස්ම හිරවී තිබුන බැවින්ය. එහෙත් සිව් වසරක විනාශයෙන් හා දුගීභාවයෙන් පසුව ඇතිකරගත් වර්සායි ගිවිසුම තත්වය තවත් නරක අතට හැරවීය.

මෙම තත්වය විමසා බැලීම පිනිස අපි ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයෙහි පදනම මත තව මඳ දුරක් ගොස් බලමු. මාක්ස් වරෙක සඳහන් කල පරිදි එක් තැනක සාක්ෂාත් කරගන්නා අතිරික්ත වටිනාකම වෙනත් තැනකදී උපුටාගත යුතුය. මෙයින් ඔහු අදහස් කලේ, ප‍්‍රාග්ධන සමුච්චකරනය පුද්ගලික ප‍්‍රශ්නයක්, එනම්, එක් ආයතනයක හෝ එක් තනි ධනේශ්වර ආර්ථිකයකදී පවා එසේ යයි කෙතරම් පෙනී ගියත්, එය සමාජ ක‍්‍රියාවලියක් බවයි. ”වාහක ක‍්‍රමය” උපයෝගී කරගෙන ඇමරිකානු ධනවාදය, අතිරික්ත වටිනාකම් උපුටා ගැනීම හා ප‍්‍රාග්ධන සමුච්චකරනය නව ඉහලකට නංවාලීය. එහෙත් මෙම වර්ධනය යුරෝපයට අදාල කරගත නොහැකි විය.

මේ නිසා ඇමරිකානු ධනවාදයේ දැවැන්ත ගතිකය තිබියදී වුවත් සමුච්චකරන ක‍්‍රියාවලිය ගෝලීය පරිමාවකින් පෙරට ගෙනයා නොහැකිවිය. යුරෝපය යලි ස්ථාවර කිරීමේ ඩෝව්ස් සැලැස්ම ක‍්‍රියාත්මක කර යන්තම් සය වසරක් ගතවීමෙන් පසුව, එහි වඩාත්ම දියුනු උපාංග දෙක වූ එක්සත් ජනපදයට හා ජර්මනියට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දෙමින් ලෝක ධනේශ්වර ආර්ථිකය අවපාතය තුලට කඩා වැටුනේ එබැවින්ය.

ආරම්භයේ පටන්ම ට්‍රොට්ස්කි, ඇමරිකානු අධිරාජ්‍යවාදය සාමවාදයේ සැට්ටය දවටාගෙන සිටියත් එහි නැඟීමේ ප‍්‍රතිපලය වනු ඇත්තේ, 1914-18 කාලය පරයා යන පරිමාවක නව ලෝක යුද්ධයක් පැනැඟීම බව පෙන්වා දුන්නේය.

ලෝකය සිය අනසක යටතේ තබන ඇමරිකානු ක‍්‍රියාමාර්ගය, යට සඳහන් දේ පමනක් ගෙන එන ඉදිරිදර්ශනයක් විය. ”කරලිය වශයෙන් අත්ලාන්තිකය හා පැසිෆික් යන (කලාප) දෙක අලලාගත් මහම ජාත්‍යන්තර බලු පොරය සඳහා සූදානම (තුල) සියලු රටවල ධනේශ්වරයන් නිහඬව පසු පසටවී සටනකින් තොරව ම ඇමරිකාවේ ගැත්තන් බවට පත්වනු ඇතැයි සිතීම දුෂ්කරය. ප‍්‍රතිගතිතා ඉමහත්ය. බඩජාරිකම සන්තර්පනය කල නොහැකි තරම්ය.” (8)

ට්‍රොට්ස්කි මුලින් කල්පනා කලේ ප‍්‍රධාන බෙදුම් රේඛාව එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය අතර වනු ඇති බවයි. සිදුවීම් හරියටම මේ රූපාකාරය ගත්තේ නැත. එහෙත් යමෙක්, අනාවැකියක් වඩා සුවිශේෂී වන විට එය වඩාත් කොන්දේසිගත වන්නේය යන නියාමය යටතේ ඔහුගේ විශ්ලේෂනයෙහි සැකිල්ල සැලකිල්ලට ගන්නේ නම්, ට්‍රොට්ස්කිගේ මූලික ඉදිරිදර්ශනය මුලුමනින්ම සනාථවූ බව දකිනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ ප‍්‍රතිපල සැලකිල්ලට ගන්නා විට, යුද්ධය මතුවූයේ කුමන ස්වරූපයකින් වුවත්, බි‍්‍රතාන්‍යයේ උරුමය තමාට හිමිකර ගැනීම සඳහා එක්සත් ජනපදය උත්සාහ දරනු ඇතැයි යන ඔහුගේ අනාවැකිය සැලකිය යුතු තරම් නිවැරදි යයි සනාථ විය.

1928 දී ට්‍රොට්ස්කි, බුකාරින් හා ස්ටැලින් විසින් සූදානම් කල කොමින්ටර්නයේ කෙටුම්පත් ක‍්‍රියාමාර්ගය මෘදු හා දුරදිග යන විවේචනයකට ලක් කලේය. පලමු කෙටුම්පත තුල එක්සත් ජනපදය ගැන සඳහනක් පවා නොතිබුනි. දෙවැන්න, හිස් වියුක්තයන් කිහිපයක් හැරෙන්නට එක්සත් ජනපදය ගෝලීය ප‍්‍රමුඛත්වයට නැඟීමෙහි මූලෝපායික ඇඟවුම් පිලිබඳ මොනම තක්සේරුවක් හෝ ඉදිරිපත් කිරීමට අසමත් විය.

නොවලහා සිදුවූ එක්සත් ජනපදයේ නැගීම ද එය විසින් යුරෝපය කිසිවිටෙක අත් නොදුටු තරමේ සීමිත සලාකයකට සිඳුවීම ද තුඩුදෙනු ඇත්තේ කුමකට දැයි ට්‍රොට්ස්කි අවධාරනය කලේය. ”රාජ්‍යයන් සම්බන්ධයෙන්, බිහිසුනු ලෙස තියුනු කෙරෙන අන්තර් රාජ්‍ය බැඳීම් සමඟ අත්වැල් බැඳගත් මිලිටරි ගැටුම් පිලිබඳ කෝපාවිෂ්ඨ ආවේගයන් මෙන්ම, නාස්තිකාර හා තරවන සලාකයකට වඩා සොච්චම් හා සිඳී යන සලාකයක් සඳහා වඩාත් දරුනු ලෙස සටන් වදින පන්තීන් ද” වනු ඇත. (9)

”නිතරම වඩාත් මධ්‍යගත උතුරු ඇමරිකානු සමූහාන්ඩුවට කිසිදු ආකාරයක බැරෑරුම් හා සාර්ථක ප‍්‍රතිරෝධයක් දැක්විය නොහැකි අපේක්ෂා භංඟත්වයකට යුරෝපය ඇද දැමූ රාජ්‍ය ඝට්ටනයන් සිදුකල අභ්‍යන්තර විනාශය කෙටුම්පතින් පැහැදිලි කරන්නේ නැතැයි ද යුරෝපීය ව්‍යසනයට පිලිතුර නිර්ධන පන්ති විප්ලවයේ පලමු කර්තව්‍යයක් වන සෝවියට් එක්සත් රාජ්‍යයන්ගේ යුරෝපයක් තුලින් වැටී ඇතැයි යන්න” සඳහන් නොවන බව ද ඔහු තවදුරටත් පැවසීය. (10)

ට්‍රොට්ස්කි සැලකිලිමත් වූයේ කොමියුනිස්ට් ජාත්‍යන්තරය සඳහා ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම කෙරෙහිය. එහෙත් උතුරු ඇමරිකානු සමූහාන්ඩුව විසින් යුරෝපීය බලවතුන් මත යොදන ලද දැවැන්ත පීඩනය මුල්කරගත් ඔහුගේ ප‍්‍රශ්නය වෙනත් කවයන් තුල සාකච්ඡාවේ මාතෘකාවක් බවට පත් විය.

