2021 මැයි දිනය හා ලෝක ගෝලීය පන්ති අරගලය
මෙම මැයි 1 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවැත්වූ ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද සමාරම්භක වාර්තාව මෙහි පල කරමු.
ලෝක පරිමාන ව්‍යසනයට වගකිව යුතු ධනපති පාලක පන්තිය විසින් පාලනය කරනු ලබන ආන්ඩුවල මිනීමරු පිලිවෙත්වලට එරෙහි ව, කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කොට වර්ධනය කිරීමට, හජාජාක හා එහි සමාජවාදී සමානතා පක්ෂ ශාඛා මෙම ආරම්භකත්වය ගැනීම ඉදිරිපත් කරයි.
එහි ස්වරූපයෙන් සහ අන්තර්ගතයෙන් රැලිය ගෝලීය සිදුවීමක් විය. රැලිය සඳහා කැඳවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ජාත්‍යන්තර ප්‍රතිචාරයක් ලැබුනි. ඇන්ටාක්ටිකාව ඇතුලු සෑම මහාද්වීපයකම රටවල් 75 කට වැඩි ගනනකින් 2500 කට අධික පිරිසක් මෙම අවස්ථාව නැරඹූහ. කථිකයෝ දහහතර දෙනා ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, දෙමල, සිංහල, තුර්කි සහ පෘතුගීසි යන භාෂා හතකින් කථා කරන රටවල් 10 ක ප්රමුඛ පෙලේ සාමාජිකයෝ වූහ.
මැයි 1වන සෙනසුරාදා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්ෂික ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය පැවැත්වීය. රැලිය විසින් උනන්දු කරවනු ලැබුවේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීමයි.
මෙම මැයි 1 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවැත්වූ ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද සමාරම්භක වාර්තාව මෙහි පල කරමු.
වෝල් වීදියේ සමපේක්ෂන බඩජාරිකම, එනම්, මිලියන ගනනක් මිය යද්දී කතිපයාධිකාරීන් රොත්තක් බිලියන ගනනින් ඩොලර් මඬිගසා ගැනීම, ට්‍රොට්ස්කි ධනවාදයේ මරලතෝනිය ලෙස නිවැරදිව කල ගුනාන්ගීකරනයේ ප්රකාශනයකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ටොම් ස්ක්‍රිප්ස් පහත දැක්වෙන කථාව කලේ ය.
ජර්මනිය බිස්මාර්ක් ගේ සහ නාසීන් ගේ රට පමනක් නොවේ. එය මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ පලමු සමාජවාදී මහජන පක්ෂයේ රට ද වේ.
වෘත්තීය සමිති සම්මේලනය සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජනය කරන්නේ දශක හතරකට ආසන්න කාලයක් අඛන්ඩව පාවාදීම් සහ පරාජයන් සඳහා මුලසුන හෙබවූ වරප්‍රසාද ලත් කුලයකින් සැදුම්ලත්, පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා කැප වූ විශාල උපකරනයකි.
ඉන්දියාව, ලෝකයේ එක රටක ඉහලම දෛනික රෝගීන් සංඛ්‍යාව වර්තා කරමින්, වසංගතයේ අපි කේන්ද්‍රයක් බවට පත්ව ඇත.
දකුනු ආසියාවේ පාලක පන්ති, ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්, කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම සඳහා ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කර ඇත.
වසංගතය මැද වෙනත් බොහෝ රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ කම්කරුවෝ ද ඔවුන්ගේ තත්වයන්ට පහරදීම වේගවත් කිරීමට එරෙහිව සටන් කරති.
වසංගතය ගෝලීය ධනවාදයේ ප්රතිවිරෝධතා තීව්ර කරන අතර තුර්කිය අවට කලාපයේ වර්ධනය වන භූදේශපාලනික ආතතීන් සහ යුද අන්තරායන් මධ්‍යයේ අපි 2021 මැයි දිනයට සුබ පතන්නෙමු.
ෆැසිස්ට් පන්නයේ ජනාධිපති බොල්සොනාරෝ සමාජ ඝාතක ප්‍රතිපත්තියේ වඩාත්ම රැඩිකල් ප්‍රවර්ධකයා වන නමුත් ලූලාගේ කම්කරු පක්ෂය බලයේ සිටින ප්‍රාන්තවල ද එවැනිම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරේ.