2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව

ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය

[මෙය Leon Trotsky and the Struggle for Socialism in the Epoch of Imperialist War and Socialist Revolution යන මැයෙන් 2023 අගෝස්තු 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, 2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප ගිම්හාන පාසල හඳුන්වා දෙමින් පහත පල කරන වාර්තාව ඉදිරිපත් කලේ ය. පාසලේ සියලු දේශන එලඹෙන සති කිහිපයේ දී ලෝසවෙඅ තුල පලකෙරෙනු ඇත.

1. සමාජවාදී සමානතා පක්ෂයේ 2023 ජාත්‍යන්තර ගිම්හාන පාසල ආරම්භ කරමින්, එක්සත් ජනපදයේ සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන්, සියල්ලට ප්‍රථම ව, විජේ ඩයස් සහෝදරයාගේ ජීවිතයට උපහාරය පිදීමට මම කැමැත්තෙමි. ඔහු, මීට වසරකට පෙර 2022 ජූලි 27දා, 80 වියේදී මිය ගියේ ය. එම කාලයෙන් අවුරුදු 60කටත් වඩා කැපකරන ලද්දේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමට යි. ඔහුගේ ජීවිතයේ අවසන් අවුරුදු 35, එනම් ශතවර්ෂයකින් තුනෙන් පංගුවකටත් අධික කාලයක්, විජේ සහෝදරයා ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන ලේකම් ධූරය දැරුවේ ය. සිය ජීවිතයේ අවසන් දිනය දක්වා, ඔහු ශ්‍රී ලංකා ශාඛාවේ හා කම්කරු පන්තියේ අරගල තුල ගැඹුරින් ම නිමග්න ව සිටියේ ය.

ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය

2. විජේ සහෝදරයාගේ ජීවිතය ගැන සම්පූර්න විමර්ශනයක්, තනි පුද්ගලයෙකුගේ චරිතාපදානයට වැඩි දෙයක් වනු ඇත. එය අවශ්‍යයෙන් ම, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ද නූතන ඉතිහාසය අලලා ගනු ඇත. ට්‍රොට්ස්කිවාදය සඳහා දශක ගනනක් තිස්සේ කල අරගලයෙහි පදනම මත ලංකාවේ කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් බවට පත් ව තිබුනු ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) තරුන ව්‍යාපාරයෙහි සාමාජිකයෙකු ලෙස ඔහු ට්‍රොට්ස්කිවාදියෙක් බවට පත් විය. එහෙත්, දශක ගනනක් තිස්සේ වඩ වඩා පාර්ලිමේන්තු අවස්ථාවාදයට අනුගත වීමේ විපාකයක් ලෙස, 1964 ජුනි මාසයේ දී, ලසසපය ට්‍රොට්ස්කිවාදයේ විප්ලවවාදී සමාජවාදී ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කර, අගමැතිනි බන්ඩාරනායක නායකත්වය දුන් ධනේශ්වර ශ්‍රීලනිපය සමග සභාග ආන්ඩුවකට ඇතුල් විය.

2018 වසරේ කොලඹ පැවති හතරවන ජාත්‍යන්තරයේ අසූවන සංවත්සර රැස්වීම අමතන විජේ ඩයස්

3. මෙම පාවාදීමට විරුද්ධ වෙමින්, ලසසප අවස්ථාවාදීන්ට එරෙහි වෙහෙස නො තකන අරගලයක් හරහා ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යලි ගොඩනැගීමට තීන්දු කල සප්‍රතිපත්තික හා ධෛර්යය සම්පන්න තරුන විප්ලවවාදීන්ගේ පරම්පරාවක පෙරමුනේ විජේ සහෝදරයා සිටියේ ය. 1964 දී ජෙරී හීලි ලංකාවට කල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, විජේ හා සභාගයේ අනෙකුත් විරුද්ධවාදීහු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සබඳතා ගොඩනගා ගත් හ. හීලි සමග කල සාකච්ඡා ද සභාගය හෙලා දකිමින් ජාත්‍යන්තර කමිටුව නිකුත් කල ලියවිලි ද, 1953 පටන් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයේ පුලුල් හා සාරභූත සන්දර්භය තුල ලසසපයේ පාවාදීම පිහිටුවී ය.

4. එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදයේ වර්ධනය කෙරෙහි ලංකාවේ සිද්ධීන් ප්‍රගාඪ බලපෑමක් ඇති කලේ ය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය තුල සාඩම්බරයට කරුනක් ලෙස සෑමවිට ම පැවතී ඇත්තේ, 1964 සැප්තැම්බරයේ දී සමාජවාදී කම්කරු පක්ෂයෙන් නෙරපා හැරීමටත්, හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව ආරම්භ කිරීමටත් තුඩු දුන්නා වූ ලංකාව තුල ලසසපයේ පාවාදීමට එරෙහිව හතරවන ජාත්‍යන්තරයෙහි ඇමරිකානු ආධාරකරුවන් දැක්වූ සප්‍රතිපත්තික ප්‍රතිචාරය යි. ඊට වසර දෙකකට පසුව 1966 නොවැම්බරයේ දී, ජාත්‍යන්තර කමිටුවට හිතවත් ශාඛාවක් ලෙස වර්කර්ස් ලීගය ස්ථාපිත කරන ලදී. දේශපාලනික පැහැදිලිකමේ දීර්ඝ කාලයකට පසුව, 1968 දී, ලංකාව තුල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරම්භ කරනු ලැබිනි. ප්‍රධාන ලේකම් ධූරය සඳහා කීර්ති බාලසූරිය තෝරාපත් කර ගනු ලැබූ අතර 1987 දෙසැම්බර් 18දා, වයස අවුරුදු 39 දී සිදු වූ සිය අකල් මරනය සිදුවන තෙක්ම ඔහු එම ධුරය හෙබවූයේය.

කීර්ති බාලසූරිය සමග ඩේවිඩ් නෝර්ත් 1986 සෑප්තැම්බරයේ දී

5. විකොස ආරම්භයේ පටන් ම, විජේ සහෝදරයා එහි නායකත්වය තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය. එහි දීප්තිමත් හා තවමත් ඉතා තරුන වූ නායකයාගේ ක්ෂනික හා අනපේක්ෂිත වියෝව මධ්‍යයේ, විකොස මුහුන දුන් අත්‍යසාමාන්‍ය දුෂ්කර තත්වය තුල, විජේ ප්‍රධාන ලේකම් ධූරය භාරගත්තේ ය. සිවිල් යුද්ධය සහ ජවිපෙ ප්‍රතිගාමී සිංහල ස්වෝත්තමවාදීන් විසින් එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාර ද එහි සාමාජිකයන් මරා දැමීම ද මධ්‍යයේ, ඔහු මෙම වගකීම භාරගත්තේ ය. විජේගේ ඍජු හා තීරනාත්මක නායකත්වය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකත්වය රැලි කර ගත්තේ ය..

6. විජේගේ අත්‍යසාමාන්‍ය ලක්ෂන වූයේ අසීමාන්තික හා අප්‍රතිහත පුද්ගලික ධෛර්යය සහ සම්මුති විරහිත ලෙස දේශපාලනික මූලධර්මයන්ට තිබුනු කැපවීම යි. විජේ තමන් ඉදිරියේ සිටින විට, සිය අවස්ථාවාදය පිලිබඳ ව ලජ්ජාවෙන් හැකිලුනු දේශපාලන විරුද්ධවාදීහු පවා, මෙය පිලිගත්තේ ය.

7. විජේ හුදෙක් ගෞරවයට ලක් වූවා පමනක් නො වේ. ඔහුට ආදරය ද ලැබුනි. එක් අවස්ථාවක දී, කොලඹ දෙමල නිවහන් ප්‍රදේශයක පැවති සමාජීය උත්සවකට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නැයි විජේට ආරාධනා කෙරුනු අතර, එය නිරීක්ෂනය කිරීමේ දුර්ලභ වාසනාව මට ද ලැබුනි. සිවිල් යුද්ධය තවමත් ඇදෙමින් පැවතුනි. එහෙත් වර්ගවාදී යුද්ධයට සසපහි අනම්‍ය විරුද්ධත්වය ගැන දෙමල ප්‍රජාව දැන සිටියේ ය. විජේ සහෝදරයා ශාලාවට ඇතුලු වන විට, මහත් ඔල්වරසන් දීමකින් ඔහු පිලිගනු ලැබුනි. සියලු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ කම්කරු පන්තිය නියෝජනය කල ලංකාවේ එක ම පක්ෂයෙහි නායකයා ලෙස ඔහු ව දැකගනු ලැබුවේය.

8. ජාත්‍යන්තර කමිටුව තුල විජේ ඩයස් සහෝදරයා මහත් අධිකාරයක් දරා සිටියේ ය. ඔහු සහභාගි වුනු සියලු සාකච්ඡා තුල දී, අපට ඔහුගේ යෝධ අත්දැකීම, වෛෂයිකත්වය සහ දැනුම මත පදනම් වීමට මෙන් ම හාස්‍යය සදහා වූ ඔහුගේ හැකියාවෙන් යම් අස්වැසිල්ලක් ලබා ගැනීමට ද හැකි විය. විජේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයට ඇතුලු වී ඇති අතර, ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂයෙහි කේඩරය සඳහා අනුප්‍රානයේ උල්පතක් ලෙස ඔහුගේ ආදර්ශය සැමදා පවතිනු ඇත. සමාජවාදය සඳහා අරගලයටත්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විජයග්‍රහනයටත් ඔහු කල මහා ප්‍රතිපදානයට ගෞරව කිරීම්වස්, අපි මෙම පාසල විජේ ඩයස් සහෝදරයාගේ ජීවිතයට හා මතකයට කැප කරමු. අපි දැන් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වමු.

9. ලෝකයේ නන් දෙසින් පැමින සිටින අපේ සහෝදරවරුන්ට ද සුවිශේෂී සුභපැතුම් පිරිනැමීමට ද මම කැමැත්තෙමි. ජාත්‍යන්තර පරිමානයක ගිම්හාන පාසලක් පැවැත්වීමට, මෙමගින් නිර්මානය කරන කායික වෙහෙස නො තකා, අපේ ව්‍යාපාරයෙහි ඉතිහාසය විමර්ශනය කරන මෙම වැදගත් අවස්ථාවට සහභාගි වීමට කැමති බොහෝ සහෝදරවරුන්ට, මධ්‍යම රාත්‍රීයේ සහභාගි වීමට සිදුවී ඇත. අපි ඔවුන්ගේ වටිනා සහභාගීත්වය ඉතා ඉහලින් අගය කරමු. මා මෙම දේශනය තුල ඉදිරියේ දී විස්තර කරනු ඇති පරිදි, 1985-86 භේදයෙන් පැනනැගුනු විශිෂ්ට ජයග්‍රහනයන්ගෙන් එකක් වන්නේ අපේ ව්‍යාපාරය තුල අව්‍යාජ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය ප්‍රතිස්ථාපනය කිරීම යි.

10. තවත් නිරීක්ෂන දෙකක්: සියල්ලට පලමුව පරිවර්තන ක්‍රියා දාමය සම්බන්ධ ව යි. බොහෝ දීර්ඝ, සංකීර්න වාක්‍ය ඛන්ඩ සහිත වාක්‍යවලට එරෙහි ව අන්ද්‍රෙයා සහෝදරිය අනතුරු අඟවද්දී, ඇය මගේ කතාවේ කෙටුම්පත සමහර විට විමර්ශනය කර තිබුනු බවක් මට හැඟී ගියේ ය. කල්තබා ම මම ඒ ගැන සමාව ඉල්ලමි.

11. මෙම රැස්වීම වැනි රැස්වීම් තුල පරිවර්තන කාර්යයේ ඉතිහාසය සලකන විට, මීට වසර බොහෝ ගනනකට පෙර, හරියට ම 1975 දී, 1922 කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සම්මේලනයට -සමාවන්න, හතරවන සම්මේලනයට- සහභාගි වී තිබුනු විප්ලවවාදියෙක් මට කියන ලද කතාවක් මම යලි මතකයට නගමි. ඔහු 1919 ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ මෙන් ම, 1928 එවකට ඇමරිකානු කොමියුනිස්ට් ලීගය නමැති ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ද ආරම්භකයෙකු වූ ආන් ස්වෝබෙක් ය. එවකට 85 වියෙහි පසු වූ ඔහු, ඉතා හොඳ සෞඛ්‍යයකින් ද 1907 දක්වා ආපස්සට දිවුනු සියල්ල පිලිබඳ පුදුම සහගත මතකයකින් ද යුත් පුද්ගලයෙක් විය. ඩෙන්මාර්කයේ සිට ජර්මනිය හරහා ගමන් කරද්දී, ජර්මනිය තුල ඔහු සහභාගි වූ පලමු මහජන රැස්වීම්වලින් එකකට සම්බන්ධ වූ ආකාරය ඔහු මට විස්තර කලේ ය. එය රෝසා ලක්සම්බර්ග් කතා කල මැයි දින රැස්වීමක් විය. ඩේන්-ඉංග්‍රීසි උච්ඡාරනයකින් ඔහු කීවේ “ඇය ඉතා හොඳ කථිකාවියක් වූ” බව ය.

12. ඉන් පසු, ඔහු මට ඔහුගේ 1922 අත්දැකීම ගැන කීවේ ය. මට ඉතා හොඳින් මතක හිට ඇති සුවිශේෂී කතන්දර දෙකක් තිබුනි. ලෙනින් කලින් ආඝාතයක් අත්විඳ තිබූ බව ඔවුන් සියලු දෙනා හොඳින් දැන සිටි අතර, ලෙනින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැවැන්ත කාංසාවක් පැවතුනි. එහෙත් ඔහු වේදිකාව කරා සම්ප්‍රාප්ත වී දීප්තිමත් කතාවක් පැවැත්වී ය. සියලු විදේශීය නියෝජිතයන් ඉතාමත් ධෛර්යය සම්පන්න වූ අතර, ස්වෝබෙක් මත් ඔහු ලඟින් සිටි රුසියානු නියෝජිතයෙකු දෙසට හැරී “එය සුවිශිෂ්ට කතාවක්” යයි පැවසුවේ ය. එවිට රුසියානු නියෝජිතයා කීවේ, “ඔව්, ඒත් ඔබ ඔහුගේ ආඝාතයට පෙර ඉල්‍යීච්ට සවන්දිය යුතු ව තිබුනා” යනුවෙනි.

ලියොන් ට්‍රොට්ස්කි

13. පරිවර්තනයේ ප්‍රශ්නයට ඍජු ව ම සම්බන්ධ රසවත් දෙවන කතන්දරයක් ද පැවතුනු අතර, එය ට්‍රොට්ස්කිගේ සහභාගිත්වය පිලිබඳව යි. ට්‍රොට්ස්කි කතා කිරීමට නියමිත වූ විට, ඉමහත් උද්වේගයක් හා දීර්ඝ ඔල්වරසන් දීමක් නැගුනි. එහෙත් කතා කිරීම ආරම්භ කල ට්‍රොට්ස්කි, තමන් සියලු සටහන් සකස් කරගෙන ඇත්තේ ජර්මානු භාෂාවෙන් බව කියමින් සමාව අයැදීමට පටන් ගත්තේ ය. ඒ හැටියට ගත් විට, ජර්මානු භාෂාව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන නිල භාෂාව විය. මේ නිසා තමන් ජර්මන් භාෂාවෙන් කතා කරන බව ඔහු කීවේ ය. ඒ අවස්ථාවේ දී විරෝධය පෑ ප්‍රන්ස නියෝජිතයෝ, “ට්‍රොට්ස්කි සහෝදරයා, මේක සාධාරන නැහැ. පරිවර්තනය ඉතා හොඳ නැහැ. ඔබේ වාර්තාව තේරුම් ගැනීම අසීරු වේවි,” යයි පැවසූහ.

