රැකියා සහ ජීවන කොන්දේසි වඩවඩාත් දුෂ්කර වෙමින් පවතින බව විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවෝ පවසති

මෙම වසර ආරම්භයේ සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව දෙලක්ෂ විසි හයක් බව වාර්තා කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වසරේ ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් විදේශ රැකියා සොයා පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කරයි. කාර්යාංශයේ ලියාපදිංචි නොවී රැකියා සඳහා විදේශ ගතවූ සංඛ්‍යාව එකතුවූවිට මෙම අගය විශාල වශයෙන් වැඩි විය යුතුය.

විදේශ රැකියා සඳහා කම්කරුවන් පිටත්කර හැරීමට ආන්ඩුව ඉමහත් උනන්දුවක් දක්වන්නේ එය ආර්ථිකයේ ප්‍රධාන ආදයම් මූලාශ්‍රයක් බවට පත්වී තිබීමයි. විදේශ රැකියා ඒජන්සි මගින් විදේශ රැකියාවලට යොමු කෙරෙන කම්කරුවන් ම්ලේච්ඡ සූරාකෑමට ලක්වෙතත් ආන්ඩුව කම්කරුවන් ආරක්ෂා කිරීමට පියවර ගෙන නැත.

කාන්තා කම්කරුවන් පිරිසක් ඉවසිය නොහැකි සේවා කොන්දේසි වලට එරෙහිව නැවත ලංකාවට යවන ලෙස ඉල්ලමින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අයුරු -2023 මැයි (ඡායා රූපය: විරෝධතාවයේ යෙදුන ශ්‍රී ලාංකික කාන්තා කම්කරුවන්ගෙනි)

විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන් කිහිපදෙනෙකු සමග ලෝක සමජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කල සාකච්ඡාවන්හි දී මෙම තත්වය පැහැදිලිව අනාවරනය විය.

2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ දරුනු ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සරනාගතයෙකු ලෙස ඉතාලියට පැමිනි මීගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත දැනට තමා මුහුන දෙමින් සිටින ඉතාලියේ රැකියා තත්වය ගැන මෙසේ කියා සිටියේය:

'මම දැන් ඉතාලියට ඇවිත් අවුරුදු දෙකක් පමනක් වෙනවා. දැනට රැකියාව කරන්නෙ ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙකු සතු පිරිසිදු කිරීමේ ආයතනයක. වැඩ කොපමන අධිකද කියනවනම් දවසකන තට්ටු පහක පමන විශාල නිවාස සංකීර්න හතක් පමන පිරිසිදු කරනවා. දිනකට වැඩකාලය පැය 16 ඉක්මවා වැඩකරනවා. පැයකට යුරෝ 6 ක් විතරයි ලැබෙන්නෙ.'

සෑම දිනකම රැකියාව නොලැබෙන බවත් එසේ නොලැබෙන දිනවල පිටිසරබදව වෙනත් තාවකාලික රැකියා සොයාගැනීමට සිදුවන බවත් ඔහු පැවසීය. එවැනි රැකියාවක නිරතවීමට අනුමත රැකියා කොත්‍රාත්තුවක් ලබා සිටිය යුතු නමුත්, තම ශ්‍රමය ඉතා අඩු වැටුපකට ලබා ගැනීමේ වාසිය මත නීතිමය කොන්දේසි නොතකා බොහෝ හාම්පුතුන් තාවකාලික රැකියා ලබාදෙනබව ඔහු පෙන්වා දුන්නේය.

ඉතාලියේ අගමැති මෙලෝනි සංක්‍රමන කම්කරු අයිතීන් පමනක් නොව රැකියා විරහිතයන්ට ලබාදෙන දීමනාද දරුනු කප්පාදුවකට ලක් කරමින් සිටින බව ඔහු පැවසීය. 'දිලිඳු පවුල් 169,000 කට ලබාදුන් රජයේ සහනාධාර දීමනාව පසුගිය අගෝස්තු පලවෙනිදා සිට සම්පූර්නයෙන්ම නවතා දමනු ලැබුවා. එය ආරම්භයක් පමනක් බවත් ඉදිරියේදී තවදුරටත් කප්පාදු කිරීමට සිදුවන බවත් ඇය පවසා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී තවත් සංක්‍රමන කම්කරු රැකියා අර්බුදය තියුනුවනු ඇති'

ඔහුගේ බිරිඳ සහ දරුවන් ලංකාවේ ජීවත්වන බවත් වෙහෙසවී උපයන මුදල් පවුලේ එදිනෙදා අවශ්‍යතාවයන් ඇතුලු ලමුන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රමානවත් නොවන බවත් ඔහු සඳහන් කලේය. ලංකාවේ බඩුමිල දැවැන්තව ඉහලයාම සහ පාසල් තුල අධ්‍යාපනය බිඳවැටීම නිසා තමන් කලකිරීමට පත්ව ඇතිබව ද ඔහු කීවේය.

ආර්ථික අර්බුදය සහ යුද්ධය අතර සම්බන්ධතාවය පැහැදිලි කල ලෝසවෙඅ වාර්තාකරුවෝ එයට කම්කරු පන්තියේ ස්වාධීන විසඳුමක් ලෙස ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලහ. ඔහු ඒ පිලිබඳව හැදෑරීමට එකඟතාවය පලකලේය.

කැනඩාවේ ජිවත්වන සංක්‍රමනික කම්කරුවෙකු තම අත්දැකීම් විස්තර කරමින් මෙසේ කීවේය: 'මම කැනඩාවට පැමිනියේ ලංකාවේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් ලබල නමුත් මම බලාපොරොත්තු වූ ජීවිතය මට තවම ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.'

කැනඩාවට සංක්‍රමනික කම්කරුවන් පැමිනෙන්නේ ඉහල ජීවන තත්වයක් ඇති රටක් ලෙස එහි රැකියාවක් කිරීමට හෝ පදිංචිවීමට බවත්, යම් ආර්ථික හැකියාවන් හෝ අධ්‍යාපනික සුදුසුකම් ඇති දහස් ගනන් තරුන-තරුනියන් ඒ සඳහා උත්සාහ කරන බවත් ඔහු පැවසිය. එසේම පසුගිය වසර ගනනාවක් කැනඩාව ශ්‍රී ලංකික සංක්‍රමිකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් හැටියට සැලකුන බව ඔහු විස්තර කලේය.

'නමුත් දැන් කැනඩාවේ කම්කරුවන් ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක වලට මුහුන දෙමින් සිටිනවා. අත්‍යවශ්‍ය ආහාර මිල, රක්ෂන ගාස්තු, මාසික ජල-විදුලි ගාස්තු, නිවාස කුලිය, බැංකු වාරික සහ විශ්වවිද්‍යාල සහ වෘත්තිය පුහුනු ආයතනවල අයකිරීම්, විනෝද ක්‍රියාකාරකම් වල මිල, ඉසිලිය නොහැකි ලෙස ඉහල දමා තිබෙනවා. රැකියා අහිමිවීම, වැටුප් වැඩි නොවීම, සුබසාධන සේවා කප්පාදුව වැනි ප්‍රහාරයන් ද වේගවත් වී තිබෙනවා.'

කැනඩාවේ රැකියාවක් සඳහා බලපත්‍රයක් ලබාගැනීමට ඉතාවිශාල මුදලක් අවශ්‍ය වන බවත් ඒ සඳහා උපෙදෙස් දෙන විශේෂඥයන්ගේ සේවය සහ මගපෙන්වීම සඳහා කැනේඩියානු ඩොලර් 35000 පමන අතිවිශාල මුදලක් අයකරන බවත් ඔහු පැවසිය.

'මෙසේ කැනඩාවට පැමිනෙන වැඩි ප්‍රතිශතයක් රැකියා බලපත්‍රලාභී නුපුහුනු කම්කරුවන් ලෙස රැකියා කරන අතර ඔවුන්ට ලැබෙන්නේ ජීවත් වීමට ප්‍රමානවත් නැති වැටුපක්. ඔවුන් කැනඩාවට ඇතුලුවීමට වියදම් කල මුදල සොයා ගැනීම සඳහා බොහෝ අවස්ථාවල තවත් රැකියාවක නියැලීමට බලකෙරී තියෙනවා, බොහෝ අවස්ථාවල දෙවෙනි රැකියාව ලියාපදිංචි නොවූ අත්පිට මුදලට කරන්නක්.'

ටොරොන්ටෝ සහ වැන්කුවර් වැනි විශාල නගර වල වෘත්තීය විද්‍යාලවලට ජාත්‍යන්තර ශිෂ්‍යයන් ලෙස පැමිනෙන්නන්ට තම වියදම් උපයා ගැනීමට නීත්‍යානුකුල නොවන ආකාරයට රැකියාවක් කිරීමට සිදුවන බවත්. නගරවල නිවාස කුලිය සහ අනෙකුත් වියදම්ද ඉතා ඉහල බවත් ඔහු පැවසිය. ඔහු තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගේ පාඨමාලා ගාස්තුව සාමාන්‍යයෙන් දේශීය ශිෂ්‍යයකුගේ ගාස්තුව මෙන් තුන්ගුනයක් පමන වන බවත් අධ්‍යයන කටයුතු අවසානයේ නීත්‍යානුකුල රැකියාවක නියැලීමටනම් අවම වසයෙන් අවුරුදු දෙකක පාඨමාලාවක් හැදෑරිය යුතු බවත් ය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 97 සම්මුතියේ 2 වැනි වගන්තිය අනුව කම්කරු සංක්‍රමිකයන්ට අදාල සියලුම සේවාවන් නොමිලේ ලබාදියයුතුය. නමුත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සපයන සේවා සඳහා රජය අධික ලෙස මුදල් අය කරයි.