නිදසුනක් ලෙස එය, 1928 සම්පූර්න කරන ලද ඇඩොල්ෆ් හිට්ලර්ගේ අප‍්‍රකාශිත දෙවන පොතෙහි මූලික තේමාව විය. එක්සත් ජනපදය සමඟ සටන් වැදීමේදී ස්ථාවර පදනමක් සම්පාදනය කලහැකි සෝවියට් සංගමය ජයගෙන විජිතයක් බවට පත්කිරීමෙන් ලබාගත හැකි සම්පත් ප‍්‍රයෝජනයට ගෙන, ජර්මානු අධිරාජ්‍යයක් ගොඩනැඟීම තුලින් යුරෝපීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය මුහුනපා සිටි ව්‍යසනයෙන් ගොඩආ හැකි බව හිට්ලර් පෙන්වා දුන්නේය. වසර පහක් ඇතුලත ජර්මානු අධිරාජ්‍යවාදයේ ක‍්‍රියාමාර්ගය බවට පත්වූයේ මෙයයි.

ඉතිහාසඥ ඇඩම් ටූස් සඳහන් කල පරිදි ”ජාතික සමාජවාදයේ යථා ස්වභාවය වූයේ, ඉංග‍්‍රීසි භාෂාව කථාකරන සමෘධිමත් රටවල් විසින් ආධිපත්‍යය දරන ගෝලීය ආර්ථික පර්යායක් තුල ජර්මනිය සඳහා තැනක් නිහඬ ලෙස පිලිගෙන සිටිනවාට වඩා, හිට්ලර් සිය ජනතාවගේ ඇතුලතින් පැසවන ඉච්ඡාභංගය, මෙම පර්යායට වික‍්‍රමාන්විතව අභියෝග කිරීම සඳහා බලමුලු ගැන්වීමට උත්සාහ කලේය. පූර්ව සියවස් තුන පුරා ලෝක ගෝලය සිසාරා යුරෝපීයයන් සිදුකල දේ යලි පනගැන්වීට නම් ජර්මනිය, තමන්ගේම අධිරාජ්‍ය ප‍්‍රත්‍යන්තය කපා වෙන්කරගත යුතු විය, එනම්, පෙරදිග අවසාන භූමිභාගය ජයගැනීම මඟින් එය, දේශීය සමෘද්ධිය සඳහා මෙන්ම එක්සත් ජනපදය සමඟ නැඟී එන ලෝක බලවතාගේ තරඟය තුල නැඟී සිටීමට අවශ්‍ය වේදිකාව සඳහා ස්වයංපෝෂිත පදනම නිර්මානය කරගත යුතු විය. මේ අනුව හිට්ලර් තන්ත‍්‍රයේ ආක‍්‍රමනශීලිත්වය, ගෝලීය ධනවාදයේ අසමාන වර්ධනය විසින් කලඹවාලූ ආතතීන්ට දැක්වූ තේරුම්ගතහැකි ප‍්‍රතිචාරයක් ලෙස සහේතුක විය හැකිය. සැබවින්ම අද දවසේත් අපි මෙම ආතතීන්ට මුහුන දෙන්නෙමු.” (11)