එවිට ට්‍රොට්ස්කි ප්‍රන්ස භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කලේ ය: “සහෝදරවරුවනි, මට මේ ප්‍රශ්නය අවබෝධ වෙනවා. ජර්මානු භාෂාවෙන් මගේ ඉදිරිපත් කිරීම සම්පූර්න කරල, අපි වෙන කාමරයකට යමු, මම මගේ වාර්තාව ප්‍රන්ස භාෂාවෙන් ආයෙත් ඉදිරිපත් කරන්නම්.” මේ අවස්ථාවේ දී රුසියානු නියෝජිතයෝ කෑගැසීමට පටන් ගත් හ. “ට්‍රොට්ස්කි සහෝදරයා,, ලෙව් දවිදවිච්, මේක නිවැරදි නැහැ. ඔබ ජර්මන්වලින් කතා කරල, ඊලඟට ප්‍රන්ස භාෂාවෙන් කතා කරනව නම්, ඔබ ඔබේ දේශනය රුසියන් භාෂාවෙනුත් කල යුතු යි.” “ඔව් සහෝදරවරුනි, ප්‍රන්ස නියෝජිතයන්ට මම දේශනය අවසන් කලාට පස්සෙ අපි වෙන ම මුනගැහෙමු, මම රුසියානු භාෂාවෙන් මගේ වාර්තාව ඉදිරිපත් කරන්නම්” යි ඔහු කීවේ ය. ට්‍රොට්ස්කි පැය තුනක් ජර්මානු භාෂාවෙන් කතා කලේ ය. පසුව ඔහු ඔහුගේ වාර්තාව ප්‍රන්ස භාෂාවෙන් ඉදිරිපත් කොට ඉන්පසු රුසියානු භාෂාවෙන් ද ඉදිරිපත් කල අතර, එදින පශ්චාත් භාගයේ කොමින්ටර්නයේ සැසි වාරයන් පැවති ගොඩනැගිල්ලෙන් තමන් පිටත් වන විට, රුසියානු නියෝජිතයන් සමග රැස්වීම පවත්වා ට්‍රොට්ස්කි පිටතට ඒම ස්වෝබෙක්ට මතක තිබුනි. ඔහු සම්පූර්නයෙන් පැය නවයක් කතා කර තිබුනි. එය සිදු වූයේ ඊයේ දිනයේ මෙන්, ස්වෝබෙක් එම සිදුවීම මතක් කලේ ය.

14. ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල ට්‍රොට්ස්කි සත්‍ය වසයෙන් ම අත්‍යසාමාන්‍ය චරිතයක් වූ අතර, ඔහුට බලය අහිමි වීමට තුඩු දෙමින් බොල්ශෙවික් පක්ෂය තුල පුපුරා ගිය අරගලයට පෙර ගත වනු ඇත්තේ මාස ගනනක් පමනක්‍ය යන්න දැනගැනීම, එම අවස්ථාවේ දී අසීරු විය. කෙසේ වෙතත්, කෘතිම බුද්ධියේ පහසුකම් අපි දැන් භාවිතා කරන අතර, ලොව පුරා මෙම පාසලට සහභාගි වන සියලු සහෝදරවරුන්ට යම් පහසුකම් සහිත ව අවබෝධ කරගත හැකි ආකාරයකින් දේශන පැවැත්වීමට මෙම අවස්ථාවේ වාසිය අපට ලබා ගත හැක.

15. සමාජවාදී සමානතා පක්ෂයේ අවසන් පුද්ගල සහභාගිත්වය සහිතව ගිම්හාන පාසල පවත්වන ලද්දේ, සාර්ස්-කෝවිඩ්-2 වසංගතය පුපුරා යාමට යන්තම් මාස කිහිපයකට පෙර 2019 ජූලි 21 සිට 28 දක්වා ය. 1986 පෙබරවාරියේ, කම්කරු විප්ලවවාදී පක්ෂය සමග භේදයෙන් ඉක්බිති ව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනයේ හා ක්‍රියා මාර්ගයේ වර්ධනය විභාග කිරීමකට එම පාසල කැප කෙරුනි. වසර තුනකට අධික කාලයක් පුරා ජාත්‍යන්තර කමිටුව ඇතුලත දිගහැරුනු දිග්ගැස්සුනු ගැටුමක ප්‍රතිඵලය වූයේ එම භේදය යි.

16. 1982 ඔක්තෝබරයේ දී, බ්‍රිතාන්‍ය ශාඛාව මාක්ස්වාදයේ දාර්ශනික පදනම් විකෘති කිරීමත්, නො නවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයෙන් එය පසුබැසීමත් අරබයා පැවතුනු මතභේද පිලිබඳ ව ජෙරී හීලි, ක්ලිෆ් ස්ලෝටර් හා මයිකල් බන්ඩාටත්, කවිප දේශපාලන කමිටුවටත් දැනුම් දීමට වර්කර්ස් ලීගයේ නායකත්වය පියවර ගෙන තිබුනි.

17. වර්කර්ස් ලීගය විසින් ඉස්මතු කර තිබුනු මතභේද ගැන විස්තීර්න සාකච්ඡාවක් සංවිධානය කරන බවට බ්‍රිතාන්‍ය නායකයන් ආරම්භයේ දී තිබුනු පොරොන්දුව පැහැර හැරි අතර, ඒ වෙනුවට 1982 දෙසැම්බරයේ දී ඔවුන් කලේ ඇමරිකානු ශාඛාව එහි විවේචන ඉල්ලා අස්කර නො ගතහොත් වහා ම බිඳී වෙන් බවට තර්ජන කිරීම යි. ඉස්මතු කෙරී තිබුනු මතභේද පැවතීම ගැන ජාත්‍යන්තර කමිටුව මුලුමනින් ම නො දැන සිටි කොන්දේසි යටතේ, විවේචන ඉල්ලා අස් කරගනු ලැබී ය.

18. එහෙත්, සිය වැරදි නිවැරදි කරගැනීමට කවිප අසමත් වීම සහ එය විසින් පැබ්ලෝවාදී දේශපාලනය වඩ වඩා විවෘත ව වැලඳගැනීමේ තතු තුල 1984 ජනවාරියේ දී බ්‍රිතාන්‍ය ශාඛාවේ දේශපාලන දිශානතිය ගැන ද ජාත්‍යන්තර කමිටුවේ ලෝක ඉදිරි දර්ශනය ගැන ද සාකච්ඡාවක් ඉල්ලීම අලුත් කිරීමට වර්කර්ස් ලීගයට බල කෙරුනි. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ගැන අපගේ “ඕනෑවට වඩා වැඩි අවධාරනය” ගැන 1983 නොවැම්බරයේ දී ක්ලිෆ් ස්ලෝටර්ගේ විවේචනය සහ මැද පෙරදිග ප්‍රතිගාමී ධනේශ්වර ආන්ඩු කවිප විසින් නිර්බාධිත ව උත්කර්ෂයට නැංවීම මගින් පැබ්ලෝවාදී දේශපාලනය වැලඳ ගැනීම ප්‍රදර්ශනය කෙරුනි.

19. කවිප යලි වතාවක් උත්සාහ කලේ, දේශපාලනික ප්‍රශ්න ගැන මනා සාකච්ඡාවක් සංවිධානය කිරීම කඩාකප්පල් කිරීමට යි. මෙය සිදු වූයේ, අන්තර්ජාලය හා ඊ-මේල් පනිවුඩ මෙන් ම පහසුවෙන් හා ක්ෂනික ව ලේඛන බෙදාහැරිම කල නොහැකි ව තිබූ කාලයක බව මතක තබා ගන්න. ඒ අනුව, වර්කර්ස් ලීගයේ නායක සාමාජිකයෝ 1984 පෙබරවාරියේ දී ලන්ඩනයට ලඟා වූ විට, ජාත්‍යන්තර කමිටුවේ රැස්වීම ගැන ශ්‍රී ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ශාඛාවන්ට දැනුම් දී නො තිබුනු බව දැනගත්හ. එම ශාඛාවල නියෝජිතයෝ එම රැස්වීමේ නො සිටිය හ. කවිපය පැබ්ලෝවාදයට යටත් වීම ගැන වර්කර්ස් ලීගය සූදානම් කල විස්තීර්න විශ්ලේෂනයට යලිත් එල්ලවූයේ ක්ෂනික භේදයක තර්ජනයන් ය. වර්කර්ස් ලීගයේ විවේචනවල පදාර්ථය හා එවන් විවේචන පවතින බව පවා, ලෝක ව්‍යාපාරයේ ශාඛාවන් කිහිපයක් ම තව දුරටත් නො දැන සිටි තතු යටතේ, ජාත්‍යන්තර කමිටුව සමග නො මේරූ සංවිධානාමය භේදයක් වැලැක්වීමට අධිෂ්ටානවත් වූ වර්කර්ස් ලීගය, කවිපය පිලිබඳ එහි විවේචන යලි වතාවක් ඉල්ලා අස් කරගත්තේ ය.

20. එහෙත්, 1985 ජූලි මාසයේ දී කවිපය ඇතුලත පුපුරා ගිය අර්බුදය, ජාත්‍යන්තර කමිටුවෙන් සැඟවිය නො හැකි විය. 1982 හා 1984 අතර කාලයේ වර්කර්ස් ලීගය ඉදිරිපත් කල හා අවසානයේ කවිප හා ජාත්‍යන්තර කමිටුව පුරා සංසරනය කෙරුනු විස්තීර්න හා ලේඛනගත විවේචන, බ්‍රිතාන්‍ය ශාඛාව තුල වූ ව්‍යසනකාරී සංවිධානාමය අර්බුදයට යටින් දිවුනු අවස්ථාවදී පිලිවෙත් හා ට්‍රොට්ස්කිවාදයෙන් පසුබැසීම ගැන විශ්ලේෂනයක් සම්පාදනය කලේ ය.

21. 1985 ඔක්තෝබර් හා දෙසැම්බර් අතර, සම්මතධාරී ට්‍රොට්ස්කිවාදියෝ ජාත්‍යන්තර කමිටුව මත දැඩි පාලනය යලි ස්ථාපිත කල හ. බ්‍රිතාන්‍ය ශාඛාවේ ජාත්‍යන්තර කමිටු සාමාජිකත්වය අත්හිටුවන ලද අතර, එය යලි ඇතුලත් කරගැනීම රැඳී පැවතුනේ, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මුල් සම්මේලන හතර හා 1923 ඔක්තෝබරයේ දී වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කිරීමේ පටන් වර්ධනය කොට ආරක්ෂා කර තිබුනු, ලෙනින්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ ආරම්භක මූලධර්ම කෙරෙහි නව හා පැහැදිලි කැපවීම ප්‍රකාශ කිරීම මත යි.

22. සත්‍ය වසයෙන් ම පක්ෂ සාමාජිකත්වයේ යුක්තියුක්ත බහුතරයකින් සමන්විතවූ ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දුන් කවිප සාමාජිකයන් සම්මේලන ශාලාවට ඇතුලු වීම ස්ලෝටර් විසින් කැඳවන ලද පොලීසිය විසින් වලක්වමින් 1986 පෙබරවාරි 8දා පත්වන ලද ප්‍රෝඩාකාරී අස්කොන් සම්මේලනයේ දී, ඉහත කොන්දේසිවලට බැඳී නොගත් කවිපය, ජාත්‍යන්තර කමිටුවෙන් භේද විය. “ජාත්‍යන්තර කමිටුව දැන් ම වල දමා, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට හේතු 27ක්” යන නමින් බන්ඩා ලියා තිබුනු ලේඛනයක පදනම මත ක්ලිෆ් ස්ලෝටර් හා මයිකල් බන්ඩා විසින් මෙම භේදය සිදු කරන ලදී. හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා එකදු හේතුවක් වත් ඉදිරිපත් කිරීමට බන්ඩා අසමත් වූ හෙයින් එම ලේඛනයෙහි මාතෘකාව ම උත්ප්‍රාසාත්මක එකක් විය.

23. ජාත්‍යන්තර කමිටුව පෙර දුටු පරිදි, මෙම කුප්‍රකට ලේඛනයට ආසක්ත ව සිටි සියලු දෙනා, වහා ම ට්‍රොට්ස්කිවාදය හා සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය සමග වූ සියලු දේශපාලන සබඳතා ප්‍රතික්ෂේප කිරීමට නියමිත වූ හ. ඔවුන්ගෙන් බොහෝ දෙනා පෙරලා ස්ටැලින්වාදයට ගිය අතර, අනෙකුත් අය යුගෝස්ලාවියාව විනාශ කිරීමෙන් අනතුරු ව එලැඹුනු සිවිල් යුද්ධය සමයේ බොස්නියාව තුල නැටෝව සිදු කල මිලිටරි මෙහෙයුම්වල සහායකයෝ වූ හ. ඔවුහු, කුදුමහත් ප්‍රති-කොමියුනිස්ට්වාදීන් හා අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් බවට පත් වූහ.

24. මේ සතියේ පසුව පැවැත්වෙන දේශන තුනක දී වඩා විස්තර සහිත ව විමර්ශනය කෙරෙන මෙම අරගලය, හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ වඩාත් ම ප්‍රතිඵල ජනනය කල සිද්ධීන් අතරට අයත් වෙයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ කිරීම වැලැක්වූ එය, මාක්ස්වාදයේ පුනරුදයකට කොන්දේසි නිර්මානය කරමින්, ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික, දේශපාලනික හා සංවිධානානමය වැඩකටයුතුවල ඉමහත් වර්ධනයකට කොන්දේසි සකස් කලේ ය.

25. 2019 පාසලින් ඉක්බිති ව, මෙම භේදය හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ පලල් සන්දර්භය තුල පිහිටුවනු ලැබී ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ එකිනෙකට වෙනස් කාලයන් හෝ අවධීන් පහක් එහි ආරම්භක වාර්තාව තුල දී හඳුනාගනු ලැබී ය.

26. වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කල 1923 සිට 1938 දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීම දක්වා වූ වසර 15ක කාල පරිච්ඡේදයක් පුරා පලමු අවදිය විහිදුනි. ස්ටැලින්වාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදයේ අරගලයෙහි සමස්ත ගමන් මාවත නීර්නය කලා වූ ද හතරවන ජාත්‍යන්තරයෙහි ක්‍රියා මාර්ගයේ හා ඉදිරි දර්ශනයේ පදනම සකස් කලා වූ ද තීරනාත්මක ඓතිහාසික සිද්ධි සහ මූලෝපායික අත්දැකීම් මෙම කාල වකවානුව තුල අඩංගු විය. ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි විශාලතම පරාජයන් හා මාක්ස්වාදී කේඩරයේ විශාල කොටසක් ශාරීරික ව විනාශ කිරීම සිදුවූ මෙම ඛේදනීය කාල පරිච්ඡේදයෙහි සාරභූත පාඩම්, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය ආරම්භ කරමින් ට්‍රොට්ස්කි රචනා කල පහත වාක්‍යය තුල සම්පින්ඩනය කරනු ලැබී ය: “ලෝක දේශපාලන තත්ත්වය සමස්තයක් ලෙස ප්‍රධාන වසයෙන් සංලක්ෂිත වී ඇත්තේ, නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයෙනි.”

27. දෙවන අවදිය තවත් වසර 15ක කාලයක් පුරා විහිදුනු අතර, එම කාලය හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ සිට, ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ පැබ්ලෝවාදී නායකත්වය සමග භේදය හා මීට වසර 70කට පෙර 1953 නොවැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව බිහිකිරීම දක්වා දිවෙයි. 2019 දී අප විස්තර කල පරිදි, මෙම අවදිය “ට්‍රොට්ස්කිගේ ඝාතනය, සමස්තයක් ලෙස දෙවන ලෝක යුද්ධය, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් ස්ථාපිත කිරීම, බටහිර යුරෝපය හා ජපානය තුල ධනවාදය ප්‍රතිස්ථායීකරනය, සීතල යුද්ධයෙහි පුපුරා යාම, චීන විප්ලවයේ ජයග්‍රහනය, කොරියානු යුද්ධය පුපුරා යාම හා අවසානයේ ස්ටැලින්ගේ මරනය අලලා ගත්තේ ය.”

ජේම්ස් පී. කැනන් මැද, මැක්ස් ශැට්මන් (වමේ) හා බිල් හේවුඩ් සමග 1922 මොස්කෝවේ දී

28. හතරවන ජාත්‍යන්තරයේ තුන්වන අවදිය, ජාත්‍යන්තර කමිටුව---ජාත්‍යන්තර කමිටුවෙන් පිටත හතරවන ජාත්‍යන්තරයක් නැත---ඇතුලත අරගලයේ වසර 33ක් අලලාගත්තේය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ජේම්ස් පී. කැනන්ගේ විවෘත ලිපිය නිකුත් කිරීම සමග ඇරඹුනු එම අරගලය, 1985 දෙසැම්බරයේ දී කවිප අත්හිටුවීම හා 1986 පෙබරවාරියේ දී ජාතික අවස්ථාවාදී භ්‍රෂ්ටයන්ගෙන් අවසන් වශයෙන් භේදවීම සමගින් සමාප්ත විය. එය වනාහි ජාත්‍යන්තර කමිටුවට පිටත මෙන් ම එය ඇතුලත වූ පැබ්ලෝවාදී ප්‍රවනතාවන් සමග තීව්‍ර දේශපාලනික ගැටුම් මාලාවක් මගින් සලකුනු කරනු ලැබූ ජාත්‍යන්තර කමිටුව ඇතුලත දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේ කාල පරිච්ඡේදයක් බව අප විසින් විලක්ෂනය කර ඇත. වාර්තාව මෙසේ විස්තර කලේ ය:

“කම්කරු පන්තියේ බලගතු මහජන ව්‍යාපාරයන් සමාජවාදී විප්ලවයේ හැකියාව වෛෂයික ව මතුකෙරුනාවූ මෙම පුපුරනසුලු කාල පරිච්ඡේදය පුරා, ජාත්‍යන්තර කමිටුවට පොරබැදීමට සිදු වූයේ, ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වෘත්තීය සමිති හා ඒවාට සම්බන්ධ සංවිධානවල අනවරත පීඩනය සමග පමනක් නො වේ. ඉහත සඳහන් කල නිලධරයන් සමග ඒකාබද්ධ වූ පැබ්ලෝවාදී සංවිධාන මෙන් ම, සුලු-ධනේශ්වර රැඩිකලුන්ගේ හා ප්‍රති-ට්‍රොට්ස්කිවාදී බුද්ධිමතුන්ගේ පලල් ස්ථරයක්, මාක්ස්වාදී න්‍යායය සහ හතරවන ජාත්‍යන්තරයේ මූලධර්ම මුසාකරනය කිරීම සමග අනවරත දේශපාලනික හා සංවිධානාත්මක ප්‍රකෝපකරනයන් මාලාවක් සිදුකරමින් ජාත්‍යන්තර කමිටුව හුදකලා කිරීමට ප්‍රයත්න දැරුහ..”

