ඔන්ලයින් පෙත්සම-ඕල්ටන් වත්තේ කම්කරුවන් 22ට එරෙහි බොරු නඩුව ඉල්ලා අස් කරගනු!

මස්කෙලියේ අප්කොට්හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහි බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වක්‍රික) පෙත්සම් උද්ඝෝෂනයක් දියත් කර තිබේ. මෙම බොරු නඩුව අටවනු ලැබ ඇත්තේ, රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලමින් සහ වතු කලමනාකාරිත්වයේ මර්දන ක්‍රියාවන්ට විරුද්ධත්වය දක්වමින් එම වත්තේ කම්කරුවන් ගෙනගිය වර්ජනය තුල ඔවුන් ඉටු කල ක්‍රිකලාපය හේතු කොටගෙන ය. සිංහල, ඉංග්‍රීසි සහ දෙමල යන භාෂා ත්‍රිත්වයෙන් පලකෙරුනු මෙම පෙත්සමට ඔබේ අත්සන තබා අනෙකුත් විස්තර ඇතුලු කරන ලෙසත්, වක්‍රික උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ඔන්ලයින් පෙත්සමට මෙතැනින් පිවිසෙන්න: