බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය 75 වසරකට පසු: නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සමාජවාදය සඳහා අරගලයක් ඉල්ලා සිටී

(මෙය The National Health Service at 75: Defending free healthcare demands a struggle for socialism මැයෙන් 2023 ජූලි 4 වනදා පලවූ ලිපියකි.)

1948 ජූලි 5 වන දින බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) ආරම්භ කෙරින. ක්ලෙමන්ට් ඇට්ලිගේ පශ්චාත් යුද කම්කරු ආන්ඩුව විසින් පිහිටුවන ලද, NHS 'එංගලන්තය සහ වේල්සය සඳහා විස්තීර්ණ සෞඛ්‍ය සේවාවක්' පොරොන්දු විය.

ජාතික සෞඛ්‍ය සේවය NHS සමාජ නිවාස, නිදහස් අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂන ප්‍රතිලාභ රැසක් ඇතුළු පශ්චාත් යුධ සුබසාධන රාජ්‍ය ආකෘතියක කිරුල වූ අතර, එතැන් සිට මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ආදරය දිනා ගෙන ඇත. නමුත් වසර හැත්තෑපහකට පසු ජාතික සෞඛ්‍ය සේවය ක්‍රමානුකූල ව අරමුදල් කප්පාදුව මත බිඳ වැටීමේ අද්දරට පත් ව ඇති අතර “භාවිත ස්ථානයේ නොමිලේ” රැකවරණය පිළිබඳ මූලධර්මය දැඩි අනතුරක පවතී.

හෙල්ත් ෆවුන්ඩේෂන් සන්ඩේ විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඉදිරි දශකය තුළ ක්‍රියාත්මක කෙරෙන ජාතික සෞඛ්‍ය සේවා සත්කාර සඳහා ගාස්තු අය කෙරෙනු ඇතැයි මිනිසුන්ගෙන් සියයට 71 ක් විශ්වාස කරන බවයි. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර මෙම හැඟීම දෝංකාර දෙයි.

අඟහරුවාදා, බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ කවුන්සිලයේ සභාපති මහාචාර්ය පිලිප් බැන්ෆීල්ඩ් මෙසේ පැවසුවේ ය: “වෛද්‍යවරුන්ගෙන් සහ රෝගීන්ගෙන් මට ඇසෙන ඉතා සාමාන්‍ය ප්‍රකාශයක් වන්නේ මෙම ආන්ඩුව දැනුවත්ව ජාතික සෞඛ්‍ය සේවාව (NHS) පහත හෙලන බවයි. [සහ] ඔබ එය ප්‍රමාණවත් තරම් අඩු කළහොත්, එය විනාශයට තුඩු දෙනු ඇත… ජාතික සෞඛ්‍ය සේවාව (NHS ) එය පවත්නා පිරිහෙන මට්ටම අනුව ඉදිරි වසර පහක් හෝ 10 ක් එය තව දුරටත් පැවතුනහොත් මම ඉතා පුදුම වෙමි.

නිදහස් සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණයන් ත්‍යාගයක් ලෙසට පාලක පන්තිය එකඟත්වයක් දැක්වූයේ නැත. ඔවුන් ඒ දුටුවේ යුරෝපයේ, චීනයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්ගේ මහජන ව්‍යාපාර මධ්‍යයේ යුද්ධයේ භීෂණයෙන් රැඩිකලීකරණය වූ “විරුවන්ට සුදුසු දේශයක්” ඉල්ලා සිටි කම්කරු පන්තියක සමාජ විප්ලවය වැළැක්වීම සඳහා අවශ්‍ය සහන ලෙසයි. ලාභ පද්ධතියට මූලිකව අභියෝග නොකර, වැඩි කළ බදු හරහා ප්‍රතිසංස්කරණ සඳහා ගෙවීම් කරන ලදී.

මෙම ක්‍රියාමාර්ගවලට බලකෙරුණු පාලක පන්තිය, ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) හි අඛණ්ඩ පැවැත්මට සහ එහි නිදහස් සෞඛ්‍ය සේවයේ ආචාර ධර්මවලට කිසිවිටෙකත් සංහිඳියාවක් ඇති කර ගත්තේ නැත. 1980 ගනන්වල කම්කරු පන්තියට එල්ල කරන ලද ප්‍රධාන පරාජයන්ගෙන් පසුව, එය ටෝරි සහ ලේබර් ආන්ඩුවල අඛණ්ඩ රුදුරු ප්‍රහාරයන්ට ලක් වී ඇත. පවුම් බිලියන සිය ගනනකින් අරමුදල් නොසැපයීම නිසා ජාතික සෞඛ්‍ය සේවය පහළ වැටී ඇති අතර, වසංගතය තුල මිලියන ගණනකට අවශ්‍ය ප්‍රමාණයේ ප්‍රතිකාර ලබාදීමට නොහැකි වී ඇත.

ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රැකවරණය සඳහා පොරොත්තු ලේඛනය දැන් මිලියන 7.4ක ජනතාවක් වන අතර, සමහරු වසර හතක් තරම් කාලයක් බලා සිටිති. මෙම සතියේ, කිංග්ස් අරමුදල විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද පර්යේෂණය පෙන්වා දෙන්නේ බොහෝ පිලිකා නිසා අඩු සාමාන්‍ය ජීවත්වීමේ අනුපාතය සහ බොහෝ සමාන රට වලට වඩා ප්‍රතිකාර කල හැකි රෝග වලින් සිදුවන ඉහල මට්ටමේ මරන ඇතුලුව සෞඛ්‍ය සේවය අවශ්‍ය සියලු පුද්ගලයන් සඳහා “සාමාන්‍යට වඩා අඩු “ප්රමානයක් වැය කරන නිසා ,ජාතික සෞඛ්‍ය සේවය (NHS ) සාමාන්යට වඩා අඩු සෞඛ්‍ය ප්‍රථිපල යක් ( නිපදවන ) උපදවන බවයි.සමාජ සමූල ඝාතක ක්‍රියාවක් ලෙස ආන්ඩුවේ සෞඛ්‍ය සේවා කප්පාදුවේසෘජු ප්‍රථිපලයක් ලෙස දහස් ගණනක් මිය යති.

එහි මිලියන 1.4ක ශක්තිමත් ශ්‍රම බලකායේ කැපවීම නොවන්නට, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනගහනයකට බිහිසුණු ප්‍රතිවිපාක ඇති කරමින් (NHS ) ජාතික සෞඛ්‍ය සේවය, බොහෝ කලකට පෙර බිඳ වැටෙන්නට ඉඩ තිබුණි.

රිෂි සුනක්ගේ ආන්ඩුව මෙහෙයවන තැචරයිට් උන්මත්තකයෝ( NHS) ජාතික සෞඛ්‍ය සේවයේ හි අදහසටම වෛර කරති. මෙම විවිධාකාර බහු-කෝටිපතියන් කිසිවෙකු (සුනක් සහ ඔහුගේ බිරිඳ පවුම් මිලියන 730 ක් වටී) කිසි විටෙක නිදහස් සෞඛ්‍ය සේවය භාවිතා කරන්නේ නැති අතර මිලදී ගත හැකි හොඳම පුද්ගලික ඖෂධ සඳහා ප්‍රවේශය ඔවුන් සතු ය. ඔවුන් ජනගහනයෙන් 12% ක් වන අතර, පාලක සහ ධනවත් මධ්‍යම පන්තිය, පුද්ගලික වෛද්‍ය රක්‍ෂණ ආවරණය ලබා ගෙන සිටිති.

මෙම සතියේ සුනක් (NHS) ජාතික සෞඛ්‍ය සේවය සඳහා තම දිගු කාලීන සැලැස්ම ප්‍රකාශයට පත් කරමින් , මෙය “ඉදිරි වසර සඳහා අපගේ (NHS ) ජාතික සෞඛ්‍ය සේවයෙහි හි අනාගතය සුරක්ෂිත කරනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය. මෙය නරුම විහිළුවකි. පාර්ලිමේන්තු වාර දෙකකට වඩා වැඩි කාලයක් එහායින් වන 2037 වන විට අමතර වෛද්‍යවරුන් 230,000ක් බඳවා ගැනීම එහි අරමුණ බව ආන්ඩුව පවසතත්, ඒ වන විට NHS හි තවත් පුරප්පාඩු 360,000ක් පවතිනු ඇත. එහි වත්මන් සේවක හිඟය 150,000 කි.

අගමැති රිෂි සුනක් මාධ්‍ය හමුවක් පවත්වා NHS දිගුකාලීන ශ්‍රම බලකායේ සැලැස්ම 2023 ජුනි 30 වන දින 10 ඩව්නිං වීදියේ එළිදක්වයි [ඡායාරූපය සයිමන් වෝකර්/අංක 10 ඩව්නිං වීදිය / CC BY-NC-ND 2.0 ] [Photo by Simon Walker/No 10 Downing Street / CC BY-NC-ND 2.0]

වාර්ෂික ව සමස්ත ජාතික සෞඛ්‍ය සේවයට අවශ්‍ය කෙ⁣රෙන අයවැය වන පවුම් බිලියන 150 ට එරෙහිව සුනැක්ගේ වැඩසටහන ඉදිරි වසර පහට ම වෙන් කර ඇත්තේ පවුම් මිලියන 480ක් පමනි. අවසානයේ ජාතික සෞඛ්‍යසේවය (NHS) වෙත ලබා දෙන සොච්චම් මුදල කුමක් වුවත් එය අත්‍යවශ්‍යය අනෙකුත් පොදු සේවාවන් කප්පාදුවෙන් පියවා ගනු ඇත යන්න “NHS ජාතික සෞඛ්‍ය සේවය වෙත ප්‍රමුඛත්වය දීමෙන් අපට දරාගත නොහැකි වෙනත් දේවල් තිබේ” යනුවෙන් සුනක් කියා සිටීමෙන් පැහැදිලි වෙයි.

දැනට සිටින ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයින්ට ඵලදායිතාව ඉහළ නැංවීමට බල කෙරෙනු ඇති අතර සෞඛ්‍ය සේවකයින්ට උද්ධමනයට වඩා වැඩි වැටුපකට එකඟ විය නොහැකි බව අගමැති පැවසීය.

වෘත්තීය සමිති සමග එක්ව ක්‍රියාවට දැමූ කප්පාදු දහසකින් ජාතික සෞඛ්‍ය සේවයෙහි මරණය සම්බන්ධයෙන් තමන්ගේම වගකීමේ බර කොටස දරන කම්කරු පක්ෂය සමග ඒකාබද්ධව පවත්වාගෙන යන තැචරයිට් සම්මුතියේ එක් අඩක් ලෙස ටෝරීන් ක්‍රියාත්මක වෙයි.

අභ්‍යන්තර වෙලඳපොල සහ විනාශකාරී පුද්ගලික මූල්‍ය ආරම්භකත්වයන් (PFI - එනම් රාජ්‍ය ව්‍යවසායන් සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයන් හවුල් කර ගැනීම - සංස්) සමග පුද්ගලීකරනයට පුළුල් දොරටු විවර කල ටෝනි බ්ලෙයාර්ගේ නව කම්කරු ආන්ඩුව, තැචර් විසින් තම ඉහල ම ජයග්‍රහණය ලෙස ආඩම්බරයෙන් පෙන්වා දෙන ලදී. අද දක්වා, ජාතික සෞඛ්‍ය සේවයට ( NHS), PFI යෝජනා ක්‍රම සඳහා පුද්ගලික සමාගම්වලට ගෙවීම් කිරීමට වසරකට පවුම් බිලියන 2කට වඩා වැය වන අතර, 2050 වන විට ගෙවීමට පවුම් බිලියන 50ක් පමණ වනු ඇත.

ගෝර්ඩන් බ්‍රවුන්ගේ 2007-2010 කම්කරු ආන්ඩුව NHS කාර්යක්ෂමතා ඉහල නැංවීමෙන් පවුම් බිලියන 20ක කප්පාදුවක් නියම කලේ ය. මූල්‍ය කඩාවැටීමෙන් පසු ලේබර් පක්ෂය විසින් සැලසුම් කරන ලද අරපිරිමැස්මේ අවධිය එනම් “කප්පාදු යුගය” ටෝරිනුත් ක්‍රියාවට නැංවීමට පටන් ගැනීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයින් සටන් වැදුණ නමුත් 2011-12 දී වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන පීලි පැනීමට ලක් කරන ලදී. ඩේවිඩ් කැමරන්ගේ ආන්ඩුව එහි ම්ලේච්ඡ සෞඛ්‍යය සහ සමාජ සත්කාර පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සමත් විය.

කොන්සර්වේටිව්, කම්කරු සහ වෘත්තීය සමිති අතර මෙම ත්‍රෛපාර්ශවීය සන්ධානය විනාශකාරී ප්‍රතිවිපාක ජනිත කරමින් පසු ගිය වසරවල දිගටම පැවතුනි: NHS වත්කම් පිරිහීම, වෛද්‍ය උපකරණ යල් පැන යාම, කාර්ය මණ්ඩලය අධෛර්යචත් වීම සහ ඉල්ලා අස්වීම සහ ඔවුන්ගේ නරක අතට හැරෙන දරිද්‍රතාවය, රෝගියාගේ සෞඛ්‍ය පිරිහීම එම විනාශකාරී ප්‍රතිපලයි.

මේ වසරේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල පාවාදීම් මේ වසරේ කූටප්‍රාප්තියට පත් වූයේ උද්ධමනයට වඩා ඉහල වැටුප් වැඩිවීම් සහ ජාතික සෞඛ්‍ය සේවය (NHS )සඳහා වැඩි අරමුදල් ඉල්ලා සිය දහස් ගනනක් හෙදියන්, ගිලන්රථ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ඉදිරිපෙල කාර්ය මණ්ඩල සහභාගී වූ මහා වැඩවර්ජන ව්‍යාපාරයක් වෘත්තීය සමිති නායකත්වය විසින් පාවා දෙනු ලැබීම සමඟිනි. එය ටෝරීන්ට තවත් අවම මට්ටමේ වැටුප් පැනවීමට ඉඩ සැලසී ය.

ජාතික හෙද වර්ජනය අතරතුර බෝර්න්මවුත් හි පිකට් වැටේ හෙදියන්

පසුගිය සතියේ රෝයල් කොලේජ් ඔෆ් නර්සිං වෘත්තීය සමිතියේ පාවා දීමෙන් පසු , ජාතික සෞඛ්‍ය සේවයේ තවම වැටුප් ගිවිසුම් දැනට විසඳා ගෙන නැති ව ඉතිරිව ඇති එකම කාර්ය මණ්ඩලය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පමනි. ඔවුහු මේ මස අගදී වෙන වෙනම වැඩවර්ජන කරති. බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය, අරගලය මුළුමනින්ම අවසන් කිරීම සාධාරණීකරණය කර ගැනීමට සොච්චමක් ලබා දෙන ලෙස ලෙස සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බැවින් මේ සටන් ද අත මැර දමනු ලැබීමේ අවදානමට ගොදුරු ව ඇත.

කම්කරු පක්ෂය දැන් තමන් විසින් ආරම්භ කරන ලද ජාතික සෞඛ්‍ය සේවයට ( NHS ) ප්‍රසිද්ධියේම සතුරු ය. ලේබර් පක්ෂ නායක සර් කෙයර් ස්ටාර්මර්, කම්කරු පන්තියේ අනෙකුත් සෑම කොටසකගේ මෙන් ම සෞඛ්‍ය සේවකයින්ගේ ද වැඩ වර්ජන හෙළා දකිමින්, කිසිදු ඡායා කැබිනට් ඇමතිවරයෙකුට පිකට් වැටවලට යාම තහනම් කලේ ය. ඡායා සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටිං ටෝරි ගැති ටෙලිග්‍රාෆ් සහ ටයිම්ස් පුවත්පත්වලට අදහස් පල කරමින් NHS සඳහා අවශ්‍ය කෙරෙන “හැඟීම්වලටවලට වහල් නොවිය යුතු ප්‍රතිසංස්කරණවලට' “බාධාවන්” වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයින් හෙලා දැක්කේ ය.

ටෝරි ගැති සන්ඩේ ටෙලිග්‍රාෆ් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ස්ට්‍රීටිං මෙසේ පැවසුවේ ය: ”ජාතික සෞඛ්‍ය සේවය පිනට දෙන තැනක් කරන්න ලේබර් පන්ෂය ලෑස්ති නෑ. … කළු කුහරයකට මුදල් වත් කිරීමට මම සූදානම් නෑ.”[ඡායාරූපය: ඉරිදා ටෙලිග්‍රාෆ් මුද්‍රණ සංස්කරණයේ තිර රුවක්, දෙසැම්බර් 11, 2022] [Photo: screenshot of Sunday Telegraph print edition, December 11, 2022]

'ලේබර් පක්ෂය NHS තුළ පිනට දෙන සංස්කෘතියක් ඇති කිරීමට යන්නේ නැත ... මම කළු කුහරයකට මුදල් වත් කිරීමට සූදානම් නැත.' යනුවෙන් ජනවාරි මාසයේ දී ටෙලිග්‍රාෆ් හි තමන් අගයන්නන්ට ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම සතියේ දී ස්ට්‍රීටිං, ජාතික සෞඛ්‍ය සේවය (NHS) 'දෙවොලක් නොවේ' යන ඔහුගේ මන්ත්‍රය පුනරුච්චාරණය කලේ ය.

2025 ජනවාරි වලට මත්තෙන් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පැවතිය දී ම, තවදුරටත් පුද්ගලීකරනය ගැන විවෘතව සාකච්ඡා කරන ලේබර් පක්ෂය එක අමතර සතයක්වත් ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) අරමුදල් සඳහා පොරොන්දු වී නැත. ස්ටාර්මර්ගේ අලුත් අවුරුදු පණිවුඩයේ ඔහු ප්‍රකාශ කළේ ලේබර් ආන්ඩුවක් “එහි යල්පැනගිය විශාල රාජ්‍ය චෙක් පොත ලබා නොගන්නා” බවයි.

ජාතික සෞඛ්‍ය සේවයට (NHS) එල්ල කෙරී ඇති ප්‍රහාරය, COVID-19 වසංගතය මගින් ශීඝ්‍රයෙන් වේගවත් කරන ලද, ජාත්‍යන්තරව ආන්ඩු විසින් සියලු සමාජ වැඩසටහන් වලට දශක ගනනාවක් තිස්සේ එල්ල කරන ලද ගෝලීය ප්‍රහාරයේ කොටසකි. ආන්ඩුවේ සාපරාධී ක්‍රියා හේතුවෙන් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙල සේවකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් ව ජීවිත 226,000ක් අහිමි විය; දස දහස් ගණනක් බරපතල ලෙස රෝගාතුර වූහ; බොහෝ දෙනෙක් තවමත් දිගුකාලීන කෝවිඩ් බලපෑමෙන් පීඩා විඳිති. උසස් තත්ත්වයේ FFP3/N95 මුහුණු ආවරන ලබා දෙමින් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ වාතයෙන් සම්ප්‍රේෂණය වන වෛරසයකට එරෙහිව වෙනත් ආරක්ෂණයන්නොමැතිවීම කම්කරු පන්තියේ මෙම කොටස (එනම් සෞඛ්‍ය සේවකයන්) තුල සංකේන්ද්‍රනය වී ඇති දැවැන්ත දුක් වේදනාවලට හා මරණයට හේතු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, COVID-19 හේතුවෙන් ජනවාරි 2020 සිට 2021 මැයි දක්වා ජාත්‍යන්තරව සෞඛ්‍ය සේවකයින් 115,000 ක් මිය ගොස් ඇත.

2020 මැයි 5 වන දින එංගලන්තයේ කේම්බ්‍රිජ් හි රාජකීය පැප්වර්ත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකුට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලය [AP Photo/Neil Hall Pool AP හරහා] [AP Photo/Neil Hall Pool via AP]

ජාතික සෞඛ්‍ය සේවයේ ශ්‍රම බලකාය විනාශ කිරීමට අමතරව වසංගතය සමස්ත කම්කරු පන්තියේ සෞඛ්‍ය හා ආයු අපේක්ෂාව තියුනු ලෙස අඩු කිරීමට පාලක පන්තියේ සැලසුම් සඳහා පරීක්ෂණ ඇඳක් ලෙස සේවය කලේය.

ටෝරි සහ කම්කරු පක්ෂය විසින් ජාතික සෞඛ්‍ය සේවයෙහි අවසාන විනාශය සමාජ ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපෘතියේ මලබෙරය හඬවයි. පසුගිය දශක හතර පුරා ගෝලීයකරණය වූ නිෂ්පාදනයේ වර්ධනයත් සමග, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැඩි ලෙස සූරාකෑමට ලක් වූ කොටස්වල වැටුප් හා කොන්දේසි මට්ටම් පොදු සම්මතය බවට පත් කිරීමත් සමග, ප්‍රතිසංස්කරණ සඳහා කුමන හෝ පදනමක් යටපත් කරමින් පන්ති ප්‍රතිවිරෝධතා දැඩි ලෙස තීව්‍ර වී ඇත.