29. ඊට අමතර ව, මේ සතිය තුල ඉදිරිපත් කෙරෙනු ඇති වාර්තාවන්, හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ මෙම තුන්වන අවදිය මත කේන්ද්‍ර ගතවනු ඇති අතර, එයට, විශේෂයෙන් ම වුල්ෆර්ත් සමග භේදය, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනයේ ආරම්භය සහ පන්ති අරගලය තුල පක්ෂයෙහි මැදිහත්වීම යනාදී වර්කර්ස් ලීගයේ තීරනාත්මක අත්දැකීම් අඩංගු කරගනු ඇත. එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදී කේඩරයේ වැදගත් වර්ධනයටත්, කවිප අවස්ථාවාදී ගමන් මාවතට එරෙහි විරෝධයටත් තුඩු දුන්නේ එම අත්දැකීම් ය. 2019 දී අප අවධාරනය කල පරිදි:

“ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයෙන් හා මූලධර්මවලින් උත්තේජනය ලැබ සිටි වර්කර්ස් ලීගයේ නායකත්වය, වෛෂයික ආර්ථික ක්‍රියා දාමයන් හා දේශපාලනික සිද්ධීන් කෙරෙහි සංවේදිකර තිබුනේ වර්කර්ස් ලීගයේ දේශපාලන ඉතිහාසය සහ එහි න්‍යායික-දේශපාලනික වැඩකටයුතු විසිනි. කවිප විසින් අනුගමනය කල ගමන් මාවත කෙරෙහි දේශපාලනික අතෘප්තියක් හා නො එකඟතාවක් ජනනය කලේ මෙමගිනි. .”

30. හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ හතරවන අවධිය ආරම්භ වූයේ, 1986 පෙබරවාරියේ දී කවිප සමග භේදය හෙවත්, අවස්ථාවාදීන් තීරනාත්මක ව පරාජය කිරීම සහ ජාත්‍යන්තර කමිටුව ඇතුලත ට්‍රොට්ස්කිවාදීන්ගේ දේශපාලන අධිකාරය පිහිටුවීම සමගිනි. මා දැනට මත් අවධාරනය කර ඇති පරිදි, පැබ්ලෝවාදයේ විනාශකාරී බලපෑමෙන් හා යාන්ත්‍රනයෙන් අවසානයේ විමුක්ත වුනු ජාත්‍යන්තර කමිටුවේ අත්‍යසාමාන්‍ය වර්ධනය විසින් මෙහි නිරවද්‍යතාව ඔප්පු කෙරිනි. වෛෂයික ආර්ථික ජීවිතයේ ගෝලීයකරනය සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය කෙරෙහි එය දැරූ ගම්‍යයන් සමගින් දේශපාලනිකව ඒකාබද්ධ ජාත්‍යන්තර භාවිතාවක් සමග අනුරූපී වීමට ජාත්‍යන්තර කමිටුවට හැකියාව ලබා දුන් ලෝක ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම, මෙම කාල පරිච්ඡේදයෙහි වඩාත් ම තීරනාත්මක ජයග්‍රහනය යි.

31. 1985-86 භේදයෙන් පසුව වර්ධනය වුනු ජාත්‍යන්තර කමිටු ශාඛාවන්ගේ තීව්‍ර අන්තර්ක්‍රියාකාරීත්වය විස්තර කරමින්, 1989 ජුනි 25දා ඩිට්‍රොයිට් සාමාජිකත්වයේ රැස්වීමකට ඉදිරිපත් කල වාර්තාවක් තුල මම මෙසේ සැඳහුම් කලෙමි:

“මෙම ජාත්‍යන්තර ඒකාබද්ධතාවේ පරාසය සහ සෑම ශාඛාවක ම ප්‍රායෝගික වැඩකටයුතු සෑම අංශයක් මත ම එය දැරූ ඍජු බලපෑම, ජාත්‍යන්තර කමිටුවේ හා එහි ශාඛාවන්ගේ ස්වභාවය ප්‍රගාඪ ලෙස හා ධනාත්මක ලෙස වෙනස් කර ඇත. ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්, කිසිදු දේශපාලනික හා ප්‍රායෝගික ආකාරයකින් ස්වාධීන කොටස් ලෙස පැවතීම අවසන් වෙමින් පවතී. සෑම ශාඛාවක් ම එකට බැඳ තබන පොදු දේශපාලනික ක්‍රියා මාර්ගයක පදනම මත, සබඳතාවන්ගේ සංකීර්න ජාලයක් ජාත්‍යන්තර කමිටුව තුල ඉස්මතු වී තිබේ. එනම්, ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් සමන්විත කරන්නේ, අන්තර්-සම්බන්ධිත හා අන්තර්-රඳා පැවැත්මක් සහිත තනි දේශපාලන දේහයක සංරචකයන් ය. එම සබඳතාව කිසිදු ආකාරයකින් බිඳ දැමීම, එයට ඇතුලත් වන ශාඛාවන්වලට විනාශකාරී බලපෑමක් කරනු ඇත. දෘෂ්ටිවාදාත්මක හා ප්‍රායෝගික යන දෙඅංශයෙන් ම, සෑම ශාඛාවක ම පැවැත්ම සඳහා ඒවා මෙම ජාත්‍යන්තර සහයෝගිතාව හා ඒකාබද්ධතාව මත දැන් රඳා සිටී.”

32. ජාත්‍යන්තර කමිටුවේ අභිවර්ධනයන්, හුදෙක් එහි කේඩරයේ ආත්මීය කැමැත්තේ හා දේශපාලනික අවංක භාවයේ නිෂ්පාදිතයක් නො වූ අතර, එසේ විය හැකි වන්නේ ද නැත. එහි සංවර්ධනයට යටින් දිවෙන්නේ, ලෝක පරිමානයකින් ප්‍රගාඨ වෙනස්කම්වලට බඳුන් වී ඇති සමාජ-ආර්ථික කොන්දේසි සහ දේශපාලන ව්‍යුහයන් හා සබඳතාවන් තුල ඒවායේ පිලිබිඹුව යි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලත ප්‍රධාන වර්ධනයන් --සහ විශේෂයෙන් ම පක්ෂාභ්‍යන්තර අරගලයේ තීව්‍රතර කාල පරිච්ඡේදයන්--හටගැනී ඇත්තේ, ලෝක දේශපාලනය තුල තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයන් පූර්වාපේක්ෂා කිරීම හෝ ඒවායේ ප්‍රතිඵල ලෙස බව අපි නිරන්තරයෙන් සටහන් කර ඇත්තෙමු.

33. සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලත 1939-40 කන්ඩායමික ගැටුම වර්ධනය වූයේ, මුලුමනින් ම පාහේ දෙවන ලෝක යුද්ධයෙහි පුපුරා යාමට දැක්වූ ක්ෂනික ප්‍රතිචාරයක් ලෙසිනි. 1953 නොවැම්බර් භේදය ප්‍රේරනය කරන ලද්දේ, ක්‍රෙම්ලිනය හා ලෝක ස්ටැලින්වාදී ව්‍යාපාරය ඇතුලත අවසානයක් රහිත අර්බුදයන් මාලාවක් මුදා හැරීමට තුඩු දෙමින්, ඊට මාස අටකට පෙර සිදු වූ ස්ටැලින්ගේ මරනය විසිනි. දේශපාලනික ව ස්වාධීන හා විප්ලවවාදී සමාජ බලවේගයක් ලෙස කම්කරු පන්තියේ ව්‍යාපාරයට එරෙහි ව වර්ධනය වුනු මධ්‍යම-පන්තික රැඩිකල්වාදයේ රූපාකාරයක වර්ධනය ද එමගින් පිලිබිඹු කෙරුනි.

34. ක්ෂනික ව පැහැදිලි වීමට නියමිත වූ පරිදි, 1982 හා 1986 අතර ජාත්‍යන්තර කමිටුව ඇතුලත අරගලයෙන් පූර්වාපේක්ෂිත වූයේ, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය බිඳ විසුරුවීම තුල කුටප්‍රාප්ත වූ, ස්ටැලින්වාදී නිලධරයෙහි පිරිහීමේ අවසන් අවධිය යි. විශේෂයෙන් ම කවිප තුල සිටියවුන් ඇතුලු මතුපිට නිරීක්ෂකයන්ට පෙනී යන්ට ඇත්තේ, වර්කර්ස් ලීගයෙහි දෘශ්‍යමාන හුදකලා විරුද්ධත්වය, යන්තම් වසර තුනක කාලයක් ඇතුලත, නව ට්‍රොට්ස්කිවාදී පෙලගැසීමක නාභී ලක්ෂ්‍යය බවට පත්වෙමින් ජාත්‍යන්තර කමිටුව තුල බහුතරය බවට පත්වීම විය නො හැක්කක් බව යි.

35. වඩාත් ම ප්‍රගාඪ අර්ථයකින් ගත් කල, ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වයේ ශක්තිය තද්භව වූයේ, හුදෙක් එය වෛෂයික ක්‍රියාදාමයන් නිවැරදි ව විශ්ලේෂනය කිරීම නිසා පමනක් නො ව, 1939-40, 1953 හෝ 1961-63 සමයේ සකපය පැබ්ලෝවාදීන් සමග මූලධර්ම-විරහිත ලෙස යලි එකමුතු වීමට එරෙහිව සමාජවාදී කම්කරු ලීගයේ අරගලය සමයේ පවා පැවති තත්ත්වයට වෙනස් ව, එලෙස විශ්ලේෂනය කරන ලද ක්‍රියාදාමයන් විප්ලවවාදී ප්‍රවනතාවට වාසි සහගත වීම හේතු කොටගෙනය. ආර්ථික ගෝලීයකරනයේ ක්‍රියා දාමයන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී හා වෘත්තීය සමිතිවාදී යන සියලු ආකාරවල ජාතික කම්කරු ක්‍රියා මාර්ගයන්ගේ සමාජ පදනම් පුපුරුවා දමා තිබුනි. සියලු පැරනි ජාතිකව මුල්බැස තිබූ කම්කරු පක්ෂ හා වෘත්තීය සමිතිවලට, නව ආර්ථික යථාර්ථයන්ට ශක්‍ය ප්‍රතිචාරයක් සකස් කරගැනීමට නො හැකි විය. ජාතිකව පාදිත ප්‍රතිසංස්කරනවාදයෙහි බිඳවැටීමේ පලල් ක්‍රියා දාමයක වඩාත් ම වැදගත් අංශය වූයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ මහජන ස්ටැලින්වාදී පක්ෂ හා සංවිධානවල විසිරී යාම යි.

36. ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්ගේ ප්‍රධාන ආරම්භකත්වයන් -විශේෂයෙන් ම ලීග සිට පක්ෂ දක්වා පරිවර්තනය වීම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම- පදනම් කරන ලද්දේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුවෙහි වර්ධනයට නව හා බලගතු ආවේශයක් සම්පාදනය කරමින් තිබුනු වෛෂයික බලවේගයන් පිලිබඳ නිවැරදි තක්සේරුවක් මත යි.

37. 1986 හා 2019 අතර වසර 33 සම්පින්ඩනය කරමින් වාර්තාව මෙසේ සඳහන් කලේ ය:

පැබ්ලෝවාදීන් ඉවත් කිරීම තීරනාත්මකව සූදානම් කිරීම, ජාත්‍යන්තරවාදී පදනමක් මත ලෝක පක්ෂය යලි ගොඩනැගීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජාත්‍යන්තර මූලෝපාය විදාරනය කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර කමිටු ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ස්ථාපිත කිරීම හතරවන අවධියෙහි ප්‍රධාන ජයග්‍රහනයන් විය. මෙම ජයග්‍රහන, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ආනුභාවය දැවැන්ත ලෙස ප්‍රසාරනය කිරීමටත්, එහි සාමාජිකත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමටත් හැකියාව ලබා දුන්නේ ය. මෙම අවධිය සමාප්තියකට පැමින ඇත.

38. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ පස්වන අවදිය ආරම්භ වී ඇති බව 2019 වාර්තාව ඉන්පසු අවධාරනය කලේ ය:

'සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුවේ යෝධ වර්ධනයක් අත්දකිනු ඇති අවදිය මෙය බව අපි කීවෙමු. වසර 30කටත් වැඩි කලකට පෙර, ජාත්‍යන්තර කමිටුව හඳුනාගත් ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික ක්‍රියාදාම, වැඩි දුර දැවැන්ත වර්ධනයක් අත් කරගෙන ඇත. සන්නිවේදනයන් විප්ලවීයකරනය කර ඇති නව තාක්ෂනයන්ගේ ඉස්මතු වීම සමගින් ඒකාබද්ධ වී ඇති මෙම ක්‍රියාදාම, වසර 2කට පෙර දී පවා සිතාගැනීමට අසීරු වූ මට්ටමක් කරා පන්ති අරගලය ජාත්‍යන්තරකරනය කර තිබේ. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර්-සම්බන්ධිත හා ඒකාබද්ධ ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු ලබනු ඇත්තේ, මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාදාමයේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස යි. අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනේශ්වර දේශපාලනයට පන්ති-පාදිත ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය එමගින් ප්‍රතිවිරුද්ධව පිහිටුවනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ නව අවදියේ සාරභූත ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙය යි.”

39. අප හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ පස්වන අවදියේ ආරම්භය හඳුනාගත් තැන් පටන් වසර හතරක් ගෙවී ගොස් තිබේ. දැන් අපි මෙසේ ප්‍රශ්නය ඉදිරිපත් කල යුත්තෙමු: ධනවාදයේ වෛෂයික ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි වර්ධනය, පන්ති අරගලයේ තීව්‍ර වීම හා අවසාන වසයෙන් පක්ෂයේ ක්‍රියාකාරීත්වය යන අර්ථයෙන් ගත් කල ඉන්පසුව පැමිනි සිද්ධි මෙම තක්සේරුව සනාථ කර තිබේ ද?

40. පසුගිය වසර හතර දෙස ආපසු බැලීමේ දී, 2019 පාසල පවත්වන ලද්දේ, ලෝක ධනවාදයේ ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදයේ යෝධ තීව්‍ර වීමක මුව විට බව, අවිවාදනීය කරුනකි. තව ද පාසල සමාප්ත වීමෙන් සති කිහිපයක් ඇතුලත, පක්ෂයෙහි දේශපාලනික හා බුද්ධිමය ආනුභාවයේ ගුනාත්මක වර්ධනයක් පිලිබඳ අර්ථභාරී සංඥාවක්, අහඹු වර්ධනයක් ලෙස පෙනී යාහැකි දෙයක් විසින් සම්පාදනය කරනු ලැබ ඇත.

41. 2019 අගෝස්තු 19දා, “1619 ව්‍යාපෘතිය” දියත් කිරීම නිවේදනය කල රචනා මාලාවක් නිව් යෝක් ටයිම්ස් පත්‍රය පල කල අතර, එම රචනාවලින් වඩාත් ම ප්‍රමුඛ එක වූයේ, නිකොලේ හන්නා-ජෝන්ස් ලියූ ලිපිය යි. මෙම ව්‍යාපෘතියට දැවැන්ත පරිමානයෙන් සම්පත් කැප කරමින් -ඇමරිකානු රාජ්‍යයේ, ඔත්තු සේවා ඒජන්සීන්ගේ හා ශාස්ත්‍රාලික සංස්ථාපිතයේ මාධ්‍ය ධජය වන- එක්සත් ජනපදයේ වඩාත් ම ආනුභාව සම්පන්න ධනේශ්වර සංගතයේ පුවත්පත නිවේදෙනය කලේ, ඇමරිකානු ඉතිහාස ආඛ්‍යානයේ අතිමූලික සංශෝධනයක් එය ආරම්භ කරන බව යි. ඇමරිකානු විප්ලවය වත් ඇමරිකානු සිවිල් යුද්ධය වත් තව දුරටත් ප්‍රගතිශීලී ඓතිහාසික සිද්ධීන් ලෙස දැකගත යුතු වූයේ නැත. 1619 ව්‍යාපෘතිය තීරනාත්මක ලෙස හෙලිදරවු කිරීමට නියමිත වූයේ, ඇමරිකානු විප්ලවය වනාහි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා වික්‍රමාන්විත ලෝඩ් ඩන්මෝර් විමුක්තියේ ගමන් මාවත ඉදිරියට දැමීමට දැරූ ප්‍රයත්නයන්ට බාධා කරමින්, වහල් හිමියන් දියත් කරන ලද මංමුලා සහගත හා නරුම කැරැල්ලක් බව යි.

42. සිවිල් යුද්ධය සලකන කල, ඔවුන් කියාපෑවේ, වහල් මෙහෙය අහෝසි කිරීම සමග එයට සම්බන්ධයක් නො තිබූ බව යි. වැඩිම වසයෙන් ගතහොත්, එක්සත් හමුදාව (එක්සත් ජනපදයක් සදහා සටන් කල හමුදාව) වහල්ලුන්ගේ ස්වයං-විමුක්තියේ වඩා විශාල නාටකය තුල සුලු නලුවෙක් පමනක් විය. ලින්කන් වනාහි, උතුරු ඇමරිකානු මහාද්වීපයෙන් කලු ජාතිකයන් ඉවත් කර පෙරලා අප්‍රිකාවට යැවීමට වැඩි දෙයක් අවශ්‍ය නො කල, අධම හා නීච වර්ගවාදියෙක් විය.

43. කනිෂ්ඨ ලෙරෝන් බෙනට් වැනි කලු ජාතිකවාදී ප්‍රචාරකයන්ගේ ප්‍රතිගාමී වර්ගවාදී මිථ්‍යා ප්‍රබන්ධ ප්‍රතිචක්‍රීකරනය කිරීම මත බොහෝ සෙයින් පදනම් වූ, අසත්‍යමය හා බුද්ධිමය ලෙස බංකොලොත් මෙම ඉතිහාස සංශෝධනය, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ හෙලිදරවු කිරීමක් ලෙස, මාධ්‍යයන් හා ශාස්ත්‍රාලීය අත්වැල් ඇල්ලීමක් විසින් ක්ෂනික ව උත්කර්ෂයට නංවනු ලැබී ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මැදිහත් වීම නො වන්නට, එය බොහෝ සෙයින් අභියෝගයට ලක් නො වී ඉදිරියට යනු ඇත. 1619 ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් යන්තම් සති දෙකකට පසුව, 2019 සැප්තැම්බර් 3දා, “නිව් යෝක් ටයිම්ස් 1619 ව්‍යාපෘතිය: ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක්” යන හිසින් ලෝසවෙඅ එහි පලමු ප්‍රධාන පිලිතුර පල කලේ ය.

44. හන්නා-ජෝන්ස්ගේ රචනාව තුල තිබුනු දල හා පැහැදිලි වැරදි මෙසේ සමාගෘහිත ලෙස හෙලිදරවු කිරීමෙන් අනතුරු ව පැමිනියේ, 1619 ව්‍යාපෘතිය පිලිබඳ විවේචනය වර්ධනය කල ලේඛන පමනක් නො වේ. 1619 ව්‍යාපෘතියේ මූලික කියාපෑම් සවිස්තර ලෙස ප්‍රතික්ෂේප කල ගෝඩන් වුඩ්, ජේම්ස් මැක්ෆර්සන්, ජේම්ස් ඕක්ස්, රිචඩ් කාවෝඩීන්, වික්ටෝරියා බයිනම් සහ ක්ලේබෝන් කාසන් ඇතුලු ප්‍රධාන ඉතිහාසඥයන් සමග ටොම් මැකමන් සහෝදරයා සම්මුඛ සාකච්ඡා පැවැත්වී ය.

45. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල රචනා සහ සම්මුඛ සාකච්ඡා ජාතික හා ජාත්‍යන්තරය අවධානය ආකර්ශනය කරගත් අතර නිව් යෝක් ටයිම්ස් ආරක්ෂක ආස්ථානයකට ද තල්ලු කලේ ය. කිසිදු නිවේදනය කිරීමකින් සහ/හෝ කිසිදු පැහැදිලි කිරීමකින් තොරව, හන්නා-ජෝන්ස්ගේ රචනාවේ ආරම්භක පඨිතය තුල පැවති වැරදි නිවැරදි කිරීම මගින් ව්‍යාපෘතියේ විශ්වාසවන්ත රැක ගැනීමට එහි සංස්කාරකවරු දැරූ අශෝ්භන ප්‍රයත්නය සේවය කලේ, ඔවුන්ගේ ශෝචනීය ප්‍රචාරක උද්ඝෝෂනය තව දුරටත් අපකීර්තිමත් කිරීමට පමනි.

46. 1619 ව්‍යාපෘතිය හෙලිදරවු කිරීමේ දී, ලෝසවෙඅ ඉටුකල භූමිකාව අතිමහත් බුද්ධිමය හා දේශපාලනික අර්ථභාරයක් දැරී ය. ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් ඉතිහාසය පිලිබඳ ස්ටැලින්වාදී හා ධනේශ්වර ඉතිහාසඥයන්ගේ පට්ටපල් බොරු හෙලිදරවු කිරීමට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට, එහි ආරම්භයේ පටන් ම, බලකෙරී ඇත. සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව, ජාත්‍යන්තර කමිටුව, ඓතිහාසික මුසාකරනයේ පශ්චාත්-සෝවියට් ගුරුකුලයේ බොරු හෙලිදරවු කරමින් අතිමහත් ලිපිලේඛන ප්‍රමානයක් ප්‍රකාශයට පත් කර ඇත. ජාත්‍යන්තර කමිටුව සමග සමීප සහයෝගිතාවයෙන් ලියන ලද වඩිම් රොගොවින්ගේ කෘති මෙන් ම, ඉයන් තැචර්, ජෙෆ්‍රි ස්වේන් හා රොබට් සර්විස් යන මහාචාර්යවරුන්ගේ ට්‍රොට්ස්කි-විරෝධී අවලාදවලට ප්‍රතිචාර ලෙස ඒවා එලිදරව් කරමින් ලියන ලද, ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා යන වෙලුම තුල පලකරනු ලැබ ඇති, රචනාවන් ද ඒවාට ඇතුලත් වෙයි..

47. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන කරන මුසාකරනයන් හෙලිදරවු කිරීමේ නායකත්වය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගනු ඇතැයි යන්න අපේක්ෂිත ය. එහෙත්, ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය ආරක්ෂා කිරීම සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මැදිහත් වීම අවශ්‍ය වීම හා එම ව්‍යාපාරය මත එය මුලුමනින් ම රැඳී පැවතීම තුල, දුර දිග යන දේශපාලනික අර්ථභාරයක් පවතී. එය, නො නවතින විප්ලව න්‍යායයේ මූලික මූලධර්මයක් එක්සත් ජනපදයේ බුද්ධිමය ජීවිතයෙහි ක්ෂේත්‍රය තුල තහවුරු වීමකි. අධිරාජ්‍යවාදී ඛාදනයේ යුගය තුල, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවල ඓතිහාසික යුක්තියුක්ත භාවය බුද්ධිමය ලෙස ආරක්ෂා කිරීම ඇතුලු ව, එම විප්ලවවල තීරනාත්මක හා නො නස්නා ජයග්‍රහන ක්‍රමානුකූල ව හා සම්මුති විරහිත ව ආරක්ෂා කිරීම තිරසර ලෙස ගෙන යා හැක්කේ, සමාජවාදී ව්‍යාපාරයේ අරගලය හා කම්කරු පන්තිය බලමුලුගැන්වීම හරහා පමනි.

48. 2020 වසරේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලමු සංස්කරනය, “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි” යන මාතෘකාවෙන් යුත් ඉදිරි දර්ශනය ලිපියක් පලකලේ ය. එය මෙසේ සඳහන් කලේ ය:

'නව වසරේ පැමිනීම තීව්‍ර වන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ දශකයක ආරම්භය සලකුනු කරයි.

'අනාගතයේ දී, උගත් ඉතිහාසඥයන් විසි-එක්වැනි ශතවර්ෂයේ කලබැගෑනි පිලිබඳ ව ලියද්දී, ක්ෂනික ව භූගෝලය සිසාරා යාමට නියමිත වූ විප්ලවවාදී කුනාටුවේ, 2020 වසර ආරම්භ වන විට පැවති “පැහැදිලි” සංඥාවන් ඔවුහු විස්තර කරනු ඇත. කරුනු, ලේඛන, ප්‍රස්තාර, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පෝස්ටු ද ඔවුන් සන්තකයේ පවතින වටිනා ඩිජිටලීකෘත තොරතුරු ද යෝධ ප්‍රමානයක් උපයෝගී කරගනිමින්, ශාස්ත්‍රාලිකයන් 2010 ගනන් විස්තර කරනු ඇත්තේ, ලෝක ධනවාදී පද්ධතියේ සමහන් කල නො හැකි ආර්ථික, සමාජ හා දේශපාලනික අර්බුදය විසින් විලක්ෂනය කරනු ලැබූ කාල පරිච්ඡේදයක් ලෙස යි.

'ශතවර්ෂයේ තුන්වන දශකයේ ආරම්භය වන විට, කාල් මාක්ස් විසින් න්‍යායික ව පුරෝකථනය කල තත්ත්වය කරා ඉතිහාසය පැහැදිලි ව ලඟා වී තිබුනු බව ඔවුන් සටහන් කරනු ඇත: 'ඒවායේ වර්ධනයෙහි එක්තරා අවදියක දී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සබඳතා සමග නැත හොත් -- එහි ම නෛතික ප්‍රකාශනයක් පමනක් වන -- ඒවා මේ දක්වා ක්‍රියාත්මක වූ දේපොල සබඳතා සමග, ගැටුමකට එලඹෙයි. එම නිෂ්පාදන සබඳතා, නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රූපාකාරවල සිට ඒවායේ විලංගු බවට පරිවර්තනය වේ. එවිට ඇරඹෙන්නේ සමාජ විප්ලවයේ යුගයකි. ආර්ථික පදනමේ වෙනස සමගින්, සමස්ත යෝධ උපරිව්‍යුහය වැඩි හෝ අඩු වසයෙන් ක්ෂනික ලෙස පරිවර්තනය වේ.’”

49. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය සමග පොදුවේ එකඟ වන අය හා සමහර විට අපේ පක්ෂයේ සාමාජිකයන් ද ඇතුලු අප වෙබ් අඩවියේ බොහෝ පාඨකයන්, මෙම ඉදිරි දර්ශනය වනාහි ඓතිහාසික තත්ත්වය පිලිබඳ බැරෑරුම් තක්සේරුවකට වඩා, නව දශකයක් සමරන අවස්ථාවේ ඉදිරිපත් කරන පූච්චානම් සහිත අතිශයෝක්තියේ අභ්‍යාසයක් ලෙස දැකගැනීමට නැඹුරු ව සිටීමට ඉඩ ඇත.

50. එහෙත්, මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාව සිද්ධීන් විසින් තහවුරු කිරීමට නියමිත විය. 2020 වසරේ පලමු මාසය අවසන් වන්නට මත්තෙන්, භව්‍ය වසංගතයක් පිලිබඳ පලමු වාර්තා මාධ්‍ය තුල පලකරනු ලැබිනි. නව කොරෝනා වෛරසය පුපුරා යාම පිලිබඳ ලෝසවෙඅ පලමු ලිපිය 2020 ජනවාරි 24දා පලකලේ ය. වේගයෙන් වර්ධනය වන වසංගතය විසින් මතු කෙරෙන අතිමහත් ගෝලීය අන්තරාය එය වහා ම හඳුනාගත්තේ ය. 2020 පෙබරවාරි 28දා, ජාත්‍යන්තර කමිටුව, “කොරෝනා වෛරසයට ගෝලීය ව සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා” නමැති ප්‍රකාශයක්, නිකුත් කලේ ය. ධනපති සමාජයේ සියලු ආවේනික පරස්පර-විරෝධයන් ගෝලීය පරිමානයකින් තීව්‍ර කරනු ඇති “ප්‍රේරක සිද්ධියක්” ලෙස වසංගතය අර්ථ දැක්වූ ජාත්‍යන්තර කමිටුව, වෙනත් කිසිදු ප්‍රකාශනයකට නො දෙවෙනි පැහැදිලිකමක් සහිත ව, වසංගතයේ යෝධ ආර්ථික, සමාජ හා දේශපාලනික ගම්‍යයන් ග්‍රහනය කරගත්තේ ය.

51. ප්‍රධාන දේශපාලනික හා සමාජීය වර්ධනයන් තුලට මැදිහත් වීමේ පක්ෂයෙහි සාරභූත භූමිකාවේ වැඩිදුර ප්‍රකාශනයක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර කමිටුව වසංගතයට එරෙහි ගෝලීය අරගලයේ නායකත්වය ගත්තේ සෞඛ්‍යාරක්ෂන වෘත්තීයවේදීන්ට, විද්‍යාඥයන්ට හා කම්කරු පන්තියේ පලල් ම කොටස්වලට ඉදිරි දර්ශනයක් හා ප්‍රතිපත්ති දිශානතියක් සම්පාදනය කරමිනි. පැරනි කාල පරිච්ඡේදයක දී, ප්‍රධාන සෞඛ්‍ය අර්බුද, මහජනයා අධ්‍යාපනගත කිරීම හා බෝවන රෝග මුලිනුපුටා දැමීම සදහා වූ පුලුල් රාජ්‍ය ආරම්භකත්වයන්ට තුඩු දුනි. සාර්ස්-කෝවිඩ්-2 වසංගතයේ පුපුරා යාමට ඒ වර්ගයේ කිසිදු ප්‍රතිචාරයක් නො වී ය. 2020 මාර්තු තරම් ඈත දී, ලෝසවෙඅ, ධනේශ්වර ආන්ඩුවල ප්‍රතිචාරය ලෙස විස්තර කල, “දුෂ්ට සහගත නො තකා හැරීමේ” පිලිවත කෙරෙහි සංවිධිත හා ඵලදායී විරුද්ධත්වය පැමිනියේ ජාත්‍යන්තර කමිටුවෙන් පමනි.

52. 2020 මාර්තු 6දා, “කොරෝනා වෛරස් වසංගතයට එරෙහි ව සටන් වැදීම සඳහා කල යුත්තේ කුමක් ද” නමැති ප්‍රකාශයක් නිකුත් කිරීමට සසප පියවර ගත්තේ ය. “බලපෑමට බඳුන් වන සියලු කම්කරුවන්ට සම්පූර්න වැටුප් සමගින්, කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර ලෙස රටපුරා සියලු මෝටර් රථ හා අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වහා ම වසා දැමීම” සඳහා කැඳවුම් කරමින්, 2020 මාර්තු 14දා සසප ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඉන්පසුව මාර්තු 17දා, සසප ජාතික කමිටුව “කෝවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: කම්කරු පන්තියට ක්‍රියාව සදහා වැඩපිලිවෙලක්” නමැති ප්‍රකාශයක් නිකුත් කලේ ය. සමස්ත උතුරු ඇමරිකාව පුරා කම්හල් තාවකාලික ව වසා දැමීමට සංගතවලට බල කරමින් මිචිගන් ප්‍රාන්තය තුල පුපුරා ගිය ක්ෂනික වැඩ වර්ජන ප්‍රේරනය කිරීමේ දී වැදගත් භූමිකාවක් ඉටු කලේ මෙම ප්‍රකාශනයන් ය. මෙම අවස්ථාව වන විට, එක්සත් ජනපදය තුල සමස්ත මරන සංඛ්‍යාව දුසිම් කිහිපයක් පමනක් වූ බවට මෙහි දී අවධාරනය කල යුතු යයි මම සිතමි. සමස්ත ලෝකයේ මරන ගනන ද කිහිප දහසක් පමනක් විය. අපේ පක්ෂය ඉදිරිපත් කල පිලිවෙත අනුගමනය කරන ලද්දේ නම්, කොතරම් ජීවිත සංඛ්‍යාවක් බේරාගත හැකි ව තිබුනේදැයි ඇසීමේ අයිතිය අපට තිබේ. හොඳයි අපි එයට පිලිතුර දනිමු: ඒ මගින් ජීවිත මිලියන ගනනක් බේරා ගැනෙනු ඇත.

53. ලෝසවෙඅ, වසංගතයට දක්වන ලද ප්‍රධාන පිලිවෙත් ප්‍රතිචාර තුනක් අර්ථ දැක්වි ය:1) ධනපති රාජ්‍යයේ “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිචාරය; 2) “පාලනය කිරීමේ” ලිබරල් ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිචාරය; සහ 3) වෛරසය මුලිනුපුටා දැමීමේ විද්‍යාත්මක ව පාදිත හා අවශ්‍යයෙන් ම සමාජවාදී වන වැඩපිලිවෙල. මුලිනුපුටා දැමීමේ පිලිවෙත ක්‍රියාත්මක කරනුවස්, කම්කරු පන්තිය අධ්‍යාපනගත කිරීමට හා එයට මහජන සහයෝගය ගොඩනැගීමට, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්‍යාඥයන් හා විශේෂඥයන් ඒකාබද්ධ කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර අන්තර්ජාල රැස්වීම් දෙකක් පැවැත්වී ය.

54. වසංගතයට අවශ්‍ය ප්‍රතිචාරයක් ලෙසත්, කම්කරු පන්තියේ අරගල ගෝලීය පරිමානයකින් සම්බන්ධීකරනය කිරීමටත්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය බිහිකිරීම සඳහා, 2021 අප්‍රේල් 24දා ජාත්‍යන්තර කමිටුව කැඳවුම් කලේ ය.

55. විනාශකාරී ඔමික්‍රෝන් ප්‍රභේදය පුපුරා යාමට ක්ෂනික ව පෙර, 2021 නොවැම්බර් මාසයේ දී, වසංගතය පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා ලෝසවෙඅ ආරම්භකත්වය ගත්තේ ය. තවමත් පැවතීගෙන යන මෙම ආරම්භකත්වය, වසංගතයේ ගෝලීය සමාජ බලපෑම හා ධනපති ආන්ඩුවල සාපරාධී ප්‍රතිචාරය පිලිබඳ වඩාත් ම අභිවර්ධිත හා විස්තීර්න විමර්ශනය ලෙස පැවතී ඇත.

56. වසංගතයට ජාත්‍ය්නතර කමිටුව දැක්වූ ප්‍රතිචාරය අදහස් දැක්වීමට පමනක් සීමා වී නැත. නැතහොත්, වඩා පැහැදිලි ව දක්වන්නේ නම්, සියලු ආන්ඩුවල මිනීමරු පිලිවෙත්වලට එරෙහිව මහජන කම්කරු-පන්තික විරුද්ධත්වය සංවිධානය කිරීම සමග, වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත.

57. 2020 නොවැම්බර් මැතිවරනයෙන් බයිඩන් ලත් ජයග්‍රහනය නෛතිකව අනුමත කිරීම වලක්වා, ධවල මන්දිරය මත තම පාලනය අඛන්ඩව පවත්වා ගෙන යාම, ඇත්ත වශයෙන් ගත් කල, ජනාධිපතිගේ ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා, 2021 ජනවාරි 6දා ඩොනල්ඩ් ට්‍රම්ප් කැපිටල් ගොඩනැගිල්ලට මැර ප්‍රහාරයක් සංවිධානය කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙරදැක තිබුනු මෙම කුමන්ත්‍රන ප්‍රයත්නය, එක්සත් ජනපද ඉතිහාසය තුල පෙර නුවූ විරූ සිද්ධියක් වූ අතර, එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදයේ මාරාන්තික අර්බුදය ගැන සසප විශ්ලේෂනය තහවුරු කලේ ය. රාජ්‍යයේ හමුදා විසින් සංවිධානය කරන ලද ප්‍රතිරෝධයට වඩා, මැර පිරිසේ උපායාත්මක අත්දැකීම් හීන භාවය නිසා වූ කුමන්ත්‍රනයේ අසාර්ථකත්වය, දේශපාලන තත්ත්වය ස්ථාවර කොට නැත. එලඹෙන ජනාධිපතිවරනය දිගහැරෙන්නේ, 2021 කුමන්ත්‍රනයේ කල් පවත්නා සෙවනැල්ල යටතේ ය.

58. අවසානයේ, 2019 පාසල හා එය පස්වන අවදියේ ආරම්භය හඳුනාගැනීමේ සිට අත්දැකීම් අපි විමර්ශනය කරන විට: 2022 පෙබරවාරි 24දා රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කලේ ය. මාධ්‍ය ද සමගින් බයිඩන් පරිපාලනය හා එහි යුරෝපීය සගයන් “අප්‍රකෝපිත යුද්ධයක්” ලෙස හෙලා දුටු ගැටුමක ක්ෂනික හා අනපේක්ෂිත ආරම්භය වනු වෙනුවට, එම ආක්‍රමනය වනාහි, රුසියානු පාලන තන්ත්‍රය අස්ථාවර කොට රුසියානු ෆෙඩරේෂනය බිඳ දැමීමට තුඩු දෙමින් රුසියාව විනාශකාරී යුද්ධයකට ඇද ගැනීම ඉලක්ක කරගෙන, 2014 මයිදාන් කුමන්ත්‍රනය දක්වා හා ඊටත් ඔබ්බට යන නැටෝවේ ඉතා හොඳින් සූදානම් කරන ලද ප්‍රකෝපකරනයන්ගේ ප්‍රතිඵලය විය.

59. කලින් අවස්ථාවල දී අපි සටහන් කර ඇති ලෙස, පසුගිය දස වසර තුල ලෝසවෙඅ තුල පල කරන ලද ප්‍රකාශ, “අප්‍රකෝපිත යුද්ධය” පිලිබද ආඛ්‍යානය වඩාත් ම ඉහලින් ප්‍රතික්ෂේප කිරීම් නියෝජනය කරයි. රුසියාවට හා චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපදය නිර්දය ලෙස ගෙන යන සූදානම් කිරීම් ගැන ලෝසවෙඅ ඍජු ව අනතුරු ඇඟවූ ලිපි හා ප්‍රකාශ සිය ගනනක් පවතී. 2022 පෙබරවාරි 24දා පටන්, යුක්‍රේනය තුල යුද්ධය සම්බන්ධ ව පල කරන ලද සමස්ත ලිපි සංඛ්‍යාව 1,000ට ආසන්න ය. ලෝසවෙඅහි යුද්ධය පිලිබදව ලියන ලද ලිපි විමර්ශනය කිරීමකට සමස්ත සතියක් කැප කිරීමට අපි තීරනය කලා වුවත් මෙම සීමිත කාලයට ලේඛන ප්‍රවේසම් සහගතව තෝරාගැනීමක් අවශ්‍ය වනු ඇත.

60. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි ඉතිහාසයේ පස්වන අවදියට ඇතුලු වී ඇති බව හා 2020 දශකය විප්ලවවාදී අරගලවල දශකයක් වනු ඇති බව යන දෙක ම ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගැනීම පිලිබඳ වඩාත් ම තීරනාත්මක තහවුරු වීම වන්නේ යුද්ධය යි. ඇමරිකානු ධනවාදයේත් සමස්තයක් ලෙස ලෝක ධනේශ්වර පද්ධතියේත් පරස්පර-විරෝධයන්ගේ වඩාත් ම ආන්තික ප්‍රකාශනය ලෙස යුද්ධය අනවරත ව තීව්‍ර කිරීම කම්කරු පන්තිය ඉදිරියේ සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද යන විකල්ප මතු කරයි.

61. අර්බුදයේ මූලික වසයෙන් අස්තිත්වවාදී ස්වභාවය අවබෝධ කරගැනීමට, මෙම යුද්ධය හිතාමතා ම ඇවිලවීම සහ න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් වන රුසියාව හා චීනය යන රටවල් දෙකම සමග ගැටුම තීව්‍ර කිරීමේ ඉව බව නැති අධිෂ්ඨානය, හුදෙක් අතාර්කික ආක්‍රමනශීලීත්වයේ නිෂ්පාදනයක් පමනක් නො වන බව හඳුනාගැනීම අවශ්‍ය කරයි. 1930 ගනන්වල දී මෙන්, පාලක පන්තීහු යුද්ධය හරහා හැර ඔවුන්ගේ මෙම අර්බුදයෙන් එලියට වෙනත් මාවතක් දැක නො ගනිති. 1938 දී සංක්‍රමන ක්‍රියා මාර්ගයේ ආරම්භයේ ට්‍රොට්ස්කි ලියුවේ, පලමුවන ලෝක යුද්ධය අද්දර දී ටත් වැඩියෙන්, පාලක පන්තිය දෙවන ලෝක යුද්ධය වැලැක්වීමට අසමත් බව යි. එතරම් ම හදිසි භාවයකින් යුතු ව දැන් කිව හැක්කේ, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම නැවැත්වීමට අසමත් වූවාටත් වැඩියෙන්, උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ ධනපති ප්‍රභූන් තුන්වන ලෝක යුද්ධය වැලැක්වීමට අසමත් බව යි.

62. න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුද්ගලයින් කෝටි ගනනකගේ මරනවලටත් එක්සත් ජනපදයේ විනාශයටත් -- එක්සත් ජනපදය තුල පමනක් මිලියන සියගනනක් පුද්ගලයින් බව අපි කිව යුත්තෙමු -- තුඩු දීමේ ඉහල හැකියාව ගැන බයිඩන් පරිපාලනය මුලුමනින් ම නො දැනුවත් නො වන බව යමෙක් උපකල්පනය කල යුතු ය. එහෙත්, මෙහි එක ම අර්ථය විය හැක්කේ, ඇමරිකානු ධනවාදයේ පැවැත්ම සඳහා වඩා තීරනාත්මක වන අරමුනු කරා ලඟා වනුවස් මුහුන දිය යුතු අන්තරායක් ලෙස පාලක ප්‍රභූන් විසින් න්‍යෂ්ටික යුද්ධය දැකගනු ලබන බව යි. තව ද පාලක පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල, ධනවාදය රහිත ඇමරිකාවක් රැකගැනීමට තරම් නො වටිනා රටකි.

63. එක්සත් ජනපදය, මිලිටරි බලය උපයෝගී කරගැනීම හරහා, තම ප්‍රධාන ධනපති ප්‍රතිමල්ලවයන්ට සාපේක්ෂ ව සිය දිග්ගැස්සුනු ආර්ථික ඛාදනය තුලනය කර ගැනීමට ක්‍රමානුකූල ව උත්සාහ දරා ඇති බව, ජාත්‍යන්තර කමිටුව විසින් දශක බොහෝ ගනනක් පුරා වර්ධනය කරන ලද ඇමරිකානු අධිරාජ්‍යවාදය පිලිබඳ විශ්ලේෂනය තුල, අපි අවධාරනය කර ඇත්තෙමු.

64. ආර්ථික පරිහානිය සහ මිලිටරි විසඳුම් කරා යොමු වීම අතර මෙම සම්බන්ධතාව, අද්‍යතන භූ-දේශපාලනයේ නීතියක ස්වභාවයක් අත්කරගෙන ඇත. ආධිපත්‍යය අත්පත් කර ගැනීමේ එහි ප්‍රයත්නයන් පසෙකින් තැබුව ද ගෝලීය භූ-දේශපාලනය තුල එක්සත් ජනපදයෙහි කේන්ද්‍රීය භූමිකාව නො නැසී පවත්වා ගැනීම, ලෝකයේ අවිවාදිත සංචිත මුදල ලෙස එක්සත් ජනපද ඩොලරයේ තත්වය පවත්වා ගෙනයාම සමග මුලුමනින් ම බැඳී තිබේ. ලෝක කටයුතුවල දී ඇමරිකාවේ ආධිපත්‍යය සඳහා පමනක් නො ව, එතරම් ම තීරනාත්මක ලෙස දේශීය මූල්‍ය බංකොලොත් භාවය වලක්වා ගැනීමේ කේන්ද්‍රීය පදනම වන්නේ ද මෙය යි.

65. 1944 සිට 1971 දක්වා පැවති, බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතියේ පදනම වූයේ අවුන්සයකට ඩොලර් 35ක අනුපාතයකින් ඩොලරය රත්තරන් බවට පරිවර්තනය කල හැකි වීම ය යන්න යලි මතක් කර ගැනීම වැදගත් ය. වෙලඳ සහ ගෙවුම් ශේෂ අතිරික්තයන් සහතික කරනු ඇති, එක්සත් ජනපදයේ කාර්මික හා මූල්‍ය ආධිපත්‍යය මත මෙම පද්ධතියේ ශක්‍යතාව පදනම් විය. 1960 ගනන්වල දී එම සාරභූත දර්ශකයන්ගේ ඛාදනය, අවසානයේ 1971 අගෝස්තුවේ දී ඩොලරය හා රත්තරන් අතර සම්බන්ධය බිඳ දැමීමට එක්සත් ජනපදයට බල කලේ ය.

එක්සත් ජනපද පෙඩරල් නය

66. සරලව සඳහන් කරන්නේ නම්, රත්තරන්වලට ඩොලරයේ පැවති නිල සම්බන්ධය අතහැර දමා පාවෙන විනිමය අනුපාත පද්ධතියක් කරා මාරු වීමට එක්සත් ජනපදයට බල කලේ විදේශයන්හි නය සමුච්ඡය වීමයි. යුරෝපයෙන් එක්සත් ජනපදයට පැමිනෙන මෙම ඩොලර්වලට රත්තරන්වලින් ගෙවීමේ හැකියාව අඛන්ඩව සහතික කිරීම කල නො හැක්කක් බවට පත්කල, යුරෝ-ඩොලර් බිලියන 80ක අබිලැඹුමක් යයි ඔවුන් හැදින්වූ තත්වයක් 1971 දී පැවති බව මට යලි මතක් කල හැකි ය. පනස් වසරකට පෙර! එනම්, විනිමය ඒකකවල දෛනික හුවමාරු අනුපාතය, රටෙහි වෙලඳ ශේෂය, ජංගම ගිනුම් ශේෂ හා ජාතික අයවැය තත්ත්වය වැනි සාධකවල බලපෑම යටතේ, වෙලඳපොල තුලින් නීර්නය කෙරෙනු ඇත.

67. බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතිය බිඳවැටීමෙන් පසුව ගත වුනු දශක කිහිපය තුල, එක්සත් ජනපදය සදා ඉහල යන මට්ටම්වල නය හා අයවැය හිඟයන් සමුච්ඡය කරගත්තේ ය. කෙසේවෙතත්, ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාව පවත්වාගෙන ගොස් ඇත්තේ, ඩොලරය විස්ථාපනය කල හැකි වෙනත් කිසිදු ජාතික විනිමය ඒකකයක් නො පැවතීමේ කරුන නිසා ය. මෙය එක්සත් ජනපදයට අතිමහත් වරප්‍රසාද ලබා දී ඇත. ලෝකයේ සංචිත මුදලේ සම්පාදකයා ලෙස, යෝධ අයවැය, වෙලඳ හා ගෙවුම් ශේෂ හිඟයන් කඳුගසා ගැනීමට එයට අවසර දෙනු ලැබ තිබේ.

68. එහෙත්, පසුගිය වසර 15 තුල සිදුවීම්, ඩොලරයේ සුවිශේෂී ගෝලීය භූමිකාව අඛන්ඩ ව පවත්වාගෙන යාම මත බැරෑරුම් ප්‍රශ්නාර්ථ ඉස්මතු කර ඇත. පලමුව, එක්සත් ජනපද ජාතික නයේ පරිමානය සීඝ්‍රෙයන් වර්ධනය වී තිබේ. 1982 තෙක් ජාතික නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 1 මට්ටම අභිබවා ගියේ නැත. දැන් එය ඩොලර් ට්‍රිලියන 32ට අධික ය. ජාතික නයේ ප්‍රමානය එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100ටත් වඩා අධික ය.

69. පසුගිය වසර 15 තුල ආන්ඩුවේ නය පරිමානය පුපුරා යාම, වෝල් වීදිය ඇපදී ගලවා ගැනීමට දෙවරක් ම කල මැදිහත්වීම්වලට ඍජු ව සම්බන්ධ වේ: පලමුව 2008 දී සහ දෙවනුව වසංගතය විසින් ප්‍රේරනය කරන ලද 2020 වෝල් වීදියේ කඩාවැටීමට ප්‍රතිචාර ලෙස කල ඊටත් වඩා විශාල ඇප තැබීම යි.

70. ඩොලරයේ තත්ත්වයට බලපාන තවත් සාධකයක් ලෙස පැවතී ඇත්තේ, එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට හතුරු වන විදේශීය ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව පනවනු ලබන මූල්‍ය සම්බාධක හරහා, එක්සත් ජනපදය ඩොලරය ආයුධයක් ලෙස වැඩි වැඩියෙන් යොදාගැනීම යි. ආනුභාවය සහිත එක්සත් ජනපද විදෙස් පිලිවෙත් පන්ඩිතයෙකු වන ෆාරීඩ් සකාරියා 2023 මාර්තු 24දා වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ලියූ පරිදි:

'ඇමරිකාවේ සුපිරි බලය වන්නේ ඩොලරය යි. එය වොෂින්ටනයට අද්විතීය ආර්ථික හා දේශපාලනික ශක්තියක් ලබා දෙයි. ලෝක ආර්ථිකයේ විශාල ප්‍රදේශවලින් එම රටවල මැදිහත්වීම වලකාලමින්, එක්සත් ජනපදයට රටවල් මත ඒකපාර්ශවික ව සම්බාධක පැනවිය හැකිය. වොෂින්ටනය නිදහසේ වියදම් කරන විට, සාමාන්‍යයෙන් භාන්ඩාගාර බිල්පත්වල රූපයෙන් එහි නය ලෝකයේ සෙසු රටවල් විසින් මිල දී ගනු ලබන බව එයට සහතික කර ගත හැකිය.”

71. එහෙත් එක්සත් ජනපදයේ ආක්‍රමනශීලී ක්‍රියා අනතුරුදායක ප්‍රතික්‍රියාවක් ජනනය කරමින් පවතින්නේ යැයි සකාරියා උත්සුකතා පල කලේ ය. ඔහු මෙසේ කීවේ ය:

“පසුගිය දශකය පුරා වොෂින්ටනය ඩොලරය ආයුධයක් ලෙස යොදා ගැනීම නිසා, බොහෝ වැදගත් රටවල් මෙහෙයවී සිටින්නේ තමන් මීලඟ රුසියාව බවට පත් නො වීම තහවුරු කර ගැනීමේ ක්‍රම සෙවීම කරා ය. ගෝලීය මහ බැංකු සංචිත තුල ඩොලරයේ පංගුව, මීට වසර 20කට පෙර දල වසයෙන් සියයට 70ක මට්ටමේ සිට අද වන විට සියයට 60ට අඩු මට්ටමක් කරා ඇද වැටී ඇති අතර, එය අනවරත ව ඇදවැටෙමින් පවතී. යුරෝපීයයෝ හා චීන ජාතිකයෝ ඩොලරයේ ආධිපත්‍යය සහිත ස්විෆ්ට් පද්ධතියෙන් (SWIFT-Society for Worldwide Interbank Financial Telecommunication- තොරතුරු ඉක්මනින්, නිවැරදිව සහ ආරක්ෂිතව යැවීමට හා ලැබීමට බැංකු සහ මුල්‍ය ආයතන පවත්වාගෙන යන පනිවුඩ නිකුත් කිරීමේ ජාලය--පරිවර්තක) පිටස්තර ජාත්‍යන්තර ගෙවීම් පද්ධති ගොඩනැගීමට උත්සාහ කරමින් සිටිති. සවුදි අරාබිය එහි තෙල් යුවාන් මුදලින් මිල කිරීමේ අදහසට මනාපය දක්වා ඇත. ඉන්දියාව රුසියාවෙන් මිලට ගන්නා එහි තෙල්වලින් බොහොමයක් සඳහා ඩොලර් නො වන මුදල්වලින් ගෙවමින් සිටී. බොහෝ ජාතීන් විසින් ගවේෂනය කරනු ලැබෙමින් තිබෙන ඩිජිටල් මුදල් තවත් විකල්පයක් විය හැක; ඇත්ත වසයෙන් ම, චීන මහ බැංකුව එවන් මුදල් ඒකකයක් නිර්මානය කර තිබේ. මේ සියලු විකල්ප පිරිවැය වියදම් සහගත ය, එහෙත්, පසුගිය වසර කිහිපය අපට උගන්වා ඇත්තේ, ජාතීන් සිය දේශපාලනික අරමුනු කරා ලඟා වීමට මිලක් ගෙවීමට වඩවඩා කැමති වෙමින් සිටින බව යි.”

72. ප්‍රධාන ආර්ථික ප්‍රතිමල්ලවයෙකු ලෙස චීනයේ ඉස්මතු වීම ඩොලරයෙන් ඉවතට වන චලනයක් වේගවත් කල හැකි බවටත්, ගෝලීය වෙලඳ ගනුදෙනු සඳහා මුදල් සැපයීමට – බොහෝ විට, මුදල් වර්ග කිහිපයක් මත පදනම්වන හෝ වඩාත් තර්ජනකාරී ලෙස වැඩි වැඩියෙන් රත්තරන් යොදාගැනීම මත පදනම් වන – තවත් පද්ධතියක් ඇතිවී ඩොලරයට එහි සුවිශේෂී තත්වය අහිමි කරනු ඇතැයි, ඇමරිකානු පාලක පන්තිය වඩ වඩා උත්සුකතා පල කර ඇත.

73. ජුනි මාසයේ පවත්වන ලද මූල්‍ය සේවා පිලිබඳ කොංග්‍රස් කමිටුවේ මූල්‍ය ආයතන හා මූල්‍ය පිලිවෙත පිලිබඳ උපකමිටුවේ මෑත රැස්වීමක මාතෘකාව වූයේ “ඩොලර් ආධිපත්‍යය: ගෝලීය සංචිත මුදල ලෙස එක්සත් ජනපදය ඩොලරයේ තත්ත්වය ආරක්ෂා කරගැනීම” යන්න යි. ඔහියෝ ප්‍රාන්තයේ කලු ජාතික ඩිමොක්‍රටික කොංග්‍රස් සාමාජිකා ජෝයිස් බෙටී, ඇයගේ ආරම්භක ප්‍රකාශය තුල මෙසේ සඳහන් කලා ය:

“ලොව පුරා මහ බැංකුවල සංචිතවලින් දල වසයෙන් සියයට 60ක් පමන එක්සත් ජනපද ඩොලර්වලින් තිබෙන නිසා, එක්සත් ජනපද ඩොලරය ගෝලීය සංචිත මුදල ලෙස සැලකනු ලැබේ. ජාත්‍යන්තර වෙලඳාම සඳහා මනාපීය මුදල් වර්ගය වන්නේ ඩොලරය යි. තෙල් මිල කිරීම හා ගනුදෙනු කිරීම එක්සත් ජනපද ඩොලර්වලින් සිදුවේ, ඔව්, විදෙස් හුවමාරු වෙලඳපොලවල ගනුදෙනුවලින් සියයට 90ක් පමන කරනු ලබන්නේ ඩොලරයෙන්. එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් සඳහා වන වෙලඳපොල ද ලෝකයේ ගැඹුරු ම හා වඩාත් ම ද්‍රවශීල වෙලඳපොලයි. එක්සත් ජනපදයේ ප්‍රාග්ධන වෙලඳපොලවල විශ්වාසවන්ත භාවය හා ස්ථාවරත්වය, ආයෝජන සඳහා මනාපීය මුදල ඩොලරය බවට පත්කරනවා.

“මුදලේ ආධිපත්‍යය හා අධිපති භාවය විසින්, අඩු නය පිරිවැයේ සිට ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් අරබයා ආනුභාවය පවත්වාගෙන යාමට ඉහල මූල්‍යමය ස්ථාවරත්වය දක්වා වන ගනන් නැති ප්‍රතිලාභ එක්සත් ජනපදයට ලබා දෙයි. අපේ ජාතික ආරක්ෂාවට හා විදෙස් පිලිවෙතට තර්ජනය කිරීමට උත්සාහ කරන්නන්ට එරෙහි ව, ආර්ථික පියවරයන් පාලනය කිරීමටත් එය අපට හැකියාව ලබා දෙයි. ආධිපත්‍යය ලෙස එක්සත් ජනපද ඩොලරයේ ප්‍රතික්ෂේප කල නො හැකි වටිනාකමේ තතු යටතේ, අප මුදලටත් එයට වර්තමානයේ එල්ලවන තර්ජනයන්ටත් ආමන්ත්‍රනය කිරීම තීරනාත්මක යි.

“අප මෙහි කතා කරමින් සිටිද්දී, රුසියාව හා චීනය වැනි විදේශීය සතුරන් එක්සත් ජනපද ඩොලරයට වලකැපීමටත්, අපේ ගෝලීය බලය හා ආනුභාවය නට්ටම් කරදැමීමටත් ක්‍රියාශීලී ව වැඩකරමින් සිටියි. ගෙවී ගිය දශකය පුරා රුසියාව රත්තරන් සංචිත වේගයෙන් සමුච්ඡය කරගැනීම තුල මෙන් ම, චීනය ගනුදෙනුවලට ගෙවීමට හා පියවීමට ස්විෆ්ට් නො වන පද්ධති වර්ධනය කිරීම තුලත් අපි මෙය දැකගනිමු.”

74. එම රැස්වීමේ දී ම, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සමයේ “තීව්‍ර ලෙස ප්‍රශ්න කිරීමේ තාක්ෂනයන්” සැලසුම් කිරීමට උදවු කල හා ඉහල-මට්ටමේ රාජ්‍ය තානාන්තර බොහොමයක් දරා ඇති මාර්ෂල් බිලිංස්ලී, 16 වන ශතවර්ෂයේ දී ස්පාඤ්ඤ රිදී ඩොලරය, 17 වන ශතවර්ෂයේ ලන්දේසි ෆ්ලොරින් මුදල හා අවසානයේ දී බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම මුහුන දුන් ඉරනමට ම ඩොලරය මුහුන දෙනු ඇතැයි ඔහුගේ උත්සුකතා පල කලේ ය. “ජාතියක මුදල වෙලඳ ගිනුමේ මනාපීය ඒකකය වීම සහ ගෝලීය වේදිකාව මත ජාතියේ සාපේක්ෂ ආධිපත්‍යය අතර සම්බන්ධය පැහැදිලියි” යි ඔහු සඳහන් කලේ ය. ඔහු මෙසේ ද කීවේ ය:

“ලූලා, පුටින් හා ෂී වැනි නායකයන් සියලු දෙනා, දෙවන ලෝක යුද්ධයෙන් පසුව අප එතරම් කාර්යක්ෂම ව ගොඩනැගූ ජාත්‍යන්තර ආරක්ෂක රාමුව ඛාදනය කිරීමට අභිලාෂ සහගත වන්නා සේ ම, ගෝලීය සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාවට වලකැපීමටත් අභිලාෂ සහගත වන්නේ ඒ නිසා. අවසානයේ දී, ඔවුන් එය දැකගන්නේ නිදහස් ලෝකයේ නායකයා ලෙස එක්සත් ජනපදය විස්ථාපනය කිරීමේ ක්‍රමයක් ලෙස යි. ආසන්න වසයෙන්, අපේ ජාතික ආරක්ෂාව රැකගැනීමේ මෙවලමක් ලෙස මුදල යොදාගැනීමට අපට පවතින හැකියාව ඛාදනය කිරීමේ ක්‍රමයක් ලෙස ඔවුහු එය දැක ගනිති.”

75. අර්ථභාරී ලෙස, රුසියාව හා චීනය රත්තරන් සමුච්ඡය කරගැනීම ගැන බිලිංස්ලී විශාල උත්සුකතාවක් පල කලේ ය. ඔහු මෙසේ කීවේය:

“2018 මාර්තුවේ දී, ඩොලර් බිලියන 96 සිට ඩොලර් බිලියන 15ක් දක්වා එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත්වල හිමිකාරීත්වය පහත හෙලීම රුසියාව ආරම්භ කලා. (ටොන් 2,300ක් සමගින්) ලෝකයේ පස්වන විශාලතම රත්තරන් හිමියා බවට පත්වෙමින්, රුසියාව රත්තරන් විශාල ප්‍රමානයෙන් මිල දී ගැනීම ද ආරම්භ කලා. ...

“චීනය දැන් තමන්ගේ ම රත්තරන් මිල දී ගැනීමේ සූදුව දියත් කරමින් සිටිනවා. මැයි මාසය සඳහා දත්ත මා තවම දැක නැතත්, අප්‍රේල් මාසයේ චීනය සිය රත්තරන් සංචිත එක දිගට ප්‍රසාරනය කරගැනීමේ හයවන මාසය සලකුනු කලේ, සංචිතය ටොන් 2,000 ඉක්මවමින්. අඩු තරමින් මේවා නිල සංඛ්‍යා ලේඛන. සැබෑ සංඛ්‍යාව ඉතා ඉහල යයි මා සැක කරනවා, ලොව පුරා චීන රත්තරන් කැනීම් විසින් ජනනය කරනු ලබන ප්‍රමාන ඔවුන් සඟවමින් සිටිනවා; චීනය ලෝකයේ විශාලතම රත්තරන් නිෂ්පාදකයා වන අතර, ඉන් අඩක් ම අයත් වන්නේ රජයට. චීනය ලෝකයේ විශාලතම රත්තරන් ආනයනය කරන්නායි, ඒවායින් බොහොමයක් අප්‍රකාශිත යි. අවම වසයෙන්, මහජන චීන සමූහාන්ඩුව, මූල්‍යමය සම්බාධක හරහා අත තැබීමට අසීරු වනු ඇති වත්කම් යුද ගබඩාවක් ගොඩනගනවා. යුවාන් මුදලින් කරන කොන්ත්‍රාත්තුවලට රත්තරන්වලින් පිටුබලය දීම චීනය ආරම්භ කරන්නේ නම්, පරිවර්තීයතාව පිලිබඳ උත්සුකතා විසඳීම මගින් ඩොලරයට අභියෝග කිරීමට යුවානයට පවතින හැකියාව කෙරෙහි පවතින ප්‍රධාන බාධාවක් ද එමගින් ඉවත් කල හැකියි.”

76. වොෂින්ටන් ඩීසීහි ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිලිබඳ පීටර්සන් ආයතනය විසින් සත්කාරකත්වය දරන ලද සමුලුවක දී, 2023 මාර්තු 24දා හාවඩ් කෙනඩි පාසලේ ජෙෆ්‍රි ඒ. ෆ්‍රැන්කල් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ ය. ඔහු කතා කල සැසියේ මාතෘකාව වූයේ “ඩොලර්-පාදිත පද්ධතිය දියුනු කල හැකි ද විස්ථාපනය කල හැකි ද” යන්න යි.

“රත්තරන් කෙරෙහි යොමු වී ඇති නව අර්ථභාරයට ඔහු අවධානය යොමු කලේ ය. ජාතික මුදල් වර්ග අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර සංචිතවල එක ම යොමුව නො විය යුතු අතර ම, ඒ හැටියට ගත් කල ගිනුම්වල හෝ ගෙවීම් ක්‍රමයේ එක ම ජාත්‍යන්තර ඒකකය ද විය යුතු නැහැ. බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෑතක් වන තුරු ම “ම්ලේච්ඡ අතීතයේ ශේෂය” ලෙස සලකන ලද එක් විකල්ප වත්කමක්, ජාත්‍යන්තර සංචිත සංරචකයක් ලෙස ක්‍රියාකාරී භූමිකාවක් දැන් යලි අත් කරගනිමින් තිබෙනවා. එය වනාහි රත්තරන්. අනෙක් විකල්පය වන්නේ අලුත් එකක්: එනම් ක්‍රිප්ටෝ මුදල යි (එය ම්ලේච්ඡ අනාගතයක සංඥාවක් ද?)

“මහ බැංකුවල රත්තරන් සංචිත යල්පිනූ දෙයක් ලෙස අපි දීර්ඝ කාලයක් තිස්සේ කල්පනා කලා. බොහෝ රටවල මූල්‍ය අධිකාරීන් රත්තරන් යම් ප්‍රමානයක් තවමත් තබාගෙන සිටියත්, ඔවුන්ගේ ජාත්‍යන්තර සංචිතවල ක්‍රියාකාරී කොටසක් ලෙස සැලකුවේ නැහැ. එහෙත් මෑත අවුරුදුවල දී, විශේෂයෙන් ම ආසියාවේ මහ බැංකු රත්තරන් ක්‍රියාශීලී ව මිල දී ගැනීමේ (හා විකිනීමේ) යෙදී සිටිනවා.”

77. යුක්‍රේනය තුල යුද්ධය පවතින්නේ එහි දෙවන අවුරුද්දේ ය. මරනයේ හා විනාශයේ පරිමානය පවතින්නේ, දෙවන ලෝක යුද්ධාවසානයේ සිට යුරෝපය තුල දැකගැනීමට ලැබී ඇති කිසිවකට වඩා ඔබ්බෙන් ය. මිය ගිය හෝ තුවාල ලැබූ යුක්‍රේනියානු හා රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාව අභිරහසකි. යුක්‍රේනියානු හා රුසියානු යන පාලන තන්ත්‍ර දෙකෙන් එකක් වත්, සැබෑ සංඛ්‍යාවන් සම්පාදනය නො කරයි. එහෙත් යුක්‍රේනියානු මරන සංඛ්‍යාව අවම වසයෙන් 200,000ක් හෝ ඊටත් වඩා බොහෝ වැඩි යයි නිවැරදි තක්සේරුවක් සඳහා ප්‍රමානවත් තොරතුරු පවතී. රුසියානු මරන සංඛ්‍යාව 100,000 දක්වා ආසන්න වෙමින් තිබේ. ඝාතනය කෙරී ඇති සියලු දෙනා මේ යුද්ධය සම්බන්ධ වගකීමක් නො දරයි. නැටෝවේ අධිරාජ්‍යවාදී බලයන් හා කීව්හි ඔවුන්ගේ රූකඩයන් ද මොස්කෝවේ දේශපාලනික ව බංකොලොත් පාලන තන්ත්‍රය ද විසින් ගනු ලැබ ඇති තීන්දුවල අහිංසක ගොදුරු බවට පත්ව ඇත්තේ මිය ගිය යුක්‍රේනියානුවන් හා රුසියානුවන් ය.

2023 ජූලි 11 අඟහරුවාදා යුක්‍රේනයේ ද්නිප්‍රෝ හි අවමගුල් උත්සවයක දී යුක්‍රේනයේ 47වන සේනාංකයේ සොල්දාදුවෙකු වූ ඇන්ද්‍රි හුසැක් හෙයත් ලිට්සාර්ගේ සිරුර රැගෙන යන අවමගුල් කම්කරුවන් (ඒපී ඡායාරූප) [AP Photo]

78. එක්සත් ජනපදය හා නැටෝව යුද්ධය ඇවිලවූ බව සත්‍යයකි. එහෙත් ආක්‍රමනය සඳහා පුටින් තන්ත්‍රය ගත් ප්‍රතිගාමී තීරනය, සෝවියට් සංගමය බිඳ විසුරුවා, ධනවාදය පුනස්ථාපනය කොට, දූෂිත කතිපයාධිකාරී රැලකට දේශපාලන බලය මාරු කිරීමේ අවසන් ප්‍රතිඵලය යි. පුටින් ආන්ඩුවේ සියලු විනාශකාරී වැරදි ගනන් බැලීම්වල ප්‍රභවය පවතින්නේ, ධනවාදය පුනස්ථාපනය කිරීම සෞභාග්‍යය ජනිත කර ධනපති ජාතීන්ගේ සහෝදරත්වය තුලට රුසියාව සාමකාමී ව ඒකාග්‍ර කරගනු ඇතැයි යන මායාකාරී සංකල්පය තුලයි. ඔහුගේ ඊනියා “බටහිර හවුල්කරුවන්ගේ” විශ්වාසය සහ මිත්‍රත්වය උපයා ගැනීමට මාක්ස්වාදය හා ඔක්තෝබර් විප්ලවය හෙලාදැකීම පමනක් සෑහේ යයි පුටින් විශ්වාස කලේ ය. එහෙත්, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයට පුටින්ගේ මිත්‍රත්වය අවශ්‍ය නැත. එයට අවශ්‍ය කරන්නේ, එම සුවිසල් රටෙහි භූමියෙන් සොයාගත හැකි රුසියානු රත්තරන්, ප්ලැටිනම්, ලිතියම්, මොලිබ්ඩිනම්, ටයිටේනියම්, කෝබෝල්ට් හා අනෙකුත් අත්‍යවශ්‍ය මූලෝපායික ලෝහ හා ඛනිජ ද්‍රව්‍යයන් ය.

79. මෙම යුද්ධය ඉකුත්ව යන ජවනිකාවක් නො වේ. ගැටුමේ කෙටි-කාලීන ප්‍රතිඵලය කවරක් වුවත්, මෙම ගැටුම වනාහි යුද්ධය සාමාන්‍යීකරනය කිරීමේ සහ භූ-දේශපාලනික අරමුනු හඹායාමේ දී මහා පරිමාන ඝාතන අනුමත කිරීමේ සන්ධිස්ථානයකි.. ගෝලීය යුද්ධය සඳහා තමන්ගේ සැලසුම් සැඟවීමට ඇමරිකානු පාලක පන්තිය උත්සාහ දරන්නේ නැත. රුසියාව හා චීනය සමග යුද්ධය “සිදු වේ ද” යන්න ප්‍රශ්නයක් ලෙස නොපවතී, ප්‍රශ්නය වන්නේ, එය දියත් කරනු ඇත්තේ කෙසේ හා කුමන අවස්ථාවේ ද යන්න යි. . ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රධාන අරමුන නාභිගත කල යුත්තේ, රුසියාව හා චීනය සමග යුද්ධය වැලැක්වීම මත නො ව, “එම දෙරට ම සමගින් එක වර යුද්ධයකට මුහුන නො දේය යන්න තහවුරු කරගැනීමේ ක්‍රමයකින් සිය යුදවැදීම් ඇදගෙන යන මාවතක්” සොයාගැනීම මත බවට, බලපෑම් සහගත සඟරාවක් වන ද නැෂනල් ඉන්ටරෙස්ට් තර්ක කලේ භූ-දේශපාලනික අරමුනු නග්න ලෙස ප්‍රකාශ කරමිනි.

80. වර්තමාන දශකයේ විප්ලවවාදී ස්වභාවය ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගැනීම වඩාත් ම බලගතු ලෙස සනාථ කෙරී ඇත්තේ යුක්‍රේනය තුල යුද්ධයෙනි. එහෙත්, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි පස්වන අවදිය පිලිබඳ එහි තක්සේරුවට මෙය සම්බන්ධ වන්නේ කෙසේ ද? මෙම ප්‍රශ්නයට පිලිතුර ලබාගැනීම සඳහා, විප්ලවවාදී යුගයක සන්දර්භය ඇතුලත, ධනවාදී අර්බුදයේ වෛෂයික වර්ධනය සහ පන්ති ගැටීමේ අනිවාර්ය තීව්‍ර වීම ද විප්ලවවාදී පක්ෂයේ ආත්මීය භාවිතාව ද අතර සම්බන්ධය පිලිබඳ මාක්ස්වාදී අවබෝධයක් අවශ්‍ය කරයි.

81. ට්‍රොට්ස්කි යුද්ධය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිකුත් කල සියලු ප්‍රධාන ප්‍රකාශ තුල, මූලික කරුනු දෙකක් යලි යලිත් අවධාරනය කලේ ය. ඉන් පලමු කරුන වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය කරා ධාවනය නතර කල හැක්කේ, කම්කරු පන්තිය විසින් ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම හරහා පමනක් බව යි. දෙවන කරුන වන්නේ, මෙම පෙරලා දැමීම කරා ලඟා වීමට, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම යි. විප්ලවවාදී නායකත්වයකින් තොර ව, කම්කරු පන්තියේ සාංසිද්ධික ව්‍යාපාරයෙහි වර්ධනයට, යුද්ධය හෝ සමස්ත යුද්ධයක් දියත් කිරීම සඳහා අවශ්‍ය කරන ආඥාදායක-ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයන් පාලක පන්තිය විසින් පැටවීම නැවැත්වීමට නොහැකිය.

82. ඩූවි කොමිසම ඉදිරියේ 1937 අප්‍රේල් මාසයේ දී තමන් කල පැය හතරක කතාව සමාප්ත කරමින්, විප්ලවයේ පුපුරා යාම ඉක්මන් කිරීමේ උපක්‍රමයක් ලෙස තමන් යුද්ධය පිලිගත්තේය යන ස්ටැලින්වාදී පචයට ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේ ය. මෙම ප්‍රකාශය යුද්ධය හා විප්ලවය අතර සම්බන්ධතාව පිලිබඳ සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් විය.

“සත්‍ය වසයෙන් ම යුද්ධය විප්ලවය ඉක්මන් කර තිබේ. එහෙත්, හරියට ම මෙම කරුන නිසාම, එය නිරන්තරයෙන් ගබ්සා වීමේ විපාකයට ද මුහුනදෙයි. යුද්ධය සමාජීය පරස්පර-විරෝධයන් හා මහජන අතෘප්තිය තියුනු කරයි. එහෙත් නිර්ධන පන්තියේ විජයග්‍රහනයට එය ප්‍රමානවත් නො වේ. මහජනතාව තුල මුල් බැසගත් විප්ලවවාදී පක්ෂයකින් තොර වූ විට, විප්ලවවාදී තත්ත්වය අතිශය රුදුරු පරාජයන්ට ගොදුරු වේ. කර්තව්‍යය වන්නේ යුද්ධය “ඉක්මන් කිරීම” නො වේ, ඒ සඳහා, අවාසනාවන්ත ලෙස සියලු රටවල අධිරාජ්‍යවාදියෝ--අසාර්ථක නැති--උත්සාහයක යෙදී සිටිති. කර්තව්‍යය වන්නේ, විප්ලවවාදී පක්ෂයක් හා විප්ලවවාදී වෘත්තීය සමිති ගොඩනැගීම සඳහා, වැඩකරන මහජනයා වෙත අධිරාජ්‍යවාදීන් ගෙන් ලැබෙන කාලය උපයෝගී කරගැනීම යි.

“නිර්ධන-පන්ති විප්ලවයේ තීරනාත්මක අවශ්‍යතාව සඳහා යුද්ධයෙහි පුපුරා යාම ප්‍රමාද කිරීම සහ සූදානම් වීම සඳහා හැකි උපරිම කාලය උපයා ගැනීමත් කල යුතු වෙනවා. පීඩිත ජනයාගේ මෙහයුම වැඩි දෘඪ බවකින්, වැඩි ධෛර්යයකින් හා වැඩි විප්ලවවාදී බවකින් යුතු වන තරමට, අධිරාජ්‍යවාදීන් වැඩියෙන් දෙගිඩියාවට පත් වෙද්දී යුද්ධය කල් දමා ගැනීමේ හැකියාව වඩා නිශ්චිත වන අතර, යුද්ධයට පෙරාතුව විප්ලවය හටගැනීමේ අවස්ථාව ඉහල ගොස් සමහර විට යුද්ධය ම අභව්‍ය බවට පත් කෙරෙයි ...

“මානව ඉතිහාසය තුල බරපතල ම හා වඩාත් ම ඛේදනීය ප්‍රපංචයන් වන්නේ යුද්ධය හා විප්ලවය යි. ඔබට ඒවා සමග කොලොප්පම් කල නො හැක. ඒවා ආධුනික භාවය ඉවසා දරන්නේ නැහැ. අපට මනාපය පරිදි ප්‍රේරනය කල නො හැකි වෛෂයික විප්ලවවාදී සාධක සහ විප්ලවයේ ආත්මීය සාධකය වන, නිර්ධන පන්තියේ සවිඥානික පෙරමුන හෙවත් එහි පක්ෂය අතර අන්තර්-සම්බන්ධතාව අපි පැහැදිලිවම අවබෝධ කරගත යුත්තෙමු. හැකි උපරිම ශක්තිය යොදා මෙම පක්ෂය සූදානම් කිරීම අවශ්‍ය වේ.”

83. පක්ෂය සිය වැඩකටයුතු පදනම් කල යුතු ඉදිරි දර්ශනය මෙය යි. එක ම යථාර්ථවාදී ඉදිරි දර්ශනය එය යි. නිෂ්පාදන ක්‍රියාවලිය තුල එය ඉටු කරන වෛෂයික භූමිකාව හේතුවෙන් ම ධනපති ක්‍රමය පෙරලා දමා එයට විකල්ප සමාජවාදී ක්‍රමයක් නිර්මානය කල හැකි, සමාජය තුල සිටින මූලික විප්ලවවාදී බලවේගය වන්නේ කම්කරු පන්තිය ය යන අතිමූලික හා ඓතිහාසික ව සනාථ වී ඇති මූලික ප්‍රස්තුතයෙන් අපේ වැඩකටයුතු ආරම්භ කොට ඉදිරියට යයි. කම්කරු පන්තියට එහි ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳ දේශපාලනික ස්වයං-විඥානය සහ අවබෝධය කරා එයට එලඹිය හැකි ද නැද්ද යන්න, කුසීත සමපේක්ෂනය සඳහා වන කරුනක් නො වේ. සාක්ෂාත් කර ගත හැක්කේ හෝ නොහැක්කේ කුමක් ද යන්න භාවිතය මගින් නීර්නය කෙරෙනු ඇත. ට්‍රොට්ස්කි කිව තිබිය හැකි පරිදි, අරගලය එය තීන්දු කරනු ඇත. විප්ලවයන් පරාජයන් අත්විඳ ඇත යන්න නිසැක සත්‍යයකි. එහෙත්, සියල්ලට ඉහලින් 1917 අත්දැකීම තුල පෙන්නුම් කරනු ඇත්තේ, අවශ්‍ය නායකත්වය දෙනු ලබන විට කම්කරු පන්තියට පාලක පන්තිය පෙරලා දැමිය හැකි බව යි.

84. කම්කරු පන්තිය සටන් කරනු ඇද්ද නැද්ද, ඇමරිකානු කම්කරු පන්තිය අර්බුදයට සමාජවාදී විසඳුම පිලිගනු ඇද්ද නැද්ද යන්න ආදිය ගැන සමපේක්ෂනය කරමින් අපි කාලය නාස්ති නො කරමු. ලඟා විය හැකි ඉහල ම මට්ටම කරා පක්ෂයෙහි වැඩකටයුතු ඉහල දැමීම මත අපේ ප්‍රයත්නයන් කේන්ද්‍රගත කල යුතු ය. එහෙත්, සංශයවාදීන් වඩා නිශ්චිත පිලිතුරක් තවමත් ඉල්ලා සිටින්නේ නම්, මම පිලිතුරු දෙන්නේ, කම්කරු පන්තියේ විභවය පිලිබඳ විශ්වාසය සාධාරනීකරනය කිරීමට ප්‍රමානවත් මහජන සමාජ අරගලවල උදාහරන එක්සත් ජනපදය ඇතුලත හා ජාත්‍යන්තර ව පවතින බව කියමිනි. විප්ලවවාදී කෝපයෙන් ලෝකය කැකෑරෙමින් පවතී. භූගෝලය සිසාරා කැරලිකාරීත්වයේ මනෝගතියක් හමා යමින් තිබේ. පැරිසියේ වීදි ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන්ගෙන් යලියලිත් පිරීයමින් ඇත. විප්ලවයේ වර්ධනයට පවතින ප්‍රධාන බාධාව වන්නේ, සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ අකැමැත්ත නො ව, බොහෝ අවස්ථාවල දී ධනවත් මධ්‍යම පන්තික ව්‍යාජ-වම විසින් ආධිපත්‍යය දරන ප්‍රතිගාමී දේශපාලන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් කරන කඩාකප්පල් කිරීම යි.

85. තව ද මේ ගෙවී ගිය වසරේ,එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) නිලවරනයට පක්ෂය කල මැදිහත් වීම, කම්කරු පන්තියේ විඥානය තුලට අන්තර්ඥානයක් සම්පාදනය කලේ ය. සිය සමාජවාදී ඒත්තු ගැනීම් විවෘත ව ප්‍රකාශ කරමින් සමිති යාන්ත්‍රනය අහෝසි කිරීම සඳහා කැඳවුම් කල විල් ලෙහ්මන් සහෝදරයාගේ අපේක්ෂකත්වය, මෝටර් රථ කම්කරුවන් 5,000කගේ සහයෝගය දිනාගත්තේ ය. තව ද නිලවරනය පිලිබඳ ව දැන සිටියේ නම්, තවත් දහස් ගනනක් ඔහුට ඡන්දය දීමට ඉඩ තිබුනි. එහෙත්, සමාජවාදය දෙසට පවතින ව්‍යාපාරයේ හා දේශපාලනික රැඩිකලීකරනයේ වර්ධනය හඳුනා ගන්නා හා එයට බිය වන නිලධරය, නිලවරනයට කම්කරුවන්ගේ සහභාගීත්වය වැලැක්වීම සඳහා එයට ඇති බලය තුල කල හැකි සියල්ල කලේ ය.

86. ලෙහ්මන්ගේ උද්ඝෝෂනය, ප්‍රතිගාමී වෘත්තීය සමිතිවල නිලධාරිවාදී යාන්ත්‍රනයන්ට කම්කරු පන්තිය ඇතුලත පවතින සටන්කාමී විරුද්ධත්වයට ලැබෙන සසප නායකත්වය පිලිබඳ එක් වැදගත් ප්‍රදර්ශනයක් විය. පක්ෂය විසින් ආරම්භ කර ඇති, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, රට පුරා කම්හල් හා වැඩපොලවල් තුල සටන්කාමී කම්කරුවන්ගේ අව්‍යාජ ව්‍යාපාරයක් ලෙස එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තර වත් වර්ධනය වෙමින් පවතී.

87. එහෙත්, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයේ වර්ධනය, පක්ෂයේ සාමාජිකයන් මත වඩා විශාල ඇනවීම් පනවයි. මෙම අභියෝගයන්ට මුහුන දීම, පක්ෂ සාමාජිකත්වය අධ්‍යාපනගත කිරීම වෙත වඩා විශාල අවධානයක් අවශ්‍ය කරයි. මෙම අධ්‍යාපනගත කිරීමේ වඩාත් ම වැදගත් මූලිකාංගය වන්නේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ කේඩරයේ දැනුම හා අවබෝධය ඉහල දැමීම යි.

88. මාක්ස්වාදී ව්‍යාපාරය සඳහා, සෑමවිට ම විප්ලවවාදී භාවිතාවේ පදනම වී ඇත්තේ ඓතිහාසික ඥානය යි. සාමාන්‍යයෙන් තනි පුද්ගල අත්දැකීම් සහ පුද්ගලික ධාරනාවන් දේශපාලනික ක්‍රියාකාරීතවයේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගන්නා දේශපාලනය කෙරෙහි තත්කාර්යවාදී ප්‍රවිෂ්ටය ඉක්මවා යා යුතු න්‍යායික ව මග පෙන්වන භාවිතාවක පදනම වන්නේ ඓතිහාසික අත්දැකීම ස්වීකරනය කරගැනීම යි. නිලධාරිවාදයේ දාර්ශනික ප්‍රවනතාවන් ගැන ලියූ වැදගත් රචනාවක් තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

“...අධිකාරීත්වයේ ඉහල ම අංගනය ලෙස 'ඍජු' භාවිතාව මගින් ඔවුන්ට ම මග පෙන්වන, අනුභූතිවාදීන් නිවැරදි (නැ)ද්ද? එවිට, වඩාත් ම සංගතික භෞතිකවාදීන් වන්නේ ඔවුන් නො වේ ද? නැත, ඔවුන් නියෝජනය කරන්නේ භෞතිකවාදයේ විකට රූපයකි. න්‍යායය විසින් මග පෙන්වීම යනු, දවසේ එක් හෝ තවත් ප්‍රායෝගික ගැටලුවක් සමග හැකි තරම් සාර්ථක ව පොරබදනුවස්, මානව වර්ගයාගේ ගෙවී ගිය සකල ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වන සාමාන්‍යකරනයන් විසින් මග පෙන්වනු ලැබීම යන්න යි. මේ අනුව, න්‍යායය හරහා අපි සොයාගන්නේ, හරියට ම භාවිතාවේ සුවිශේෂී අංශයන් අභිබවමින් සමස්තයක් ලෙස භාවිතාවේ ප්‍රාථමිකත්වය යි.”

89. වර්තමාන අර්බුදය සහ පන්ති අරගලයේ වර්ධනය විසින් මතු කරනු ලබන ගැටලුවලට එය දක්වන ප්‍රතිචාරයට මග පෙන්වනු පිනිස, විප්ලවවාදී පක්ෂය විසින් උපයෝගී කරගනු ලබන සාමාන්‍යකරන තද්භව කරගනු ලබන්නේ, ඓතිහාසික අත්දැකීමේ යෝධකාය ස්වීකරනය කරගැනීමෙනි. වරක් ඉතිහාසයේ මිනිසෙකු ලෙස විස්තර කරන ලද ට්‍රොට්ස්කි, බොල්ශෙවික් පක්ෂයේ පිරිහීම විස්තර කිරීමට උත්සාහ කිරීමේ දී, සෝවියට් කම්කරු රාජ්‍යයේ පාලක පක්ෂය ඇතුලත ක්‍රියාත්මක වූ ක්‍රියා දාමයන් විස්තර කිරීමට, තර්මිඩෝරය, -- එනම්, රොබස්පියර් ඝාතනය කිරීම සමගින් 1794 ජූලි මාසයේ ආරම්භ වූ දේශපාලනික ප්‍රතිගාමීත්වයේ කාලපරිච්ඡේදය -- යන යෙදුම යොදාගනිමින් ප්‍රන්ස විප්ලවයේ සිද්ධීන්ගෙන් පවා පාඩම් උකහා ගත්තේය.

ඔක්තෝබර් විප්ලවයට ක්ෂනික ව පෙර මාස කිහිපය තුල, 1871 පැරිස් කොමියුනයේ අත්දැකීම පිලිබඳ මාක්ස් හා එංගල්ස්ගේ ලේඛන අලුතින් අධ්‍යයනය කිරීමට, ලෙනින් තෙමේ ව කැප වී ගත්තේ ය. එම අධ්‍යයනයෙන් ඉස්මතු වූයේ, රජය හා විප්ලවය නමැති මාක්ස්වාදී ශාස්ත්‍රාලිකත්වයට ලෙනින් කල දීප්තිමත් ප්‍රතිපදානය පමනක් නො ව, බොල්ශෙවික් පක්ෂය විසින් දේශපාලන බලය අල්ලා ගැනීම යි.

90. මාක්ස්වාදීන් යනු හුදෙක් පොත් ගුල්ලන් නො වේ. තමන්ගේ ඇඟිල්ලෙන් තමන්ගේ නාසය ගවේෂනය කරන අතර, මානව වර්ගයාගේ තත්ත්වය ගැන කියවන හා උපකල්පනය කරන ශාස්ත්‍රාලිකයා ගැන ට්‍රොට්ස්කි වරක් උපහාසාත්මක ලෙස අදහස් දැක්වී ය. දෛනික වැඩකටයුතුවල නියැලී සිටින පක්ෂ සාමාජිකයන්ට, කියවීම සඳහා කැප කිරීමට අසීමිත කාලයක් නැත. නමුත්, ගෙවී ගිය අවුරුදු හා දශක තුල පක්ෂය පසුකර ඇවිත් තිබෙන සාරභූත ඓතිහාසික අත්දැකීම්වල පාඩම් ඉගෙන ගනිමින්, තමන් ගොඩනැගීමට සටන් කරමින් සිටින පක්ෂයෙහි ඉතිහාසය ගැඹුරින් ස්වීකරනය කරගැනීම සඳහා, පලමුව හා ප්‍රමුඛ ව, තිබෙන කාලය යොදාගත යුතු ය.

91. සත්‍ය වසයෙන් ම, තරුන පරම්පරාවේ දේශපාලනික අධ්‍යාපනය, සුවිශේෂී ගැටලු ඉස්මතු කරයි. පලමුව, ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත්-නූතනවාදයේ ආනුභවය යටතේ පවතින සාමාන්‍ය දේශපාලන වාතාවරනය, ඉතිහාසය අධ්‍යයනය කිරීමට හතුරු ය. වෛෂයික සත්‍යය පිලිබඳ සංකල්පයත් ඔවුන් ඊනියා “මහා ආඛ්‍යානයන්” ලෙස අදහස් කරන, පොදුවේ ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය, සහ වඩාත් සුවිශේෂී ව කොමියුනිස්ට් ප්‍රකාශනය, ප්‍රාග්ධනය, සහ ඇත්ත වසයෙන් ම ට්‍රොට්ස්කිගේ රුසියානු විප්ලවයේ ඉතිහාසය හා පාවාදුන් විප්ලවය වැනි කෘති අධ්‍යයනය කිරීමත් අත්හැර දැමීමේ අවශ්‍යතාව පශ්චාත්-නූතනවාදීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. කාරනය ඍජු ව ම ඉදිරිපත් කරන්නේ නම්, මෙය වනාහි ශාස්ත්‍රාලිකයන්ගේ අනුමැතිය ලැබෙන, බොරුවල යුගයකි. යුක්‍රේනයේ යුද්ධය හෙලිදරවු කර ඇති ලෙසත්, තිමති ස්නයිඩර් වැනි තක්කඩියන්ගේ වෘත්තීය ජීවිතය ආදර්ශනය කරන ලෙසත්, ශාස්ත්‍රාලික ප්‍රජාවේ සැලකිය යුතු කොටසක් විසින් ඉතිහාසය රචනා කිරීම සහ ප්‍රචාරනය නිෂ්පාදනය කිරීම අතර වෙනස නො තකා හරිනු ලබයි.

92. මෙම ප්‍රතිගාමී වාතාවරනය, ඓතිහාසික ඥානයේ මට්ටමේ පොදු ඛාදනයකට ප්‍රතිපදානය කර ඇත. බොහෝ සාමාජිකයන් සඳහා, ඔවුන්ගේ ඓතිහාසික අධ්‍යාපනය ආරම්භ වන්නේ, ඔවුන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වන විට ය.

93. එහෙත්, ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවකට සම්බන්ධ වීමෙන් පසුව, නව සාමාජිකයෝ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ යෝධ අත්දැකීම ස්වීකරනය කරගන්නේ කෙසේ ද? මගේ පරම්පරාව වර්කර්ස් ලීගයට බැඳෙනවිට, අප ව ඔක්තෝබර් විප්ලවයෙන් වෙන් කලේ අර්ධ-ශතවර්ෂයකට යන්තම් වැඩි කාලපරිච්ඡේදයකිනි. 1923 දී වාමාංශික විරුද්ධ පාර්ශවය ගොඩනැගීමෙන් 1970 හෝ 1971 ලෝකය වෙන් කරන ලද්දේ, යන්තම් අවුරුදු 47ක් හෝ 48ක් විසින් වූ අතර, ඒ වනාහි අප ව 1976න් අද දින වන විට වෙන් කරන කාල ප්‍රමානය ම ය! ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම, ශැට්මන්, බර්න්හැම් සහ ඇබර්න්ගේ සුලු-ධනේශ්වර සුලුතරයට එරෙහි 1939-40 ඓතිහාසික කන්ඩායමික අරගලය, විවෘත ලිපිය නිකුත් කිරීමට හා 1953 භේදයට තුඩු දුන් පැබ්ලෝවාදී සංශෝධනවාදයේ වර්ධනය සහ ඉන්පසුව යලි එකමුතු වීමට එරෙහි බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් නායකත්වය දුන් අරගලය අධ්‍යයනය කිරීම මත අපේ අධ්‍යාපනය කේන්ද්‍රගත විය. සත්‍ය වසයෙන් ම අපේ දැනුම තුල බොහෝ හිඩැස් පැවතුනි. එහෙත්, කම්කරු විප්ලවවාදී පක්ෂයේ පාවාදීමට එරෙහි ව, ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික හා ක්‍රියා මාර්ගික උරුමය ආරක්ෂා කරනුවස් අරගලයක් දියත් කිරීමට, අප අධ්‍යයනය කල දේවල් -- එනම්, ට්‍රොට්ස්කිගේ පැවතුනු කෘතීන් සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රධාන ලේඛන -- අපට හැකියාව ලබා දුන්නේ ය.

94. විප්ලවීය මාක්ස්වාදී ව්‍යාපාරයේ අත්දැකීමෙන් අපට ගත හැකි සියලු දේවල් තද්භව කරගත් අපි ඒවා ස්වීකරනය කරගත්තෙමු. මෙහි දී එක් සිද්ධියක් මගේ මතකයට එයි. 1985 ඔක්තෝබරයේ පසුභාගයේ දී, කවිපහි බොහෝ සාමාජිකයන් ව ව්‍යාපාරය තුලට ගෙනැවිත් තිබුනේ, ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ කිසිදු දැනුමකින් හෝ තමන් ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ය යන්න ගැන කිසිදු දැනුවත්භාවයකින් පවා තොර ව බවත්, ට්‍රොට්ස්කිවාදී කේඩරයක් ලෙස ඔවුන්ට ක්‍රියාත්මක විය නො හැකි වූ බවත් හඳුනා ගැනුනි. ඔවුන්ගේ දේශපාලනික හිතවත්කම් රැඳී තිබුනේ කොහිදැයි අපට අදහසක් නො තිබුනි. එබැවින්, මා විශ්වාස කරන පරිදි 1985 ඔක්තෝබර් 25දා පැවති රැස්වීමක දී, කම්කරු විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයන් වීමට කැමති සියලු සාමාජිකයන්, ඔවුන් ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පිලිගන්නේය යන්න ඍජු ව ප්‍රකාශ කිරීමක් මත යලි ලියාපදිංචි විය යුතු බව ජාත්‍යන්තර කමිටුව යෝජනා කලේ ය. ඔවුන් පසුව එය ප්‍රතික්ෂේප කල ද එම යෝජනාව පිලිගැනීමට බන්ඩා හා ස්ලෝටර්ට බල කෙරුනි. රැස්වීමෙන් පසුව මා වෙත පැමිනි බන්ඩා “ඔබ එය සොයාගත්තේ කොහින්දැයි” ඇසුවේ ය. “මයික්, එය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සාමාජිකත්වය සඳහා මූලික කොන්දේසියක් වුනා” යි මම පිලිතුරු දුනිමි. සාමාජිකත්වයට බඳවා ගැනීමේ පදනම වූයේ, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මුඛ්‍ය කාරනා 21 පිලිගැනීම යි. දෙවන ජාත්‍යන්තරයේ ප්‍රතිසංස්කරනවාදයට හා මාධ්‍යමිකවාදයට එරෙහි ව සටන් වැදීමේ ඔවුන්ගේ ප්‍රයත්නය පදනම් වූයේ එය මතයි. බන්ඩා පුදුමයට පත් විය. ඔහුගේ දේශපාලනික පිරිහීමේ ඒ අවදිය වන විට, විය හැකි පරිදි ඔහුට කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සියලු පාඩම් අමතක වී ගොස් තිබුනි.

95. අපට නම්, විප්ලවීය මාක්ස්වාදී ව්‍යාපාරයේ අත්දැකීම් අපේ භාවිතාවේ සාරය ද පදනම ද වේ. 1970 ගනන්වල අපි ව්‍යාපාරයට බැඳෙන විට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබුනි. එහෙත්, එම යෝධ අත්දැකීමට අපි තීව්‍රතර ලෙස කැපවුනෙමු. 1979 නොවැම්බරයේ දී, එනම් වසර 44කට පෙර, ලියොන් ට්‍රොට්ස්කිගේ උපතේ ශතසංවත්සරයට ගෞරව කිරීම සඳහා, වර්කර්ස් ලීගයේ මධ්‍යම කාරක සභාව විසින් කෙටුම්පත් කරන ලද ලේඛනයක් මට මෑත දී හමුවුනේය. එම ලේඛනය එක කාරනාවක දී මෙසේ සඳහන් කලේ ය:

'සෝවියට් සංගමය, ධනවාදය පෙරලා දමා තිබුනු නමුත් සමාජවාදය තවමත් ගොඩනගා නොතිබුනු සහ සෑම දිනක් පාසා නිලධරය සමාජවාදය සඳහා අරගලයට වලකපමින් සිටි, සංක්‍රමනීය පාලන තන්ත්‍රයක් විය. පිරිහුනු කම්කරු රාජ්‍යය මුහුන දුන් විකල්පයන් වූයේ, නිලධරය පෙරලා දැමීම හා විප්ලවය විස්තාරනය කිරීම හරහා සමාජවාදය කරා ඉදිරියට යන්නේ ද නැතහොත් ස්ටැලින්වාදයේ ආධාරය ලබන ප්‍රතිවිප්ලවය හරහා ධනවාදය පුනස්ථාපනය කරන්නේ ද යන්න යි. ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදය විනාශ කොට සැලසුම්ගත ආර්ථිකය ආරක්ෂා කරමින් සෝවියට් සංගමය යලිත් සමාජවාදයට යන මාවතේ තැබීම පිනිස වූ දේශපාලන විප්ලවය පෙර දකිමින් ඒ සදහා කැඳවුම් කලේ ය. මෙම අතිමූලික ඉදිරි දර්ශනයෙන් කිසිවක් -- කොමාවක් වත් -- සංශෝධනයට විෂයය නො වේ.”

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා එහි ක්‍රියා මාර්ගය පිලිබඳ අපට දැනුනේ එලෙස යි. කිසිවක්, කොමාවක් වත්, සංශෝධනයට විෂයය නො වී ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියා මාර්ගය ඔබට වර්ධනය කල හැක. ඔබට එය විස්තාරනය කල හැක. එහෙත් එය වෙනස් කිරීමට, සංශෝධනය කිරීමට හා විනාශ කිරීමට දරන කිසිදු උත්සාහයක් අපි ඉවසා නොසිටිමු. මා විශ්වාස කරන පරිදි, 1970 ගනන්වල වර්කර්ස් ලීගයේ මනෝගතිය හා ජීවගුනය ප්‍රකාශයට පත් කල එම ජීවගුනය, 1980 ගනන්වල කවිප භ්‍රෂ්ටයන්ට එරෙහි අරගලය ගෙන යන අවස්ථාවේ පැවති අධිෂ්ටානයේ කුඩා සාධයක් නො වූ බව යි.

96. කවිප සමග භේදයෙන් පසු, ආසන්න වසයෙන් දශක හතරක් ගෙවී ගොස් ඇත. එම අරගලයේ සම්භවයන් හා වර්ධනය දැන්, ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අධ්‍යයනය කල යුතු හා ස්වීකරනය කරගත යුතු ඓතිහාසික අත්දැකීමේ තීරනාත්මක මූලිකාංගයකි. ඔව්, සහෝදරවරුනි, තරුන සහෝදරවරුනි, ඔබේ කියැවීම් ලැයිස්තුව පදනම් විය යුතු විෂයය නිර්දේශයට අපි බොහෝ දේ එකතු කර ඇත්තෙමු. 1982 හා වර්තමානය අතර කාලපරිච්ඡේදයේ ගැටුම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පූර්ව ඓතිහාසික අත්දැකීම්වලට අඛන්ඩව සැදහුම් කරන්නේය යන කරුන ඔබට උදවු වනු ඇත. එම ලේඛන කියවීමේ දී, ඒ අතර ම ඔබ ට්‍රොට්ස්කිවාදයේ සමස්ත ඉතිහාසයෙහි අත්දැකීම් විමර්ශනය කිරීම හා එයින් ඉගෙන ගැනීම සිදු කරයි. එම කාරනය නිසා, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කේඩරය අධ්‍යාපනගත කිරීමේ සාරභූත පදනම වන්නේ, ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම වන අතර, මේ සතිය තුල අපි ගෙනයන වැඩකටයුතු, එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව අපේ පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේ ම න්‍යායික මට්ටම අභිවර්ධනය කිරීමේ දී, වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපි ඒත්තු ගෙන සිටිමු.

Loading