එමෙන්ම විදේශගත කම්කරුවන්ගෙන් බහුතරය වන ගෘහ සේවිකාවන් මුහුනදෙන රුදුරු කොන්දේසි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලකයන් දක්වන්නේ නරුම නොතැකීමකි. ඕමානය තුල පමනක් ලාංකික කම්කරුවන් සිය ගනනක් ඕමාන රජයේ රැඳවුම් කඳවුරු තුල අන්ත දුක් විඳින බව, තමන් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා උද්ඝෝෂනය කල ලාංකික ගෘහ සේවිකාවන් 75 දෙනෙකු එහි ලංකා තානාපති කාර්යාලයේ අනුදැනුම ඇතිව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇතිවූ සිද්ධි මගින් හෙලිදරව් විය.

අත් අඩංගුවට පත් කම්කරුවන්ට බොහෝවිට එල්ලවන්නේ වීසා නීති උල්ලංඝන චෝදනාවන් ය. මීට අමතරව බොරු චෝදනා ද පටලවා තිබේ. වහල් සේවය බඳු රුදුරු සූරාකෑමක් සඳහා ගෘහ සේවිකාවන් යොදවා ගැනීමට එහි හාම්පුතුන්ට නීතියෙන් බලතල සපයා ඇත.

ඕමාන බන්ධනාගාරයේ අත්අඩංගුවේ සිට පසුගිය මස 12 වැනි දා ලංකාවට පැමිනීමට සමත්වූ හර්ශනී ප්‍රදීපිකා සඳහන් කලේ අත් අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවන් කිහිප දෙනෙකු පිලිබඳව ඇය දන්නා බවයි. ඇයට ආපසු පැමිනීමට හැකි වී තිබෙන්නේ ඕමානයේ විපතට පත් තමා ඇතුලු කම්කරුවන් පිලිබඳ අනුකම්පාවෙන් හිතවතෙකු කල උදව්වෙනි.

'ජීවත්වෙන ප්‍රමානවත් වැටුපක් ලංකාවේ නොලැබුනු නිසා මම පිටරට රැකියාවට යන්න තීරනය කලා. අපි ජීවත් වුනේ අනුරාධපුර ප්‍රදේශයේ මායිම් ගම්මානයක හරිම අනතුරු දායක තත්වයක් මැද. ඒ කාලේ රැකියාවකට යන්න දුෂ්කරයි වගාවෙන් යැපුනා. රාත්‍රිය පහන් කරගන්න පුලුවන් වෙයිද කියන බය තිබුනා. කාටවත් නොපෙනෙන්න රාත්‍රීය කලුවරේ ගතකලා. දුෂ්කරතා කෙසේ හෝ දරා ගත්තා.'

2003 විවාපත් වූ ඇයට දරුවෙකු සිටී. රෝගී තත්ත්වයෙන් පසුවන ඇගේ මව සමග එම දියනිය ජීවත්වේ. විවාහ වූ තැන් පටන් ඇය ලංකාවේ විවිධ රැකියාවල නිරත වී ඇත. පලමුව ඡායාරූප ශාලාවක, දෙවනුව සැලෝන් එකක ආදී වසයෙන් රැකියාවන්හි නිරව සිටි ඇය, අවසානයේ විදේශ රැකියාවක් එජන්සිය ආයතනයක සේවය කර ඇත. ඇය විදේශගතව ඇත්තේ ඉන් අනතුරුවයි.

විදේශ කම්කරුවන්ගේ ඉපැයීම් ලංකාවේ රජයට විශාල වැදගත්කමක් දරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියට අනුව, 'විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රමිකයන්ගේ ප්‍රේෂන පසුගිය දශක දෙක තුල සාමාන්‍යයෙන් වාර්ෂික වෙලඳ හිඟයෙන් සියයට 80 ක් පමන ආවරනය කර ඇත'. ආන්ඩුව මුහුනපා සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, එම නය නොවන විදේශ විනිමය උපයා ගැනීම එහි ප්‍රධාන උත්සුකයකි.

නිදහස් වෙලඳ කලාපයන්හි කම්හල් ඇතුලු කර්මාන්ත වැසීයාම, නියඟය සහ පොහොර හිඟය ඇතුලු තවත් කරුනු නිසා ගොවිතැන් පාලුවීම, වේගයෙන් ඉහලයන බඩුමිල සහ සුභසාධන කපා දැමීම, විදේශ රැකියා සඳහා මහජනයා වැඩිවැඩියෙන් යොමුකර ඇත.

විදේශ රැකියා තුලින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ආදායම් විෂමතා අඩු කිරීම ආන්ඩුවේ ඉලක්ක ලෙස ඉහත වෙබ් අඩවිය දක්වා ඇතත් සිදුවී ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධයයි. 80 දශකයේ දි, විදේශ රැකියා යනු ලංකාවේ කම්කරුවෙකුට, සාපේක්ෂව යහපත් ජීවිතයක් ගතකල හැකි රැකියාවකි. පසුගිය අඩ සියවස තත්වය කනපිට හරවා ඇත.

විදේශයන්හි සේවයේ නියුතු කම්කරුවන්ට සසප පනිවිඩ මුහුනු පොත් පිටුවේ පාඨකයෙකු වන්න

Loading