යුක්රේනයේ රුසියානු යුද්ධයට එරෙහි නේටෝවේ තථ්‍ය යුද්ධයත් සමඟ, මෙම ක්‍රියාවලිය සීඝ්‍ර වීමට නියමිතය. ලොව පුරා සිටින පාලක පංති පශ්චාත් දෙ වැනි ලෝක යුද්ධ 'සාම ලාභාංශවල' අවසානය ප්‍රකාශ කර ඇත. අධිරාජ්‍යවාදී බලවත්තු ප්‍රධාන බලවතුන් වන රුසියාව සහ චීනය සමග දැවැන්ත පරිමානයේ යුද්ධයක් සැලසුම් කරති. මේ සඳහා කම්කරුවන්ගේ වැටුප් කොල්ලකා, සමාජ වියදම්වලින් සම්පත් විශාල ප්‍රමාණයක් ආයුධ කම්හල්වලට හා හමුදාවට හරවා යැවීම අවශ්‍ය වේ.

සෞඛ්‍ය අයවැය දැනටමත් කැපකිරීම් සඳහා සලකුණු කර ඇත. ඉදිරි වසර අට තුළ හමුදාව සඳහා තවත් පවුම් බිලියන 150ක් වියදම් කිරීමට ටෝරි සැලසුම් කර ඇති බව විශ්ලේෂණය කරමින්, Royal United Services Institute (RUSI) චින්තන පර්ෂදය පසුගිය වසරේ පැමිණිලි කළේ, “1950 ගණන්වල මැද භාගයේ සිට, එක්සත් රාජධානිය තම ජාතික ආදායමෙන් ජාතික සෞඛ්‍ය සේවය සහ රාජ්‍ය විශ්‍රාම වැටුප් සඳහා කැප කර ඇත්තේ ,දළ දේශීය නිෂ්පාදිතයේ ආරක්ෂාව සඳහා වැය කරන ලද කොටස කපා හැරීමෙන්' බවයි. ඉන්ස්ටිට්යුට් ෆෝ ෆිස්කල් ස්ටඩීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ආර්ථික විද්‍යාඥ බෙන් සරන්කෝ පසුගිය වසරේ එක්සත් රාජධානිය පාදක කරගත් ප්‍රකාශනයක් වන ද කොන්වසේෂන් වෙත මෙසේ ලිවී ය: 'එක්සත් රාජධානියේ සුබසාධන රාජ්‍යය සඳහා වසර 60ක් පුරා ගෙවා ඇත්තේ ආරක්ෂක වියදම් කප්පාදු කිරීමෙනි. - නමුත් යුක්රේන යුද්ධයෙන් පසුව එය තව දුරටත් කළ නොහැකි බව පෙනේ'.

දැවැන්ත සමාජ අරගලවලින් තොරව කම්කරු පන්තියට කිසිවක් දිනා ගත නොහැකි ය. කාර්මික ක්‍රියාමාර්ග සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉලක්ක කර ගනිමින් නව මර්දනකාරී නීතිවලින් රාජ්‍යය සන්නද්ධ කරන්නේ මේ අරගල පුපුරා ඒම නතර කර දැමීමට ය. වෘත්තීය සමිති විසින් කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ වීම වලක්වනු ලැබීම ප්‍රයෝජනයට ගනිමින්, ටෝරීහු ජාතිය සෞඛ්‍ය සේවය ද ඇතුලු “අත්‍යවශ්‍ය සේවාවන්හි” කාර්මික ක්‍රියාමාර්ග ඵලදායී ලෙස තහනම් කරන වැඩ වර්ජන විරෝධී නීති ගෙන එමින් සිටිති. ප්‍රංශයේ මෙන් මහජන අරගල පුපුරා යාමක් ඔවුහු අපේක්ෂා කරති.

අද සෞඛ්‍ය, නිවාස හා අධ්‍යාපනයට ප්‍රවේශය ඇතුළු ඉතාමත් මූලික සමාජ අයිතීන් ආරක්ෂා කිරීම ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ප්‍රහාරයක් සමග බැඳී ඇත. මේ සඳහා කම්කරුවන්ට තමන්ව සීමා කරන වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සහ සතුරු ලේබර් පක්ෂයකට එරෙහිව කටයුතු කිරීමට හැකි වන සමාජවාදී වැඩපිලිවෙලක් අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය විසින් පිහිටුවන ලද NHS FightBack සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සන්ධානය, මෙම හදිසි අරගලය සඳහා සෞඛ්‍ය සේවා අංශය පුරා කම්කරුවන් සංවිධානය කිරීමට උත්සාහ කරයි. එයට අද ම සම්බන්ධ වෙන්න .

Loading