ජර්මනියේ නාසි ජයග‍්‍රහනයෙන් පසුව ට්‍රොට්ස්කි, නව ලෝක යුද්ධයක සම්භාව්‍යතාව දිගටම පෙන්වා දුන්නේය. කෙසේ හෝ ගැටුම ආරම්භ වූ අතර එක්සත් ජනපදයට මැදිහත් වීමට බල කෙරුනි. 1934දී ෆොරීන් එෆෙයාර්ස් සඟරාවෙහි පලකරන ලද ඔහුගේ ”ජාතිකවාදය හා ආර්ථික ජීවිතය” නමැති සැලකිය යුතු ලිපිය තුල ට්‍රොට්ස්කි, එක්සත් ජනපදය යුද්ධයට තල්ලු කිරීමේ දී යටින් ක‍්‍රියාත්මක වන බලවේග පෙන්නුම් කලේය. ඇමරිකානු ධනවාදය ශ‍්‍රම පලදායිතාව නව ඉහලකට නංවා තිබුනි. එහෙත්, වඩා පහත් ශිල්පික‍්‍රම මත පදනම්වූ යුරෝපයේ හා ආසියාවේ රාජ්‍යයන්ගේ කටයුතු මඟින් සෑම තැනකදීම තම මාවත වලකා තිබෙන බව ලෝකයේ දියුනුම තාක්ෂනයට ප‍්‍රත්‍යක්ෂ විය. මෙම තත්වය තෙරක් නොමැතිව පැවතිය නොහැක.

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. ”ඉක්මනින් හෝ පසුව ඇමරිකානු ධනවාදය අපගේ සමස්ත ග‍්‍රහලෝකයේ දිගට හරහට තමන් සඳහා මාවත් විවර කරගත යුතුය. කුමන ක‍්‍රමෝපායන් ගෙන් ද? සියලු ක‍්‍රමෝපායන් ගෙනි. පලදායිතාවේ ඉහල සංගුනකය, විනාශයේ ද ඉහල සංගුනකය අන්තර්ගතකර ගනියි. මා යුද්ධය දේශනා කරන්නේ ද? කිසිසේත්ම නැත. මම කිසිවක් දේශනා නොකරමි. මම ලෝක තත්වය විශ්ලේෂනය කර ආර්ථික යාන්ත‍්‍රනයේ නියාම තුලින් නිගමනයන් කරා එලඹෙනවා පමනි.” (12)

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තෙහි, කම්කරු පන්තියේ පශ්චාත් යුද්ධ නැඟිටීම් මැඬලීමෙහිලා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ විසින් ඉටුකරන ලද ක‍්‍රියාකලාපයට පිංසිදු වන්නට එක්සත් ජනපදය, ලෝක ධනේශ්වර පර්යාය ස්ථාවර කිරීමට සමත්විය. එය සතුව පැවති වඩාත් පලදායී විධික‍්‍රම අනෙකුත් දියුනු ධනේශ්වර රටවලට පතුරවා හැරීම තුලින් එක්සත් ජනපදය, ධනපති ඉහල නැඟීමේ නව අවධියක් සඳහා පදනම සම්පාදනය කලේය.

එහෙත් පසුගිය තිස් වසර පුරා එක්සත් ජනපදය ආර්ථික පරිහානියක ගිලී තිබේ. පලමුව සාපේක්ෂව ද දැන් පරම වශයෙන් ද ය. 2008 වසරේ මූල්‍ය බිඳවැටීමෙන් මෙම ආර්ථික කාරනය ඉස්මතු කර තිබේ. ඇමරිකානු ධනවාදයේ නැඟීමෙන් ට්‍රොට්ස්කි පුපුරන සුලු ඇඟවීම් ලබා ගත්තේය. එහි පරිහානිය පිලිබඳව ඔහුට යමක් කීමට තිබුනේ ද? සත්තකින්ම එසේය.

වසර අසූවකටත් පෙර ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේය. ”අර්බුදයේ අවධිය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යය, උත්පාතයේ අවධියකදීට වඩා, බෙහෙවින් විවෘතව හා නිර්දය ලෙස කටයුතු කරනු ඇත.” (13) එක්සත් ජනපදය සිය ව්‍යාධීන්ගෙන් ගැලවීමට බලන්නේ යුද්ධය හෝ සාමය තුලින් තම ප‍්‍රතිවාදීන්ගේ, සියල්ලටත් වඩා යුරෝපයේ, වියදමෙන්ය.” ඔහු ලිවීය. අද දවසේ අපට එහි ආසියානු ප‍්‍රතිවාදීන් ද ඊට ඇතුල්කල හැකිය. වෙලඳාම, මුදල් අගය, ගෙවුම් ශේෂ මෙන්ම ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල එන්ට එන්ටම ආක‍්‍රමනශීලී වන එක්සත් ජනපදයේ මිලිටරි කටයුතු, මුල්කරගෙන ගැඹුරුවන ගැටුම් ද චීනයට එරෙහිව දැන් ගනු ලබන විවෘත රාජ්‍යතාන්ත‍්‍රික මෙන්ම මිලිටරිමය පියවර ද පෙන්නුම් කරන්නේ, ට්‍රොට්ස්කි සිය ඉදිරිදර්ශනයේ හරි මැද තබන ලද ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර එම ප‍්‍රතිවිරෝධයන්ම මඟින් ඉදිරියට තල්ලුකරන ලෝක ඉතිහාසයේ නව කම්පනකාරී හා විප්ලවවාදී අවධියක් ආරම්භ වී තිබෙන බවයි.

සටහන්:

(1) ”ලියොන් ට්‍රොට්ස්කිගේ දායාදය හා 20 වන ශතවර්ෂයේ ඉතිහාසය තුල ඔහුට අයත් තැන පිලිබඳ නව අගැයීමක් කරා” ඩේවිඩ් නෝර්ත්, 2001 ජූනි.

(2) The first five years of the communist international (කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු පස්වසර) ලියොන් ට්‍රොට්ස්කි, වෙලුම, 1. 1973.

(3) "Dialogue with Heinrich Brandler" Marxism, wars & revolutions (මාක්ස්වාදය, යුද්ධයන් සහ විප්ලවයන් ”හෙන්රික් බ‍්‍රැන්ඩ්ලර් සමග සංවාදය”), අයිසැක් ඩොයිෂ්චර්, වර්සෝ ලන්ඩන් (1984) පි.162.

(4) My Life (මගේ ජීවිතය), ලියොන් ට්‍රොට්ස්කි, පෙන්ගුයින්, හාර්මන්ඩ්ස්වර්ත් 1975, 288 පි.

(5) "Imperialism and the National Idea", Leon Trotsky in Lenin's Struggle for a Revolutionary International, විප්ලවවාදී ජාත්‍යන්තරයක් සඳහා ලෙනින්ගේ අරගලය නම් ට්‍රොට්ස්කිගේ කෘතියෙහි ”අධිරාජ්‍යවාදය සහ ජාතික දෘෂ්ටිය”, මොනාඩ් ප්‍රෙස්, නිව් යෝර්ක් 1984.

(6) Europe and America (යුරෝපය සහ ඇමරිකාව), ලියොන් ට්‍රොට්ස්කි, පාත්ෆයින්ඩර් ප්‍රෙස්, නිව් යෝර්ක් 2003, පි. 78.

(7) එම, පි.81.

(8) එම, පි.37.

(9) The Third International After Lenin (ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය) ලියොන් ට්‍රොට්ස්කි, නිව් පාක් පබ්ලිකේෂන්ස්, ලන්ඩන්, 1973 පි.6.

(10) එම.

(11) The wages of destruction (විනාශකාරිත්වයේ ප‍්‍රතිලාභයෝ) ඇඩම් ටූස්, ඇලන් ලේන්, ලන්ඩන් 2006.

(12) "Nationalism and economic life" Writings of Leon Trotsky 1933-34 (”ජාතිකවාදය සහ ආර්ථික ජීවිතය” ලියොන් ට්‍රොට්ස්කි ලේඛන 1933-34) ලියොන් ට්‍රොට්ස්කි, පාත්ෆයින්ඩර් ප්‍රෙස් නිව් යෝර්ක් 1972, පිටු. 161-162.

(13) The third international after Lenin (ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය) ලියොන් ට්‍රොට්ස්කි, නිව් පාක් පබ්ලිකේෂන්ස්, ලන්ඩන්, 1973 පි.8.

the WSWS | Contact Us | Privacy Statement | Top of page